Mahinda Rajapaksa: එතනෝල් තොග පිටින් ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙනුයි, සිරසTV හෙළි කරයි.

Monday, August 24, 2015

එතනෝල් තොග පිටින් ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙනුයි, සිරසTV හෙළි කරයි.

එතනෝල් යනු මත් වතුර නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒනමුත් එතනෝල් වල තවත් ප්‍රයෝජන ගණනාවක් තිබෙනවා. එනම් තීන්ත දිය කිරීම, සුවඳ විලවුන් නිෂ්පාදනය සහ විෂබීජ නැසීම යනාදිය යි. ඒ අනුව වර්ෂයකට යම් ප්‍රමාණයන් එතනෝල් ආනයනය සිදුවෙනවා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විරුද්ධවාදී බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා කළේ එතනෝල් බහුලව ගෙනාවා යනුවෙනුයි. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත අපි විමසා බලමු.

එතනෝල් චෝදනාවට පිළිතුරක් ලෙස අර රවි කරුණානායක, චම්පික රණවක මහත්වරුන් කරනවාක් මෙන් අපිත් මොනව හරි ඉලක්කම් ටිකක් කිව්වොත් ඒක ඔප්පු කළ හැකි පිළිතුරක් නෙමෙයි. ඊගාවට හිරු හෝ දෙරණ වැනි ස්වාධීන මාධ්‍ය ආයතනයක වාර්තාවක් පෙන්වුවත් එයත් එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රතික්ෂේප කරාවි. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයට හිතවත් සිරසේ පළ වූවක් ගෙනහැර දැක්වුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයින්ටවත් නොහැකියි. මෙන්න ඒ කටුක සත්‍යය පසුගිය දිනෙක සිරසෙන්ම හෙළි කළා...



මහින්ද රාජපක්ෂ යුගයේ:
2014 වර්ෂයේ එතනෝල් ස්ප්‍රීතු ආනයනය: මිලි ලීටර් ලක්ෂ 14.7 ක්

ඊනියා යහපාලනයෙන් පසුව:
2015 මුල් මාස 6 තුළ එතනෝල් ස්ප්‍රීතු ආනයනය: මිලි ලීටර් ලක්ෂ 13.9 ක්

ඒ කියන්නේ 2014 වර්ෂය තුළ ආනයනය කළ එතනෝල් ප්‍රමාණයට ආසන්නව, අලුත් යහපාලන ආණ්ඩුව ඇවිත් මුල් මාස 6 තුල ආනයනය කළා. අමතක කරන්න එපා, ඒ දේවල් සිදුවුණේ මහ මැතිවරණයක් ඔන්න මෙන්න තිබියදීයි. මැතිවරණයෙන් පසුව එජාපයෙන් කරන්න යන දේ සිතාගැනීම ඔබට බාරයි.

සැබැවින්ම එතනෝල් ගෙනවිත් මේ රට විනාශ කරන්නේ කවුදැයි කියලා දැන් පැහැදිළියි නේද? නමුත් එජාපයේ මඩමාද්‍යවේදීන් විශාල මුදලක් වැය කරමින් කරන ලද ප්‍රචාරක යාන්ත්‍රණයට රැවටී සමහරුන් චෝදනා කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි.

අනිත් අයටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

7 comments:

  1. බඩදනවාඅප්පච්චිAugust 24, 2015 at 12:46 PM

    බොරු දාල මිනිස්සු නොමග යවන්න එපා හලෝ. මහින්දගෙ කාලෙ ලක්ස 14.7 යි. අපේ කාලෙ 13.9 යි. ඉතින් වැඩි උබලගෙ කාලෙනෙ. 13.9 ට වඩා 14.7 වැඩියි.

    ReplyDelete
  2. එම කාරණාව ලිපියේ සරළව පැහැදිළි කරලත් එක්කො ඔබතුමාට තේරිලා නෑ. නැතිනම් සංවාදය කඩාකප්පල් කරන්නයි හදන්නේ. කොහොම වුණත් ඔබතුමන්ලාගේ හැටි කාටත් තේරුම් ගන්න ඕන්න කොමෙන්ට් එක අනුමත කළා.

    ReplyDelete
  3. හපොයි මෙහෙමත් මෝඩ .... මහින්දගෙ කාලෙ අවුරුද්දක ගෙනාපු තරමට වඩා රනිල්ගෙ කාලෙ අවුරුදු බාගෙන් ගෙනාපු ethanol වැඩියි. ඒ කියන්නෙ මහින්දගෙ කාලෙ ගෙනාව වගෙ දෙගුනයක් ethanol මේ අවුරුද්දෙ ගෙනෙවි.

    ReplyDelete
  4. mei kawruwath ethnol kiyanne monawadha dhanne nehe.meya lankawe issara idhanma hadhanawa.muhudhubada polraperana kale idhan hadhanawa .panadure idhan dhigatama wadduwa kalutara payagala beruwala distilleries thibuna me gon toiyanata mathaka nehe mewai produce kare ethonol nathuwa monabambuwadha.lankawe nipadhawana hamadheima wage mewath higa wena kota pita ratin gennana set ekak bihi wenawa.ekai wedei illumata anuwa sapuma madhi appa sira newei sobhithaya hitiyath gennana wenawamai.

    ReplyDelete
  5. දෙකෙන් වැඩි කරන්නවත් දන්නෙ නැති මේ 'බඩ දනවා' කියන කෙනාට බාලාන්ශ පන්තියේ සිට ඉගනීම කරන්න වෙයි මට හිතෙන්නේ. මේ කමෙන්ට් එක ලිපිය බාගෙට කියවලා නෙවෙයි තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න ඉක්මන් වෙලා!

    ReplyDelete
  6. Bada Danawa Appachchita,
    Umbae bada danne Ethanol gahala wenna ethi. Do us a favour will you? If you can't understand this simple arithmetic, take some more ethanol and hit the bucket soon. (Thawa Ethanol Beela Ikmanata Kooriya Gahapan.)

    ReplyDelete
  7. moda athal nam denna epa halo..auruddai,masa 6 i wenasa aduraganna bari gonek ne ohe..gona unata kamak na thappulanna epa..athakota gona kiyala ratama danagannawa..gona

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.