මහින්ද මහතාව විපක්ෂ නායක කරන ලෙස සංධාන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීම මත යෝජනාවක් සම්මත කරති.

president-rajapaksa-speaking-in-parliament[1]

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් රැසකගේ හමුවක් කොළඹදී පැවැත්වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන්නේ ලැබී ඇති ජන වරමට අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන බවත් එසේම විපක්ෂ නායක වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් ය.

එම කරුණ සම්බන්ධයෙන් කතා කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ, මහින්ද රාජපක්ෂ මහතා හුදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීමට තමන් ඇතුළු සංධාන මන්ත්‍රීවරුන් එකඟ නැති බවයි. එවිට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එය තම පුද්ගලික මතය බවයි.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක බවට පත් කිරීමේ යෝජනාව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අතර රංජිත් සොයිසා මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරනු ලැබුණි.

අදහස් දැක්වීමෙන් අනතුරුව රැස්වීමට පැමිණි සියලුම සංධාන මන්ත්‍රීවරුන් එම තීරණය ඒකමතිකව සම්මත කළෝය.

පුද්ගලික තීන්දු ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට දැන් අයිතියක් නැත්තේ එතුමා රටේ ජනතාවගේ පොදු චරිතයක් නිසා බව හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින්ම කෘතිමව සකසන ලද විපක්ෂයක් තබා ගතහොත් එ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරකට ලක් විය හැකි බවත්, එසේම එය ජන මතය පාවාදීමක් බවත්, ටී එන් ඒ එකට විපක්ෂ නායකත්වය ගියහොත් ඔවුන් ජිනීවා වාර්තාව පිට වන වකවානුවේ කුමක් ලෝකයට ගෙන යාවිදැයි සැකයක් ඇති බවත්, සංධාන පාක්ෂිකයින්ගෙන් දිගින් දිගටම සිදුවෙන පළි ගැනීම් වලට එරෙහිව කවරෙක් හෝ නැගී සිටිය යුතු බවත් ආදී කාරණා එහිදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළෝය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද මහතාව විපක්ෂ නායක කරන ලෙස සංධාන මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීම මත යෝජනාවක් සම්මත කරති.

  • Samantha

    බුකියෙ තිබුණ කොමෙන්ට් එකක්.

    කොටින්ගෙයි උන්ට පක්ෂ විදේශ රටවල ඒජන්ත වැඩේ කරන චන්දිකා ඕකට ඉඩදෙන්නෙ නැහැ..ජනවාරි අට වෙනිද ඉඳල ඕකි කරපු මෙහෙයුම තවමත් මහින්දටම එරෙහිවම ක්‍රියාත්මකයි…

    දැන් තියෙන තත්වෙ අනුව සිරිසේන නිදහස් පක්ෂයෙන් අයින් කරන්න අමාරුයි… මොකද විධායක බලය අධිකරණ බලය වගේම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බලයද තියෙන නිසා…

    කරන්න තියෙන එකම දේ පක්ෂයේ බොඩ් එකයි ගොඩනැගිල්ලයි ඌටම තියා ගන්න කියලා මහින්ද මැතිතුමා වටා ඉන්න පක්ෂයේ බහුතර පිරිස් හා සන්ධානයේ අනෙක් පක්ෂද එකතු වෙලා අළුත් නිදහස් පක්ෂයක් හදලා මහින්ද මැතිතුමා විපක්ෂ නායක කරන එකයි…

    පක්ෂයේ ජන බලය තියෙන්නේ කාටද කියලා ජන්දෙදි දැක්කනේ… එතකොට සිරිසේනලා චන්දිකාල නිකන්ම අනාථ වෙනවා… නිමල් සිරිපාලටත් අකමැත්තෙන් හෝ මහින්ද ගාවට එන්නම වෙනවා.. මොකද සිරිසේන ගාව විධායක බලය තිබ්බට සිරිසෙන ගේ නිදහස් පක්ෂය තුළ කිසිම ජන බලයක් නැති හින්ඳා…

    මහින්ද මහතාට අළුතින් නිදහස් පක්ෂයක් නිර්මාණය කරන්න ඵෙතිහාසික අයිතියක් තියෙනවා….මේ දේ අද කළ යුතුමයි…සිරිසේනලා චන්දිකාල එකතු වෙලා නිදහස් පක්ෂය මෙහෙය වන තාක්කල් ජයග්‍රහණයක් ගැන හිතන්න ඹෑ.ඒ නිසා මහින්ද මහතා කළ යුත්තේ මුලින්ම මේ ජන වරම අනුව පක්ෂය නැවත ගොඩ නගා දෙවනුව බලයට පැමිණීමයි… ඔහුට ඒ ජනවරම ලැබුණේ පක්ෂය ද්‍රෝහින් ගෙන් රැක ගන්න බව ප්‍රතිථලයෙන් හොදටෝම පැහැදිලියිනේ…

    මේ හැර වෙන විකල්පයක් නැත… බලයට ලෝභ පිරිස් සිරිසේන ලා එක්ක එකතුවෙලා ජාතික ආණ්ඩු කියන වචනෙට මුවාවෙලා යු ඇන් පී යේ වලිගයක් උනාම වෙන්න නිදහස් පක්ෂය පිරිස අතින් මෙන්ම ජන බලය අතින්ද නැත්තට නැතිවෙලාම යන එකයි…

    මේ උවදුර ගැන නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි අය වහාම කල්පනා කළ යුතුය…මහින්ද නිකන් පේන්න ලඟ තියාගෙන මහින්දත් එක්ක නැගිටින්න බැරි බවත් ඔහු නායකයා කරගැනීම මුලින්ම කළ යුතු බවත් නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලින් තේරුම් ගන්න ඕනි…

  • shyam

    to all those around Mr. Rajapaksa, please don’t do things to degrade him further! It may not be intentional, but the fact of the matter is at the moment the wisest thing is to abide by Mr. Rajapaksa’s decision! The reason is UPFA, SLFP is going through a crisis and no matter what we may say hear, at the moment the opposition is stronger, so let them do what they want since Chandrika and her puppet Maithri will never allow the motion to pass! No matter how difficult it is we have to at the moment watch proceedings carefully and further protect Mr. Rajapaksa at any costs! He too is a human being a man of great character no doubt but please don’t unwittingly bring resolutions that will humiliate Mr. Rajapaksa!

    Also I would like to bring attention to the fact that it would be good if a team could be formed to respond to the international press reports which are being published, many of these reports are not factually correct! They are trying to destroy Mr.Rajapaksa’s image locally and abroad! We may not be able to respond to each and every article but our side of the story too should be expressed at these forums! The Indian Express carries an article to day I responded to it but it has not been published; People like Dharisha Bastians who are contributor reporters to such stories paint only one side of the picture! If we can post a moderate comments on international forums at least we would be able to rectify some of the damage though it is doubtful!

    • Sheron

      Keeping him just as a Minister is the humiliation. But giving him the leadership of the opposition is a great start.

    • Chanel

      Your point for international media publications are absolutely true. It is pathetic the way they are trying to kill MR image and most of them are biased and not true. Someone need to come forward to respond to these articles…

  • Kasun

    Mr Mahinda is the only hope for us now. If the SLFP or the opposite lead by another minister no one will be going to vote in the future for the party.

    Also it is necessary to find what has happened to the votes of the people. I asked from many people most of the DNA votes also voted to the UPFA at this time.

    Meanwhile better to arrange a new party to lead the opposition.

  • Jayantha Bandara

    Admin. Before election so many people suggested Mr. Rajapakse to contest with a separate party. General public clearly understood who is my3 and his double games. Why party top characters did not understand this simple logic??? Lets prepare and start to show our power with November budget as a strong opposition with Mahinda’s leadership.

  • Nuwan

    admin danatamat TNA eka meka denna kiyala illala.
    Okat Mahinda mathithumata hara TNA ekata dunna kiwata api nam pudum wenne naha. My3palage Amana palane ne.

Leave a Reply