මහින්දගේ පුනරාගමනය නිසා ඇමරිකාවේ බලාපොරොත්තු යළි සුනු විසුනු වෙයි. Asian Tribune විශේෂ වාර්තාව…

ඒසියන්ට්‍රිබියුන් වෙබ් අඩවියේ පළ වූ “Sri Lanka: U.S. forced to retreat with re-emergence of Rajapaksa” නම් ලිපියේ සිංහල පරිවර්තනය: නලින් සුබසිංහ මහතා විසින් mahinda.info වෙත එවන ලද්දකි.
image002[1]
මේ වසරේ ජනවාරි 8 වන දින පැවති ජනාධිපතිවරණයෙන් හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් වීමෙන් පසුව ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ එක්සත් ජනපදයේ වඩාත්ම විශ්වාස කටයුතු සගයා වන රනිල් වික්‍රමසිංහයි. අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ ඔහුට සැලකිය යුතු දේශපාලන බල අධිකාරයක් හිමි විය. මේ සමඟම 2007 මාර්තු මස අත්සන් තැබූ පිවිසුම් සහ අන්තර් සේවා ගිවිසුම (Access and Cross Servicing Agreement) බලාත්මක කිරීමටත්, ඉන් ඉදිරියට ගොස් මූලෝපායික රාමු සම්මුතියකට (Strategic Framework Agreement) ගිවිසුම් ගත වීමත් එක්සත් ජනපදයේ බලාපොත්තුව විය.

මේ ගිවිසුම හරහා එක්සත් ජනපද ශාන්තිකර ඒකාබද්ධ-හමුදා බලඇණියේ US Pacific Command (PACOM) සහ එක්සත් ජනපද ශාන්තිකර නාවුක බලඇණියේ US Pacific Fleet (PACFLT) මූලික අරමුණ වී ඇත්තේ
ශ්‍රී ලංකාව හරහා ඉන්දියානු සාගරයේ විශාල බලයක් අත් පත් කර ගැනීමත්, ඒ මඟින් ලෝකයේ ආර්ථික සහ හමුදා බලවතෙකු ලෙස නැගී එන චීනයට එරෙහිව බලපෑමක් එල්ල කිරීමය. මේ සඳහා එක්සත් ජනපදය කාලයක සිට ප්‍රයත්න දැරුවද ඒ සඳහා බාධාවක් වී තිබුණේ රාජපක්ෂ දෙසොහොයුරන්ය – විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂත්, බලගතු රාජ්‍ය නිලධාරියකු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් යන දෙදෙනා ය. එවන් තත්වයක් යටතේ රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමටත්, ඔවුන් නැවත බලයට පැමිණිය නොහැකි පරිදි වාතාවරණය සැකසීමටත් එක්සත් ජනපදය රනිල් වික්‍රමසිංහට ආධාර දීමට ක්‍රියා කළහ. එහිදී ඔවුනට බටහිර ලැදි විදේශ අමාත්‍ය මංගල සමරවීර සුවිශේෂ උපකාරයක් විය.

එක්සත් ජනපදය, සිංගප්පූරුව සමඟ එක්සත් ජනපදය දැනටමත් මෙවන් ගිවිසුමකට එළැඹ තිබෙන අතර එහි අභිලාශය වනුයේ ඔවුන්ගේ නාවුක කඳවුරු සහ වරායන් ආරක්ෂක කටයුතු සඳහා සීමා රහිත තත්වයන් යටතේ භාවිතා කිරීමට ඉඩ ලබා ගැනීමයි. ඊට අමතරව ඔවුන්ගේ C2- Greyhound නම් ප්‍රහාරක ගුවන් යාත්‍රා සඳහා රටේ ගුවන් තොටුපළ භාවිතා කිරීම සඳහා ඉඩ ලබා ගැනීමටද අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපදයේ මේ මූලෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවත අසීරු අඩියකට පත් වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට නැවත සිය පක්ෂයෙන් මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟයි. මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ සොහොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සැමවිටම ක්‍රියා කළේ එක්සත් ජනපදයට හිතකර ආකාරයෙන් නොවේ. කොටි බෙදුම්වාදී ව්‍යාපාරයට එරෙහිව ශ්‍රීලංකා ආණ්ඩුව විසින් ගෙන ගිය යුධමය ක්‍රියාමාර්ග සඳහා සහාය දෙන ප්‍රතිපත්තියක එක්සත් ජනපදය මුලදී සිටියද, මානව හිමිකම් කඩවීම් පිළිබඳව, විශේෂයන් පැට්‍රික් ලීහිගේ (Patrick Leahy) මූලිකත්වයෙන් පත්කෙරුණු කොන්ග්‍රස් කමිටුවේ නිර්දේශ වැනි කාරණා නිසා, එම ආධාර දෙන ප්‍රතිපත්තිය නතර කෙරිණි.

2009 දී, එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානත්වය දැරූ ජෝන් කෙරී (John Kerry) , යුධ මෙහෙයුම් සහ දෙමළ සරණාගතයන් පිළිබඳව ශ්‍රීලංකා ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කර, එක්සත් ජනපද රජයට අනතුරු ඇඟවීමක් කළේ ය. ශ්‍රීලංකා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින්නේ, දේශපාලනිකව සහ ආර්ථිකව, බටහිර බලවතුන්ගේ අභිලාශයන්ගෙන් සෑහෙන දුරස්ව බවත්, එවන් වාතාවරණයක් යටතේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීයව ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රීලංකාව, තමන්ට හිතකර නොවන ස්ථාවරයකයට තල්ලු වීම එක්සත් ජනපදයට විශාල ලෙස අවාසි සහගත බව ඔහු දන්වා සිටියේය. නිර්දේශ වශයෙන්, අදාළ ප්‍රශ්නය දෙස කෙටිකාලීන මානවවාදී (Humanitarian) දෘෂ්ඨිකෝණයකින් බලනවාට වඩා පුළුල් දැක්මකින් බැලිය යුතු බවත්, යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවට හිතකර ප්‍රතිපත්තියක පිහිටා සබඳතා ශක්තිමත් කර ගත යුතු බවත් ඔහු දන්වා සිටියේය.

කෙසේ වුවත් පැට්‍රික් ලීහි ගේ වාර්තා අනුව යමින් එක්සත් ජනපදයට ශ්‍රීලංකා ආණ්ඩුවට ආධාර කිරීමට නොහැකි විය. යුධ සමයේ අවසාන වකවානුවේ එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට යොමු වූහ. මෙවන් තත්වයක් තුළ කොටි බෙදුම්වාදී අරගලය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ සමත් වූ අතර, දෙරට අතර සබඳතා දුරස් විය.

2011 දී, එක්සත් ජනපදයේ නාවුක යුධ කටයුතු පිළිබඳ විද්‍යාලයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් “ශ්‍රී ලංකාව මූලෝපායිකව එක්සත් ජනපදයට වැදගත් වන අයුරු” යනුවෙන් සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළේ ය. එම වාර්තාවේ දැක්වුණේ පහත අදහසයි:

” ශ්‍රී ලංකාව තුළ ඉකුත් වසර කිහිපයේදී යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් අත් පත් කරගෙන ඇති බවත්, විශේෂයෙන් හම්බන්තොට නව වරාය සහ ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම වැනි කාරණා හේතුවෙන්, ශ්‍රී ලංකාව ගෝලීය මෙගා මධ්‍යස්ථානයක් (Global Mega Hub) බවට පත් වෙමින් පවතී. එය එක්සත් ජනපදයේ පැසිෆික් සහ අත්ලාන්තික් වෙළඳ තීරයන්, යුරෝපය සහ ඈත පෙරදිග ගෝලීය මෙගා මධ්‍යස්ථාන හා සමරූපී එකක් වනු ඇත. අවසන් අදියරේදී හම්බන්තොට වරාය සිංගප්පූරුව හෝ නෙදර්ලන්තයේ රොටඩෑම් වැනි වරායන් මෙන් දස ගුණයක් තරම් විශාලත්වයකට පත් වනු ඇති බවත්, අරාබිකරය සහ සිංගප්පූරුව අතර පවතින එකම ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් වනු ඇත. මුළු ලෝකයේම වෙළඳ හුවමාරු මාර්ග වලින් 45% ක් වැටී ඇත්තේ හම්බන්තොට වරායට සැතැප්ම 10ක නුදුරින් වීම මෙහි විශේෂත්වය තවත් වැඩි කරවයි. ශ්‍රී ලංකාව දැනටමත් ඔවුන්ගේ වර්ධනය වෙමින් පවතින වාණිජ ශක්තිය BRIC සංවිධානයේ රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගනිමින් සිටී.”

2011 නොවැම්බරයේදී නමින් එක්සත් ජනපදයේ එවකට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් Pivot to Asia නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වන ලදී. “America’s Pacific Century” නම් ලේඛනයක එම ප්‍රතිපත්ති විග්‍රහ කරන ඇය සඳහන් කරන්නේ:

“ඉරාක යුද්ධය අවසන් වීම සහ ඇෆ්ගනිථානයේ හමුදා ඉවත් කර ගනිමින් පවතින අවස්ථාවක එක්සත් ජනපදය සංධිස්ථානයකට පැමිණ තිබේ. ඒ අනුව එක්සත් ජනපදයේ ඉදිරි දශකයේ වඩාත්ම ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික, මූලෝපායික සහ වෙනත් අංශවලින් ආසියා-ශාන්තිකර කලාපය තුළ “ආයෝජනයන්” වර්ධනය කිරීමයි. ඉන්දියානු සාගරයේ සිට ඇමෙරිකානු බටහිර වෙරළ තීරය දක්වා පැතිර ඇති, උපාය මාර්ගිකව වැදගත් නාවුක මාර්ග විශාල ප්‍රමාණයක් වැටී ඇති ආසියා-ශාන්තිකර කලාපය දේශපාලනික වශයෙන් වැදගත්ම කලාපය වනු ඇත. ”

ජනවාරි 8 වන දා ශ්‍රී ලංකාවේ සිදු වූ බල පෙරළිය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තම්නේතුවට ඉන්දියානු සාගරයේ මර්මස්ථානය වූ ශ්‍රී ලංකාව සිය “මහා අභිප්‍රාය” සඳහා යොදා ගැනීම සඳහා වෙස් වළා ගත් ආශිර්වාදයක් වැනිය. රාජපක්ෂ ගේ පුනරාගමනය එක්සත් ජනපදයේ බලාපොරොත්තු යළි සුන් වෙමින් තිබේ.

යාලුවන්ටත් කියවීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්දගේ පුනරාගමනය නිසා ඇමරිකාවේ බලාපොරොත්තු යළි සුනු විසුනු වෙයි. Asian Tribune විශේෂ වාර්තාව…

  • Rata wenuwen

    අප සිත් කඩන්නට ඩොලරය පෙරට දමා
    ඩැහැගන්නට හදයි උන්ගේ අණට යොමා,
    සින්හල කමේ එඩිතර බව දැනෙන මෙමා
    මැරුනත් ,රකින්නේ මගේ මේ රටම තමා

    රට රකින්නට අපි කවදත් රට වෙනුවෙන්

  • sbpriyanthi

    may rata aarthika washayen wadagath sthanayaka thibeema nisa americawa kela halagena may ratata aha gahagena innawa

  • Power

    අප මාතෘ භූමියේ පැවති ශාපලත් තිස් අවුරුදු මිනීමරු ත්‍රස්වාදී යුගය අවසන් කරීමේ පුරෝගාමීයා වූ අපගේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාණන් එම මිනීමරු යුද්ධය මෙරටින් අවසන් කිරීමෙන් අනතුරුව එතුමානන් සමඟ මේ රටට වින කටින්නට කැස කවමින් සිටින අදිරාජ්‍යවාදී විදෙස් බලවේග හා එම බලවේග වල මුදල් වලින් යැපෙන මෙරට සිටින දේශද්‍රෝහී පාදඩ රැළ දැඩිලෙස උරනව හා වෛරයෙන් පෙලෙන බව අප කාටත් නෙරහසකි.එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 ජනවාරී 8 වනදා අපගේ සදාදරණීය නායකයාණන්,අපගේ ආරක්ෂකයාණන් අප අතහැර නික්ම ගියේය.එම නිසා මේ අධිරාජ්‍යවාදී බලවේග සහ එම බලවේග වලට උල්පන්දම් දෙන මෙරට සිටින පරගැති නඩය සිතුවේ දැන් හරි අපි දිනුවා කියාය.ඔවුන් එසේ සිතුවත් එය එසේ නොවීය.තම සුපුරුදු එඩිතර නායකයා වෙනුවෙන් ජනහඬ,ජනඟග නැගීම,ගැලීම ආරම්භ වූයේය.කෘතගුණ දත් සැබෑ ම දේශමාමක ජනතා පුත්‍රයින්ගේ හා සැබෑ ම ජනතා බලවේගයන් හි සූරවීර හඬ ලක්දෙරණ සිසාරා රැව්පිරි රැව් දුන්නේය.දිනෙන් දින ම “අපිට ඕන මහින්ද” “මහින්ද වෙනුවෙන් අපි” යන අනේකවිද කෘතගුණ දත් වචන සමූහයක් ජනතා හදවත් තුල පැලපැදියම් වූයේය.මෙය කිසිම ජගතෙකුට නොනවැත්විය හැකි දේශමාමක ජනතා බලවේගයක් බව කාට කාටත් වැටහෙන්නට වැඩි කළක් ගත වූයේ නැත.එය ඉදිරියටත් එසේමය අධිරාජ්‍යවාදී බටහිර බලවේගයන්ට අප මාතෘ භූමිය කෙළසීම සඳහා පවාදෙන අවමංගල සමරවීර වැනි පාදඩ දේශපාලුවන් ප්‍රමුඛ යමපාලන දේශපාලු රැලගේ දේශපාලන අවසානය ලඟා කර තම උපන් මාතෘ භූමිය හා තම භූමියේ සදාදරණීය නායකයාණන් රැක ගැනීම සඳහා රටට හිතැති සෑම පන හැගෙන ජන හදවතක්ම හදවතින් ම සූදානමින්ය…

  • මහින්ද මැතිතුමා හිරු TV සමග කල රට සහ හෙට වැඩසටහන.
    https://www.youtube.com/watch?v=3-Pl6rDWoo0

    එතුමන්ගේ ශ්‍රියාවන්ත මුහුණ බැලුවත් හිත පිරේ. ජනවාරි 8 සිට රටට වින කරන මු දේවිය පලවා හැර රටට ශ්‍රී දේවිය කැන්දාගෙන ඒමට මහින්ද යුගයක් නැවතත් අරඹමු. සැමට සුභ අනාගතයක්.

  • thilak fernando

    Why so delay to capitalize these type of vital document on UPFA propaganda.What is date of Asian Tribune news. You responded on 5th August.

    We are really worried about these type of pro active approaches…..you are backing to a world giant….not a sillara kade mudalali…..

    SO PL BE ACTIVE AT THE REQUIRED MINITUE….NOT LATER….
    WE ARE EXPECTING HIS ” PUNARAGAMANAYA”……..
    HE IS FACING TO WORLD GIANTS …..CIA….RAW…..MI6…
    HE NEEDS YOU ….ME…WE… AT THIS MOMENT …NEVER BEFORE….

    I am simply worry about the fact that why UPFA not to highlighted the issue

  • Sampath Vithanage

    මහින්දට මීටර් 100ක්‌ දුරින් කුඩා බොම්බයක්‌ පුපුරයි

    සමන් ගමගේ – මාදම්පේ කමල් ප්‍රියංකර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (6 වැනිදා) හලාවත නගරයේ පැවති මැතිවරණ රැස්‌වීමකට සහභාගි වී සිටියදී කොළඹ සිට හලාවත දුම්රිය ස්‌ථානයට ළඟා වූ දුම්රියක තිබී කුඩා අත්බොම්බයක්‌ පිපිරී ගොස්‌ තිබේ. දුම්රිය හලාවත දුම්රි ස්‌ථානයට පැමිණීමෙන් පසු දුම්රිය සේවකයකු කුඩා ගුලියක්‌ වැනි දෙයක්‌ දුම්රිය තුළ තිබෙන දැක පරීක්‍ෂා කරීමට යැමේදී මෙම පිපිරීම සිදුවූ බව හලාවත දුම්රිය ස්‌ථානයේ ඒ මොහොතේ සිටි පුද්ගලයෙක්‌ “දිවයින” ට සඳහන් කළේය.

    පිපිරීමෙන් දුම්රිය සේවකයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

    පිපිරීම සිදුවන අවස්‌ථාවේ හිටපු ජානාධිපතිවරයා දුම්රිය ස්‌ථානයේ සිට මීටර් සියයක පමණ දුරින් පිහිටි හලාවත බස්‌ නැවතුම ආසන්නයේ තිබූ මැතිවරණ රැස්‌වීම් වේදිකාවේ අසුන් ගෙන සිට ඇත.

    පුපුරා ගියේ කුඩා වර්ගයේ අත් බොම්බයක්‌ (ඩප්පි) බවට පොලිසිය සැක කරන අතර එය රැගෙන ආවේ කවරකුද යන්න පිළිබඳ සෙවීමට හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

  • මහින්ද මැතිඳුනි! මෙවන් ඇමරිකන් ප්‍රතිගාමී බල වේග හමුවේ එකීය රාජ්‍යක නොසැලෙන නායකත්වය ලබා දදීමට හැකි එකම සමතා ඔබතුමා පමනි.නොසැලෙමුඅප කිසි විටක අපද යම් පුහුනුවක් ලැබූ අවි දැරීමට ැකි මිනිසුන් වෙමු. ලංකාද්වීපයේ ස්වෛරීත්වය රැක ගැනීමට මාද ඔබතුමා සමග පෙළ ගැසෙමි. මේ වන විට කතිරයේ යුතුකම හමාර කර ඇති මා දෙවනුව ලක් මෑණියන්ගේ සිරසේ මුදුනතම හිඳගෙන රට රැකීමේ මෙහෙයුමට බැස ඇත්තෙමි.තවද ඔබතුමා සමග මෙම මෙහෙවරට හිතින් ගතින් බැස බොහෝ කල් වන අතර මා විමල් මහතාගේ මුහුණූ පොතේ සිට ඔබතුමාගේ ඉදිරි ගමනට(අප සියල්ලනගේම)රුකුකුලක් වූයෙමි. ඔබතුමාව අපගේ දළඳා වහන්සේට භාරකරමින් දිගාසිරි පතමින් ඉදිරිය දෙස බලා සිටින්නනම්

Leave a Reply