කුමන්ත්‍රණකරුවන් අනාතයි. මැ.කො. ට අනුව මහලේකම්වරු තාමත් සුසිල් සහ අනුර. මෙන්න සාක්ෂි…

[1]. මහලේකම්වරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධනයේ මහ ලේකම්වරුන් වෙනස් කළ බවට පසුගිය දා විශාල ප්‍රචාරයක් දියත් වුණි.

එහෙත් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවියෙන් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා ඇත්තේ, කොළඹ දිසා අධිකරණයෙන් තමාට කිසිඳු නියෝගයක් ලැබී නොමැති බවයි. මූලාශ්‍රය

ඊට හේතුව වන්නට ඇත්තේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි වීමත් එසේ කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් වීම නිසයි.

මැතිවරණ වකවානුවක පක්ෂයක මහ ලේකම් කවුරුන්දැයි තිරණය වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත් මහ ලේකම් කවුරුන්ද යන්න මතයි.

මැතිවරණ කොමසාරිස්වරයා අලුතෙන් කිසිදු අධිකරණ නියෝගයක් නොලද හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාත්, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාත් ඉදිරියටත් කටයුතු කරනු ඇත.

ඒ බව තහවුරු කරමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ වෙබ් අඩවියේත් ශ්‍රීලනිප සහ එජනිස මහලේකම්වරුන් පිළිවෙළින් අනුර සහ සුසිල් මහත්වරුන් බව සඳහන් වෙයි. මූලාශ්‍රය. : slelections.gov.lk

list

කෙසේ නමුත් මේ බව සුනන්ද දේශප්‍රිය මහතාගේ සොයුරු මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ නොකියන්නේ එක් පාර්ශවයකට වාසි අත් වෙන බව කියමිනි. නමුත් මෙය එකම පක්ෂය තුල සිදුවීමක් බවින් අලුතෙන් කාටවත් වාසි සිදුවීමට පාර්ශව දෙකක් මෙහි නොමැති බව එතුමාට නොවැටහේද?

 

[2]. ඡන්දපොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල නියෝජිතයින්

ජනාධිපතිවරයා විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ඔහුගේ කටයුතු හිටපු ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම නිකුත් කොට ඇත. එහෙත්, විශ්වා වර්ණපාල මහතා විසින් සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මාධ්‍යස්ථානවල නියෝජිතයින් ගේ ලැයිස්තුවක් මැතිවරණ කාර්යාලයට වෙනම එවා නොමැත. මූලාශ්‍රය

ලබන සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා, එක්සත් ජනතා සන්ධානයේ ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල නියෝජිතයින් නම් කර ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් පිළිගෙන ඇත. මූලාශ්‍රය ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා නම් කළ නියෝජිතයින් ඡන්දය දින නිරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත.

 

[3]. සුසිල්ගෙන් හදිසි වීඩියෝවක්.

පක්ෂයක සාමාජිකයෙකුගේ සාමාජිකත්වය අහෝසි කළ පමණින් සාමාජිකත්වය අහෝසි වෙන්නේ නැති බව එතුමා පෙන්වා දෙයි.

 

[4]. එජනිස විධායක සභාව

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නව ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස නම් කරන ලද දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සංධාන විධායක සභාව වෙත ලිපියක් යොමු කළේය. ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිප මහ ලේකම් ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති සුසිල් ප්‍රේමජයන්ත මහතා එජනිස මහ ලේකම් ලෙස  යම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ විධායක සභාවට යම් දැන්වීමක් කරන්නේ නම් එය නීතිය ඉදිරියේ බල ශූන්‍ය ක්‍රියාවක් වනු ඇති බවයි.

එජනිස ව්‍යවස්ථාව අනුව විධායක සභා රැස්වීමකින් තොරව ලේකම්වරයා වෙනස් කළ නොහැතියි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය ප‍්‍රකාරව නව පාර්ලිමේන්තුව පිහිටුවීම දක්වා කාලය තුළ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එජනිස මහ ලේකම්වරයා ලෙස සලකා කටයුතු කරන ලෙස ඔවුන් මැතිවණ කොමසාරිස්වරයා ඉල්ලා සිට ඇත. ඒ අනුව දුමින්ද දිසානායක විසින් යොමු කරන ලද ලිපිය එජනිස විධායක සභාව බැහැර කර තිබේ.

 

[5]. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රීලනිප මහලේකම් කමින් ඉවත් කිරීම.

ශ්‍රීලනිප මහ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය මූලික සංධානයක පොදු අපේක්ෂකයාව සිටියදී ඔහුව තවදුරටත් ශ්‍රීලනිප මහලේකම් ධූරයේ තබා ගැනීම සදාචාරාත්මක නොවේ. එසේම ඔහු කළ යුතුව තිබුණේත් අදාල මහලේකම් ධූරයෙන් ගෞරවනීයව ඉවත් වී එජාප පොදු අපේක්ෂකයා වීමයි. එසේ නොකරමින් එජාප පොදු අපේක්ෂකයාව සිටියදීම ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කිරීමට සෑදූ බැවින් එදා ඔහුව ශ්‍රීලනිප මහ ලේකම් කමින් ඉවත් කෙරුණි. එසේ ඉවත් කළේත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙනි.

නමුත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාව කැඳවන්නේවත් නැතිව, අනිත් අතට කිසිදු සාධාරණ හේතු දැක්වීමකින්ද තොරව, ඡන්දයට ඔන්න මෙන්න තිබියදී ශ්‍රීලනිප මහලේකම් සහ එජනිස මහලේකම්වරුන්ව ඉවත් කිරීම නීතියේ මූලධර්ම වලට අනුව පමණක් නොව සදාචාරාත්මකවද අනුමත කළ නොහැකියි.

ඉහත දැක්වූ පරිදි එම ඉවත් කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන නොමැති බැවින් එය මෙම මහ මැතිවරණයට බල නොපායි.

 

[6]. මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්

ඒ අතර නීති විශාරදයන් රැසකගේ මතය වනුයේ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් තමන්ව ධූරවලින් ඉවත් කළ අත්තනෝමතික සහ නීතිවිරෝධී ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවහොත් ඔවුන්ගේ වාසියට තීන්දුවක් ලැබීම අනිවාර්ය බවයි. එහිදී  ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කළහොත් තම පදවිය රැකගැනීම සම්බන්ධ බරපතල අවදානමටක ජනාධිපති සිරිසේන අනිවාර්යයෙන්ම මුහුණ දෙනුඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකිය.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

20 comments to කුමන්ත්‍රණකරුවන් අනාතයි. මැ.කො. ට අනුව මහලේකම්වරු තාමත් සුසිල් සහ අනුර. මෙන්න සාක්ෂි…

  • නදික

    අනාගතය සාධාරණයක් ඉටු කරාවි .අපට ජය නියතයි

    • Dinuu

      ජය සිරිමා බෝ සෙවනට..
      අද වඩිනා දෙව් රජුන්ට..
      අයදිමි රට බේර ගන්ට..
      මහින්දටම බලය දෙන්ට..!

      ලෝ පාලන දෙව් රජුන්ට..
      අප කල සැම පින් ලබන්ට..
      ලක් දෙරණට පිහිට වන්ට..
      මහින්දටම බලය දෙන්ට..!

  • Dinuu

    මහින්දට ජයෙන් ජයම වේවා!

    සන්ධානයට විශිශ්ට ජයක් අත් වේවා!

    30 000ක් රණවිරුවන් ජීවිත පූජා කර…. තව දහස් ගණනක් ආබාධිත වී ….ලේ කදුලු ගන්ගා මතින් දිනූ දේශය… අපේ උතුම් මව්බිම දිවි හිමියෙන් රැක ගන්නවාමයි!

    ගෝඨාභය මහින්ද මැතිදුනි! මේ පින්බිමේ උතුම් මිනිසුන්…. ඔබ දෙපලත් රණවිරුවනුත් මව්බිමත් අනිවාර්යයෙන් රැකගන්නවාමයි!

  • Power

    ජනවාරී 9 වනදා සිට අප මාතෘ භූමියේ පෙර පවකට සක්‍රීය වී මෙතුවක් කලක් අප මාතෘ භූමියේ බහුතර දේශමාමක ජනතා නායකයින් හා බහුතර දේශමාමක ජනතාවන් පණ පිටින් පුලුස්සමින් දසවඳ දුන් යමපාලනය නැමැති ගිනිකන්ද අක්‍රීය කර දමා නැවතත් අප සුජාත මාතෘ භුමිය වෛරී ගින්න නිවාදමන ඓතිහාසික හා මෙතුවක් කලක් අප බලා සිටි එම තීරණාත්මක දිනය උදා වී ඇත.

    බහුතර දේශමාමක සුජාත ජනතාවනි…

    අවදිවෙවු…!
    යමපාලන ගනිකන්ද අක්‍රීය කිරීමට පෙරට එවු..!

  • Rata wenuwen

    අම්මේ තාත්තේ ඔබේ සදාදර දු දරු රන විරුවන්ගේ ලෙයෙන් තෙත්කර බේරාගත් මේ භූමිය, නැවතවරක් කූජිතවූ අමන,පඹයා ඇතුලු ද්‍රොහි රැලට බාරදිය යුතුද, මයිත්ත්‍රියක් නැති වයිරපාල මරු විකලෙන් කරන වැඩ එයගෙම අවසාන මොහොත සිහිකරගන්නට සිදුවී ඇත ,සමලින්ගික පොන්න රාජ්ජයකට අපරට ගෙනයා යුතුද? නැත. මේ අමන රැල එලවන්න අපි ගහමු අපේ තුරුම්බු ආශියා.උන්ගෙ හාර්ත බූරුවෝ කැපිලා යන්න.
    මහින්ද මහතා ඇතුලු සන්දානයට ජයවේවා, මහින්ද මහතා සමග රට වෙනුවෙන් පෙරට යන්න අපි සුදානම්.
    ගහපි තුරුම්බූ එක පිට එක උස්සා,
    රා නිලයා අතගා පඹයගේ පස්සා,
    ආතල් එකට බිහිවුනු මේ මී වස්සා,
    පලවා හරින්නට සැරසී රටවැස්සා,
    — රට වෙනුවෙන්, නොකඩවා මහින්ද.ඉන්ෆො එකට හැගුම්බර අදහස් දක්වන සෙනෙහෙ මිතුරු කැල සමග එඩිටර් මහතාටත් මගේ ආදර භක්ති ප්‍රනාමය මම පුද කරමි.
    මේ රටවෙනුවෙන්—–

  • Power

    අභීත කුරුණෑගල ජනතාවනි…

    අප සුජාත ලක්දෙරණ බේරාදුන් අපගේ මහින්ද රාජපක්ෂ සදාරණීය නායකයාණන් වෙනුවෙන් ඔබේ වටිනා මනාපය එක් කරමින් මිනීමරු බෙදුම්වාදී කොටි මට්ටු කළ අප වීරෝධාර රණවිරුවන් සේ ඔබත් යමපාලන බෙදුම්වාදය අතුඟා දැමීමේ ප්‍රධානතම කොටස් කරුවෙකු වී ඔබත් වීරෝධාර මනාප විරුවෙකු වීමට වඟබලා ගන්න.

    අපේ මහින්ද රාජපක්ෂ අපේ අදටත් ජනාධිපතිතුමාට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ…
    ජයග්‍රහණය..
    විජයග්‍රහණයක් ම වේවා….෴

  • Power

    ප්‍රථමයෙන් ම අප හිතවත් හා අපේ සහොදරයෙක් හා සමානව අප සමඟ සිටි Mahinda.info හි ඔබතුමාට මාගේ ගෞරවනීය ප්‍රණාමය..

    හිතවත් Dinuu
    හිතවත් Rata wenuwen
    හිතවත් sayumi
    හිතවත් මහසොහොන් පිල්ලිය සහ අනෙකුත් හිතවත හිතවතියණි,

    මේ අපගේ අවසන් අවස්ථාව නොවේ…අපේ සුජාත මාතෘ භූමිය පවු කරලා නෑ. ජනවාරී 9 වනදා සිට පැවති එම මූසල යුගය නිමාකර දමා විජයග්‍රාහී දීප්තිමත් දිනයකින් නැවත හමුවෙමු.

    • හිතවත් පවර් සහෝදරයා, මේ වන විට ඔබ කොමෙන්ට් විතරක් 238 ක් දාල තිබෙනවා. ඉතින් මුල සිටම මෙහි පාථකයෙක් නොව සාමාජිකයෙක් වූ ඔබ ඇතුළු අනෙකුත් සියලුම සහෘදයින්ට බෙහෙවින් ස්තුතියි.

      • ජහපාල

        අපි දන්නවා එත් අපේ රටේ බත්කන හරක් තාම ඉන්නවා උන්ට nam මේවා වැඩක් නෑ උන්ට බඩ පිරෙනවානම් ලෝකේ විනාසවුනත් කමක් නෑ

  • Rata wenuwen

    සන්දානයට ජයෙන් ජයවේවා,
    සිව් වරම් දෙවිදුන්ගෙ බැල්මෙන් ආශිර්වාදයෙන්, මහින්ද මහාතා ඇතුලු ජනහිතකාමි සන්දාන පිරිසට ජයෙන් ජයම වේවා,
    එදා සිදුහත් බෝදිසත්වයෝ බුදුවීමට සිතාගත් අදිස්ඨානය සර්ව ප්‍රකාරයෙන්ම ඉශ්ටවුනුබව සත්යය සැබැනම් ඒ සත්ය බලයේ අනුභාවයෙන් සන්දානයට ජයෙන් ජය ලැබේවා.
    අපිත් එසේ අදිස්ඨාන කරමු. ආශිර්වාද කරමු.

  • අමිල

    නමෝ බුද්ධාය!
    හිතවත,
    මහ මැතිවරණය අත ළඟ. රට, ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති ඔබ මේ වන විට ඉතාමත් නොසන්සුන් සිතින් කාලය ගත කරනවා වෙන්න පුළුවනි. මොන තරම් කාර්‍ය බහුල වුනත්, මොන තරම් නොසන්සුන් වුනත්, ඔබ මේ ලිපිය කියවන්නම ඕන. මොකද මේ තමයි අපේ රටේ පවත්වනු ලබන තීරණාත්මකම මහ මැතිවරණය. මේ රටේ සිංහල බෞද්ධයන්ගේ අනාගතය තීරණය කරන මහ මැතිවරණය මෙයයි. ඒ නිසා අප හෙළි කරනා මේ ඉතාම වැදගත් හෙළිදරව්වට ඔබ හොඳින් සවන් දෙන්න.
    ඔබ දන්නවානේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන අන්තවාදී ක්‍රිස්තියානි සංවිධාන ගැන. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස රට පාලනය කළ 2001, 2002 කාලය තුළ මෙම අන්තවාදි සංවිධාන ලංකාවේ සීඝ්‍රලෙස ව්‍යාප්ත වුනා. අති පූජනීය සෝම ස්වාමින් වහන්සේට ජීවිතය පරිත්‍යාග කර රට බේරා ගැනීමට සිදුවුයේ මේ අන්තවාදී බලවේග වලිනුයි.
    එක්තරා බෞද්ධ තරුණයෙක් මෙම අන්තවාදී නිකායක කූට උපායට හසුවී බෞද්ධකම අතහැරියා. එම නිකාය වැළඳ ගත්තා. ඒ වගේම තවත් බෞද්ධ පවුල් 200ක් පමණ එම නිකායට හරවා දුන්නා. ඒ විතරක් නොවේ ඔහු එම නිකායේ පූජා ප්‍රසාදී වරයෙකු වීම සඳහා පුහුණුව ලැබුවා.
    බෞද්ධ පවුල් මුලා කරමින් මිත්‍යාදෘෂ්ඨික ආගමට බඳවා ගනිමින්, ගමින් ගම ගිය චාරිකාවේ දවසක් ඔහුට අරණ්‍යවාසී ස්වාමින් වහන්සේ නමක් හමුවුනා. ඔහු හිතුවා මේ තරම් පිරිසකගේ හිත් වෙනස් කළ ඔහුට මේ භික්‍ෂුවත් තම මිත්‍යාදෙවියන්ගේ අනුගාමිකයෙක් බවට පත් කළ හැකිය කියා. ඔහු අවි අමෝරාගෙන ඒ භික්‍ෂුව සමඟ වාදයට ගියා.
    භික්‍ෂුව ඉතාමත් සංසුන්ව ඔහුට සවන් දුන්නා. අතරින්පතර ප්‍රශ්න ඇහුවා. අවසානයේ භික්‍ෂුව ඔහුගේ හිස්කබල පසාරු කරගෙන මොලයටත්, ඉන් පසු හදවත හරහා මුළු සර්වාංගයටමත් ඇතුළු වුනා. අවසානයේ තරුණයාට ඇති වුනේ විශාල පසුතැවිල්ලක්. තමන් ගැනම විශාල කළ කිරීමක්. ඒ වගේම විශාල බයක්. ඔහු ඒ මොහොතේම මුළු හදවතින්ම තිසරණයේ පිහිටියා. ඒ විතරක් නොවේ. සාසනික පැවිද්දට ඇතුලත් වුනා. මේ වන විට උන්වහන්සේ තමන්ටත්, බොහෝ දෙනාටත් වැඩදායි ඉතා යහපත් පැවිදි ජීවිතයක් ගෙවනවා.
    උන්වහන්සේ හෙළි කළ ඉතාම වැදගත් රහසක් තිබෙනවා. ඒ තමයි ගිහි කළ තමන් සම්බන්ධ වී සිටි අන්තවාදී සංවිධානයේ අනාගත අරමුණ. කුමක්ද ඒ? ඔවුන්ගේ අරමුණ බෞද්ධයන් හා වෙනත් ආගම් අදහන පිරිස් ක්‍රමානුකූලව තම සංවිධානයට බඳවා ගැනීම. උපායශීලීව රටේ ජනග්‍රහනයේ බහුතරය තම අනුගාමිකයන් බවට පත්කර ගැනීම, තම අනුගාමිකයන් දේශපාලනය හා වෙනත් වග කිවයුතු ආයතනයන් හී වග කිවයුතු තනතුරු වලට පත් කිරීම, අවසානයේ තම අනුගාමිකයෙක් රටේ ජනාධිපති තනතුරට පත්කර ගැනීම.
    ඔබ දන්නවාද අවසාන ප්‍රතිඵලය? ඔහුගේ සුවිශේෂි හෙළිදරව්ව අනුව අවසාන ප්‍රතිඵලය ඔහුගේම වචන වලින් මෙසේයි.
    “අවසානයේ ඒ අය කියන්නේ එයාලගේ පිරිස රටේ බලවත් වෙලා, එයාලගේ කෙනෙක් ජනාධිපති වුනාම, මේ රටට වෙනත් ආගම් ඕන නෑ කියලා. තමන්ගේම අනුගාමිකයන් ගෙන් පිරැණු රටක්“
    තිස්තුන් කොටියක් දෙවි හාමුදුරුවනේ……! ඔබට හිතා ගැනීමටවත් පුළුවන්ද මොවුන්ගේ විනාශකාරී අරමුණ?
    ඔබ දන්නවාද ජාතියේ පියා ලෙස විරුදාවලි ලැබූ මහාමාන්‍ය ඩී.එස්. සේනානයකයන් වැනි මහා බෞද්ධ නායකයන් අභිමානවත් ලෙස නායකත්වය ලබා දුන් එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන නායකයා වන රනිල් වික්‍රමසිංහ මේ අන්තවාදී සංවිධාන වල අනුගාමිකයෙක් බව.
    ඔබ දන්නවාද රනිල් වික්‍රමසිංහගේ බෞද්ධ වෙස් මුහුණ, බෞද්ධයන් මුලා කර අගමැති, ජනාධිපති සිහින සැබෑ කර ගැනීමට පමණක් බව? ඔබට මතකද ඔහු 2001 වසරේ අග්‍රාමාත්‍ය තණතුරට පත් වී පාර්ලිමේන්තුවේ කළ කතාව? තථාගතයන් වහන්සේ, විශාලා මහ නුවර තුන්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කිරීමට සමාන කළා.
    ඔබට මතකද ඔහු අගමැති වූ මුල් අලුත ජාතිය අමතා කළ කතාවන් සඳහා ධම්ම පදයේ ගාථාවන් භාවිතා කරමින් අපව මුලා කළා?
    (එලෙස අපව මුලා කරමින් තිරයේ පිටු පස සිට ඔහු කලේ මූලධර්මවාදී නිකායන් රට පුරා ව්‍යාප්ත කිරීමට උදව් කිරීමයි.)
    මෙවරද ඔහු තමන්ගේ ඊනියා ජාතික ආණ්ඩු ප්‍රෝඩාව ලිච්ඡවීන්ගේ සමූහ ආණ්ඩුවට සමාන කරමින්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමය නිතර ඔහුගේ වදන් වලට මුහු කරමින් අපව මුලා කිරීමට ගන්නා උත්සහය ඔබ හඳුනා නොගන්නේ ද?
    ඔබ දන්නවාද එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ජනතාව හා මහා සංඝරත්නය බලපෑම් කරද්දිත්, කරූ ජයසූරිය වැනි බෞද්ධ නායකයෙකුට ලබා නොදී, ඔහුව දේශපාලන වශයෙන් කොන් වීමට ඉඩහැර, 29 වතාවක් පැරදීමෙන් පසුත් රනිල් අතම තබාගෙන සිටින්නේ ඇයි කියා?
    ඔබ දන්නවාද සජිත් ප්‍රේමදාස රට පුරා බෙදන සල්ලි ඔහුට ලැබුනේ කොයින්ද කියා?
    ඔබ දන්නවාද රෝසි සේනානායක නම් අන්තවාදී එජන්තවරිය ප්‍රේමදාස පවුල පමණක් නොව දමයන්ති දර්‍ෂා වැනි කීර්තිමත් ක්‍රීඩිකාවන් පවා අබෞද්ධ කරනයට ලක් කළ බව?
    ඔබට මතකද මේ රටට බෞද්ධ අනන්‍යතාවයක් අනවශ්‍ය බව රෝසි සේනානායක ප්‍රකාශ කළා.
    ඔබට ඇසුනාද මහා බෞද්ධයකු ලෙස පෙනී සිටින විජේදාස රාජපක්‍ෂ “කොහෙද මේ රට සිංහල බෞද්ධයන්ගේ කියා ලියා තිබෙන්නේ” කියා ප්‍රශ්න කළා?
    ඔබට පේනවාද චම්පික රණවක, රතන හිමි වැනි අය අග මුල පැටලී දඟලන ආකාරය?
    ඔබ දන්නවාද මහා දැවැන්ත කුමන්ත්‍රයක අතිශය භයානකම අවස්ථාවකට රට පත්වී ඇති බව?
    බෞද්ධයිනි ඔබට මේ අනතුර නොපෙනනේද? සෝම හිමියන් ජීවිතය පරිත්‍යාග කළේ මේ අනතුරින් දේශය, බුද්ධ ශාසනය බේරා ගැනීමට නොවේද? උන් වහන්සේගේ කර පිටින් පාර්ලිමේන්තුවට ගිය රතන හිමි, චම්පික රණවකලා අද රටේ අනාගතය බාර දෙන්නට හදන්නේ කාටද?
    බෞද්ධ පින්වතුනි, ඔව් අපි ඉතාම හොඳින්ම දන්නවා මහින්ද රාජපක්‍ෂයන් යම් යම් අදූරදර්ශී මෝඩ කම් කළ බව.
    ➢ මර්වින් සිල්වා වැනි නොහැදුනු පුද්ගලයන් ළඟ තබා ගෙන හුරතල් කිරීම.
    ➢ දේශපාලනයේ කුණු බක්කියට ඇදවැටුනු S.B දිසානායක වැනි සතුරන් ළඟට ගෙන විශ්ව විද්‍යාල ප්‍රජාව අමනාප කර ගැනීම.
    ➢ මහා සංඝරත්නයේ විරෝධතා මැද දරුවන් හුරතල් කිරීමට කාර් රේස් තරඟ පවත්වා ජනතාව කලකිරවා ගැනීම.
    ➢ සජින් වාස් වැනි අනවශ්‍ය පුද්ගලයන් ලං කරගැනීම නිසා විදේශ සේවය අනතුරේ හෙලා ගැනීම.
    ➢ මිත්‍යා විශ්වාසයන් ඉහ උඩ තබාගෙන තම දේශපාලන අනාගතය අනතුරේ හෙලා ගැනීම.
    …ආදී මෙකී නොකී බොහෝ දුර්වලතා ඔහු සතුව තිබූ බව අපද නොදන්නවා නොවේ. එය එසේමය. එහෙත් නුවණැති බෞද්ධයිනි, රටේ ජාතියේ, සාසනයේ අනාගතය පිළිබඳ වගකිවයුකු කරුණු අරඹයා ඔහු හිතාමතා වරදක් නොකළ බව ඉරහඳ සේ ඉතාමත් පැහැදිලි නොවේ ද?
    ඊනියා යහපාලන කල්ලිය මහින්දට කළ චෝදනා බලය ලබා ගැනීම ම අරමුණු කරගත් හුදු අසත්‍ය චෝදනා බව මේ වන විටත් මැනවින් සනාථ වී නොමැතිද?
    එපමණක් නොව ඔවුන්ගේ කෙටි පාලන කාලය තුළ රාජපක්‍ෂයන් වසර දහයක් තුළ ලැබූ චෝදනා ඉක්මවා ගිය අතිවිශාල වැරදි ප්‍රමාණයක් ඔවුන් විසින් සිදුකර නොතිබේද?
    ජාතික ආරක්‍ෂාව, බුද්ධ සාසනය, දේශිය සංස්කෘතිය, ජාතික ගීය, ජාතික කොඩිය රණවිරු අනාගතය මේ සියල්ලම ඔවුන් අනතුරේ හෙළා ඇත. මොන මොන දුර්වලතා තිබුනත් රාජපක්‍ෂයන් අපගේ ජාතික ආරක්‍ෂාව, බුද්ධ සාසනය, දේශීය සංස්කෘතිය, ජාතික ගීය,ජාතික ධජය, රණවිරු අනාගනය අනතුරේ නොහෙලන බව සක්සුදක් සේ පැහැදිලිය. එපමණක් නොවේ මේ රටේ ජීවත් වන අන්‍යාගමිකයන්, අන්‍ය ජාතීන් ඔහුගේ නායතක්වය යටතේ ඉතාමත් සුරක්‍ෂිත බව ඔහු ඔප්පු කර තිබේ.
    නුවණැති බෞද්ධයිනි, ඔබ පරම්පරාවෙන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් විය හැකිය. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී ඇති භයානක ඉරණම ඔබ හොඳින් හඳුනා ගන්න. උපුල් ශාන්ත සන්නස්ගල වැනි සංස්කෘතික ඝාතකයින් ඉදිරියට ගෙන එමින්, විජාතික අවශ්‍යතාවයන්ට අනුව රට හසුරුවමින්, එක්සත් ජාතික පක්‍ෂයේ පාලන බලය අතට ගෙන ඇති ඩොලර් ගැතියන් හට තව දුරටත් ඔබේ පක්‍ෂයත්, රටත් විනාශ කිරීමට ඔබ ඉඩ දෙනවාද? ඔබේ පක්‍ෂය නැවතත් බෞද්ධ නායකයෙකු අතට පත් කරවීමට නම් මේ මොහොතේ ඔබේ කාර්‍යභාරය පිළිබඳව ඔබ අවබෝධයෙන් ද…..?
    නුවණැති බෞද්ධයිනි, මේ ලිපිය කිසිසේත්ම බිල්ලකු පෙන්වීමක් ලෙස නොසිතන්න. මෙම ලිපිය දේශපාලන පක්‍ෂයක මෙහෙයවීමෙන් ඔබ අතට පත් වන්නක් නොවේ. රටේ ජාතියේ ශාසනයේ අනාගතය පිළිබඳව වඩාත් සංවේදී ගරුතර ස්වාමින් වහන්සේ නමක් විසින් අවසන් මොහොතේ තම වගකීම ඉටුකිරීමක් පමණක් ම බව කරුණාවෙන් සලකන්න.
    විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් වරයාව සිට, විජාතික කුමන්ත්‍රණ කරුවන්ගේ අතකොලුවක් බවට පත්වූ වත්මන් ජනාධිපතිවරයා, අතිශය කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අතට ගෙන, එම පක්‍ෂයේ පරාජය සඳහාම ඉතා තුච්ච ආකාරයෙන් කැසකවනා මේ තීරණාත්මක මොහොතේ, බෞද්ධ අපගේ අවසන් එකම නායකයා බලයට ගෙන ඒම සඳහා, අප ගන්නා අවසන් උත්සහය අපතේ යාදෝයි අධෛර්‍යයට පත් නොවී, විශේෂයෙන් දෙස් විදෙස් සියළු දෙනාම තම ඥාතීන් හිතවතුන් පවා උනන්දු කරවමින් ජාතිය සහ සාසනය බේරා ගැනීමේ අවසන් යුතුකම සඳහා යුහුසුලු විය යුතුය.
    මේ මොහොතේ උදාසීන වී, පසුබට වී, තම වගකීම පැහැර, හැර පසුතැවීමට කරුණු සලසා නොගන්නා මෙන් අපි ඔබට අනතුරු අගවන්නේමු.
    නුවණැති බෞද්ධයිනි,
    UNP, JVP, ශ්‍රී ලංකා ලෙස අන්ධ භක්තියෙන් බෙදී වෙන් වී සිටීමට නොව රටේ, ජාතියේ, බුද්ධ ශාසනයේ අනාගතය ගැන නුවණින් සිතා තීරණ ගැනීමට සුදුසු අවසාන ම මොහොතයි මේ.
    ඔබට තෙරුවන් සරණයි…!
    (කරුණාවෙන් තවත් අය දැනුවත් කරන්න)

    සුභ අනාගතයක්…!

  • Dhammi - Aussie

    JAYEN JAYAMA WEAWA !

    YOu are the Hero > You are the Only Person who can Save Our Country & The Nation .

  • Suranjith from Milano

    Tony Blair and 6 Western agents in Sri Lanka on tourist visa. They just received Rs. 25 Billion from Colombo bank and they are manipulating voters churches and civil society.

    Why on tourist visa when election is on.

    Why vacation on Pallali ?

    Tony Blair factor to help Ranil.

  • benthara kollek

    ape jayagrahanaya esthirayi….mahinda mahidunta jaya wewa…api benthara-elpitiya janathawa….

  • sayumi

    මේ රට රකින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද සමගින්, මේ රටේ ජාති මාමක ඔබ, අප සැම ඇතුලු ජාති මාමක සුවහසක් ජනතාවගේ උතුම් චන්දයෙන්; අපේ රට බේරා ගත්, ආර්ථික වර්ධනයෙන් චීනය ලඟට රට ඔසවා තැබූ, ලොව ලස්සනම නගර අතරින් 3 වන තැනට කොළඹ දියුණු කළා වූ, තමන්ට භාර දුන් රාජ කාරිය අකුරට ඉටු කළ ලෝකයේ නායකයින්ගෙන් 3 වන තැනටත් , ආසියාවෙන් 1 වෙනි තැනටත් පත් වූ රටේ පිනට පහළ වූ අපේ මහින්ද මැතිඳුන්ගේ ජය විජයග්‍රහණයක් වෙනවා ඒකාන්තයි!
    මගේ රට යළිත් ලෝකයේ ඉහලින්ම ඉහලින්ම ඔසවා තැබුමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිටාශිර්වාදයෙන් අපේ මැතිඳුන්ට යෝධ බල යෝද ශක්තිය ලැබේවා!
    සැමට සුභ අනාගතයක්!

  • W.M.C.W. Banadara

    ape adaraneeya maubime sadaraneeya piyanani, api oba thuma wenuwen divipuda ho obe jayagghanayata ura dennemi, oba thumata jaya sri, mage saha ape piyathumani

  • ජහපාල

    රටට කිරි උතුරන්න
    හෙටට ජයවෙන්න
    වැටුණු රට යලි නැගිටුවන්න
    මිහිදු යලිත් අගමැතිදු wenna

    අලියෝ කුජීතයි සීනුව අනාථයි
    පන්දම් විනාසයි මේ අය පරාදයි
    රට පනදෙමු අලුතින් පටන්ගමු
    නැවතුනු තැනින් රට යලිත් නැගිටිමු

    නිදහස රැකේවා මව්බිම දිනේවා
    සවිsiri ලැබේවා එඩිබල ලැබේවා
    තෙරුවන්ගේ සරණින් යහපතම වේවා

  • අනිවාර්යෙන්ම අපේ මහින්ද මැතිතුමා ජයග්‍රහණය කරනවාමයි

Leave a Reply