ලංකාවේ ජනප්‍රියම කවියා මහින්ද මැතිඳුන්ගේ වේදිකාවේ ගයන කවි ((VIDEO))

“මහින්ද සුළඟ” වේදිකාවන්හි කවි කියා ලක්ෂ 58 කට අධික ජනතාවකගේ හදවත් දිනා ගත් ඒ ආදරණීය කලාකරුවගේ අලුත් කවි ඇසීමට කැමති බව අප සහෘදයින් බොහෝ දෙනා මීට පෙර පවසා තිබුණා. සමන් ඒකනායක නම් ඔහු මෑතකදී ගයන ලද කවි පන්තියකුයි මේ…

යාලුවන්ටත් රසවිඳින්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to ලංකාවේ ජනප්‍රියම කවියා මහින්ද මැතිඳුන්ගේ වේදිකාවේ ගයන කවි ((VIDEO))

  • Power

    වියරු වැටුණු වල්අලි එලවාගෙන
    පන්දම් වල ගිනිදැල් ද නිවාගෙන
    පතුරු හැලෙන සීනුව අතුගාගෙන
    බුලත් ගෙනාවෙමු ඔබව සොයාගෙන…

    යමපාලනයේ යමයින් දක්කා
    පිස්සු නටයි හොරගොල්ලෙ අක්කා
    කෙරුවත් බාධා අවහිර මක්කා
    මිහිඳුන් එනවා ජනගඟ එක්කා…

    දින සීයෙන් මුලු රටම ගිනි තියා
    රබර් කුරුඳු මිල අඩු කළ අලියා
    ඩොලර් එකත් දැන් පාවෙන සැටියා
    වී ගොවියගේ වී ටිකටත් කෙළියා…

    ආටක නාටක වේ පට සුංගං
    කොත්තමල්ලි බොන්න දීලා ගැහුවට පොල්ලෙං
    අලිනැටි නටවන බටහිර පන්දං
    අනවින කොඩිවින බංග කරන්නං…

    පෙරදිග මහ සාගරයේ බැබළෙන
    හෙළ අභිමානය ලොවට කියාදෙන
    ශ්‍රී ලංකා අම්මේ….මා ඉපඳුන
    නමෝ නමෝ මාතා අභිවන්දන…

    පසුකර දෙදහස් පන්සිය පනහක්
    දෙස බස රැස රන් කරඬුව රැකගත්
    රටදැය සාමය….කළ එක් සේසත්
    නමෝ නමෝ මහ රජවරු බෝසත්
    නමෝ නමෝ මහ රජවරු බෝසත්…

  • Rata wenuwen

    සමන් මිතුර ඔබගේ කවි මම අහලා,
    රෝම කූප ඇඹැරුනා ඇග හිරි වැදිලා,
    සටනට බැසපු අප දිරිමත් වනු හිතලා,
    ජය ගොස නගන්නට ජනගග අවදිකලා,

    සමන් මිතුර අපගෙ සදාදර සෙනහස ඔබ වෙනුවෙන්, අප කවදා හෝ මුනගැහෙමු

  • Rata wenuwen

    වියරු වැටුනු වල් අලි හොඩ අමුනගෙන,
    සමහර අලියෝ මඩගොහෝරුවේ එරීගෙන,
    ගොඩ ගන්නට රතු අලි පැටි රවටගෙන,
    ඩොලර් දීලා සිනුව දැන් නකුටේ කොන.

    කිව්වොත් කරනවා කියමන සනාතයි,
    කලොත් කියනවා මැතිදුගෙ පිලිවෙතමයි,
    රනිල් පචයෝ රට කෑවා අනාතයි,
    ඒ සුනකයා මේ පාරත් කුජීතයි

    ආටක නාටක වේ පට සුන්ගා
    රුකඩ පඹයගෙ කුනු ගද හන්ගා,
    අලියගේ බෙට්ටට යටවුනු හුන්ගා,
    දෙකකුල් පන නැහැ යන්නට රින්ගා

  • හොඳ ලමයා

    මාමගෙ අපෙ සුපුරුදු වෙබ් අඩවියේ
    නිනව්වකුත් නැත ඊයේ සිතූයේ
    මක් වුනාද කියපන් අපෙ මල්ලියේ
    සංකාවෙනි දවසක් අපි ගෙවීයේ

    ඊයෙ මහින්ද මාමගෙ වෙබ් සයිට් එක වැඩකලේ නෑ. මක් වුනාද.

    • @හොඳ ලමයා, සවර් එක ඕවර්ලෝඩ් වෙලා තිබුණේ. හිට් වැඩි වුණ නිසාද නැතිනම් ඩීඩොස් ඇටෑක් එකක්ද කියල හරියටම කියන්න අමාරුයි. කෙසේ නමුත් අපව නතර කිරීමට යහපාලකයින් උපරිම උත්සාහය දරන බව පෙනී යනවා. අපේ මිතුරන් මෙය යථා තත්ත්වයට පත් කිරීමට රෑ නිදි වරමින් උපරිම උත්සාහය දැරුවා.

      @Samare, Thank you. We are safe.

  • Rata wenuwen

    Dear Editor

    සිතුනි මටත්, කරදරයක් ඇති බවට,
    අහිකුන්ටික බත්බැල බලු කම් වලට,
    යටත්නොවී අප වැඩ ටික ඉදිරියට,
    සාර්ථකව ජය ගත්තට මගේ සතුට,

    මහින්ද ඉන්ෆෝ පාඨකයෙනි , රට වෙනුවෙන් ඔබ ඇතුලු සැමට ජය පතමු,
    මහින්ද මහතා ප්‍රමුක සන්ධානයට ජයවේවා

  • Dinuu

    Mahinda.info පැය විසි හතරක්ම වැඩ කෙරුවෙ නැහැ. ආපහු හරි ගිය එක ලොකු සැනසීමක්. ඉක්මනින් යථා තත්වයට ගේන්න මහන්සි වූ මිතුරන්ට ගොඩක් පින්. මේ දින කීපය හුගක්ම වටිනවා.

    අබේතිස්ස හිමිගේ 9 දා තිනෙතටීවී ඇත්ත වැඩසටහනේ ගිය සාකච්ඡාව සම්පූර්ණයෙන්ම Mahinda.Info දුන්නොත් Facebook ශෙයාර් කලොත් හුගක් වටිනවා කියලා මට හිතෙනවා!

  • Dinuu

    කවියට උපන් හපනෙකි රටටම වටිනා..
    පෙනුමට ඔබින කටහඩ අප සිත් බදනා..
    මැතිදුට ජය ගෙනෙන රැලි තව ඔප කරනා..
    ඔබ හට සෙනෙහි පිරි තුති මෙහි පුද දෙමිනා..!

    නැතුවම බැරි මහින්දව රට ඉල්ලන්නේ..
    ඔබෙ කවි වැල්ද තව මිහිරෙන් වැඩි වන්නේ..
    දින දින වැඩි වෙමින් ජනගග රැස් වන්නේ..
    කව් ගී සමන් එනවාදැයි විමසන්නේ..!

    අගමැති සටන ජයටම පෙරමුණ ගන්නේ..
    ඔබ එහි නියමුවකු බව සිහියට ගන්නේ..
    තුති පුද මුලු රටෙන් මතු දින ලැබ ගන්නේ..
    මැති ජය ලබා අප සැම පෙරටම යන්නේ..!

    ජය ජය ජයම වේ පෙන්වමු ජන බලය..
    අප සැම එක්ව දෙමු මැති දෑතට සවිය..
    රටටම මහින්දව අද නැතුවම බැරිය..
    මුලු රට ජයබිමක් වන දින අත ලගය..!

Leave a Reply