Mahinda Rajapaksa: ඡන්ද මංකොල්ලයක් ගැන සමාජ ජාලයන් කැළඹෙයි...!!! මෙන්න mahinda.info විශ්ලේෂණය

Thursday, August 20, 2015

ඡන්ද මංකොල්ලයක් ගැන සමාජ ජාලයන් කැළඹෙයි...!!! මෙන්න mahinda.info විශ්ලේෂණය

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන mahinda.info වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.

Vector illustration of red exclusive stamp on white background

[1]. ඡන්ද අඩු වීම

2015 ජනාධිපතිවරණ  ප්‍රතිඵලය (මූලාශ්‍රය)
මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090

2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය (මූලාශ්‍රය)
ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
UNP  5,098,916
JVP 543,944
ITAK 515,963
SLMC 44,193
DP 28,587
එකතුව 6,231,625

ජනාධිපතිවරණයේදී  මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
UPFA 4,732,664

එතකොට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම 6,231,625 කට තිබෙනවා.

නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426 ක් අඩු වී තිබෙනවා

ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377 (මූලාශ්‍රය)
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098 (මූලාශ්‍රය)
ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
"ප්‍රතික්ෂේපිත" ඡන්ද 517,123 (මූලාශ්‍රය) - නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි (මූලාශ්‍රය)
"ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත" ඡන්ද වල එකතුව 1,097,402

ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.

ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?

 

[2]. පොළොන්නරුවේ සහ නුවර එළියේ විතරක් ඡන්ද අඩු වීම බෙහෙවින් අඩුයි.

රට පුරා සමස්ත ප්‍රතිඵලය ඉහත දැක්වූ අයුරින් වෙද්දී පොළොන්නරුව සහ නුවරඑළිය වෙනස්. පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකම සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක. මේ පාර සන්ධානයට ඡන්දය දැම්මේ නැත්තේ මිනිස්සු අධෛර්යයට පත්වීමෙන්නම් ජනාධිපතිවරණයට සාපේක්ෂව මේ දිස්ත්‍රික්ක දෙකේත් සන්ධාන ඡන්දවල සෑහෙන අඩුවීමක් තියෙන්ඩ ඕනේ. සන්ධානයට අවාසි සහගත දිස්ත්‍රික්ක නිසා ඇත්තටම නොදීපු පරතරය වැඩි වෙන්ඩ ඕනේ අනිත් දිස්ත්‍රික්ක වලට වඩා. නමුත් එහෙම වෙලා නෑ. මේ කාරණාව පැහැදිළි කරන්නේ කෙසේද?

polonnaruwa-nuwaraeliya

 

[3]. "ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව" ගැන අගයන් දෙකක්!

2015/08/18 රාත්‍රී 9.30 "හිරු" පුවත් හි විකාශය වූ ප්‍රවෘත්ති උදෘතයන් මෙන්න.

"සමස්ත ඡන්ද 5,098,916 ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 45.66% ක ප්‍රතිශතයක් වර්තා කරමින්." (මූලාශ්‍රය)
(5098916/45.66) x 100 = 11,167,140

"එක්සත් ජනතා නිදහස් සංධානය මෙවර මහ මැතිවරණයේදී සමස්ත ඡන්ද 4,732,664 ක් ලබා ගත්තා. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 42.38% ක්".(මූලාශ්‍රය)
(4732664/42.38) x 100= 11,167,210

ඒ අනුව ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව 11,167,000 කට ආසන්න අගයක්. (ප්‍රතිශය වටයා ඇති නිසා අගයේ සුළු වෙනසක් ඇති වේවි)

නමුත් විකීපීඩියාවේ සඳහන් වන්නේ ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව (Total Polled) 11,684,098 ක් බවයි. මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මෙම අගය සොයාගැනීමට නොහැකි වුවත් විකීපීඩියාවේ ඇති අගය එය යැයි සිතනවා.

හිරු ටීවී එකේ විකාශය වූ පරිදි පරිදි ප්‍රකාශිත සමස්ත 11,167,000 ඡන්ද ප්‍රමාණය සහ විකීපීඩියාවේ සඳහන් 11,684,098 අතර වෙනස ඡන්ද ලක්ෂ 5 ක් විතර වෙයි. ඒ කියන්නේ මැතිවරණයේ ජය කාටදැයි තීරණය කරන තරම් ඡන්ද සංඛ්‍යාවක්.

මෙහිදී නිවැරදි ඡන්ද ගණන මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ අගය බවත් , හිරු ටීවී එකට වරදින්න ඇති බවත් කියමින් අත පිස දා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව මේ වගේ රටක් වශයෙන් සංවේදී කාරණාවක් තම ප්‍රධානතම ප්‍රවෘත්ති විකාශයේදී වරද්දනවා කියල හිතන්න අමාරුයි. හිරු ටීවී එකට එම අගය ලැබුණේ කෙසේදැයි සොයා බැලියයුතුයි. අනික් අතට එය ඔවුන් අතින් ඇත්තටම සිදුවුණ වැරදීමක් නම් ඒ ගැන එවැනිම ප්‍රචාරයක් දෙමින් නිවැරදි කිරීමක් කරන නමුත් අප එවැන්නක් දුටුවේ නෑ.

 

[4]. මහින්ද රාජපක්ෂ මහතා තරග වැදුණ කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය...

kurunegala1

2010 මැතිවරණයේදී එජාපයට ලැබුණ 213,713 ඡන්ද ප්‍රමාණය, මෙවර 441275 දක්වා ලක්ෂ 227,562 කින් වැඩි වී තිබෙනවා. එජාපෙ බාගයක්ම 2010 දි නිදාගෙන ඉඳල තියෙන්නේ.

කුරුණෑගල වැඩි වූ වලංගු ඡන්ද 282,892 න් 227,562 ක්ම ගොස් තිබෙන්නේත් එජාපයටයි.

අකිල විරාජ් කාරියවසම් මහතා 2010 දී මනාප 66,477 යි. (මූලාශ්‍රය) 2015 දී මනාප 286,155 ක්. (මූලාශ්‍රය) ඒ කියන්නෙ වැඩි වුණ ඡන්ද හැම කෙනෙක්ම වගේ අකිල විරාජ්ට මනාප දීලා. මහින්දෝදය විද්‍යාගාර නම ගලවා විවෘත කළ නිසා එතරම් ජනප්‍රියත්වයක් ලැබෙන්නට ඇති.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 556,864 ක් ලැබෙද්දී, එජාප ජවිපෙ ෆොන්සේකා ආදි සියල්ලන්ම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන් මහතාට ලැබුණේ ඡන්ද 476,602 ක් පමණයි. (මූලාශ්‍රය) වැඩි ඡන්ද 80262 යි. මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින්ම ඡන්දෙ ඉල්ලදී විරුද්ධවාදී පාර්ශවය ඡන්ද 11347 ක් වැඩිපුර ගන්නවා.

 

[5]. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වඩාත් ජනප්‍රිය වෙලයි. එවකට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ මඩ චෝදනා සියල්ලක්ම බොරු බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි වූ බොහෝ පිරිස් පසුගිය මැතිවරණයේදී එතුමාට සහයෝගය දැක්වුවා. ෆේස්බුක් එකේ ඔබගේ මිතුරන් දෙස බලද්දී ඔබ එය අද් දකින්නට ඇති. ෆේස්බුක් එකේ අප දුටු විශාලතම සමීක්ෂනයේ ප්‍රතිඵලයත් මේ වගේ.

neth

අනික් අතට යහපාලනයක් වෙනුවෙන් එජාපයෙන් ගොඩ නැගූ සුන්දර චිත්‍රය බැඳුම්කර වංචාව ආදිය නිසා මේ වන විට ව්‍යාජයක් බව ජනතාවට තේරුම් ගියා. එජාපයෙන්ම ඡන්දය ඉල්ලූ චම්පික රණවක වැන්නවුන් එජාපය බැඳුම්කර සිද්ධිය ගැන දිගට හරහට විවේචනය කළා.

ඉතින් ඡන්ද ප්‍රමාණය අඩු වීම බොහෝ අයට ගැටළුවක් වී තිබෙනවා.

 

[6]. මේ දේ අපට පමණක් නොවෙයි ජවිපෙටත් ප්‍රශ්නයක්. කළින් එජාපයට ඡන්දය දුන් අප දන්නා සමහර උගත් නාගරික හිතමිතුරන් මෙවර ඡන්දය දී තිබෙන්නේ ජෙවිපෙටයි. අනෙක් අතට එජාපය මවා පෙන්වූ යහපාලනය ඔවුන් නොකරන බව පෙනී ගිය නිසා, ජවිපෙ වටා එජාපයට යන පාවෙන ඡන්ද දායකයින්ගේ විශාල රැල්ලක් ඇති වුණා. සෑම දෙනාම බලාපොරොත්තු වුණේ ඔවුන් ආසන 16 ක් වත් ගනීවි කියලයි. නමුත් ජවිපෙ ඡන්ද පදනම වැඩි වී නැහැ.

ජවිපෙ තනියම ඉල්ලපු අවස්ථා
2000 මහමැතිවරණය - ප්‍රතිශතය - 6% ආසන 10
2001 මහමැතිවරණය - ප්‍රතිශතය - 9.1% ආසන 16
අළුත් නායකත්වයක් නව ජවයක්, රාජ්‍ය සහයෝගය හා අළුත්ම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එක්ක...
2015 මහමැතිවරණය - ප්‍රතිශතය - 4.87% ආසන 6

මේක වෙන්න පුලුවන් දෙයක්ද?

 

[7]. පහත වගුවේ දෙවැනි තීරුවේ දැක්වෙන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේන්තු මැතිවරණයේදී සංධානයෙන් අඩු වූ ඡන්ද ගණනයි. තුන් වැනි තීරුවේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශ නොවූ ඡන්ද ගණනයි. (මූලාශ්‍රය) ඒවා අසාමාන්‍ය ලෙස සමානයි නේද?  හරියට ඒ ඒ දිස්තික්ක වල මිනිස්සු කතා වෙලා කරපු වැඩක් වගේ.

preferential

 

[8]. නිල ඡන්ද ප්‍රතිඵලය පිට වෙන්නත් කළින් එසේම ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් ප්‍රකාශ කරන්නත් කළින් AFP නැමැති ප්‍රංශ පුවත් සේවයේ ට්විටර් ගිණුමේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාර ගත් බව දැක්වූවා.

afp

නමුත් ඊට පැය 2 කට පමණ පසුව මහින්ද රාජපක්ෂ මහතා පළ කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ජය හෝ පරාජය පිළිගැනීමට තවමත් ඡන්ද ප්‍රතිඵලය ලැබී නැති බවයි. එසේම අප එතුමාගෙන් ඒ ගැන විමසූ විටත් අපට දැන්වූයේ ප්‍රංශ පුවත් සේවයට මේ හදිසියේ කිසිවක් ප්‍රකාශ කර නැති බවයි.

mrtwitter

මෙම ට්විටර් පණිවිඩ දෙක පළ කළ වේලාවන් අතර වෙනස ගැන බලන්න.

ඡන්ද ප්‍රතිඵලය සාධාරණ බවට මහින්ද පාක්ෂිකයින්ට ඒත්තු ගැනවීමට එවැනි ව්‍යාජ පුවතක් අන්තර්ජාතික මාධ්‍යයක් යොදාගෙන පළ කළා විය හැකියි.

 

[9]. රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා ඡන්ද ගණන් කරලා.


"අපි කරපු ගණන් කිරීම් අනුව, අපි කරපු ඒ අපි කරපු ගෙනාපු ප්‍රතිඵල සටහන් අනුව රවි කරුණානායක මන්ත්‍රීතුමා 2 වෙනි ස්ථානයේ හිටියේ"

ඡන්ද ප්‍රතිඵලය සැක බව එජාපයේ අයම පවසයි.

ඊටත් වඩා ගැටළුවක් වන්නේ රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ලේකම් ඡන්ද ගණන් කිරීමක් කළේ කෙසේද? ඔහු ගණන් කිරීමේ නිලධාරියෙක් ලෙස කටයුතු කළානම්, රවි කරුණානායක මහතාගේ ලේකම් කමත් දැරීම කොතරම් යුක්තිසහගත ද?

 

[10]. පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ හිටපු ඇමතිනී රෝසි සේනානානයක මහත්මිය තමාගේ මනාප නැවත ගණන් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. (මූලාශ්‍රය)

ඒකෙ තේරුම තමයි එජාපයේ රෝසි සේනානායක මහතිමිය සිතන විදිහට ඇගේ මනාප එජාපයේ වෙනත් අය සොරාකාමින් "මනාප මංකොල්ලයක් සිදුවුණා".

දැන් අපිට අහන්න තියෙනෙන එජාපය ඇතුළේම තත්ත්වය මෙහෙමනම් එජාප ආණ්ඩුව යටතේ එජාපයෙන් සංධානයට මොන වගේ හැන්දකින් බෙදන්න ඇද්ද කියලයි.

 

[11]. මේ ඔබ දකින්නේ සති කිහිපයකට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අත් වී තිබූ යහපාලනයයි. එජාපයේ පක්ෂ කාර්යාලයක් ලෙස පැවතුණ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යනු "ඡන්ද පත්‍රිකා" පවා මුද්‍රණය කරන ආයතනයයි.

department of government printing

 

[12]. ව්‍යාජ ඡන්ද පත්‍රිකා පහළොස්දාහක් පමණ කන්තලේ එජාප පක්ෂ කර්යාල තුළ තිබී හමුවුණා. මූලාශ්‍ර: 2015/08/07 දිවයින.  මේ බව ada.lk වෙබ් අඩවියත් වර්තා කළා. මෙතරම් ඡන්ද පත්‍රිකා තිබුණේ කන්තලේ විතරක්යැයි සිතිය හැකිද?

sheets

 

මේ ගැන යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

61 comments:

  1. දැන් තියෙන තත්වෙ අනුව සිරිසේන නිදහස් පක්ෂයෙන් අයින් කරන්න අමාරුයි... මොකද විධායක බලය අධිකරණ බලය වගේම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බලයද තියෙන නිසා... කරන්න තියෙන එකම දේ පක්ෂයේ බොඩ් එකයි ගොඩනැගිල්ලයි උටම තියා ගන්න කියලා මහින්ද මැතිතුමා වටා ඉන්න පක්ෂයේ බහුතර පිරිස් හා සන්ධානයේ අනෙක් පක්ෂද එකතු වෙලා අළුත් නිදහස් පක්ෂයක් හදලා මහින්ද මැතිතුමා විපක්ෂ නායක වෙන එකයි...පක්ෂයේ ජන බලය තියෙන්නේ කාටද කියලා ජන්දෙදි දැක්කනේ... එතකොට සිරිසේනලා චෞරිලා නිකන්ම අනාථ වෙනවා... නිමල් සිරිපාලටත් අකමැත්තෙන් හෝ මහින්ද ගාවට එන්නම වෙනවා.. මොකද සිරිසේන ගාව විධායක බලය තිබ්බට සිරිසෙන ගේ නිදහස් පක්ෂය තුළ කිසිම ජන බලයක් නැති හින්ඳා...මහින්ද මහතාට අළුතින් නිදහස් පක්ෂයක් නිර්මාණය කරන්න ඵෙතිහාසික අයිතියක් තියෙනවා....මේ දේ අද කළ යුතුමයි...සිරිසේනලා චෞරිලා එකතු වෙලා නිදහස් පක්ෂය මෙහෙය වන තාක්කල් ජයග්‍රහණයක් ගැන හිතන්න ඹෑ.ඒ නිසා මහින්ද මහතා කළ යුත්තේ මුලින්ම මේ ජන වරම අනුව පක්ෂය නැවත ගොඩ නගා දෙවනුව බලයට පැමිණීමයි... ඔහුට ඒ ජනවරම ලැබුණේ පක්ෂය ද්‍රෝහින් ගෙන් රැක ගන්න බව ප්‍රතිථලයෙන් හොදටෝම පැහැදිලියිනේ... මේ හැර වෙන විකල්පයක් නැත... බලයට ලෝභ පිරිස් සිරිසේන ලා එක්ක එකතුවෙලා ජාතික ආණ්ඩු කියන වචනෙට මුවාවෙලා යු ඇන් පී යේ වලිගයක් උනාම වෙන්න නිදහස් පක්ෂය පිරිස අතින් මෙන්ම ජන බලය අතින්ද නැත්තට නැතිවෙලාම යන එකයි... මේ උවදුර ගැන නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි අය වහාම කල්පනා කළ යුතුය...මහින්ද නිකන් පේන්න ලඟ තියාගෙන මහින්දත් එක්ක නැගිටින්න බැරි බවත් ඔහු නායකයා කරගැනීම මුලින්ම කළ යුතු බවත් නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලින් තේරුම් ගන්න ඕනි...

    ReplyDelete
  2. It seems 70% voted this time around as apposed to 81% last time at the presidential election. This is a 15 lak reduction in voter numbers. This means Sirisena's total vote should be around 54.5 laks (62 laks-7,5 laks) this time and the UPFA vote 50.5 laks (58 laks-7.5 laks). I have divided the 15 lak reduction between Sirisena and the UPFA 50-50. Of the 54.5 laks when dividing approximately into UNP,JVP,TNA and others, UNP 44.5 laks and JVP,TNA,Others 10 laks in total taking into consideration the past voting pattern. So even if one or two laks UPFA voters this time voted for the UNP, the UNP should only get 44.5 laks and 2 laks more, let us say 46.5 laks. So how is it in this election even with a 10% reduction in voter numbers, Sirisena's voter numbers remained the same as before i.e. 62 laks? Is this not suspicious? The UPFA should have won with 50.5 laks to 48.5 laks and the UNP should only have gotten 44.5 laks with a best case scenario of 46.5 laks. The UPFA should have won this election. Also there was a massive 5 laks discarding of the vote. Assuming 2 laks were discarded fraudulently which should have gone to the UPFA, the UPFA 50.5 laks to 48.5 laks would have reduced to 47 laks as we saw. The UNP and others would have stuffed ballot boxes or manipulated computer figures to receive overall the 62 laks vote (even with a 10% reduction of voter numbers this time) with the UNP receiving 50 laks when they should have received 44.5 laks to 46.5 laks.

    ReplyDelete
  3. ඉතින් මේ වගේ සාධාරණ සැකයක් තියෙද්දිත් ඇයි මහින්ද මැතිතුමා ඇතුළු කණ්ඩායම තවම මේ ගැන නිහඬ? අඩුම තරමේ මැතිවරණ කොමසාරිස්ට පැමිණිල්ලක් වත් තවම කරලා නැහැ නේද? අන්න හෙට රනිල් අගමැති විදියට දිවුරුම් දෙන්නත් යනවා. ඒක නිසා කරන දෙයක් ඉක්මනට කරන්න ඕන.

    ReplyDelete
  4. චතුරිකාAugust 20, 2015 at 3:22 PM

    මෙවැනි අසාධාරණයක් දෙස බලමින් තවත් සිටින්නෙ කුමටද?මේ සඳහා කුමක් හෝ නීතිමය පියවරක් නොගන්නේ මන්ද?වංචාවට,අසාධාරණයට එරෙහිව යම් දෙයක් කළ යුතුයි.පැහැදිලිවම ජන බලය පවතින්නේ මහින්ද රාජපක්ෂ ජනපති වටාය.

    ReplyDelete
  5. මම අහල තියෙනව අතීතයෙ ඉදන්ම එක්සත් ජාතික පක්ශයට තියෙන්නෙ චන්ද වන්චාවන් වලින් පිරුන පසුබිමක් කියල. මේ ප්‍රතිපලය පිලිගන්න අමාරුයි... මේ ගැන තව හොයන්න. එකම එක ප්‍රභල සාක්ශියක් හරි ඉතුරු වෙලා ඇති.

    ReplyDelete
  6. I have seen these explanation in facebook. why do you posting FB and here. it is good. But Dear admin posting FB it not working. we should complain to Election deartment. go for court order to get order to recount and human rights remedies. that what we expect from you as mahinda's people... as i am mahinda's man i am so sad. i am out of country. but you can do what we can not do from here. please take action please please please..... we all feel something gone wrong... we saw in news and fb massive people came to mahinda's rally. we can not beleive mahinda lost.... i can not still believe we lost..please please please do something.... :( :( .. If any thing happened i dont do politics again..

    thank you

    ReplyDelete
  7. mewata viruddawa ai paminili karanne natte.

    ReplyDelete
  8. I believe we need to do recounting. ID nos to be verified for duplicating and if any invalid(dead people)ids has been used and for any malpracticing scenarios.

    ReplyDelete
  9. Dilan,

    අපිට දෙන් ඔය විශ්ලේශන අහලා ඈති. අපි හෑමෝම දන්නවා මොනා හරි වෙලා තියෙනවා කියලා.. කරුනකරලා පෑමිනීලි දාලා උසාවි නියොග අරන් චන්දේ අපහු ගනන් කරන්න පුලුවන් දෙවල් කරන්න. අපි සටන් කලේ පරදින්න නෙමෙ. අපි පෑරදිලත් නෙ මෙතන...

    ReplyDelete
  10. අරුණ නිරංජන් පණ්ඩිතරත්නAugust 20, 2015 at 4:12 PM

    https://www.facebook.com/photo.php?fbid=928988900475863&set=gm.453270471514319&type=1&theater

    ReplyDelete
  11. Anivaryenma paminillak Amiya Hutus metal age itch asana Ghana baluwoth visvasa karannama ba

    ReplyDelete
  12. අරුණ නිරංජන් පණ්ඩිතරත්නAugust 20, 2015 at 4:20 PM

    ඇයි ඔබලා(මහින්ද මහතාට සමීප මන්ත්‍රීවරු)තවම නිහඬ,,,
    ඇයි මේ මැ.කො. නිහඬ පිලිවෙතක් අනුගමනය කරන්නේ,,,
    රමේෂ් පතිරණ මහතා, ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ඊයේ මේ ගැන සඳහනක් කර තිබුනා,,,

    ReplyDelete
  13. නිශාන්August 20, 2015 at 4:26 PM

    ප්‍රතිපල කියවන වෙලාවේ ඔය සාධාරණ සැකය මටත් ආවා.අලුත් ඡන්ද ඔක්කොම එජාපයට විලා තිබුන විදියනම් පුදුම සහගතයි.මේ ගැන යම් පැමිණිල්ලක් කරලා මිනිස්සුන්ට මාධ්‍ය හරහා කරුණු පහදලා දෙනවනම් හොඳයි.ජනාධිපතිවරණ වෙලාවේ බොරුවට කුමන්ත්‍රණ කළා කිවුවට මේ දේවල් දිහා බලපුවම යම් වෙනසක් ඕන කෙනෙකුට පේනවා අවිවාදයෙන්ම.ඒ නිසා මේක මිනිස්සු අතරට යවලා අවබෝධය ඇති කරන්න උත්සහ මාන්න එක හොඳයි

    ReplyDelete
  14. Action should be taken towards this. Publishers should demand a recount or fresh election in 3 months. Also women or men in burqa should be looked at as a method to hide identities. It was published that computer crashed during that time. Action must be taken towards that and also so called national list altering. These concerns should be reported and remedy should be done soon as this causes broken trust in election and law. Please gather these evidences and present it soon. Thank you admins for your work, may the truth prevail soon.

    ReplyDelete
  15. ithin meka share kara kara hitiyama prashne wisadenawada? wanchaawak wuna kiyala me tharam penawa num ai Rajapaksha mathithumawath UPFA wena kenkwath me gena prasiddiye katha nokaranne? api mekata monawa karannada? api chandedi ape yuthukama itu kalaa.. dan ai ape chandeta saadaaranaya itu karanna oyaalata bari? mekada anthima ta apita labena result eka? me widiyata lankaawe chanda thiyala wedak nehene...........

    ReplyDelete
  16. අපි ගොඩක් කරදර මැද්දෙ මහන්සි වෙලා සන්ධාන මන්ත්‍රිලා පාර්ලිමේන්තු යැව්වෙ UNP යට යන්න නෙමෙයි ඒ්ක නිසා මහින්ද මහත්තයාත් ඒක්ක අලුත් පක්ෂයක් හදමු ගමේ අපි තාමත් මහත්තයයි ඒ් වටේ ඉන්න අයත් ඒක්ක හැමදාමත් ඉන්නවා

    ReplyDelete
  17. Not sure mako got big chunk of dollars. If I can recollect, Mithree fooled SLFP MPs to agree the undemocratic clause to be introduced to 19th amendment so that parliament cannot be disolved for 4 years. Could be a part of Master Plan.

    ReplyDelete
  18. මේ අයගේ අතීතය දන්න අය දන්නවා, එයාලට මේවා බොහොම සුලු වැඩ බව. නඩුත්,බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙච්ච කාලෙක උනත් ,වහාම මේ ගැන පියවරක් ගත යුතුයි, මිනිස්සුන්ගේ ඇස් ඇරවන්න. මිනිස්සුන්ට මේ ගැන අවබෝදයක් ලබා දීමට ඒක ඉතාම වැදගත්.ප්‍රමාද උනොත් වෙන්නේ ලොකු පාඩුවක්.

    ReplyDelete
  19. මිනිස්සු දුන්න චන්ද ටික උබලාට ආරක්ශා කරලා ගනන් කරලා ප්‍රතිපල දෙනකම් මෙ අයට කරගන්න බෙරි උනා.. ඔයාලට චන්දෙට කලින් මෙයාල කරන්න යන දේ අරන්චි උනා. ඒත් එකට කලින් සුදානම් උනෙත් නෙ. දෙන් පෑම්නිලි කරලා මොකුත් කරන්නත් බෙරිද.. අන්තිමට අපිය් පෑරදුනේ. අපි යලුවන්ගෙනුත් බය්යො කියලා කාඩ් ගහගෙන අපහාස විදගෙන මෙ සටන කලේ. ඔයාලා මෙ දේ ගෙන වෙඩ කරන්න. සරත් එන් සිල්වා මහත්තයෝ කො ඔයා... නිතියෙන් මොකුත් බෙරිද...

    ReplyDelete
  20. සහෝදරය, අවසන් නිල ප්‍රතිපල තවම නිකුත් වෙලා නැත, ඒකෙන් පස්සෙ තමයි ඕනෙම දෙයක්.

    ReplyDelete
  21. මෙය බරපතල ප්‍රශ්නයක්, අනිවර්යෙන්ම අවධානය යොමු කල යුතුයි චෝදනා එල්ල කරන්න එක් පාර්ශවයකින් නොව පාර්ශවයන් කිහිපයකිනි. දැන් ඇරඹි ඇත්තෙ නිවට ඒකාධිපති පාලනයකි.

    ReplyDelete
  22. When we see the result it is amazing. Could be due to ignorance of people.

    ReplyDelete
  23. එඩිටර් මහත්තයො,
    මේ චන්ද ගනන්කිරිමේදි යම් අක්‍රමිකතා සිදුවි ඇති බවට සාක්ශි තිබේනම් නිහඩ වියයුතු නැහැ නේද?, ප්‍රකාශිත සහා ගනන් කිරපු චන්ද එකතුකර බැලිමේදි ලොකු වෙනසක් තිබුනා, මේ සම්බන්දව, "ස්තුතියි " කියෙන පිටුවේ මම ඒ අවනිශ්චිත තත්වය උඩ කොමෙන්ට් එකක්ද ඉදිරිපත්කලා, මේ පිලිබදව දැන් කොමෙන්ට්ස් ගලා එනවා, මූනු පොතෙත් ඒ වගෙමයි,
    මහින්ද මහාතාට හිත්වත් නිතී විශාරදයෙනී දැන් ඔබලාගෙ පිහිටයි, මේ චන්දය සාමකාමිද? නැත. හොර මගඩියක් නොවේද? හැකි ඉක්මනින් ප්‍රතිකර්මයක් කරන්න. සන්දානය පරාද නැත, මේක හොරට යටින් කොලේ තියලා බූරුවා ගහපු සෙල්ලමක්, බූරු පිටියක එහෙම දෙයක් කර අසුවුනොත් වෙනදේ කවුරුත් දන්නවානේ, ඉතින් මේ බූරු සෙල්ලම ගනන් තාක්ශනය අනුව අසුවෙලා ඇතිබව හොදට පැහැදිලියි ? "අප්පමාදෝ අමතපදන්"

    ReplyDelete
  24. 1977 බයි එලෙක්ශන් මහාර ආසනය දිනපු විජය කුමාරනතුන්ග චන්ද්‍රිකා නොනගේ මහත්තයා, රිකවුන්ට් එකකදී පැරදුනු හැටි විග්‍රහ කරන්න පුලුවන්නම්, මේවා ගැන හොදට දැනගන්න පුලුවන්

    ReplyDelete
  25. Man hithanne ne ehema Loku wenasak wewi kiyala me dewal nisaa...
    ape minissunta rata gana hagimak ne eka adu karalaa wena dewal walta owunge mathaya geniyanna UNP athulu batahira hitha waadinta puluwna una..

    man hithanne den mulikama awshyathawaya oya hema ekatama wadaa aluth pakshayak sandhanayak goda nanweemaa.
    ara palamu comment eke kiyanawa wage..
    mewara chandaya deepu siyalu denaa e wenuwen handa naganna..
    mahinda mahathata kiyanna one ethuma samaga inna pragathishili balawega paksha nayakayo athuluwa aluth pakshayak sandhanayak pihituwanna kiyala..
    Nidahas Pakshaya den kisima wedak nathi pakshayak UNP ekama thamayi ekath..
    karunakarala aluthin patan gamu..
    aaye oya Maithreege nidahas pakshayata chandaya denna puluwan kmk ne apita..
    inna keepa denagen ho patan ganna.
    mulinma paradewei eth kamak ne...
    kawadahari apita rata gena hangemak tiyena pakshayak one..
    ekata ganna epaa awsthawadiwa ena aya owun pakshaya vinasha karanawa..
    Susil premjayanth unath ada Sirisena langa..
    harima kanagatuwak meka..
    parajayata nemeyi duka ita passe wena dewal walatai duka.

    ReplyDelete
  26. Ane please, Ikmanata action ekak ganna.... Apita ona me rata beraganna.... Ape jathika weeraya reka ganna..... Me asadaranayata wiruddawa usawi yanna... Ona unoth nidahas pakshe jande deepu api hemoma obathuma ekka mahaparata bahinna enawa...

    ReplyDelete
  27. no matter how, with the sequence of events unfolding now, all of this will amount to speculation! Mr. Rajapaksa was cleverly used by SLFP who knew that they would not stand a chance of wining many seats without him and thereafter they discarded him! This would not have happened in the first instance if Mr. Rajapakse had contested from an independent party! It is really sad to see how the manipulative politics are out for him and have already started the campaign of ridiculing him, vilifying him as a power hungry man! In such a situation the most important matter is to protect and support Mr. Rajapaksa and give him moral support! way things are going Mr.Rajapaksa would be abandoned at break neck speed by the SLFP! Mr. Rajapaksa's loyalty to the SLFP costs him this election that is the truth of the matter! Now the best option is at the moment to take a back seat and engage in politics out of parliament and form a front that would stand for nationalistic front, with budding clean politicians and politicians who have proved their mettle like Messrs Gunewardene and Nanayakkara! He has to breed a new generation of politicians who will fearlessly come forward and speak on issues regarding national interest! It is very disheartening to see the way such a great man is being treated no worse than a street pickpocket by some factions! What is more important is that Mr. Rajapaksa is protected at all costs as mentioned above! It will be a very difficult road ahead for him, however, evil can never exist for long, if unscrupulous methods (which has been done cunningly so that the allegations can never be proven in a court of law) have been used this government cannot exist for long, for what they are doing to Mr. Rajapaksa will have a boomerang effect very soon!

    ReplyDelete
  28. mahinda samaga sitaganna ayata thama newatha dennanna puluwan nethinam gedara....

    ReplyDelete
  29. එතකොට මධුසංඛ සහෝදරයා දැන් මේ රනිල් අගමැති විදියට දිවුරුම් දුන්නේ නිල ප්‍රතිඵලයක් වත් නැතිවද? එහෙම කරන දිවුරුම් දීමක් කොතරම් දුරට වලංගුද? අන්න UNP එකයි SLFP එකයි අවබෝධතා ගිවිසුමකුත් අත්සන් කලා. ඒකෙ මොනවා තියෙනවද කියලා දෙයියො තමයි දන්නේ. අද හවස වෙනකොට ඇමති මණ්ඩලෙත් නම් කරයි වගේ. ඉතින් මම නම් හිතන්නේ තවත් බලා ගෙන ඉන්නේ නැතිව අපිට මේ චන්ද වංචාව ගැන හොඳටම විශ්වාස නම් අවශ්‍ය පියවර ගන්න ඕන කියන එකයි. එහෙම නැතිව ගොඩක් ප්‍රමාද වුනොත් සමහර විට චන්ද වංචාව ඇත්ත කියලා හෙළි වුනත් අපට කරන්න දෙයක් නැතිව යන්න පුළුවන්.

    ReplyDelete
  30. පැහැදිලි පේනවා මෙතන ලොකු වන්චක් සිදුවුනු බව

    ReplyDelete
  31. ow atta api damma chande koo nattam ara kohewath nati awun anawada

    rani karayata laksha 5 anne kohomda u anith ayageth chande dagena

    gampaha ara vachalaya chathurasenaraththna u tath cahnda ayakata anne na

    hora chanda dala

    ReplyDelete
  32. මෙම කරුන තර්කානුකූලව මෙසේ වුවත් ප්‍රායෝගිකව ඔප්පු කිරීම බෙහෙවින් අපහසු විය හැකිය. ඒසඳහා ප්‍රායෝගිකව මැතිවරන වංචාවක් කිරීමට ඇති හැකියාවන් ගැන සොයා බැලිය යුතුය, ඒ ඒ චන්ද මධ්‍යස්ථාන වල එක් එක් අපේක්ෂකයාගේ නියෝජිතයින් නිවැරදිව යොදවා තිබුනාද, ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී අවශ්‍ය තරම් නිලධාරීන් සෑම වාහනයකම සිටියාද සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම ගණන් කිරීමේ කටයුතු නියම ක්‍රම වේදයටම සිදු වූවාද වනි කරුනු සොයා බැලීමට සිදු වනු ඇත. මහ දවල් සිදු වූ මහ බැංකු වංචාව පවා ඔප්පු කරගැනීමට අපහසු පසුබිමක සිටින අපට මෙයනම් කෙසේ වත් ඔප්පු කර ගැනීමට හැකි නොවනු ඇත.

    ReplyDelete
  33. මන්ත්‍රී තුමාAugust 21, 2015 at 6:44 AM

    ඔබ කියන දේ ඉතාම සත්‍ය දෙයක් මමත් ඉන්නෙ ඔය මතයේමයි.අනිවාර්යෙන් මේ දේ කල යුතුමයි.නිදහස් පක්ෂය කියන්නෙ එක පක්ෂයක් විතරයි අද සමසමාජ පක්ෂය කියන එකට වෙලා තියෙන දේ පේනවනේ.ඔය පක්ෂ වලින් වැඩක් නෑ.මහින්ද මහත්තයෝ මේක කල යුතුමයි.මේ ප්‍රජාතන්ත්‍රවිරෝධි හැත්ත පන්නන්නම ඕන.මේකට ටික කාලයක් ඉවසල ඉන්න වෙයි අඩුම අවුරැද්දක්වත් නැත්නම් මතයක් ගොඩනගන්න අමාරැ වෙයි.ඒත් හැකි ඉතාම ඉක්මනින් කල යුතු දෙයක්

    ReplyDelete
  34. මමත් අමිල මයා ගේ මතය අනුමත කරනවා. බන්ඩාරනායක මැතිතුමා එජාපය හැර දමා ශ්‍රීලනිප ය ආරම්භ කලේ එජාපයට විරුද්ධ බලවේගයක් ලෙසයි. එදා මෙදා තුර ශ්‍රීලනිප ය හැමදාමත් එජාපය ට විරුද්ධ ව සිටි පක්ශයයි. අද My3 සමග ශ්‍රීලනිපය එජාපය ට යට වී සිටින හැටි බලන විට අද ඇත්තේ බන්ඩාරනයක මැතිතුමා නිර්මාණය කල ශ්‍රීලනිප ය නොවෙන බව සක් සුදක් සේ පැහැදිලිය. එතුමාගේ අරමුණු අද ශ්‍රීලනිප ය සතු නොවේ.


    මහින්ද මැතිදුන් දැන් කල යුතුව ඇත්තේ බන්ඩාරනායක මැතිතුමා එදා කල විදියටම ශ්‍රීලනිප-එජාප හවුලෙන් ඉවත් වී.... My3 ගේ දරුණු ඒකාධිපතිවාදයට යටවීම මුලුමනින්ම නවතා.... නොපමාව අලුත් ප්‍රගතිශීලි ජනහිතකාමී පක්ශයක් නිර්මාණය කර ගැනීමයි. රට ජාතිය රැකගැනීමටත්... නව යුගයක් කරා ගමන් කිරීමටත්... එවැනි අලුත් පක්ශයක් රටට මහගු දායාදයක් වනු සහතිකයි!

    ReplyDelete
  35. අමිල සහා දිනුගේ අදහස් ඉතාම කාලෝචිතයි,මමත් අනුමත කරනවා, සිරිසෙන මහතාට ඕනෑකුදයක් ගහගනින් කියා සන්දනයෙ මහින්ද හිතෙශි අය එකතුවී අලුත් පක්ශයක් හදා සටන ඉදිරියට ගෙනයන්න, එදාකලයුතුව තිබුනෙත් ඔය දේමයි, දැන් ගියදෙ ගියා, ඉදිරිය බලමු, සිරිසෙන් මහතා ක්‍රියාකරන්නෙ උග්‍ර එකාදිපතියෙක් වගේ , එහෙම අය සමග කොහොමද එකතුවිමක් ගැන කටයුතුකරන්නේ. එය පිස්සු රාජකාරියක් වෙනවා, අලුත් ප්‍රගතිශීලි පක්ශයක් ගොඩනගන්න දැන් හොදමවෙලාව, එතකොට සිරිසෙනට අස්කරන්න මිනිස්සු නැහැ.එයාට ඇගිලි ගහන්නත් බැහැ ඒ පක්ශයට . අලුත් පක්ශයක් ගොඩනැගිම අපේ රටට ලොකු දයාදයක් වෙනවා සත්තකින්ම.

    ReplyDelete
  36. මෙතන ලොකු චන්ද මන්කොල්ලයක් වෙලා තියනවා ඒක ඔනෑම කෙනෙකුට වැටහෙනව.මමත් ඔය ඉහත සදහන් අදහස්වලට එකගයි. දැන්වත් ඔබ තුමා ඔය නිදහස් පක්ශයෙන් අයින් වෙලා සැබෑ දෑ හිතකාමීන් සමග එකතු වී වෙනම පක්ශයක් පිහිටුවා ගැනීමට කටයුතු කරනමෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.අප සැමදා ඔබ සමගයි. එවිට ඔබතුමාට නැවතත් බලයට පැමින මේ රට පත් වී තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමට හැකි වනු ඇත.ඔබතුමාට ත්‍රිවිද රත්නයේ පිහිටයි.

    ReplyDelete
  37. Ei appa moanwath nokaranne..shik..api minissu issara bayyo kiya kiya ctr une me prathipale balagena neme..ane plz..me gena mkk hri karanna..chandadayaka api asaranai..mehemath ek tye api theeranayk gatha ayeth kisima pakshekata chandyk nodi inna..oba thumage nayakathwayen udellen tharaga kalath ape manape obata..api gena hithala weda kala wge ane plz me gena ikman piyawarak ganna..bs

    ReplyDelete
  38. Jayantha AbeyratneAugust 21, 2015 at 11:47 AM

    Let us stay away from Sirisena the betrayer.

    ReplyDelete
  39. ජහපාල- යටි උගුල් අටවන නරුමයාAugust 21, 2015 at 12:29 PM

    http//lankacnews.com/sinhala/news/135000/

    යුද අපරාද චෝදනාව පිළිබද වාර්තාව ජනපතිට විශ්ලේෂණයක් awashyayi

    ReplyDelete
  40. ඒ ගැන අප හැකි විගසින් තොරතුරු සොයා බලා පළ කරන්නම්.

    ReplyDelete
  41. KALPANAKARA BALANNA
    1.anuradapuren ahata reswim tv news walata pennuwe nata?A AI?
    2.anuradapuren ahata ape newei da
    3.demala akak hari pennuwada?AI A?
    4.ape maddaya ahata yanna dayai da?
    5. demala ayage illim monawaba?
    awa apata denaganna aitiyak nadda?
    6.ama reswim pennuwenam meka weida?

    ReplyDelete
  42. ඡන්ද මංෙකාල්ලයට වහාම පියවර ගන්න!!!!!!!!!!!

    ReplyDelete
  43. ow.. sampurnayenma ekaga wenawa..
    oya sirisena, chndrika nisa Jarajeerana una Nidahas Pakshaya wenuwata Mahinda mahatha aluth sandhanayak pihituweema athyawashyai..
    man nam wehesenne me mathaya kohoma hari sampreshanaya karanna.
    hema deneku mahainda mahathata eththu ganwanna one janathaawa inne ethuma samaga misak nidahas pakshaya samaga noweyi..
    e nisa aluth pakshayak awshyai kiyana eka.

    ReplyDelete
  44. අපිත් අලුත් පක්ශයකින් මහින්ද මැතිදුන් සමග ඉදිරියට යන එකට සම්පූර්නයෙන්ම එකගයි. සමාජ ජාලා තුල අපි හැමෝම වගේ තව හුගක් අය මේ අදහස දැනටමත් ගේනවා! 22 දා LankaCnews හි විමල් මැතිදු ගේ වීඩියෝ ව බලන්න. එතුමා එවැනිම අදහසක් සනාත කර තිබෙනවා!

    ReplyDelete
  45. Chanda mankollaya gana rata danuwath karanna.....

    ReplyDelete
  46. gamini ratnasuriyaAugust 22, 2015 at 3:08 AM

    Can MR form a New party.In that case what will happen to his and others who will join with the new party (65 members)of their MP posts.I am confused.

    ReplyDelete
  47. මෛත්‍රී සභාපති කම ගත්ත දවසෙ ඉඳලම අපි වැඩි දෙනෙකුගෙ අදහස වුනේ ඒකම තමයි. ඒ දවස් වලම අලුත් පක්ෂයක් බිහි කරලා ආසන දෙසිය ගානටම සෑහෙන තරම් අපේක්ෂකයො රටෙ හොඳම අයගෙන් තෝරගෙන කල් ඇතිව හොඳ කැම්පේන් එකක් කලා නම් සමහර විට දිනන්නත් තිබුනා. මහින්ද මැති තුමා slfp පක්ෂයේ ස්ථාවරත්වය කියන මතයට addict වෙලා හිටිය නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. තාමත් ඒ ඇඩික්ට් කම අත් ඇරලා නෑනේ.

    ReplyDelete
  48. Meka hoda arambayak karagena shakthimat wipakshayak hadanna ona. Aluth tharuna muhunu ekathu wenawa nam godak hodai. Dan rajaye inna yal pana giya janathawa akamathi ayata wada ehema sandanayakata Mahinda mathithuma nayakathwaya denawa nam hodai.

    ReplyDelete
  49. I think everybody is waiting for the UN report.
    I don't trust My3& Chandrika Also Rajitha and
    some others too.
    Actually I feel Ranil might defend Mahinda
    but others are so vicious they can hand over
    Mahinda even nothing is proved.
    That may be the reason Mahinda wants to keep
    a low profile right now
    (This is my opinion only)

    ReplyDelete
  50. ජහපාල- යටි උගුල් අටවන නරුමයාAugust 23, 2015 at 5:34 AM

    thank you
    අපි තාමත් ඔබත් එක්ක ඉන්නේ සත්‍ය දැනගත හැකි එකම තැන මේ වෙබ් site එක පමණක් වන නිසා
    වගේම ඇත්ත මොකක්ද කියලා හරියටම දන්නා නිසා
    ඔබට ශක්තිය ලැබේවා

    කීවත් බොරු කතා ගොතා නිරතුරු
    අපි මිහිදුත් එක්ක තමා දිවි ඇතිතුරු

    ReplyDelete
  51. මෙතන වංචාවක් වෙලා කියල අපි හැමෝටම පෙනෙන්න තියෙද්දී මේවට ක්‍රියාමාර්ග ගන්න ඕන අය තාම නිහඬ ඇයි කියලයි මට තියෙන ප්‍රශ්නය..

    ReplyDelete
  52. NEE CHANDAYA MAHA KOLLAYAK. MEKO NIHANDAYI. EWATHA GANAN KIREEMAK AWSHYAYI.

    ReplyDelete
  53. I wish to know about the truth of this election 2015 August general Election in sri Lanka.

    ReplyDelete
  54. Sulochana DissanayakeAugust 23, 2015 at 9:33 PM

    Ow obala hari Meka maha chanda horakamak una mathivaranayak Orathipala pitavee ivara venna kalinma ai my3pala mahatha varna kale meka sadarana ekak kiyala Meka horakava Ranil My3 Chandrika ekveela

    ReplyDelete
  55. ai megenna hoyanne neththe,ape hitheth sekayak thiyennawa ath nayakayo nihadi

    ReplyDelete
  56. Ithin dan meka gana api kiya kiya innawa witharada? Mokuth kriyamaargayak gannema nadda?

    ReplyDelete
  57. සියනෑවේ සිංහයාAugust 24, 2015 at 3:06 PM

    මෙතන පැහැදිලිවම වංචාවක්සිදුවී ඇති බව පෙනේ.ජන මතයට පිටුපා සිදුකරන මෙවැනි ක්‍රියාවන් පිළිකුල් සහගතව හෙලාදකිමු.

    ReplyDelete
  58. මතිවරනය සමීක්‍ෂනය සදහා විදේස් රටවලින් පැමිනි පිරිස කුමක්ද කලේ,ආව දැක්ක යනව දැක්කෙ නැහ.මොනාද කලේ කියා කිසිම තොරතුරක් නැහ. අන්තිමට උනෙ ///ඌ මට ගහනව මට ඌ ගහනව විතරයි. මගේ අදහස නම් ,මින් ඉදිරියටවත් චන්දය පාවිච්චි කරන්නාවු සහ චන්ද ගැනීම් කරන්නාවූ සෑම සථානවල සෑම පක්‍ෂවල නියෝජිතයින් මගින් චන්දය නිරීක්‍ෂනය කල යුතුය.

    ReplyDelete
  59. aurudu gaanak peradila hitapu nisa, balaya ganna onima jara wedak karanawa unp kaarayo, mekata ekman piyawarak gatha yuthumai.

    ReplyDelete
  60. Ballot paper of the General Election is complicated with so many candidates and marking of preferential votes. As such the rejection percentage is high, compared to that of Presidential election where the marking is only for one of the candidates. In fairness to the voter, they should be more educated about marking of ballot papers.

    ReplyDelete
  61. Rejection is only applicable for UPFA as per the above analysis. So your opinion is not the proper explanation.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.