Mahinda Rajapaksa: හමුදා කුමන්ත්‍රණයක් සිදුවී මහා ලේ වැගිරීමක් වෙන්න ගියාද? රාජ්‍ය ප්‍රධානීන්ගේ VIDEO.

Saturday, August 8, 2015

හමුදා කුමන්ත්‍රණයක් සිදුවී මහා ලේ වැගිරීමක් වෙන්න ගියාද? රාජ්‍ය ප්‍රධානීන්ගේ VIDEO.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවද, හමුදා කුමන්ත්‍රණයක් කර හෝ දිගටම බලයේ රැඳී සිටීවි යැයි එජාපය ප්‍රමුඛ එවක්ට විපක්ෂයේ මාධ්‍ය වලින් දිගින් දිගටම ප්‍රකාශ විය. 2015 ජනවාරි 9 වැනිදා පාන්දර මහින්ද රාජපක්ෂ මහතා සාමකාමී ලෙස අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරය මුළු රටම කම්පනයට පත් වී බලා සිටියෙමු. හමුදා කුමන්ත්‍රණයක් කර හෝ බලයේ දිගටම රැඳී සිටීවි යැයි මුල සිටම කියූ අයට කට උත්තර නැති විය.

Mr-last_moment[1]

එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට තිබූ ජනප්‍රියත්වය ක්ෂණිකව ඉහළ ගියේය. එතුමාගේ ජනප්‍රියත්වය විනාශ කිරීම සඳහා ඔවුන් ඉන් පසුවත් ගෙන හැර දැක්වූයේ එම හමුදා කුමන්ත්‍රණ චෝදනාව මයි. පහත දැක්වෙන්නේ මෑතකදී රන්ජන් රාමනායක විසින් කරන ලද මඩ අවලාදයක් අතටම හසු වුණ අයුරුයි.



ජනාධිපතිවරණයෙන් පසුව එවකට ජනාධිපතිවරණ සමයේ සිටි ඉහලතම රාජ්‍ය නිලධාරීන් මෙන්ම රාජ්‍ය නාකයින් ඒ ගැන පැවසූ අදහස් පහතින් අසා බලන්න.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා...


යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා...


හමුදා මාධ්‍ය ප්‍රකාශය බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...


එතුමන් 5 දෙනාගේම ප්‍රකාශ වල සමස්ත අරුත නම් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කර දුන් බවයි. එසේම පූර්ව ජනපතිවරණ කටයුතු මෙන්ම පශ්චාත් ජනපතිවරණ කටයුතුත් වඩාත් සාමකාමීව පැවත්වුණ බවත් ඔවුන් එදින ප්‍රකාශ කළෝය.

හමුදා කුමන්ත්‍රණයක් දියත් වූවානම් ඉහත නායයින්ගෙන් ඒ වැනි ස්තුතිවන්ත ප්‍රකාශ කිසි විටෙකවත් නිකුත් වෙන්නේ නැති බව සහෘද ඔබට පැහැදිළි ඇතැයි සිතමි.

ජනවාරි 9 වැනි දින එක්සත් ජනපද ධවල මන්දිර වෙබ් අඩවියේ හදිසි ප්‍රකාශයක් සටහන් කරවන බැරැක් ඔබාමා මෙසේ කියයි. "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව විසින් සියුම් සහ ක්‍රමවත් පාලනතන්ත්‍ර හුවමාරුව මා ප්‍රසංසා කරමි. - ජනාධිපති බරක් ඔබාමා"
"I also commend the outgoing administration of former President Mahinda Rajapaksa for facilitating a swift and orderly transition of power." - US President Barack Obama source: whitehouse.gov 2015/01/09

කිසිදු හෝ නීති විරෝධී දෙයක් සිදුවුණිනම් එය එසැනින් ඇමරිකන් ජනාධිපතිවරයාට රපෝර්තු වෙනු ඇත. එසේනම් ඇමරිකන් ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එවන් ප්‍රසංශාවක් කරාවිදැයි සිතා බලන්න.

මෙකී කරුණු කාරණා වලින් මහින්ද රාජපක්ෂ මහතා කිසිදු හමුදා කුමන්ත්‍රණයක් නොකළ බව සනාථ වෙද්දී, එම චෝදනාව නගන ලද එක් අයෙක් වන අමාත්‍ය රාජිත සේනාරත්නට තවදුරටත් මාධ්‍ය හමුවේ එම චෝදනාව ගොනු කිරීමට නොහැකි විය. ඔහුද මහින්ද රාජපක්ෂ මහතාව නිදොස් කොට ප්‍රකාශයක් කරන ලදී.



රාජිත සේනාරත්නගේ ප්‍රකාශයේ හාස්‍යජනක කරුණ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව කුමන්ත්‍රණ සිදුවීමට ගිය බව කීමයි. ඔහු එසේ පවසන්නේ තමන් මුලදී දක්වන ලද චෝදනාව අමූලික බොරුවක් බව පිළිගැනීමට අකමැති නිසා, ඒ චෝදනවේ කොටසක් පමණක් බොරුවක් බව ප්‍රකාශ කරමින් ලැජ්ජාව වසං කරගැනීමට බව පැහැදිළි වෙයි.

මේ ආකරයෙක් තව මොන තරම් සාහසික මඩ අවලාද නගමින් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරන්නට ඇද්ද... අපේ ජනපති මහින්ද මැතිඳුන් පිළිබදව ජනතාවගේ සිතේ තිබූ විශ්වාසය නැති කිරීමට තව කොයි තරමක් මඩ අවලාද කරන්නට ඇත්ද? ඒ සියල්ල්ටම අගෝස්තු 17 වැනිදා ස්ථිර වශයෙන්ම ජනතාවගේ පිළිතුරක් ලැබෙන බව නොඅනුමානයි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.