මහින්ද මැතිඳුන් ඡන්දය ප්‍රකාශ කරයි…

මහින්ද රාජපක්ෂ මහතා අද සිය ගම් පළාතට ගොස් ඡන්දය ප්‍රකාශ කළා.

1

5

4

2

3

6

ඡන්දය ප්‍රකශ කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මතිඳුන් සිය දෙමාපියන්ගේ ස්මාර්කයටත් උපහාර දැක්වූවා.

7

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවේ දසුනකුත් අප වෙත ලැබී තිබෙනවා.

8

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to මහින්ද මැතිඳුන් ඡන්දය ප්‍රකාශ කරයි…

  • Rata wenuwen

    ජයෙන් ජයම වේවා
    උතුම්වූ බුද්ද දම්ම සන්ග යන තුන් රුවනේ ගුන බලයෙන් ඔබට යහපතක්ම වේවා, ඔබ ඇතුලු ඔබේ පාක්ශිකයන්ට ජයෙන් ජයම වේවා , සන්දානය රජවේවා, අපි රට වෙනුවෙන්

  • Rata wenuwen

    බුදු ගුණ බලයෙන් සෙතක් ලබන්නට,
    දම් ගුණ බලයෙන් ජයක් ලබන්නට,
    සග ගුණ බලයෙන් ලොවක් දිනන්නට,
    තුන් රුවනේ ගුණ රටට බෙදන්නට

    අපේ මහින්ද මැතිදාට ඒ බලය ,ආශිර්වාදය සමග ලැබේවා අපේ සුභ ආශින්ශන ඔබ වෙනුවෙන් අදිශ්ටාන තරන්ග මාලා ඔස්සේ ඔබගෙ හදවතට දැනෙන සේ පාකර එවා ඇත. ජය නියතයි.

  • ලියන්න මුකුත් හිසට එන්නේ නෑ සොයුරු සොයුරියනේ. පහුගිය ජනවාරියේ ඉඳන් හිත තැලිලා , අකෘතඥ , කෘර මිනිසුන් නිසා අමනාපයට පත් වෙලා , මොකද්දෝ මුසල බවකින් පිරිලා… මහින්ද මහත්තයා උදේ එලියට බැහැල පරණ පාර්ලිමේන්තුවේ ඉඳලා කාර්ය මණ්ඩලයේ සියල්ලන්ගෙන්ම වැඳුම් අරගෙන අත වනල සැහැල්ලුවෙන් සිනා වෙලා පිට වෙලා යනකොට ඉකි ගසා හඬා වැටුනේ මගේ හිත පමණක් නෙවෙයි. දෙනෙතට නැගුනු කඳුළු රුපවාහිනිය ඉදිරිපිට සියල්ලන් ඉස්සරහ ගලා ගියාට පිහදා ගන්න වත් උවමනාවක් නැතුව රුපවාහිනිය දිහාම බලන් හිටියේ එතුමන් පෙන්වන එක රුප රාමුවක් වත් අතපසු වෙයි කියන බයෙන්මයි.

    පැරදී ගෙදර යන දිනත් , වැඩිමහල් , උගත් , ආත්ම ගෞරවයෙන් පිරුන වුර්ථිකයන් ගේ හිස් එතුමා ඉදිරියේ නොදැනීම පාත් උනේ , දෙඅත් එක් උනේ එසේ නොවී එතුමන් අභිමුඛයට යන්න බැරි තරමේ තේජාන්වී බවක් ආනුභාවයක් සහ නිරහංකාර අහිංසක බවක් තිබුන නිසා නේද සොයුරනේ…. ඒ වෙනකම්ම කිසිම දේශපාලන පක්ෂයකට වත් පුද්ගලයෙක් ට වත් විශේෂ ඇගෑලුම් කමක් නොතිබුන මගේ හිත මටත් නොදැනීම හොරා ගන්න පුළුවන් කම තිබ්බ “හදවත් හොරෙක්” ලංකාවේ දේශපාලන මඩ ගොහොරුවේ හිටපු බව තේරෙනකොට ඒ හොරා ගමටම යන්න ගිහිල්ලා.

    මුසල දින ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ , හෙළ රජෙකුටම සුදුසු මහ බලවත් සෙන්පතිවරු රැස්කරපු ඒ එයිථිහාසික නුගේගොඩ ජන රැලියට රටට ආදරය කරන ලක්ෂ 58 න් කෙනෙක් වශයෙන් සහභාගී වෙන්නත් ඉන්පසුව මට වාසනාව ලැබුනා. ජනේරුවේ ඉඳං එදා හවස 3 වෙනකං හිතේ රැස්කකා තිබුන අඳුරු මුසල අපේක්ෂා භංගත්වය රැලියට එකතු වෙලා පොඩ්ඩ වෙලාවකින් ඔල්වර සන් මැද ටිකෙන් ටික දියවෙලා ගියේ මටත් නොදැනීම…. පුංචි අපේ , පුංචිම පුංචි අහිංසක අපේක්ෂාවන් පවා භංඝ වී තිබුන අවස්තාවක , පුංචිම නැවුම් බලාපොරොත්තුවක් හිතේ කොනක මෝදු වෙන්න ගත්තේ හිත සතුටේ ගිල්වමින් , කඳුලක් දෙනෙතට නගමින්. මගේ හෙළ ඉතිහාසයේ සිටි ජාත්‍යාලයෙන් සහ අසහාය වික්‍රමයෙන් යුතු වීර ලක් රජවරුන් සහ සෙන්පතියන් ගැන පොත පතින් කියවා ස්නේහය උපදවා සිටියත් , ඔවුන් නැවත ඉපදී අප අතරම , අප ඉදිරි පසම ජීවමානව සිටින බව තේරුම් ගත්ත හදවත ප්‍රභාර්ශයෙන් , අපේක්ෂාවෙන් පිරි ගිය ඒ මොහොත මට නම් සදා අමරණීයයි.

    එතැන් පටං අද වන තෙක් රට රැකි රන් වැට ගලවා විසි කර දමා නොරටුන්ට පාවා දෙමින් , අපේ ලක් මව මහ දවල් මංකොල්ල කමින් , අහිංසක සිංහල අපේ හිස් මත පහරමින් ගෙන ගිය දුරාචාරි අවිචාර සමයේ රට අඳුරෙන් අඳුරට පිරිහෙමින් යන හැටි බලන් හිටි සිත දිනෙන් දින වේදනාවෙන් මිරිකී කම්පාවට , අමනාපයට පත් වුනේ අපේ තියෙන සංවේදී කම නිසා වෙන්න ඇති. ඒ දුක් කන්දරාව මැදින් පිය නගමින් ඇවිත් අදින් එළඹෙන අලුත් දවස ගැන වෙන කියන්න දෙයක් නම් නෑ මට… .

    පරණ පුරුදු කොල්ලුපිටියේ ගෙදරටම හෙට එන්න අපේ අප්පච්චි. අපි බලං ඉන්නවා සිනා මල් දෝතින් අරං ඔබ එන තුරු. ඒ රටට ආදරය කරන, හිතේ කහට නැති , සතුටෙන් නිදහසේ නිවහල් පින් බිමක ජිවත් වෙන්න කැමති අපගේ එකම අහිංසක ප්‍රාර්ථනාවයි.

    • Dinuu

      මේ සටහන අමරණීයයි! කිසිම දෙයක් ලියාගන්න බැරිව හැගුම් තෙරපෙන සන්වේදී මොහොතක අපි හැමෝගෙම සිතුම් පැතුම් ඔබ අපූරුවට වදන් පෙලකට නගා ඇත! ඔබට පින්!

  • GHANALATHA

    obata jaya niyatai nieriedunie.

  • Janesh kumar de silva

    jaya wewa!!!

  • Rata wenuwen

    පරන පුරුදු කොල්ලුපිටියේ නිවසට එන අප්පච්චී,
    තුන් රුවනේ අසිරි මැදින් ජය ගන්නවා අප්පච්චී,
    අමනයන්ගෙ බලු ජඩකම් මැඩගෙන එන අප්පච්චී,
    අපේ හදට ඉවසුම් නැත ඔබ එනතුරු අප්පච්චී.

    අපේ මහින්ද මැතිදුට ජයවේවා

  • rohitha upali

    senehebara niriduni.obe jaya ape jayai jayen jayama veva teru van balayen

  • HSCF

    All our expectation is to get the power UPFA and becoming MR as PM to save our nation defeating unnecessary interference from outside world.

    Jaya Wewa….

  • shyam

    I hope and pray that the truly Sri Lankan patriot voter has rectified the mistake made on January 8th! If so it is the best thing that can happen to Sri Lanka! I sincerely wish and hope from the bottom of my heart that all our prayers and blessings have been heard by a just higher force to reinstate Sri Lanka’s one and only true leader of our times!Wishing Mr. Rajapaksa all the very best always!

Leave a Reply