රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව කැළණි ගඟ හරහා දැවැන්ත ගුවන් පාලමක් ඉදිකරන බවට ෆේස්බුක් එකේ ප්‍රචාරයක් දියත් වෙන බැවින් ඒ ගැන ඇත්ත කතාව සාක්ෂි සහිතවම ජනතාවට පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

[1]. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුවෙන් පාලනය වෙන දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා. මූලාශ්‍රය 2015/08/28 දිනමිණ (archive)

[2]. රනිල් වික්‍රමසිංහ මහතාගේ රූපයත් යොදා ගනිමින් එය එතුමගේ සංකල්පයක් මත ඉදිවන්නක් ලෙස ෆේස්බුක් එකේ ප්‍රචාරය කරන ලද්දේ මෙලෙසයි.

[3]. නමුත් කැළණිය ගුවන් පාලම සෑදීමට සැලසුම් සකසා මුදල් ප්‍රතිපාදන වෙන් කළේත් අර “අවුරුදු 10 ක් ඉඳලත් මුකුත් කරල නෑ. කොමිස් ගැහුව විතරයි” කියල එජාපෙන් මඩ ගහපු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළදීමයි.

මෙන්න මූලාශ්‍රය 2014/03/27 The Island (archive)

[4]. හදන්න යන දැවැන්ත ගුවන් පාලම ගැන 2014/04/03 දින ඉංජිනේරුවරයෙක් අන්තර්ජාලයට එක් කර තිබූ සටහනක්. මූලාශ්‍රය: 2014/04/03 skyscrapercity.com (archive)

[5]. ගුවන් පාලම හැදුවම දිස් වෙන විදිහ… මූලාශ්‍රය: 2013/09/26 dailynews.lk

[6]. දැන් සමහරු කියාවි මහින්දගෙ කාලෙදි කොමිස් ගැහුවා ඒත් දැන් රනිල් දූෂණ අඩු කරලා පාලම හදනව කියලා. බලන්න [3] කරුණෙහි දැක්වෙන පරිදි මහින්ද මහතාගේ කාලයේ පාලම හදන්න ණය ලබා ගත්තේ රු බිලියන 45 ක්. ඒ වගේම [1] කරුණෙහි දිනමිණ දක්වා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් හදන පාලමට යන්නේ රුපියල් බිලියන 45 ක් බවයි.  එකම ගාණ. රනිල් මහතා සත පහක්වත් අඩු කරගෙන නෑ. ඉතින් යහපාලුවන් පැවසූ කොමිස් මඩ පට්ට පල් බොරුවක් බවට ඔයිටත් වඩා සාක්ෂි කුමකට ද?

[7]. හාස්‍යජනකම දේ තමයි අද යහපාලකයින් තමන්ගෙ වැඩක් වගේ කරන මෙම කැළණිය / පෑළියගොඩ ගුවන් පාලමට එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වපු විදිහ.

“ඔය ගුවන් පාලම වැඩක් නෑනෙ. අපි කොච්චර කල් පෑලියගොඩින් ගියාද කවුරුත් මැරුණෙත් නෑනෙ. ඕකෙ මිනිත්තු 15 ක් හිටිය කියන එක පුරුදුයි. මේ මොනවටද මේ ගුවන් පාලම්?” – රනිල් වික්‍රමසිංහ

විශ්වාස නැතිනම් අහලම බලන්න…

[8]. පේනව නේද වුණ දේ… එදා රට සංවර්ධනය කරනවාට එරෙහි වුණ අය කොමිස් දූෂණ හොරකම් ගැන කප්පරක් බොරු ගහලා, රට සංවර්ධනය කරන එකටත් මඩ ගහලා, කුමන්ත්‍රණ කරලා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කළා. අන්තිම බලයට ආවට පස්සේ යහපාලකයින්ට රට ඇදන් යන්න වෙලා තියෙන්නේත් ගමේ බයියා කියල එජාපෙන් ඇනුම්පද ගහපු ඔහු එදා ජාත්‍යන්තරට ගොස් සංවර්ධනය සඳහා ලබා ගත් ණය වලිනුයි.

[9]. ඒ වගේම එදා සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර තිබුණත් ජනමාධ්‍ය වලින් සංවර්ධන සංදර්ශන පවත්වන මේ යහපාලන මහත්තුරු පාලම හදල ඉවර වෙනකම් වැඩේ හරියට කරයිද කියලත් විශ්වාස කරන්න අමරුයි. උදාහරණ ලෙස හමුදා මූලස්ථානයක් හදන්න ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කර දී තිබූ මුදල් ටික රවි කරුණානායක මහතා ආපහු භාණ්ඩාගාරයට හරව ගත්තා.

විශේෂ ස්තුතිය නාවික ඉංජිනේරු විශ්ව චින්තන මහතාට.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.

  • Rata wenuwen

    චිකේ කැතැයි රනිල් තුමෝ අනුන්ගේ දේ කොපිකරන්න,
    මතක නැද්ද විසිකල මඩ ,ගිය රජයට පහරදෙන්න
    කුකුල් ගූත් බෙහෙත්වලට ගන්නව බැව් දැන කියන්න,
    පුලුවන්නම් නව යෝජනා රට වෙනුවෙන් පෙන්වා දෙන්න.

  • Rata wenuwen

    කොලඹට කිරිද සහා කැකිරිද ගෙන එනවා,
    රනිල්තුමා යටිගිරියෙන් ගුගුරනවා,
    අරුතය නොදැන පටලාගෙන තටමනවා,
    සින්හල දැනුම බින්දුව බව දිස්වෙනවා,

    පෙර රජයේ සන්වර්දන ක්‍රම බැලැතී,
    පාලම ගුවන් කැළනිය ගග උඩින් යතී,
    කොමිස් ගහනවා කියමින් වැඩැක් නැතී,
    බව කියමින් මොරදුනි ඒ කුහක ගතී

  • හොඳ ලමයා

    පොනිල් රන්න කියනවා පෑලියගොඩ විනාඩි පහලවක් ඉඳලා පුරුදුයි කියල. මොනවටද ගුන්වං පාලං කියල. පොනිල්ට අවුරුදු විසි ගානක් නිකං ඉඳල පුරුදුයි. මොකටද අගමැති කං. පොනිල්ගෙ ගෑනිට විනාඩි පහලවට වඩා වෙන එවුං එක්ක ඉඳල පුරුදුයි. මොකටද පොනිල්.

  • Harin Chandrasiri

    මේ පාලම ගැන සියලු විස්තර මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ පළ වෙනවා. ඒ ගැන 2013 දී රජයේ නිල පුවත් වෙබ් අඩවිය පළ කළ පුවත ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ අදත් තියෙනවා.

    බලන්න. http://www.defence.lk/sinhala/sn.asp?fname=20131013_01 10/13/2013 10:35:52 AM

    කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක්

    කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරමින් දැනට පවතින නව කැලණි පාලමේ වාහන තදබදය අඩුකරමින් ඒ අවට ගමනාගමනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය (CKE) විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කැලණි පාලමේ වාහන තදබදය තවදුරටත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර පවත්නා නව කැලණි පාලමෙහි ගමනාගමන අවශ්‍යතාව ද ඊට සමගාමීව වැඩිවනු ඇත. එහෙයින්, ජපන් රජයේ ආධාර ඇතිව පවත්නා නව කැලණි පාලමට යාබදව කැලණි ගඟ හරහා මංතීරු හයකින් සමන්විත පාලමක් ඉදිකරනු ලැබේ.

    මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, පවත්නා නව කැලණි පාලම අවට ගමනාගමන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ නාගරික ප්‍රවාහන ජාලය අතර සම්බන්ධතාවක් ගොඩනැගීමයි.

    මෙම ව්‍යාපෘතිය මගින් භෞතික, භෞතික රසායනික, ජෛව විද්‍යාත්මක හා සාමාජයීය අංශවලට සිදුවන බලපෑම පිලිබඳව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව (EIA) ලබාගෙන ඇත. මෙම වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් නිකුත් කර ඇති නිර්ණේය විෂයට අනුකූල බැව් තහවුරු කරනු ලැබ තිබේ.

    මහජනයාගේ දැනගැනීම පිණිස සහ ඒ පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.

    අනුග්‍රහය : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    2014/ 02/20 කැබිනට් තීරණ –

    දෙවන නව කැලණි පාලම හදන්න ජපානයෙන් රුපියල් මිලියන 45,526ක්

    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම

    පසුගිය වසර කිහිපය තුළ කොළඹ නගරයේ රථවාහන තදබදය සැලැකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් මේ රථ වාහන අධිවේගි මාර්ග ජාලය හා සම්බන්ධ කිරීමට ගුවන් මාර්ග ජාලයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මේ අතර කොළඹ නගරය හා අධිවේගී මාර්ගය යා කරමින් නව පාලමක් කැලණි ගඟ හරහා ඉදි කිරිමට ද රජය සැලැසුම් කර ඇත. මෙය පවතින පාලමට සමාන්තර ව දියුණු ජපන් තාක්ෂණය භාවිතයෙන් ඉදිකිරීමට නියමිත අතර එය සැලසුම් කර ඇත්තේ 2022 සිට 2035 කාලය තුළ ඇති විය හැකි මාර්ග තදබදය සැලැකිල්ලට ගනිමිනි. දෙවන නව කැලණි පාලම ඉදි කිරීම සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය හරහා ජපන් යෙන් මිලියන 35,020 (දළ වශයෙන් රු. මිලියන 45,526) ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ලබා දීමට ජපාන රජය විසින් එක`ගතාව පළ කොට ඇත. ඒ වෙනුවෙන් පිළිවෙළින් වාර්ෂික ව 0.1%ක් හා 0.01%ක සහන පොලී අනුපාතිකයක් ද 0.2%ක ඉදිරි කොන් ගාස්තුවක් ද යටතේ වසර 10ක සහන කාලයක් සහිත ව වසර 40ක දී ආපසු ගෙවීමේ පදනම මත විශේෂ ආර්ථික සහයෝගිතා කොන්දේසි යටතේ මේ ණය මුදල ලබාදෙනු ඇත. මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

    (එතකොට ජනාධිපති කවුද කියලා රටම දන්නවා.)

    මෙන්න ඒ ගැන එදා මුදල් අමාත්‍යංශ වෙබ් අඩවිය පළ කළ නිවේදනය

    කැලණි ගඟ හරහා තවත් නව පාලමක්

    දෙවන නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපන් යෙන් මිලියන 35,020 (දළ වශයෙන් රු. මිලියන 45,526ක) ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) හරහා ලබාදීමට ජපාන රජය විසින් එකඟතාව පළකර ඇත.

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මැතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද මෙම මූල්‍ය ප්‍රදාන එකඟතාවට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කරන ලද අතර, මීට අදාළ ණය ගිවිසුම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි ආමඩා මහතා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අද (28) අත්සන් තබන ලදී.

    ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 1989 වසරේ සිට ප්‍රදාන ආධාර සපයනු ලබන ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු වන්නේ ජපානයයි. මේ නව පාලම මඟින් කොළඹ නගරයට හා අධිවේගී මාර්ග ජාලයට ප්‍රවේශවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වේ.

    රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළින් මුළු රටම ආවරණය වන පරිදි විහිදුණු නවීන ආර්ථික යටිතල පහසුකම් පද්ධතියක් අපේක්ෂා කරනු ලබයි. මැදි ආදායම් සහිත ආර්ථිකයකට ගැළපෙන පරිදි අධිවේගී මාර්ග ජාලයක් සමඟ රටපුරා පැතිරුණු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට සමඟාමීව මහින්ද චින්තන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනාගෙන ඇති රජයේ උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහනද මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී. මෙම වැඩසටහන යටතේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන්නා වූ නගර සියල්ල ඒවායේ අනන්‍යතාව තහවුරු වන ආකාරයට සැලසුම්ගත නගර ලෙස සංවර්ධනය කෙරෙනු ඇත.

    රජයේ උපායමාර්ගික නගර සංවර්ධනය යටතේ කොළඹ නගරය නවීන නගරයක් බවට පරිවර්තනය වීමත්, අධිවේගී මාර්ග ජාලය සාර්ථක ලෙස නිමකරමින් පැවතීමත් නිසා දැනට භාවිතයේ පවතින කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීමට හා කොළඹ නගරයේ සිට අධිවේගී මාර්ග ජාලය සඳහා‍ ඇති පිවිසුම් මාර්ග වැඩිකර ගැනීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතී.

  • හොඳ ලමයා

    රට ජාතිය බේරාගෙන දියුණු කරමින් සිටි ශ්‍රේෂ්ඨ නායකයෙක්ව එළවල දාල හැසිරෙන්නවත් දන්නෙ නැති කතා කරන්නවත් දන්නෙ නැති සත පනහෙ මොලෙයක්වත් නැති මන්දබුද්ධික හොරුන්ව මෝඩ සිංහලයන් සිංහාසනාරූඪ කරගෙන කෙළින විනාසයක හැටි.

  • බෝනිකර තරු Deal කුමාර

    මගේ මතකය හරිනම් මේ පාර ගැන මුල් අදහස ඇතිවුනේ කොලබ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකරන ලද කාලයෙදීම නේද මොකද අදිවීගි මාර්ගයේ මාර්ගයේ සහ කොලබ -නුවර මාර්ගයත් කොලබ – මීගමු මාර්ගයත් සම්බන්දවන පෑලියගොඩ මංසන්දියේ ඇතිවන මාර්ග තදබදයට විසදුමක් ලෙස එවක රජය විසින් නුවර පාරේ වාහන කැළණි ගග හරහා ඉදිකරන ලද පාලමකින් කොලබට වාහන ඇතුල් කිරීම තුලින් පෑලියගොඩ මංසන්දියේ තදබදය අවම කිරීමට ගත සාදනීය පියවරකි

    එහෙත් 8 පාස් ග්‍රාමයා හිටං ඉද්දි රනිලා එදා බැනපු වියප්රුතිම අද එයාගේ වගේ වැඩ පටන් ගන්නවා 4 විලි ලැජ්ජාවේ මේවා දකිද්දී

  • Pink Panther

    ඕක විතරක් නොවෙයි අපිට ඉදිරි කාලයේදීම ඔය වගේ දේවල් දැක ගන්න ලැබේවි.
    ඒ විතරක් නොවෙයි මහින්ද මහතාගේ නම ජනතා කැමැත්ත පාවිච්චි කර සිරිසේන ඇතුළු නඩයඉදිරියටත් එතුමාව විකුණාගෙන කන බව අපි තේරුම් ගන්න ඕනේ.
    එතුමාට පහර දීලා ඉවත් කරමින් සිටින අතරතුරේ එතුමාව පාවිච්චි කරයි තමන්ට වාසි ගන්න තමාගේ පැවැත්ම හදා ගන්න මේ දෙය මහින්ද මහතා දෙනවත් තේරුම් ගන්න ඕනේ.
    සුසිල් ප්‍රේම්ජයන්තලා,ඩිලාන්ලා,ජෝන් සෙනවිරත්නලා ඉඳන් වැඩි දෙනෙක් කලේ ඕක.ඉදිරියටත් අවශ්‍ය උනොත් ඔය දෙයම කරයි සමගියක් ගැන කියලා ..
    ඒ නිසා මහින්ද මහතා මේවා ගැන හොඳින් හිතලා තීරණය ගන්න ඕනේ.
    ඔය නිදහස් පක්ෂය ඇත හරින්න හොඳම කාලය දැන්..
    තවත් ඕකේඉන්න ඉන්න එතුමාට වෙන හානිය වැඩියි. ජනතාව කලකිරෙන අධෛර්යය වෙන එකත් වැඩි වෙනව.
    ඒ නිසා මහින්ද මහතා බුද්ධිමත්ව උපක්‍රමශීලිව හිතන්න ඕනේ.. ඔය අන්තුරම එදා සිරිසේන සමග සන්ධානයෙන් තරංග වදින කොට තිබුනා.. නමුත් අපේ අය ඒකදුටුවේ නෑ..
    නලින්ද සිල්වා මැතිතුමා ඔය අදහස කෙලින්ම කියලා තිබ්බා…මගේ පෞද්ගලික අදහස එදාත් තිබ්බේ සන්ධානයෙන් තරඟකරන එක වැරදි තීරණයක් කියලා…
    අද එය ඔප්පු වෙලා ටිබෙනවා..
    ඒ නිසා ඔය සියලුම බොරුවලට නිවැරදිව කලපනා කරලා පිළිතුරු දෙන්න කාලය හරි.
    අලුත් පක්ෂයක් ඉකමනින් හදන්න ඕනේ කල යවන එක පාඩුවක්..
    ඔය මහින්ද මහතාගේ දේවල අලුතින් විවුර්ත කරලා ඒ දේවල් තමන්ගේ වගේ පෙන්නලා සිරිසේන-රනිල් ඒවා විවුර්ත කරන විට මහින්ද මහතාටත් ආරාධනා කරාවි එවිට එතුමාව ආභරණයක් ලෙස එවැනි අවස්ථාවල භාවිතා කරාවි.
    මොකද මහින්ද මහතාත් යහපාලනයේ මේ දේවල් පිලිගන්නවා අගය කරනවා වගේ දෙයක් සමාජ ගත කරන්න පුළුවන්..
    ඒ නිසා සහභාගී වන සියලුම දේවල ගැන මහින්ද මහතාත් ගැඹුරින් සිතා බැලිය යුතියි..
    අගමැති අපේක්ෂක දිවුරුම් දීමට එතුමා සහභාගී වීම අගය කල යුතු එතුමාගේ අගය වැඩි වන අවස්තාවක්. නමුත් ඉදිරියේදී එතුම්මා එවැනි දේවල් වලට මිසක් තමන්ට තිබෙන ජනතා කැමැත්ත නැති වන තමන්ව පාවිච්චි වෙන දේවල් වලට සහභාගී නොවිය යුතුයි ඒවාට විරුද්ධ විය යුතුයි..
    නිදහස් පක්ෂ සම්මෙලනයත් එවැනි එකක්..
    අලුත් සන්ධානයකට යාමට එය බලපෑමක් වෙන්න පුළුවන්..
    ඒ නිසා me

Leave a Reply