Mahinda.info සමග එක් වුණ ඔබට ස්තුතියි…!

mahinda-rajapaksa-thank-you

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුට එරෙහිව දෙස් විදෙස් බලවේග එකතුව දියත් කළ දරුණුතම මඩ අවලාද ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදුවිය. සමහර විට මුළු ලෝකයේම එවන් මඩ අවලාද ව්‍යාපාරයක් එල්ල වුණ වෙනත් රාජ්‍ය නායකයෙකු නොසිටියා විය හැකිය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කිසිවකට නොසැලී අභීතව මුහුණ දුන්නද අන්තර්ජාලය තුළ ඒ ගැන ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමේ අභියෝගයක් පැවතුණි.

ජනවාරි 9 දින දක්වා අප දුටු සියලු අභියෝග සැලකිල්ලට ගනිමින් 2015.02.01 දින සිට ස්වෙච්ඡාවෙන් පුරා අඩ වසරක්, මහින්ද රාජපක්ෂ නම් වූ ඒ මහා යුග පුරුෂයා වෙත එල්ල වූ ඒ අභූත මඩ චෝදනා එකින් එක mahinda.info මගින් සාක්ෂි සහිතව ඔබ වෙත ඉදිරිපත් කළෙමි. මේ වෙද්දී ලිපි 353 ක් ලියවුණි. මෙම වෙබ් අඩවියේ පරමාර්ථය වූයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයක් කිරීම නොව එතුමාට එරෙහිව තිබූ අසත්‍ය මඩ අවලාද වලට පිළිතුරු දීම වන අතර එය කොතෙක් දුරට සාර්ථක වූවදැයි තීරණය කිරීම සහෘදයින් වෙත බාර කරමි.

අන්තර්ජාලය තුළ හා ඉන් පිටත සමාජයේදී මහින්ද රාජපක්ෂ නම් පුදුමාකාර මානව හිතවාදියා වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම අතිශය භාග්‍යක් ලෙස සලකමි.

දිනපතා විශාල ඊමේල් කන්දරාවක් ලැබුණ අතර අධික කාර්යබහුලත්වය නිසා යම් යම් අවස්ථාවන්හි ඒවාට ප්‍රතිචාර දැක්වීමට නොහැකි විය. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරමි.

විටෙක ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මෙම වෙබ් අඩවිය අවහිර කළ අතර විද්වතුන් සහ වෘත්තිකයින් ඇතුළු මෙයට පිවිසෙන සහෘදයින්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එය අකුලා ගැනුණි. එලෙස ඔවුන් අමතමින් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම සහෘදයින්ට ස්තුතිය ප්‍රකාශ කරමි.

දරුණුතම අන්තර්ජාල හැකර් ප්‍රහාරයන් ගණනාවකටම ලක් වුණ අතර අපට තාක්ෂණික සහය ලබා දෙන මිතුරන් ඒ සෑම අවස්ථාවකදීම එදිනෙදා කාර්ය‍යන් පවා පසෙකලා රෑ පුරා නිදි වර්ජිතව වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට වෙහෙසුණි. ඒ සියලුම අවස්ථාවන්හීදී සහයෝගය දැක්වූ හිතමිතුරන්ට හෘදයාංගම ස්තුතිය පළ කරමි.

අවශ්‍ය සියලු නීතිමය තොරතුරු, ලිපි වලට අවශ්‍ය වෙනත් තොරතුරු සහ ඡායාරූප ලබා දෙමින් සහයෝගය දැක්වූ සියලුම විද්වතුන් සහ හිතමිතුරන් හට සත්‍යය ග්‍රහණය කරගන්නා ලද පාථකයින් වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරමි.

එමෙන්ම mahinda.info අඩවිය වෙත පිවිසෙමින් කරුණු කාරණා අධ්‍යයනය කරමින්, මේ දක්වා 3860 ක් පමණ වටිනා “Comments” එක් කරමින්, අප අතින් සිදුවූ යම් යම් අඩුපාඩු ඇතොත් ඒවා නිවැරදි කරමින් මෙම ව්‍යාපෘතිය පුරාවට අප උපයාගත් එකම වත්කම වූ ආදරණීය පාථක පිරිස ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. දහසක් රාජකාරි අතර මොහොතක් නැවතී මෙහි පැමිණ විමසා බැලූ මතවාදීව විරුද්ධ අයටත් ස්තුතිය පළ කරමි.

මෙම තොරතුරු ජනතාව වෙත ගෙන යාමට මෙහි ලිපි නිර්ලෝභීව “Share” කරමින් අනුග්‍රහය දැක්වූ පාථක සහෘදයන්ව සහ සහෝදර පේජ් ඇඩ්මින්වරුන්ව ගෞරවයෙන් යුතුව සහ කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.

ෆේස්බුක් ට්විටර් ගූගල් ඇතුළු සමාජ ජාලයන් තුළ බොහෝ හිත මිතුරන් පිරිසක් රෑ දවල් නොබලා කටයුතු කළ අතර පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට කතිරය ගැසූ බොහෝ පිරිසක් මෙවර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයක් විය. ඒ සියල්ලන්ටම විශේෂයෙන්ම ස්තුතිය පළ කරමි. ඉදිරි මාස කිහිපය මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක වන අතර එතුමාට ශක්තියක් වෙන ලෙස ඒ සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඡන්දය ලබා දුන් සියලුම ආදරණීය ජනතාවට ස්තුති කිරීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

37 comments to Mahinda.info සමග එක් වුණ ඔබට ස්තුතියි…!

  • Amila

    we’ll with you ever.. to finish this game”’….

  • shyam

    dear editor,

    please do not close down this website this needs to be continued for us to get the information! I would also like to suggest that we consider the possibility of looking into the 10 lakhs of loss of votes from the previous 58 lakhs, that is highly improbable. For instance Swaranvahini election result of Kalmunai, initially showed the votes obtained by the UNP and UPFA. According to the info, 47434 registered voters there have been 45383 valid votes cast with 2051 votes being rejected. Out of the valid votes UNP has obtained 24992(55.07%) and UPFA 726 (1.06%) then what has happened to the balance 19655 votes? According to ADA newspaper election results published today the same electorate election votes are displayed as UNP-24992(55.07%) ITAK 10,847 (23.90%); SLMC-8,549(18.84%) BUT THE UPFA 726 VOTES HAVE NOT BEEN MENTIONED!In addition the total number of registered voters have been mentioned as 71,254. Ceylon Daily News has published the same figures as ADA but has included the UPFA726 (1.6%).Now the question remains why did the elections department release a half baked result to the media when the total votes had not been counted in the first instance? These are valid questions which require valid answers and I think a recount of votes in centres where there is a sense of
    the result has been entered without the total votes being counted as it was in the case of Kalmunai. I obtained the Swaranvahini results from the blog UKUSSA it has been posted there! Elections Commissioner will have to give an explanation to the public, please take note of this and forward the information to the relevant people to act accordingly! Though voting was done peacefully there is a doubt cast on the counting and entering of it to the system! Data manipulation is implied in certain areas where intentional or erroneous since MACKO website too crashed prior to the election and Mr. Sirisena’s brother is the head of TELECOM anything is possible in Sri Lanka!

  • Sampath Vithanage

    edath adath htath api obathuma samagai….

  • someone

    මෙහෙම සේවයක් කරපු එක ගැන ඔබට ස්තූතියි! ගොඩකාලෙක ඉඳලා මහින්ද පාර්ශවයට තිබුනු ලොකුම අඩුව තමා හොඳ media team එකක් හා internet presence එක නැති වීම. ඒක නිසා UNP මඩ මාධ්‍ය team එක වපුරපු propaganda ගොඩක් දේවල් වලට ජනාදිපතිවරණයට කලින් ඉඳලම උත්තර දෙන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ (මේ ගැන කවුරුත් සොයාබැලුවේ නැත්තෙ ඇයි කියන එකත් ලොකු ප්‍රශ්ණයක්). එහෙම වෙලාවක මේ විදියට facts වලින්ම පිළිතුරු දෙන්න mahinda.info ඉදිරිපත් වීම ගොඩක් ලොකු දෙයක්. ඉදිරියටත් මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න ඔබට සුහ පතනවා!

    ඔබට පුලුවන් නම් මහින්ද මහත්තයගේ media team එක ඉස්සරහට එන තර්ජන වලටත් මුහුණදෙන්න පුළුවන් විදියට reform කරන්න කියලා එතුමගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් ඒක.

  • manu

    please continue this site!!!!!!!!!
    well done!

  • chamara

    මේක නවත්තන්න එපා

  • Api hamadamth oba samagai ape janapathi thumaniiii.api dan nihadawa bala sitimu kumak wenawada kiyala.mun me rata kaiiii.konda pana nati unta terenda ehema wenda one.mnwa unath api parajaya jatakgrahanayak karagena idiriyata yamu.api samda oba samagaiii.

  • Adithya Irugalbandara

    උන හෙමදේම වේලා අවසානයි.ඉස්සරහට කරන්ේන් මොනවද කියලා දෙනුවත් කරන්න.අදත් හෙටත් මතුවටත් මම මහින්ද සමගි.එක වෙනස් වෙන් නෑ මොකා මොන දේ කලත් ….

  • Good work. We are very happy what ever final result. The effort with 1000 barriers & constraints are highly appreciated. Please, keep on the good work. Will look forward to protect our country!

  • Obe watinakama thawa sulu dawasakin mulu jathiyatama danewi. Oba thumata budu saranai. Api oba samaga innawa.

  • Miyuru

    We always with Mahinda.Thanks for your help. Minissunta therum yanakota kalgathawei eyala karagattha weradda,but mona mada pachara genicchat anthima wenakan hari hitiya hamotama sthuthi,ape janapathi hamadama mahinda thamai.oba semata thunuruwan saranai

  • Singhe

    @ the editor, I am so glad and grateful for your great service you offered. Your service was invaluable. Thank you very much for all that. However the majority of the people in our country are so ungrateful and gullible at any terrible lie. That is the nature of our unfortunate nation. The British knew it very well, they said “Sinhalayaa modayaa”.

    පඹයෙක් පුටුවෙන් තියා
    පොන්න හොරෙක් රජ වියා
    හොරු කල්ලිය හිනැහියා
    අපේ රටට කෙල වියා

    I feel terrible at this sad juncture.

    Good bye all the unseen friends. We are not that lucky.

  • malaka

    mama janadhi pathi thuma wenuwen fb eke karanna puluwan uparima de kala…eka sadakalikawa ehema tama api oba thuma wenuwen marenna lahasti..
    paradune oba nowei apa mawbimai…

  • පොඩි කොල්ල

    We respect your effort

  • mohandev

    Please dont take this site down. The struggle must continue as there will be many more challenges ahead even if MR will not actively participate in normal political activities, his vision & mission to the country must be spread far & wide, specialy amongst all comunities & young people who never lived during the dark ages of attrocious criminal rule during UNP’s 17 year curse which finaly resulted in by sacricing of over 60,000 youth of this country brutaly tortured & bunt on tyres all over the country for beleiving in alternative political vision than unpers besshana & dooshan policies. More than anything we have a role to play in ensuring this cursed 78 constitution of UNP’s dictatorial rule is destoryed complately & a people firnedly constitution is enshrined to protect the rights of all communities under one unitary nation our one & only mother land, SriLanka

  • Nishantha

    Thank you very much for your grate job. Please do not close down this domain. We should always be with him. We still do not know what will be the next.

  • puran appu

    Dear editor, You did your bit.The bigest question is ‘what happened to more than 1.5 millian votes casted for Mahinda in January 8th.” It must be investigated.

  • Piyaseeli Senanayake

    Please keep this going. Now there’s lot of talk about election irregularities. Can’t you set up a trustworthy team with legal authority that could investigate and make a Dozier that can be handed to courts when needed. The way Sirisena is going about he will not let the SLFP or the UPFA make a legal challenge.

  • Janesh kumar de silva

    hats off ….. great effort … be with us

  • sasi

    dear admin, I was a silent admirer of this site since last February, This is my first comment here , First i was really surprised to see such a support for HE mahinda rajapaksha since there were hardly any cyber backup for UPFA earlier , it was UNP “mada” campaigns all over the facebook and blogs , but later this site became a hallmark of exposing truth to the public and unveil the fraud behind those false allegations to former president , In my part of the country we consider HE Mahinda Rajapaksha is a real hero who saved my country , although he is lost he will still be in our hearts forever as a real patriot of this country , Thanks for coming forward and speaking on behalf of him when it is needed most. Thanks for your effort , Keep continuing the good work , who knows, with this unstable government i feel soon UPFA will rise again, All the best 🙂

  • cpw

    We are with you ever mahinda

  • Rata wenuwen

    පවිච්චිකල චන්ද ප්‍රමානයන් එකතුකිරීමේදි සන්දාන ගොන්නට ලක්ශ 10 ක අඩුවක් පෙන්නුම් කර, හන්සයාට ලැබුනු ලක්ශ 62 අනික් පක්ශ වල එකතුව සමග ආසන්නව ඇත. ඒ අනුව මේ ලක්ශ 10 බහිරයෝ ගිල්ලාද? නැත්නම් අවලන්ගු වු චන්දද? ඇයි මේ අක්‍රමිතතාවය ගැන සොයාබැලිමක් සිදු නොවන්නේද? මේ මාස7,1/2 තුල ජනවරියෙ සිට අගොස්තු දක්වා කාලය තුල ලක්ශ 10 චන්ද දායකයන් මැරිලා ගොසින්ද,? පක්ශක්ග්‍රාහි මැකෝ මෙයට උත්තර දිය යුතුනේද?

  • Daya Sri

    Mahinda is unbelievable leader…
    Need this service in future also!
    All the best… Be strong!…

  • Saman

    Dear Editor
    Please don’t make the mistake of closing this website because people like us who live out of the country can only get the just, fair true picture through this website. So don’t dessert us in this critical moment. Our president Mahinda Rajapakse needs all the support and encouragement in this hour of need and this website really helps people like us to come back to Sri Lanka to vote and to support for a worthy cause because of the truth you disclose. We only see the mudslinging campaigns by other websites destroying a great leader and you provide the right answers to questions we have in out minds. Thank you so much for protecting our great leader and explaining the true picture to the world. Please continue the good work and be strong no matter what because there are millions of people behind a great leader.

  • maithree and ranil will have to do very hard reach our heart,we never trust these two traitors!

  • Dilina Nushara

    thawa duratath me site 1 issrhta arn ynn kya illmi

  • Dear friends, thanks a lot for your great comments. Eventhough there are few problems, we will try to continue this website at our best.

  • saman

    Dear Admin,

    1) Thank you so much for this website

    2) pleas do not close this site as this is the only site with accurate information and sources etc

    3) I understand you must have 1000 things to do [your personal life, job/business, family etc]. there are many people who are willing to render a helping hand to maintain this in future.

    4) you can become the curator and the editor and let other teams – technical, writers, fact finders support team to do their roles hence reducing your work load.

    5) Finally appreciate your service again and humbly request your service as country needs it most now.

    Thank You.

  • MPE

    ලාංකීය වෙබ් ඉතිහාසයේ පෞද්ගලික වෙබ් අඩවියකට ගන්න පුළුවන් උපරිම ජනප්‍රියත්වය mahinda.info වෙබ් අඩවිය ලබාගැනීම අන්තර්ජාලයේ වෙබ් අඩවි ඉතිහාසය වෙනස් කල කරුණකි , ලංකාවේ top websites ඇතුරින් 135 වැනි තැනකට රැගෙන අපු ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය . මම දන්නා ඉතිහාස කාලපරිචචේදය අනුව ශ්‍රී ලංකා අන්තර්ජාලයේ වැඩිම පිරිසක් අතර ප්‍රසිද්දම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා වේ . මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දුන් නොදුන් හෙමදෙනාටම ස්තුති ,

  • Nirmala

    I am very much worried about the security of our hero his excellency Mahinda Rajapaksha. May Triple Gem bless him.

  • ජහපාල- යටි උගුල් අටවන නරුමයා

    රට කෙරුවත් යහපාලන අමන රැලක්
    හිටියට මෙරට බත් කන හරක් ටිකක්
    කිව්ව්වත් බොනිකර තරුම වැලක්
    අපි රැවටෙන්නැ ඔය හිස් වචන මිසක්

    පෙන්නුවට පිටතින් හොද සිරිසේන
    ඇතුලේ ඉන්නේ යක්ෂය නරුමසේන
    කිව්ව්වත් පච දාහක් දැන් බොරුසේන
    සතා ගේ හැටි දැන් දන්නවා පචසේන

    උබ කලමේ කැත වැඩේට
    සාප වේවා හැම දිනේම
    මිහිදු එක්ක ආයේ එනවා
    උබට හොදට දුම් දාන්න

  • ජහපාල- යටි උගුල් අටවන නරුමයා

    සයුමි, power,මහසෝන් පිල්ලිය, ෆිල්ඩ් මාර්ෂල් ඇතුළු ලිපිවලට කරුණු සපයමින්ද කවි සහ comment වලින් දිරිමත් කල ඔබ සැමටත් වෙහෙස වී බාදක මැද නිවැරදි තොරතුරු සැපයු mahinda.info හි editer තුමා ඇතුළු කණ්ඩායමට ඉස්තුතිවන්ත වන අතරම මීටත් වඩා පුළුල් ලෙස ඇත්ත ජනගත කිරෙමට වඩාත් ශක්තිමත්ව ඉදිරියටම යමු මෙම වෙබ් site එක තව දුරටත් කරන්න ඕනේ දෙයකට අපි ඉන්නවා ඔබ එක්ක ජයවේවා

    සැලකිය යුතුයි
    ගෝටාභය , විමල් ඇතුළු කණ්ඩායමට ගොඩක් අභියෝග ඒවි එහිදී මෙම ලිපි මුද්‍රිත මාද්යට සුදුසු පරිදි සකසා බෙදා හරින්න( විශේෂයෙන්ම මත්තල ගුවන්තොට හම්බන්තොට වරාය තාජුදීන් ඝාතන නඩුව වැනි වැදගත් කරුණු )

    ඉස්තුතියි අද වගේම හෙටත් අපි ඔබ එක්ක

  • Mahesh

    කරුණාකරලා මේ වෙබ් අඩවිය නම් වහන්න හිතන්න වත් එපා. පෙරටත් වැඩිය ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ ඉදිරියට. අප මේ දක්වා අපේ සටන මහින්ද මැතිතුමාව අගමැති කරන්න ගෙන ගියා වුනත් අපේ එකම කාර්යය ඒක විතරක් ම නෙවෙයි. දැන් මෙතන සිට අපි ක්‍රියාත්මක වෙන්න ඕන ඉදිරියේ දී මේ මුළු රටටමත් මහින්ද මැතිතුමා ඇතුළු කණ්ඩායමටත් යහපාලුවන්ගෙන් වෙන්න ඉඩ තියෙන කරදර හිරිහැර වලින් බේරා ගන්න. යුධ අපරාධ චෝදනා ප්‍රශ්නයට අපි කවුරුත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. දැන් මුළු රටේම තියෙන මාධ්‍ය ඔක්කොම ( රජයේ සහ පෞද්ගලික )තියෙන්නේ යහපාලුවන් අතේ. දේශප්‍රේමී ජනතාව වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන මාධ්‍ය අතලොස්සෙන් එකක් තමයි මේ වෙබ් අඩවිය. ඉතින් ඒක නවත්තන්න නෙවෙයි වඩාත් හොඳින් කරගෙන යන එක තමයි වෙන්න ඕන.

  • Pink Panther

    thawath balan hitiyaa athi..
    den aluth pakshayak aluth sandanayak pihituwaa ganna awanka naayakyo haa samajikayin samaga ekathuwa..
    sirisena mahathatayi ohuge ayatayi nidahas pakshayyi sandanayayi karagnn denna..
    karunakarala “aluthuinma patan ganna”
    nidahas pakshaya bihi uneth e wage awshyathawayak nisayi edaa..
    ada meka yugaye awshyathwayak

  • Manjula

    Site will continue futhermore….

Leave a Reply