Mahinda Rajapaksa: මහින්දට ගෞරවාන්විත සමුගැනීමක් මෛත්‍රීපාලගෙන් ඉල්ලුවාද? මෙන්න ගෝඨාභයගෙන් පිළිතුරු... ((VIDEO))

Monday, August 3, 2015

මහින්දට ගෞරවාන්විත සමුගැනීමක් මෛත්‍රීපාලගෙන් ඉල්ලුවාද? මෙන්න ගෝඨාභයගෙන් පිළිතුරු... ((VIDEO))

ඉදිරි මහ මැතිවණයෙන් පසුව හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි තමන් සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨභය රාජපක්‍ෂ මහතා පවසයි. කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.



එජාපයේ මඩමාධ්‍යවේදීන් විසින් ඉදිරියේදීත් තවත් නොයෙකුත් ආකාරයට මඩ වාර්තා අන්තර්ජාලය තුළ පල කිරීමට ඉඩ ඇත. ලියාපදිංචි ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක හැරුණ විට අන්තර්ජාලය තුළ අන් කිසිවක පළ වෙන දෑ නිශ්චිත සාක්ෂි නොමැතිව එක එල්ලේම විශ්වාස කිරීමට අසීරු බව ඔබට පසක් වේ යැයි සිතමු.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.