රගර් ක්‍රීඩකයාගේ මියයාම ගැන ගහන මඩ අතේ මාට්ටු… සම්පූර්ණ සිද්ධිය මෙන්න.

[1]. සිදුවීම.

(i). 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල තාප්පයක සිය මෝටර් රථය ගැටීමෙන් මොහොමඩ් වසීම් තජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා සිය මෝටර් රථය තුළදීම අවාසනාවන්ත ලෙස පිළිස්සී මිය ගියා.

(ii). පරීක්ෂණ වලින් අනතුරුව පොලීසියත් තීරණය කළේ වසීම් තජුඩීන් පදවාගෙන ආ වාහනය පාලනය කරගත නොහැකි වී තාප්පයක ගැටීමෙන් පසුව එක විටම ගිණි ගත් බවත් එමගින් ඔහුගේ ජීවිතක්ෂය සිදුවූ බවයි. පහත දැක්වෙන්නේ සිරස ටීවී එකේ ඒ ගැන වාර්තාවයි.

 

[2]. වෙබ් අඩවි මඩ.

(i). ඉන් අනතුරුව ටික කලක් යත්ම එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් පුවත් මැව්වේ lankaleaks.com නැමැති වෙබ් අඩවිය විසිනුයි. මඩ ගැසීම සඳහාම ආරම්භ කළ එකක් බව ඔප්පු කරමින් මේ වන විට එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ඇත්තේත් නෑ.

(ii). එහිදී එම වෙබ් අඩවියෙන් කියා සිටියේ තජුඩීන්ගේ මරණය පසුපස යෝෂිත රාජපක්ෂ මහතා සිටින බවත්, ඊට හේතු වූයේ යෝෂිතගේත් පෙම්වතිය තජුඩීන් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා යෝෂිත කළ පළි ගැනීමක් කියලයි. පසුව තවත් මඩ වෙබ් අඩවි ගණනාවකින් එකම පුවත වචන පමණක් වෙනස් කරමින් දිගින් දිගටම පළ කරමින් ගොබෙල්ස්කරනය කළේ තාජුඩීන්ව ඝාතනය කිරීමක් ගැන යෝෂිත මහතාගේ පෙම්වතිය වන යසාරා අබේනායක මෙනෙවිය විසිනුත් චෝදනා කළ බවයි.

(iii). එම මඩ මූලාශ්‍ර කරගනිමින් ඉතාමත් සංවිධානාත්මක ලෙස එජාපයට සම්බන්ධ අනෙකුත් ලියාපදිංචි ජනමාධ්‍ය මාධ්‍ය හරහාත් එම මඩ ප්‍රචාරණය සිදුවුණා.

 

[3]. මඩ අතේ මාට්ටු.

(i). තජුඩීන්ගේ මිය යාමට යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමට මඩකරුවන් යොදාගත් එකම මූලාශ්‍රය වුයේ යසාරා අබේනායක මෙනෙවිය ඒ ගැන යෝෂිතට එරෙහිව චෝදනා කළ බව කීමයි.

(ii). නමුත් යසාරා අබේනායක මෙනෙවිය, මොහොමඩ් වසීම් තජුඩීන් නැමැත්තෙක්ව කිසිදා දැන නොසිටි බවටත්, එවැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවටත් ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ asianmirror.lk වෙබ් අඩවියේ පළ වූ එම පුවතයි. (එජාප වෙබ් අඩවියකින්ම පළ කරන්නේ එජාප පාක්ෂිකයින්ට මධ්‍යස්ථ වෙබ් අඩවි වන්නේ එජාප වෙබ අඩවි පමණක් නිසයි)

Yasara Speaks Up: “I Had No Connection With Wasim Thajudeen”
Thursday, 15 January 2015 19:22

Yasara Abeynayake, who was dubbed in certain media reports as the ex-girlfriend of Yoshitha Rajapaksa, told Asian Mirror that she did not even know nor did she have any connection with Wasim Thajudeen, the Rugby player who was killed in a road accident in 2012.

Abeynayake, who was formerly the Channel head of CSN, is now attached to a Sri Lankan diplomatic mission in Australia. She made these remarks responding to reports that the Rugby player’s sudden death was linked to an alleged “affair” she had with him.

“Why can’t they let the innocent departed rest in peace? Why are they tarnishing his memory and my reputation by coupling me with a person I have never met in my life?” she asked while asserting that she was not even aware as to how her name had been connected to the death of the Rugby player.

Abeynayake also urged news websites to refrain from publishing “unsubstantiated and baseless” reports involving her name.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added.

Wasim Thajudeen, a Sri Lankan ruggerite and former Havelock SC captain, was killed in a road accident in Colombo, in May 2012. According to Police, Thajudeen had been driving to the airport when he had lost control of the car and crashed into the wall of Shalika grounds on park road. The car had exploded within seconds of the crash burning the whole car.

(iii). එම ලිපියේ සඳහන් පරිදි වසීම් තජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තජුඩීන් මහතාත් ප්‍රකාශ කර ඇත්තේ එකී අවාසනාවන්ත මරණය පසුපස අපරාධයක් සිදුවී ඇති බව ඔහුගේ පවුලේ අයවත් විශ්වාස නොකරන බවයි. පහත දැක්වෙන්නේ තාජුඩීන්ගේ සහෝදරයාගේ ෆේස්බුක් පෝස්ට් එක. මූලාශ්‍රය

asfan-thajudeen

එසේම රජයට අයත් (වර්තමානයේදීනම් එජාප ආණ්ඩුවේ පාලනයට යටත්ව ඇති) සන්ඩේ ඔබ්සවර් වෙබ් අඩවියේත් එලෙස තාජුඩීන්ගේ සහෝදරයා විසින් මඩ චෝදනා ප්‍රතික්ෂේප කිරීම ගැන පළ වී තිබුණා.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any “foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. “So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. source: sundayobserver.lk/2015/08/02

(iv). asianmirror.lk පුවත සනාථ කරමින් යසාරා අබේනායක මෙනෙවිය තම ෆේස්බුක් ගිණුමේත් පළ කළා.

yasara

(v). ඊට අමතරව යසාරා අබේනායක මෙනෙවියගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ ස්ටේටස් එකක ස්ක්‍රීන් ශොට් එකක් ලෙස සඳහන් එකක් ෆේස්බුක් පිටුවක තිබී අපට හමු වුණා.
10924750_1392678747700381_5293969308468405952_n[1]

(vi). යසාරා අබේනායක මෙනෙවියගේ සහ අස්ෆාන් තජුඩීන් මහතාගේ එම ප්‍රකාශ සමගම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මඩකරුවන්ට තිබූ එකම චෝදනාවත් පුස්සක් බවට පත් වී තිබෙනවා.

 

[4]. තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්ද නැතහොත් ඝාතනයක් ද?

(i). එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් කෑ ගසන්නේ එජාපයේ සමහර දේශපාලඥයින් සහ ඔවුන්ගේ මඩ වෙබ් අඩවි විසිනුයි. නමුත් වසීම් තාජුඩීන්ගේ සහෝදරයා පවසා ඇත්තේ මෙලෙසයි. සන්ඩේ ඔබ්සවර් හි අදාල ලිපි කොටසේ සිංහල පරිවර්තනය.

ඒ අතර, වසීම් තාජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තාජුඩීන් දින කිහිපයකට පෙරදී සිය ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් පවසා ඇත්තේ , රගර් ක්‍රීඩකයාගේ අවාසනාවන්ත හදිසි අනතුර සම්බන්ධයෙන් අපරාධයක් සිදුව ඇති බවක් ඔහුගේ පවුලේ අය විශ්වාස නොකරන බවයි. ඊට අමතරව ඔහු පවසන්නේ මේ දක්වා එකදු සාක්ෂියක්වත් ඔප්පු කිරීමට හැකි පරදි පැමිණ නැති බවයි.

(ii). තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව මෑතකදී පවසනවා. නමුත් මීට අවුරුදු 3 කට පෙර අදාල පරීක්ෂණ කළේ දේහය පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහිදී තීන්දුව ගැන කිසිදු හෝ සැකයක් තිබුණානම් පවුලේ අය ඉහත ආකාරයෙන් එය ඝාතනයක් නොවන බව පවසන්නේ නෑ.

(iii). සෑම විටකම දෙවන වරට පරීක්ෂණයක් කරයිනම් එය කළ යුත්තේ මෘත දේහය ගොඩ ගැනීමෙන් පසුවයි. ඒ සඳහා පවුලේ අයෙක් පැමිණිලි කර තිබිය යුතු නමුත් එවැන්නක් වර්තා වන්නේත් නෑ. අවුරුදු 3 කට පසුව දේහය ගොඩ ගන්නත් කළින් මෙය එක පාරටම ඝාතනයක් බව ඔප්පු වුණා කියනවා. එනම් යහපාලනයට අනුව පරීක්ෂණ කරන්නේ තීන්දුව දීමෙන් පසුවයි.

(iv). මාස 6 ක් කිසිවක් නොකර ඡන්දයට ඔන්න මෙන්න තිබියදීම ලබන සඳුදා තජුඩීන්ගේ දේහය ගොඩ ගන්නවා. ඊට සතියකට පසු 17 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා.

(v). මෘත දේහ මතින් දේශපාලනය කිරීම එජාපයට අලුත් දෙයක් නොවෙයි. 88/89 කාලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, මෑතකදී කොටහේන බ්ලූමැන්ඩල් වෙඩිතැබීම ගත්තත් එහිදී රවි කරුණානායක උත්සාහ කළේ එම මරණය පාතාලයේම දෙපිරසක් අතර ගැටුමක් නොවන බව කීමට සහ එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාට බැර කිරීමටයි. නමුත් එජාපයේම නීතීඥයින් දෙපළක් වන සුජීව සේනසිංහ සහ ශ්‍රීනාත් පෙරේරාම පවසන්නේ එය පාතාල පිරිස් අතර ගැටුමක් බව ත් ඊට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බවයි. එජාපයේම තවත් මූලාශ්‍ර ඇසුරින් mahinda.info මගින් ඒ ගැන ඇත්ත හෙළිදරව් කළා. ඉතින් තාජුඩීන්ගේ දේහය විකුණමින් දේශපාලනය කරන එජාපයේ කෙරුවාව ඒ ආනුසාරයෙන් අපට වටහාගන්නට පුලුවන්.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to රගර් ක්‍රීඩකයාගේ මියයාම ගැන ගහන මඩ අතේ මාට්ටු… සම්පූර්ණ සිද්ධිය මෙන්න.

  • චාමික ජයසේකර

    මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙක් අඩුම තරමින් ගෑවිලා හරි තිබුණා නම් ඔය කතා නෑ පරික්ෂණ කරන්න මීනි ගොඩ ගන්න කලින් කූඩුවට දාන්නේ අපිත් අභියෝග කරන්නේ ලබන 17 ට කලින් පුලුවන්නම් ඕකේ ඇත්ත නැත්ත හෙලිකරන්න කියලා… විමල් වීරවංශගේ බිරිදගේ උප්පැන්නේ වයස වැරැද්දට හිරේ දාපු උන්, තිස්ස් අත්තනායකගේ අත්සන් වැරදියි කියලා හිරේ දාපු උන් මේ සිද්දිධියට රාජපක්ෂ පවුලේ අබ මල් රේණුවක හෝ සම්බන්ධයක් තියෙනවා නම් මේ වෙනකොට නටන්න ඕනි ඔක්කොම නැටුම් නටලා… මේ කරන්න යන්නේ ජනතාව මුලා කරන එක මේවට රැවටෙන්න තරම් අද මිනිස්සු මෝඩ නෑ… එජාපේ උන් තණ කොළ කෑවට අපේ උන් තුන් වේලට කන්නේ බත් මේදවස්වල නම් හාල් ගණන් නිසා වෙල් 2යි කන්නේ …!!!

  • Orpheus

    Why don’t you guys speak about his trip to air port? Why he ws going to airport, what tie was he supposed to be there?

  • Rajapaksha Yapa

    Thank you for divulging facts about this case. It is better to put up this information in a TV show.

  • Sampath Vithanage

    වෙන්ඩන් සහ කදීර් කොටි ගුවන් ඒකකයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. මගීන් 49 ක්‌ රැගත් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ කොටි ගුවන් ඒකකය යටතේ ඔවුන් ක්‍රියා කළේය. සීලන් නමැති ප්‍රහාරක බලකායේ සේවය කළ ගාමිනීද කොටි කාලතුවක්‌කු බලකායේ කටයුතු කළ චාල්ස්‌ද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ ටොසි බුද්ධි සේවාවේ ගංගයිද කොටි පොලිස්‌ භටයකු වූ අලාකන්ද් කොටි රූපවාහිනියේ සිටි තනි අරසු සහ ඒ 9 මාර්ගයේ කප්පම් එකතු කළ කොටි පරිපාලන ඒකකයේ තුලාසි මෙන්ම වන්නි ටෙක්‌ කොටි පරිගණක ජාලයේ අයියල් සහ කොටි ආර්ථික ඒකකයේ මුරුගදාස්‌ද එක්‌ වී පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්කාමියෝ පක්‍ෂය සිය අලුත්ම ඉල්ලීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කර ඇත. ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධව සිරයේ සිටිය යුතු මොවුන් පුනරුත්ථාපන ලේබලය යටතේ නිදහස්‌ වී ස්‌වාධීන අපේක්‍ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.

    මොවුන්ව මෙහෙය වන්නේ ටොසි බුද්ධි සේවාවේ නායක පොට්‌ටු අම්මාන් සමග සබඳකම් පැවැත් වූ විද්‍යාදරන්ය. යුද අපරාධ සිදු කළ මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් දැන් වන්නි මෙහෙයුම දියත් කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් යුක්‌තිය ඉල්ලා සිටී.

    එහෙත් මොවුන් සිදු කළ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා නිසා මෙරට ජනතාවට යුක්‌තිය හිමි වී නැත. යුක්‌තිය වෙනුවට එකී ත්‍රස්‌ත ක්‍රියාවට සම්බන්ධ වූවන්ට සමාව ලැබී ඇත.

    හිටපු කොටි ත්‍රස්‌තයන් මෙහෙයවන විද්‍යාදරන් මෑතකදී ද්‍රවිඩ සංධානයෙන් ප්‍රශ්නයක්‌ අසමින් මුල්ලිවයික්‌කාල්හිදී සිදු වූයේ ජාති ඝාතනයක්‌ද නැද්ද යෑයි ශුද්ධ දෙමළ භාෂාවෙන් පවසන්නැයි ඉල්ලා තිබේ.

    මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස පෙරේදා (4) යාපනයේ මනිපායිහි සුදුමලෙයි අම්මන් කෝවිල් පරිශ්‍රයට පැමිණ සිය මැතිවරණ ප්‍රකාශනය දියත් කරනු ලැබීය.

    1987 අගෝස්‌තු 4 දා කොටි නායක ප්‍රභාකරන්ද මෙම ස්‌ථානයට පැමිණ ඉන්දීය සාම හමුදාවට අවි තොගයක්‌ බාර දීමට ක්‍රියා කළේය. එහෙත් පසුව හෙළි වූයේ එම අවි භාවිතා කළ නොහැකි බවයි.

    වසර 28 කට පෙර ප්‍රභාකරන් ඉන්දීය සාම හමුදාව රැවටූ ස්‌ථානයට මෙවර පැමිණියේ විද්‍යාදරන් ප්‍රමුඛ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසයි.

    මෙම කෝවිල් පරිශ්‍රයේ දේශපාලන රැස්‌වීමක්‌ පැවැත්වීමට හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස දැරූ උත්සාහය පොලිසිය ව්‍යර්ථ කර ඇත.

    එදා ඉන්දීය සාම හමුදාවට කසිකබල් අවි ලබාදී ඉන්දීය රජය රැවටු ප්‍රභාකරන් පසුව හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළේය. ප්‍රභාකරන් විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට ක්‍රියා කරන බවට සපථ කළේ මෙම කෝවිල් පරිශ්‍රයේදී යෑයි පසුව වාර්තා විය.

    මේ පසුබිම මැද විද්‍යාදරන් ප්‍රමුඛ හිටපු කොටි ක්‍රියාකාරීන් මනිපායි කෝවිල් පරිශ්‍රයට පැමිණියේ අනාගත මෙහෙයුමකටද?

    මෙයට වසර තුනකට පෙර චැනල් 4 රූපවාහිනිය පැවසූවේ ප්‍රභාකරන්ගේ ආරක්‍ෂකයන් සියලු දෙනාම ආරක්‍ෂක හමුදාව විසින් මරා දැමු බවයි. එහෙත් ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ වෙන්ඩන් හෙවත් සිවනාදන් උතුරෙන් මතු වී ජන්දය ඉල්ලයි.

    එහෙත් අතුරුදන් වූවන් ගැන හඬ නගන සංවිධාන මුනිවත රකී.

  • හොඳ ලමයා

    එතකොට අර යහමාමගෙ මල්ලිත් බයිසිකලේක හරි ගිහිං තාප්පෙක හැප්පිලා මලා නං ඒකටත් චෝදනා කරනව. ඌව ඇත්තටම මරලත් කතාවක් නෑ. තමන්ගෙ එකා මලාට ප්‍රශ්ණයක් නැති එකා රටේ අනිත් එවුන් මලාම මළකුණ උඩ නැගල කෑගහනව. රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ගෙ ආරස්සාව මේකයි.

  • Samare

    This is good. But I am still worried that they may bribe people to give false evidence and do many other filthy things and arrest Yoshitha just before election. That would affect the moral of MR. After all he is a father. Then the incident will shock the silly ignorant fraction of the voters, especially this exhumation business. Lot of people are ignorant in this country. Surly the clever lawyers in MR’s side can find a way to gather accurate forensic evidence, other evidence from the accident site, evidence such as the time gap between WT leaving party and finding of his body and produce a very clear and solid picture to convince people.

  • Dinuu

    එජාප මඩ අතුරින් ඉතාම නින්දිත පහත් ක්‍රියාව ලෙස මම මෙය දකිමි. පලමුවෙන්ම මේ රග්බි ක්‍රීඩකයා ට සහ ඔහුගේ ආදරණීය පවුලේ සැමට කරන බරපතල වරදකි. දැනටමත් පවුලේ අය මේ මඩ කතාව නිසා ලොකු සිත් තැවුලකට පත් වී ඇති බවට සැක නැත. දේශපාලන වාසි දිහා පමණක් බලන එජාප මඩ කල්ලියට මනුෂ්‍යත්වයේ අගයක් ගැන වැටහීමක් නැත.

    චන්දයට ඔන්න මෙන්න කියා මෙය ඇදගත්තොත් මිනිසුන් තුල කලකිරීම් ඇති කරන්න හැකි වේවි යයි ඔවුන් සිතනවා. නමුත් අවුරුදු 3කට කලින් කරපු පශ්චාත් මරණ පරීක්ශණ වල කිසිම සැකයක් පෙන්නුම් කලේ නැහැ වගේ මේක යලිත් නිකම්ම අහකට විසිවෙන නඩුවක්.

    එජාප මඩ කල්ලියට දින කීපයක් තියා මේ වගේ දෙයක් පටලවා ගත්තම වේදිකා වල නැගලා හයියෙන් බෙරිහන් දීලා මෝඩ මිනිසුන් රවටන්න පුලුවන් වෙයි කියලා හිතුවට දැන් මුලු රටම දන්නවා එජාපය බොරුවෙන් වන්චාවෙන් කුහක කමින් දිනන්න හදන්නේ කියලා. අගෝ17 වෙනකම් මග බලාගෙන ඉන්නේ සන්ධානය ඉහලින්ම දිනවන්න.

  • Rata wenuwen

    Dear Editor,
    Facility has been disappeared to make the comments in Sinhala,
    Please look into this as soon as possible,
    Rata Wenuwen

  • NAK

    Why not the Thajudeen family seek help from the courts stop this mockery insulting the dead. It is the desperate pachaya who has no real vote base who is pushing for this exhumation.

  • Singhe

    Editor, Before UNP makes this issue to brainwash people’s minds, why not UPFA campaign managers get Thajudeen’s family members to appear on UPFA stages and tell the public the truth. Public will trust what Thajudeen’s family will tell more then what the UNP liars tell. After getting the dead body out, UNP loosers will try to create a great big story to change people’s minds again using lies.

    • Thajudeen’s family already mentioned their opinion on this case and we have shown in the article. But as this is a criminal investigation (in reality this is not an investigation but a mud slinging) they can’t make statements by the law as it will affect to the court decision. If you are asking why the UPFA government didn’t act for the before the presidential election, I have no idea why is that. Perhaps they didn’t think the election will be defeated and didn’t worry to keep backups for this kind of insults.

  • Singhe

    If that is the case (I mean when there is a case in front of the courts, people cannot issue statements or cannot talk about it in public) UNP mud slingers also should not be able talk about this on their political stages. Please make sure UPFA lawyers are on standby to monitor every word they talk about this incident on stage.

  • manoj

    thajudden ge case ekata sambanda dennek rata penalalu neda?

  • Aiyo…this mud slinging will never stop…yes, what Singhe says is absolutely correct. The UPFA campaign managers must do something.

Leave a Reply