Mahinda Rajapaksa: September 2015

Wednesday, September 30, 2015

ලෝක ළමා දිනය වෙනුවෙන් අප්පච්චීගෙන් පණිවිඩයක්...!

mahinda-rajapaksa-children

අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය.

මහින්දව විවේචනය කරපු කිරිඇල්ලට රුසියාවේ සහ චීනයේ ප්‍රකාශ වලින් පිළිතුරු.

[1]. "යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට අකුල් හෙළීම හාස්‍යයට සහ කනගාටුවට කරුණක්‌" බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබෙනවා. (2015/09/30 දිවයින)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් යැයි කීවද එය ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත වෙයි. මෙන්න මූලාශ්‍රය.
"පසුගියදා එනම් 15 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවෙන් යෝජනා කරන්නේ අන්තර්ජාතික විනිසුරුවන් සමඟ දේශීය මිශ්‍ර අධිකරණයක් හමුවේ චෝදනා සොයා බැලීමටයි. එය වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන අපේ රජය ලබාගත් ජයග්‍රහණයක් නොවේද?" - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (2015/09/19 දිනමිණ - ආණ්ඩුවේ පුවත්පතකි)

එදා මානුෂික මෙහෙයුමට අන්තර්ජාතික වශයෙන් වැඩිපුරම සහයෝගය දැක්වූයේ රුසියාව, චීනය, පාකිස්ථානය යන රටවල් ත්‍රිත්වයයි. අන්න ඒ රටවල් 3 ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පවසන දේ එදා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටිය කිසිවෙකුටවත් නොසලකා හැරීමට නොහැකියි.

 

[2]. ඒ අනුව කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් ලෙස හඳුන්වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අනුව "ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණය" ගැන අප රටට හිතවත් ලෝක බලවතුන් දෙදෙනා පවසන්නේ කුමක්ද?





රුසියාව සහ චීනය යන ලෝක බලවතුන් දෙදෙනා "විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට තරයේ විරුද්ධ වෙයි"

 

[3]. දැන් අපි ජනතාවගෙන් අහන්නේ, "ඔබ පිළිගන්නේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් යැයි රණවිරුවන්ට මඩ ගහපු ලක්ෂ්මන් කිරිඇල්ල පවසන දේද? නැතහොත් එදා මානුෂික මෙහෙයුමේදී අපට සහයෝගය දැක්වූ ලෝක බලවතුන් දෙදෙනා පවසන දේ ද?"



 

[4]. වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකන් යෝජනාවට පක්ෂ වීම නිසා එය ඡන්ද විවසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට නියමිතයි. (2015/09/30 දිවයින)

එනම් රුසියාවට සහ චීනයට සිය නිශේධ බලය (Veto Power) යොදා ඇමරිකන් යෝජනාව පරාජය කර ශ්‍රී ලංකාව බේරා ගැනීමේ අවසාන අවස්ථාවත් යහපාලන ආණ්ඩුවෙන් අහිමි කර තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජාතීන් ඇමතූ හැටි...

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පැවැත්වෙන මේ දින වල ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ආරම්භ වී තිබේ. පහත දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ආකාරයයි.

Tuesday, September 29, 2015

මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා කියන රනිල්ගේ බොරුවට විමල්ගෙන් පිළිතුරු

ඇමරිකාව සමග ඒකාබද්ධ යෝජනාවක් ගෙනවිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව සහ රණවිරුවන්ව බේරා ගන්නවා කියන රනිල් වික්‍රමසිංහ මහතාගේ බොරුවට විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුනි. ඇමරිකන් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේය.

මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.

[1]. (i). "මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා." යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව 2015/09/28 දිවයින පුවත්පතෙන් වාර්තා කර තිබේ.



 

(ii). "අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම" නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා කියන රනිල් වික්‍රමසිංහ මහතා 2014 දී පැවසූයේ මෙලෙසයි.  (2014/02/03 දිවයින පුවත්පත)


(iii). අපේ රටේ කිසිවෙකු විදුලි පුටුවේ වාඩි කරවන්න බැරිනම්, දේශීය යැයි කියන යුද අපරාධ යාන්ත්‍රණය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා යැයි අලුතෙන් කියන්න දෙයක් නැත. මොකද 2014 දී රනිල් පැවසූ කාරණාව අනුවනම් මහින්ද රාජපක්ෂ මහතා 2003 සිටම විදුලි පුටුවෙන් බේරිලා අවසන් විය යුතුයි.

ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේ ඇත්තක්නම් 2014 දී කියා ඇත්තේ පට්ට පල් බොරුවකි. 2014 දී කියපු දේ ඇත්තක් නම් 2015 දී කියන දේ පට්ට පල් බොරුවකි. ඒ දෙකම ඇත්ත වීමට හැකියාවක් නොමැත. නමුත් දෙකම බොරු විය හැකියි.

 

[2]. "මහින්දව විදුලි පුටුවෙන් බේරෙනවා" යැයි එජාපයෙන් මෑතක සිට පවසන කතාවට උදය ගම්මන්පිළ මහතා මනා පිළිතුරක් දී තිබේ. (2015 දී කියන බොරුවට පිළිතුරු)

"ජිනීවා මානව හිමිකම් පිළිබඳ ලංකාව සම්බන්ධව යෝජනාව සකස්‌ කරන්න ලංකාවෙන් දායක වන්නේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් දෙදෙනා බවත් මේ දෙදෙනා දකුණේ මිනිස්‌සු නිසා දකුණේ අය වන මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අමාරුවේ දැමීමට ඉඩ නොදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

2008 දී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දැවැන්ත යුද්ධයක නියෑලී සිටියදී කොටි පරදන ආණ්‌ඩුව අයවැයෙන් පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට විපක්‍ෂයට ගිය තිදෙනාගෙන් දෙදෙනකු වූයේ මොවුන් බවත් හෙතෙම සිහිපත් කළේය."



ඒ අනුව එදා යුද්ධයට එරෙහි වූවන් බහුතරයගෙන් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව පැහැදිළි වෙයි.

 

[3]. රෝම ගිවිසුම අත්සන් නොකළේ තමන්ගේ වුවමනාව නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙයද පට්ට පල් බොරුවකි. මෙන්න මූලාශ්‍රය (2014 දී කියපු බොරුවට පිළිතුරු).
ශ්‍රී ලංකාව මෙම රෝම සම්මුතියට එකඟ නොවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීයි. මේ සම්මුතියේ ඇති භයානකකම වටහාගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඊට සහය නොදනෙ ලෙස උපදෙස්‌ දී තිබිණි. (2015/08/23 දිවයින)


ලංකා ඉතිහාසයේ කීර්තිමත් රාජත්‍රාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමි විය යුතු ගෞරවය වෙන අය සොරාගැනීමට හැදීම ගැන අපි කණගාටු වෙමු.

රටේ ජාතික ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කළ යුත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා විසිනි. නැතිව අග්‍රාමාත්‍යවරයා විසින් නොවේ. (කාටත් හොරෙන් සාම ගිවිසුම් අත්සන් කිරීමේ නීති විරෝධී භාවය වෙනම බැලිය යුතුයි.)

 

[4].  අනික් අතට රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ පමණින් විදේශ අතපෙවීම් හි අවදානම පහව යන්නේ නැත. මේ බවත් දිවයින ආරක්ෂක තීරුවේ පැහැදිළි කර තිබේ. (මේවා බොරුනම් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයින්ට අදාල පුවත්පත සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම් පළකිරීමට හැකියාව තිබුණි. නමුත් එසේ කර නැත්තේ මේවා ඇත්ත බැවිනි)
ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නොමැති නිසා හමුදා නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට බැරි බවට ඇතැම් දේශපාලකයන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ කොන්දේසි මෙසේයි.

1. රෝම සම්මුතියට අත්සන් කළ රටෙක වැසියකු වීම
2. අපරාධ ක්‍රියා සිදුවූයේ සම්මුතියට අත්සන් කළ රටේ භූමිය තුළදී වීම.
3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශය මත
4. චෝදනා මගින් යුද අපරාධ සිදුවී ඇති බවට සනාථ වීම.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ මෙම සිව්වැනි කරුණ අනුවයි.

චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝපට - හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌a ගෲප් සංවිධානයේ වාර්තාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාගේ වාර්තාව සහ ලන්ඩන් නුවර ප්‍රීඩම් ඔප් ටොචර් සංවිධානයේ වාර්තා මගින් යුද අපරාධ සිදුවූ බවට කරුණු ගොනු කර තිබේ. (මේවා බොරු චෝදනා වන අතර දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් අයුරින් මේවා නිශේධනය කළ යුතුය)

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය ක්‍රියාත්මක වන්නේ ඉහත කී වාර්තා මතය.  (මූලාශ්‍රය: 2015/08/23 දිවයින)

 

[5]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්න බටහිරයන් මීටත් වඩා බරපතල උත්සාහයක් දැරුවේ මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ සහ අවසන් වූ පසු වසර කිහිපය ඇතුළතදීයි. නමුත් එවකට චීනය සහ රුසියාව යන ලෝක බලවතුන් දෙදෙනා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය නිසා මානව හිමිකම් චෝදනා නිශේධනය කිරීමට හැකි විය.  වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියානම් වත්මන් ආණ්ඩුව මෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අභ්‍යන්තරව පවත්වමින් අහක යන නයි රෙද්ද අස්සේ දාගේන්නේ නැත.,  ලෝක බලවතුන් දෙදෙනාගේ නිශේධ බලය යොදවා පසුගිය පෙබරවාරි වලදීම මෙම යෝජනාව පරාජය කරනු ඇත.

Monday, September 28, 2015

අමාදම් සිසිළ - සම්පූර්ණ ධර්ම දේශනාව

2015.09.27 බිනර පෝය නිමිති කරගනිමින් තoගල්ල "කාල්ටන්" නිවසේදී පැවැති අමාදම් සිසිළ 142 ධර්ම දේශනය...



අමාදම් සිසිළ ධර්ම දේශනා මාලාව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි අවධියේ සෑම පුන් පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ පැවැතිවුණි. දැනුත් එම ධර්ම දේශනා පින්කම නොකඩවා සිය නිවසේ පවත්වයි. ඊට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අවස්ථාව.



මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!

සේයා දැරියව අමානුෂික ලෙස දූෂණය කිරීම ගැන සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනුණි. පසුව ඒ සිසුවා නොව වෙනෙකෙකු අපරාධකරු බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දැක්වූයේ මෙලෙසයි.



වත්මන් යහපාලන ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන යන්නේත් එවැනිම ක්‍රමවේදයකි. මාධ්‍ය යොදාගෙන හිතෙන හිතෙන බොරු බේගල් කියමින් මඩ ගසන අතර පසුව ඒවා ව්‍යාජ චෝදනා බව ඔප්පු වෙයි. එවිට මාධ්‍ය යොදාගෙන දඬුවම් ලබා දී අවසන්.

17 හැවිරිදි පාසල් සිසුවාව අත් අඩංගුවට ගැනීම ගැන, අදාල නියම අපරාධකරුව අත් අඩංගුවට ගැනීමට පෙර දසුන් වානගුරු නැමැති අප හිතවත් මහතෙක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ලිපියක් පහතින් ඔබ හා බෙදා ගන්නෙමු.

----------------------------------




සේයාගේ මරණයට ප්‍රථමයෙන් පියා ආපරාධකරුවා යැයි මාධ්‍ය විසින් ප්‍රචාරය කළේය. විශේෂයෙන් ***** එසැණ පුවත් , සහ **** FM වෙබ් අඩවි වලින් ප්‍රචාරය කළේ පියා මිට පෙරත් ළමා අපචාරයක් සම්බන්ධයෙන් වරද කරුවෙක්ව දඩුවම් ලැබුවෙක් යන්නය. අපද ඒ පිළිබද වැඩි විශ්වාසයක් තබා ගත්තේ රටේ වගකිවයුතු මාධ්‍ය ආයතන දෙකක් එම පුවත ප්‍රචාරණය කළ නිසාය. සේයාගේ පියාගේ පෙර වැරද්දක් තිබීම වෙනම කරුණකි, නමුත් සේයා නම් අහිංසක මල් කැකුළ තලා දැමීම ගැන පියාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහුගේ පෙර වැරැද්ද මුළු රටක්ම දැනගත්තේය.



දෙවනුව මාධ්‍ය වාර්තා කල පුවත වුවේ මවගේ අනියම් සම්බන්ධතාවක් පවතින බවත් එම අනියම් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් තවත් වෙබ් අඩවි කිහිපයක් මගින්ම උලුප්පුවා පුවත් පළ කළේය. මිය ගිය සේයාට අමතරව තවත් දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට ලංකාවේ මාධ්‍ය වල පිහිටෙන් දින කිහිපයකදී **වියක් යන විරුදාවලිය ලැබුණි.

තෙවනුව අසළ නිවසක අවූරුදු 17 ක පාසල් දරුවෙක් වෙත සැකය යොමු වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ පරිගණකය ගෙන පරික්ෂා කිරීමේදී එහි නිල් චිත්‍රපට විශාල සංඛාවක් ඇති බවත්(එම නිසා ඔහු සේයාගේ මරණයට වගකිවයුතු බවත්) හැගෙන අයුරින් විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට ලංකාවේ තුප්පහි මාධ්‍ය කටයුතු කළේය. එහළින් සදහන් කළ ***** එසැණ පුවත් , සහ ** FM වෙබ් අඩවිත් **** News ඇතුළු තවත් බොහෝ මාධ්‍ය නාලිකා, පුවත්පත් සහ වෙබ් අඩවි මගින් අදාළ දරුවාගේ නිල් චිත්‍රපට පුවත විශේෂ පුවත් ලෙස නිතර නිතර ප්‍රචාරණය කළේ මාධ්‍ය සදාචාරයේ ''අ'' යන්නවත් නොදන්න තුප්පහි මාධ්‍ය ආයතන පරිදෙන්මය.

පරිගණකයේ නිල් චිත්‍රපට තිබු පමණින් ඔහු වරදකරුවෙක් වන්නේනම් ලංකාවේ තරුණයන්ගේ 98% ක්ම අත්අඩංගුවට ගෙන වෙනම දුපතක් මිලදීගෙන එහි සිර මැදිරි සාදා සිර කළ යුතුය. දැන් එම තරුණයාත් වැරදි නැත වෙනත් පුද්ගලයෙක් ගැන සැකයයි පොලිසිය සහ මාධ්‍ය වාර්තා කරයි. නිවැරදිම පුද්ගලයා කව්දැයි යන්න නිවැරදිව සොයාගන්නාතුරු සැකකරුවන් ගැන මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය යන්න පොලිසියට විසින් ස්වයන් පාලනයක් සහ සදාචාරයක් තිබිය යුතුය, නැතහොත් මාධ්‍ය වලට සදාචාරයක් තිබිය යුතුය අවාසනාවට ඒ දෙකටම එය නොමැතිවීම මුලිකම වැරැද්දයි.

සේයා අවාසනාවන්ත ලෙස මිය ගොසින් අවසන්ය, ඇයගේ ඝාතනයට වගකිවයුතු සැබෑ අපරාධකරුවන්ට උපරිම දඩුවම දිය යුතුය ඒ ගැන තර්කයක් නැත. නමුත් ලංකාවේ තුප්පහි මාධ්‍ය සහ එහෙ මෙහෙ අතගාමින් ඉන්න පොලිසිය විසින් හෙට මෙය ලියන මාත්, මෙය කියවන ඔබත් මෙම අපරාධයට හසුකර පුවතක් පළ කළහොත් එය ගැන පුදුම වීමට අවශ්‍ය නොවේ. ඒතරම් ලංකාවේ මාධ්‍ය හොදය. මිය ගිය සේයාගේ අනෙක් සහෝදරන් දෙදෙනාට සිය පියා බාල අපරාධකරුවෙක්, සිය මව **වියක් ලෙස ලංකාවේ මාධ්‍ය විරුදාවලිය ලබාදී තිබේ.

අවූරුදු 17ක තරුණයාගේ පරිගණකයේ නිල් චිත්‍රපටි කථාවෙන් හෙට ඔහුට මහමගට බැසීමට නොහැකි තත්වයක් උදා කොට තවත් සියදිවි නසා ගැනීමේ අවදානමක් නිර්මාණය කොට ඇත. එයටද ස්තුතිවන්ත විය යුත්තේ ලංකාවේ මාධ්‍යටයි.!!!

මහින්ද මැතිඳුන් ඇමරිකන් යෝජනාවේ භයානක කම පැහැදිළි කරයි.

mahinda-rajapaksa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේධී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා විසින් අදාල යෝජනාව ගැන නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


Sunday, September 27, 2015

පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))

රජයට අයත් රක්නා ලංකා ආයතනය හා සම්බන්ධවී සමුද්‍ර ආරක්ෂණය සිදුකර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීමට තරම් හේතු නොමැති බව අධිකරණයෙන් තීන්දු කළේය. (සම්පූර්ණ විස්තරය මෙතනින්)


අධිකරණයේ තීන්දුව දිරවාගත නොහැකි වුණ යහපාලන ආණ්ඩුවේ සමහරුන් තම හිතවත් මාධ්‍ය හරහා සමුද්‍ර ආරක්ෂව ගැන මෙලෝ හසරක් නොදන්නා අය යොදාගෙන ඇවන්ගාඩ් සමාගම ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ට පිළිතුරු ලෙසට ඇවන්ගාඩ් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද පැහැදිළි කිරීමක් පහත සාකච්ඡාවේ දැක්වේ.

ජාත්‍යන්තර අධිකරණයක් මෙයට පෙරත් ලංකාවේ තිබුණා. මෙන්න සිදුවුණ දේ...

ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ ජාත්‍යන්තර පරීක්ෂකයින් සහිත අධිකරන ක්‍රියාවලියකට වත්මන් රජය ඇමරිකා එක්සත් ජනපදය සමග එකඟ වූ බව වාර්තා වෙයි. මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේත් මෙවැනි සිදුවීමක් වාර්තා වේ. ඒ කුමක්දැයි හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙලෙස පැහදිළි කරයි.

පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

අපවත්වී වදාළ උඩුගම්පල දොබවල පුරාණ විහාරාධිපති පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැමිණි මොහොත. ප්‍රසන්න රණතුංග මහතාද මේ අවස්ථවට සහභාගි විය.

පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!









Saturday, September 26, 2015

මහින්ද මැතිඳුන්ගේ කාලයේ අධ්‍යාපන තීන්දු වලට මඩ ගැසූ අයට කරගත් විනාසය වැටහෙයි.

[1]. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත්වන සංඛ්‍යාව වසරකදී ලක්ෂ 2 ක් ඉක්මවන අතර මේ තත්වය තුල පසුගිය වසර තිහක කාලය තුල තරුණ අසහනය වර්ධනය වීමට හේතු විය.

ගණිතය පිළිබඳ දැනුම සෑම කටයුත්තකදීම වාගේ අත්‍යවශ්‍ය වේ. එනමුත් ගණිත හැකියාව නොමැති වුවද මොළයේ දකුණු අර්ධය වඩාත් වර්ධනය වී ඇති අයට කලා හැකියාව උපරිමයෙන් තිබීමට හැකිය.

උදාහරණ ලෙස විනාඩි කිහිපයක් වැය කර මෙම අන්තර්ජාල අභ්‍යාසය සිදුකිරීමෙන් ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට පුළුවන.
[2]. එම කාරණා කිහිපය හේතු කොටගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ "කලා විෂය ධාරාව පමණක්" හැදෑරීමට ඉඩ සලසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 2014 ජුලි මාසයේදී නව චක‍්‍රලේඛයක් නිකුත් කෙරුණි. (2014/07/30 NethFM)

එම තීරණය ගත්තේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය ඉහළ යමින් පැවැති යුගයකදී බවත් සිහිපත් කළ යුතුයි. (2014/04/09 Mawbima)



හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ එම යෝජනාව සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ පැසසුමට ලක්ව තිබූ බව BBC මාධ්‍යවේදීන් පවා වර්තා කර තිබේ.

එනමුත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාරයක් එවකට විපක්ෂයෙන් එල්ල කළ අතර, එහි අරමුණ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කිරීමයි.

 

[3]. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, උසස් පෙළ හැදෑරීමටනම් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කළේය. ඒ අනුව උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමටත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කෙරුණි. (2015/01/27 News.lk)


 

[4]. එහි ප්‍රතිඵලය වූයේ එජාපයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. දිනය 2015 මාර්තු 30, සාමාන්‍ය පෙළ ගණිතය දෙවන වරටත් අසමත් වීම නිසා සිසුවියක් සාරියකින් ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත්තාය. (2015/03/30 HiruNews)


ඊට අමතරව හැටන් ප්‍රදේශයේ තවත් සිසුවියන් 2 නෙක් සියදිවි නසාගැනීමට තැත් කළ බව ඉහත වීඩියෝවේ වාර්තා කර තිබුණි.

යහපාලන ආණ්ඩුව හුදු  දේශපාලනික හේතු මත උගත් ආර්ථිකවිද්‍යා ගුරුතුමාට මඩ ගසමින් තමන් ගත් අනුවණ තීරණය ගැන වැටහුණි.

 

[5]. අන්තිමට යහපාලන ආණ්ඩුවෙන් කළේ කුමක්ද? ජනවාරියේ ගත් තීරණය ගැන කිසිදු මතක් කිරීමක් නොකර O/L අසමතුන් සියල්ලන්ට උසස් පෙල හදාරන්න අවස්ථාව ලබා දෙන බවට ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා තීරණය කිරීමය. (2015/09/24 SriTv)

එදා බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට පමණක් අවසර දීමයි. පහත දැක්වෙන පුවතට අනුව යහපාලන ආණ්ඩුවේ අලුත් තීරණය කුමක්දැයි පැහැදිළි නැති අතර, සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ විද්‍යා/වාණිජ විෂයන් සඳහා අවසර දෙන බව කීවත් එය පුදුමයක් නොවේ.


එජාපයේ සමහර ආධාරකරුවන් ෆේබුක් එකේ පවසා තිබුණේ, "මහින්දගෙ කාලෙදි කරපු වැරදි දැන් නිවැරදි කරන බව" ය. එනමුත් ඇත්තටම සිදුවී ඇත්තේ මහින්ද මැතිඳුන්ගේ UPFA ආණ්ඩුව දුරදිග බලා ගත් නිවැරදි තීරණ වලට මඩ ගැසීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් සිදුකළ දේවල් ආපසු අකුලා ගැනීම බව ඔබට පේනවා නේද?

Friday, September 25, 2015

"ලංකාවේ කාර් වැඩියි" - කාර් එකක් ගන්න UNP යට ඡන්දෙ දෙන්න කියපු අය දැන් කියන දේ

"ෆුල් ලීසිං" තහනම් කරමින් නිකුත් කල චක්‍රලේඛය පැහැදිළි කරමින් රවි කරුණානායක මහතා පැවසූයේ පසුගිය කාලය තුළ අනවශ්‍ය ලෙස මෝටර් රථ මෙරටට ආනයනය කර ඇති නිසා මෙම තීන්දුව ගත් බවයි.

කාර් පාරවල් වලට දරාගන්න බැරි තත්ත්වයට ඇවිත් ඇති බවත් එය තමන් නිවැරදි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහාමාර්ග වලට දරාගන්න බැරි තරම් වාහන ආ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එජනිස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ අලුතෙන් මහා මාර්ග ඉදි කිරීම සහ තිබෙන මහා මාර්ග පුළුල් කිරීමයි. සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා හයිබ්‍රිඩ් වාහන වලට රජයෙන් සහන ලබා දුනි, දුම් පරික්ෂාව අනිවාර්ය කෙරුණි, පොදු ප්‍රවාහනය සංවර්ධනය කෙරුණි. නමුත් කිසිම විටෙකවත් දැන් රටේ වාහන වැඩියි කියා වාහන සීමා කිරීම වැනි කැකිල්ලේ තීන්දු ගත්තේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීමකුයි පහත දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙනුයි.



තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ ගැන විස්තර.

Thursday, September 24, 2015

කොළඹ මීගමුව විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ කුමන වකවානුවේදී ද?

[1]. "මහින්ද චින්තන - ඉදිරි දැක්ම" නැමැති යටිතල පහසුකම් සංවර්ධනය අභිමුඛ කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට වූ පොරොන්දුවක් ඉටු කරමින් විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කීරිම ආරම්භ කෙරුණා. ඒ සඳහා Airport Express – Air & Rail Company (Pvt.) Ltd (AEARCPL) සම්බන්ධ කරගනිමින් කටයුතු ආරම්භ කළේ 2013 තරම් ඈතකදීයි.

නමුත් මෑතකදී යහපාලන ආණ්ඩුව විසින් මෙම මීගමුව කොළඹ විදුලි දුම් රිය මාර්ගය තමන්ගේ වැඩක් බව සමාජ ජාල හරහා පෙන්වයි.


ඒ නිසා මෙහි ඇත්ත නැත්ත අන්තර්ජාලයේම තොරතුරු ඇසුරින් විමසා බලන්නේ  සත්‍යය කුමක්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසයි.


 

[2]. Airport Express – Air & Rail Company (Pvt.) Ltd විසින් පළ කර ඇති ඉහත වීඩියෝවේ දිනය බලන්න. එය පළ කර ඇත්තේ 2013 ජුනි 11 දිනදී ය. YouTube වෙත upload කරන ලද වීඩියෝ වල දින වෙනස් කිරීමට නොහැකියි. ඒ අනුව ඉහත දැක්වෙන විදුලි දුම්රිය මාර්ග සැලසුම 2013 දී සිදුකළ බවට තහවුරු වෙයි.



 

[3]. කොළඹ සිට කටුනායකට සැලසුම් කළ විදුලි දුම්රිය මාර්ගය , 2014 වෙත්දී මීගමුව දක්වා දීර්ඝ කර සැලසුම් කෙරුණා. ඒ බව රජයේ පුවත් වෙබ් අඩවියේ සඳහන්. එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙය 2015 මුලදීම ආරම්භ වීමට නියමිතව තිබුණා.



එහි වර්ෂය සඳහන් නොවුණත් තවම 2015 දෙසැම්බර් 24 ලබා නොමැති බැවින් , එය 2015 ට පෙර වර්ෂයක දෙසැම්බර් 24 බව තහවුරු වෙයි. එසේම එහි search result හි 2014 වර්ෂය සමග දිනය දැක්වෙයි.



 

[4]. මේ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගහන අතරේ එතුමා ආරම්භ කළ ව්‍යාපෘති තමන්ගේ ලෙස පෙන්වමින් යහමින් රට රැවටීමත් සිදු කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑදූ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය හැදුවේ රනිල්ගේ මගපෙන්වීමෙන් බව සඳහන් කරගන්න එකේ මේකනම් එක අතකට මහ දෙයක් නොවෙයි.

 

[5]. මහින්ද චින්තනයෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කාගේ නම ගසා ගත්තත් ඉදිරියටම කරගෙන යනවානම් එය අපට සතුටක්. එනමුත් බොහෝ සංවර්ධන කටයුතු නතර කර තිබීම කණගාටුදායකයි.

දුම්රිය මාර්ග සංවර්ධනය නැමැති  ක්ෂේත්‍රය ගැන පමණක් බැලුවත්, මොරටුව සිට තලංගම දක්‌වා මොනෝ රේල් ව්‍යාපෘතිය මේ වන විට නතර කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙම මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2015 අප්‍රියෙල් මාසයේ සිටයි.  එසේනම් තව අවුරුදු 4 කට පසුව ඔබට මෙවැන්නක අත්දැකීම විඳගැනීමට තිබුණා. (source: 2012/09/02 sundayobserver.lk)



Wednesday, September 23, 2015

තවත් මඩක් අවසන්. පක්ෂයෙන් දැරිය යුතු ප්‍රචාරක වියදම් පුද්ගලිකව දැරීමට කීම.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය 2015 ජනාධිපතිවරණයට තරග කළේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නොවේ. එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසටයි.

කිසියම් පක්ෂයක් මගින් තරග වදින ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රචාරක වියදම් අදාල පක්ෂය විසින් දැරීම සිරිතයි. උදාහරණ ලෙස ජනාධිපතිවරණයේ අනෙක් අපේක්ෂකයා දැරූ අති දැවැන්ත මුදල ඔහුගේ පෞද්ගලික මුදල් පසුම්බියෙන් වියදම් කළ ඒවා නොවේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රචාරක වියදම් ගෙවීමට ඉතිරිව ඇතිනම් ඒවා පියවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය යි. ජනාධිපතිවරණයෙන් පසුව එතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බැවිනුත්, පසුගිය මහ මැතිවරණයේ එතුමා කටයුතු කළේ මැතිවරණ මෙහෙයුමේ නායකයා ලෙස පමණක් බැවිනුත් අදාල මුදල් පියවීමට පක්ෂය මෙහෙයවීමේ වගකීම එහි වත්මන් නායකයින්ට භාර වෙයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීමටත් පෙර මාධ්‍යවේදීන්ම මේ ගැන පවසන ආකාරය බලන්න. මන්ද යත් පක්ෂයක ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවන්නේ අදාල පක්ෂයෙන් බව රූපවාහිනී ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් හොඳාකාරව දනියි.



එසේම අදාල රූපවාහිනී ආයතනයේ දැන්වීම් පළ කිරීමේදී සිදුවූ ගැටලු සහගත සිදුවීම් ගැනත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ඒවා ආයතනික මට්ටමෙන් පරීක්ෂණ පවත්වා විසඳා ගත යුතු දේවල් වෙයි. නිලධාරීන් සිදුකරන දේවල් වලට මහින්ද රාජපක්ෂ මැතිතුමා පුද්ගලිකව වගකිව යුතු නම්, පසුගිය දා පොලිස් නිලධාරියෙකු විසින් ආබාධිත පුද්ගලයෙකුට පහර දීමටත් වත්මන් පාලකයින් පුද්ගලිකව වගකිව යුතු යැයි චෝදනා කළ හැකි වේවි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එල්ල කළ සියලුම චෝදනාවන් පට්ට පල් බොරු මඩ විතරක් බව ජනතාවට මේ වන විට පැහැදිළිව පවතියි. එනිසා ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් ලෙසට සංධානයෙන් ගෙවිය යුතු මුදල් ගෙවීම ප්‍රමාද කර, මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන බවක් දක්නට ලැබේ.

මහින්දව පරද්දලා අපි කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩකමයි - UNP ක්‍රියාකාරිකයෙක් ((video))

පහත වීඩියෝවේ සිටින එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික තරුණයෙක් වන මධුශංඛ ගනේගොඩ පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එජනිස යටත් එරෙහිව බරපතල වාග් ප්‍රහාර එල්ල කරමින් අන්තර්ජාලය තුළ පළකළ වීඩියෝ ඔබත් දකින්නට ඇති. ඒවා නැවත ප්‍රචාරය කිරීම ඔහුටත් අනවශ්‍ය යැයි අප සිතන බැවින් ඒවා මෙහි පළ කරන්නේ නෑ.

මේ වෙද්දී ඔහුටත් රටට සිදුවුණ විපත ගැන වැටහී තිබෙන බවක් දිස් වෙනවා. "සිංහයෙක් වගේ එඩිතර නායකයෙක් වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෙදර යවලා මිනිස්සු කරගත්තේ ඉතිහාසයේ ලොකුම මෝඩ කමක්, යහපාලනය ගෙන ඒමට කටයුතු කරපු එක ගැන කණගාටු වෙනවා" ආදී වශයෙන් ඔහු කියන දේ ඔබත් අසා බලන්න.



mahinda.info කියවන අපගේ හිත මිතුරන්ගෙනුත් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔහුට බැන වැදීමෙන් හෝ අපහාස උපහාස කිරීමෙන් වලකින ලෙසටයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනයෙන් රට ගිහිලුන දා පටන් සිදුවෙන ආර්ථික කඩා වැටීම, ජීවන වියදම ඉහළ යාම, සංවර්ධනය එකතැන නතර වීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම, රණවිරුවන් දංගෙඩියට යාම, අපරාධ රැල්ල, පාතාලය හිස එසවීම ආදී රටට සිදුවුණ නස්පැත්තිය නිසා එජාපයේ තව බොහෝ පාක්ෂිකයින් මේ ආකාරයෙන් තමන් කරගත් විපත ගැන පසුතැවෙනවා.

යහපාලන ආණ්ඩුව පත් වුණ ගමන්ම රටට මෙහෙම වුණානම් තව අවුරුදු දෙක තුනක් යද්දී රට කොතන තියේවිද කියල සිතාගත නොහැකි වේවි. එළඹ ඇත්තේ පක්ෂ විපක්ෂ බේධයකින් තොරව රටේ මහජනතාව එකමුතුව රට වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

Tuesday, September 22, 2015

මහින්ද මැතිඳුන්ගෙන් විශේෂ නිවේදනයක්. UN වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතුයි!

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව විසින් එළිදක්වා ඇති වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි. මේ බව සඳහන් කරමින් එතුමා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.











මහින්ද මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කීම සම්පූර්ණ අසත්‍යයකි.



එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර ජනමාධ්‍ය සහ අන්තර්ජාල වෙබ අඩවි මගින් මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවට පළ කර ඇති පුවත සම්පූර්ණ බොරුවක් බව මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා කර තිබේ. එවැන්නක් සඳහා එතුමා හෝ එතුමාට හිතවත් කිසිවෙක් කතා කර හෝ නොමැත.

මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම යාමක් සිදුකරන බවට ජනවාරි 8 වෙනිදා සිටම එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර මාධ්‍ය පළ කළ අතර ඒවාද මේ වන විට පට්ට පල් බොරු බවට පත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන පසුගිය කාලයේ තොරක් නැති චෝදනා එනම් හෙලිකොප්ටර් 6, බකින්හැම් අශ්වයින්, ලැම්බෝගිණි, ආරුගම්බේ බකින්හැම් මාලිගාව, ඇමරිකන් මාලිගාව, කොමිස්/මෙගා ඩීල්, හමුදා කුමන්ත්‍රණ, හම්බන්තොට වරාය, මත්තල, අභිරහස් ගුවන් යානය, කෑම බිල, ආයුධ නැව, KP, එතනෝල්, කුඩුකොටින්ට මුදල් දුන්නා කීමවාහන 1600 ය, ටොන් 310 ක රත්තරං, නිධන් හෑරීම, ආදී මඩ සිය ගණනක් එල්ල කළ අතර ඒ සියල්ලම මේ වන විට බොරු බවට පත් විය.

කුරුණෑගල ජනතාව 423,529 ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය වන 83.32% වාර්තා කළේ එතුමාට විශ්‍රාම යාමට නොවේ. ඒ අනුව ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ට සහ තමන් වෙනුවෙන් පක්ෂයට ඡන්දය ලබා දුන් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියි.

අලුත් ආණ්ඩුවක් පත් වූ ගමන්ම කකුලෙන් ඇදීම නුසුදුසු නිසා ඔවුන් ගැන සාධාරණ විවේචන සහිතව වගකීම් සහගතව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වෙයි. එසේම එජාපයෙන් රටට අත් වුණ ඉරණම වටහා ගැනීමටත් පාවෙන ඡන්ද දායකයාට යම් කාලයක් අවශ්‍ය වී තිබේ.

විශේෂ සමීක්ෂණ ප්‍රතිඵලයක්. මැතිවරණ වලදී ජනතාව තම පක්ෂ වෙනස් කළ ආකාරය.



අන්තර්ජාලය භාවිතා කරන ජනතාව පසුගිය කාලයේ පැවැති එක් එක් මැතිවරණ වලදී තම පක්ෂ වෙනස් කළ ආකාරය දැනගැනීමට ඔබත් කැමති ඇති. පහත දැක්වෙන්නේ එවන් සමීක්ෂණයක්.

සංකීර්ණභාවය අඩු කිරීම සඳහා පක්ෂ 4 ක් පමණක් යොදා ගත් අතර මැතිවරණ 3 ක් පමණක් යොදා ගැනෙයි.

වඩාත් කල්පනාකාරීව ඔබට අදාල වරණය තෝරන්න.

වැඩි පිරිසකගේ මතය ඔබටත් දැනගැනීම සඳහා මෙම සමීක්ෂණය සමාජ ජාල තුළ බෙදා හරින්න.


Monday, September 21, 2015

මහින්දව තවත් සඟවයි. අධිවේගී මාර්ගය හැදුවෙත් රනිල්ගේ මගපෙන්වීමෙන් බව ලියවෙයි. ((VIDEO))

මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 වෙත්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය සහිතව සිදුකරන ලද මහා සංවර්ධන ක්‍රියාවලියේ එක් කොටසක් වූයේ අධිවේගී මාර්ග පද්ධතිය යි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකළ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය ගැනත් එය විවෘත කිරීම ප්‍රමාද වීමට හේතුව ගැනත් තොරතුරු මීට පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවෙමු.

කෙසේ නමුත් එම අධිවේගී මාර්ගය විවෘත කරන ඵලකයේ සඳහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි එය ඉදිකර ඇති බවකි.



එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිකළ දේවල් වත්මන් ආණ්ඩුවෙන් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් අසද්දී, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගැන බෙහෙවින් සංතෝෂයට පත් වෙන බවත්, ඒවා ඉදි කළේ ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා බවත්, විවෘත නොකළ ඉතිරි මහින්දෝදය විද්‍යාගාරත් විවෘත කළ යුතු බවත් පැවසුවේය. (VIDEO) ඒ අනුව මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිසිදු අහිතක් නොමැත.



ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එවකට විපක්ෂයේ බොහෝ පිරිස් වලින් නින්දා අපහාසයන්ට ලක් වීමට සිදුවිය.

වෙනකක් තියා කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය සෑදීම මෙහෙයවීම ගැන නම ගසා ගත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා චෝදනා කළේ "ගුවන් පාලම් වැඩක් නෑ, මොනවටද මේ ගුවන් පාලම්?" යනුවෙනුයි.

මහින්දෝදයට මඩ ගහන අයට NCASL එකෙන් අභියෝගයක්. හැකිනම් එම මුදලට හදා පෙන්වනු!

"මහින්දෝදය ඉදිකිරීම්වලදී දූෂණ අක්‍රමිකතා වූ බවට චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා - ජාතික ඉදිකිරීම් සංගමය කියයි" මැයෙන් යුතුව මහින්දෝදය විද්‍යාගාර වලට එරෙහිව චෝදනා කරන උදවියට පිළිතුරු ලිපියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.





පසුගිය රජයේ පාලන කාලයේදී රාජ්‍ය පාසල් සඳහා ඉදිකරනු ලැබූ මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීමේදී දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇතැයි ඇතැම් දේශපාලකයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් එල්ල කර සිටින චෝදනා තම සංගමය ප්‍රතික්‍ෂේප කරන බව එම ඉදිකිරීම් කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසා සිටී.

එහි සභාපති දේශමාන්‍ය ආචාර්ය සුනිල් ලියනආරච්චි මහතා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ තම සංගමයේ සාමාජිකත්වය දරන ඉදිකිරීම් ආයතන හා සමාගම් 3000 ක්‌ පමණ පවතින බවත් එම ආයතන අතුරෙන් කීපයක්‌ මෙම විද්‍යාගාර ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදු කළ බවත් ය.

මෙම විද්‍යාගාරයන් ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 100 කට අධික මුදලක්‌ වැයවන බවට රාජ්‍ය ආයතන ඇස්‌තමේන්තු කර තිබියදී ලක්‍ෂ 80 ක්‌ වැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ එම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට තම සංගමයට අයත් ඉදිකිරීම් ආයතන කැමැති කරවා ගැනීමට හැකි වූ බව ද සුනිල් ලියනාරච්චි මහතා පවසයි.

මෙම ව්‍යාපෘතියට තම සංගමය සහය දැක්‌වූයේ රජයේ සංවර්ධන වැඩ පිළිවෙලට සහාය දැක්‌වීමක්‌ වශයෙන් බව ද හෙතෙම කියා සිටී.

ඒ සඳහා සංගමයේ සහෝදර ඉදිකිරීම් ආයතන තමන් වෙත කරුණු තුනක්‌ ඉදිරිපත් කළ බව ද ඒ අනුව මෙම ඉදිකිරීම්වලදී තමා ඉගෙන ගත් පාසල, තම දුවා දරුවන් ඉගෙන ගත් පාසල හා තම ආයතනයට හෝ කාර්යාලයට ආසන්නව පවතින පාසල් දෙස අවධානය යොමු කර මෙම කටයුත්ත සිදු කළ බව ද සුනිල් ලියනාරච්චි මහතා පවසයි.

අදාළ ඉදිකිරීම් ජාතික ඉදිකිරීම් සංගමයේ අධීක්‍ෂණය යටතේ ඉදිකළ බවත් රු. ලක්‍ෂ 80 ක්‌ වැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ සිදු කළ ඉදිකිරීම් පහසු කර ගැනීම සඳහා උපකරණ හා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී අදාළ ආයතන දැනුවත් කර අවම මිල ගණන් යටතේ ඒවා මිලදී ගැනීමට සංගමය හැම විටම කටයුතු කළ බවත් හෙතෙම කියා සිටී.

මෙවැනි ඇස්‌තමේන්තුවක්‌ යටතේ එවැනි ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම අපහසු කරුණක්‌ වන බවත් පෙන්වා දෙන සභාපතිවරයා ඒ පිළිබඳව චෝදනා කර සිටින අයට එවැනි ගොඩනැඟිල්ලක්‌ එම ඇස්‌තමේන්තු යටතේ ඉදිකර පෙන්වා දෙන ලෙසත් අභියෝග කරන බව ද සඳහන් කළේය.

කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් ආයතන අටසීයක මෙහෙයවීමෙන් විනිවිදභාවයකින් යුතුව මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ ලෙස මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීමේ කටයුතු සුළු කාලයකින් නිමා කිරීමට හැකිවීම ගැන සතුටු වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Sunday, September 20, 2015

ජිනීවා වාර්තාවට එරෙහි අයව හිරේ දාන්න හදද්දී එජාපය එදා ගහපු බොරු මෙන්න.



[1]. අද දින ඉරිදා දිවයින පුවත්පතේ "හිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න" මැයෙන් පළ වූ ලිපිය සම්බන්ධයෙන් අප කාගේත් අවධානය යොමු විය යුතුයි. එහි සඳහන් වූයේ,
නව රජය රටේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ සම්බන්ධව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යෑවීමට උත්සාහ ගන්නා පාර්ශ්ව වලට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයාගේ වාර්තාව (ජිනීවා) සම්බන්ධව මේ වන විටත් ඇතැම් පාර්ශ්ව ජනතාව නොමග යෑවීම සඳහා අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවට රජයට තොරතුරු ලැබී ඇතැයි එම ඇමැතිවරයා පැවැසීය.

රජය ගෙනයන වැඩපිළිවෙළ සාධනීය ලෙස විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇතත් අසත්‍ය ප්‍රචාර සැලසුම් කරමින් ජනතාව නොමග යවමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක්‌ නැති බව කී ඇමැතිවරයා එලෙස ක්‍රියා කරන කණ්‌ඩායම් පිළිබඳව දැඩි ලෙස රජය විමසිලිමත්ව සිටින බව පැවැසීය. (source: 2015/09/20 Divaina.com)

එහි සමස්ථ අර්ථය වන්නේ දිවයින මාධ්‍යවේදියා දැක්වූ අයුරින්ම ජිනීවා වාර්තාව ගැන බොරු කියන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, එය බොහෝ විට සිරගත කිරීමක් විය බවත් ය.

 

[2]. බොරු කියන අයව දඬුවම් කිරීම ඇත්තෙන්ම ජනතාවත් අනුමත කරන දෙයකි. එනමුත් ජිනීවා වාර්තාව වැනි සංකීර්ණ තත්ත්වයක් සම්බන්ධයෙන් එය එලෙසම ක්‍රියාත්මක කළ හැකිද? උදාහරණ ලෙස,

(i). ජිනීවා යෝජනාව රටට හිතකර බව වත්මන් ආණ්ඩුවට පක්ෂ යම් පිරිසකගේ මතයයි.
(ii). ජිනීවා යෝජනාව රටට හිතකර නොවන බව වත්මන් ආණ්ඩුවට විරුද්ධ සාතිශය බහුතරයකගේ මතයයි.

ඒ අනුව ඉන් එක් පාර්ශවයකට අනුව අනික් පාර්ශවය "අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්" ය.

එනිසා සිදුවිය යුත්තේ එකිනෙකාගේ මතවාදයන් සංවාදයට බඳුන් කිරීම වන අතර එවිට සත්‍යය කුමක්දැයි ජනතාව විසින් වටහා ගනීවි.

 

[3]. ආණ්ඩුවට අනුව ජිනීවා වාර්තාවට එරෙහි අය "අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්" බැවින්, ඉහත දිවයින පුවත්පතේ ලිපියට අනුවනම් ජිනීවා වාර්තාවට එරෙහි අයට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

"යහපාලනය" යනු වත්මන් ආණ්ඩුවේ මතයට එරෙහිව තම මත පළ කරන අයව මර්දනය කිරීමනම් හෝ පළිගැනීම නම් ඔවුන්ට සතුටු විය හැකි වේවි. එනමුත් ඊට වඩා පුළුල් දෙයක් බලාපොරොත්තු වූ අයගේ ප්‍රතිචාරය කෙබඳු ද?

 

[4]. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී විපක්ෂයේ උදවියට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑවටත් වඩා නිදහසක් දී තිබුණි. සමහරුන්ට අනුවනම් එය නොදිය යුතු ආකාරයේ වල්බූරු නිදහසකි. පුවත්පත් වල පවා පළ කරමින් නිවැරදි කිරීමට සිදුවූ පහත බොරු ලයිස්තුව බලන්න. (විශාල කර කියවීම සඳහා පින්තූරය මත Click කරන්න)


එජාපය ප්‍රමුඛ පක්ෂ වලින් මහින්ද රාජපක්ෂ මහතා සහ පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කරන ලද බොරු, අවලාද සහ ව්‍යාජ චෝදනා 190 ක් ගැන මේ වන විට mahinda.info වෙතින් සාක්ෂි හා මූලාශ්‍ර සහිතවම පිළිතුරු දී තිබේ.

එතරම් අසත්‍ය ප්‍රචාර කන්දරාවක් එල්ල කරන ලද උදවිය, වර්තමානයේ ජිනීවා වාර්තාව ගැන ඔවුන්ගේ මතයට විරුද්ධ අයට දඬුවම් කිරීමට හැදීම විහිළුවකි.

Saturday, September 19, 2015

යුද අපරාධ වාර්තාව පරාජය කළ හැකි ආකාරය ගැන ආචාර්ය දයාන් ජයතිලකගෙන් විසඳුමක්!



[NEWS] ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ පිළිබඳ සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාව පරාජය කිරීමට තවමත් කාලය තිබෙන බව ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩුව විශ්‍රාම ලත් විනිසුරු මැක්ස්වෙල් පරණගම සහ සර් ඩෙස්මන්ඞ් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සකස් කළ අතුරුදන් වූවන් පිළිබඳ කොමිෂන් වාර්තාවෙන් එම චෝදනා පරාජය කළහැකි බව හෙතෙම සඳහන් කළේය.


එම නිර්දේශ සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුව නොකළ යුතු දේ පිළිබඳවද හෙතෙම අදහස් පළ කළේය.


සිංහFM දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජයතිලක මහතා ඒ බව කියා සිටියේය. සම්පූර්ණ වැඩසටහන පහතින්.

ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.



[NEWS] ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ඒ සමග ඇතිවුණ ජාත්‍යන්තර තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් හිටපු රාජත්‍රාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැහැදිළි කිරීමක් කළේය.

එහිදී විකීලීක්ස් වාර්තාවක් ඇසුරෙන් දයාන් ජයතිලක මහතා පෙන්වා දුන්නේ 2009 අප්‍රියෙල් මාසයේදී යුද්ධය නවත්වන ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවයි. එනමුත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැවැත්වූයේ නැති බවත්, කොටි සංවිධානයෙන් රට සදහටම මුදවාගැනීම සඳහා අවසන් ප්‍රහාරයට ඉඩ දුන් බවත් පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු නියෝගයට අවනත නොවී රට ගැන සිතා යුද්ධය අවසන් කළ බැවින් ඊට දඬුවම් කිරීමට මෙම උත්සාහය දරන බව වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපෙන් නගන ව්‍යාජ චෝදනාවකටද එම සාකච්ඡාවේදී පිළිතුරු දෙනු ලැබුණි. "කිසිම අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව දේශීය හෝ විදේශීය වගවීමේ ක්‍රියාවලියකට පොරොන්දු වී නැති බව" ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊනියා යුද අපරාධ චෝදනා, ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත සහ වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදිළි කෙරෙන සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

Friday, September 18, 2015

සර් ඉදි කරපු දේවල් තමයි මේ ආණ්ඩුවෙන් විවෘත කරන්නේ, මෙන්න මහින්දගෙන් ඊට පිළිතුරු

රටේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට මහින්ද රාජපක්ෂ මැතිතුමා විචක්ෂණ භාවයෙන් යුතු පිළිතුරු සුපුරුදු ජවයෙන් ලබා දුනි.

යුද්දෙ ඉවර කළේ ඇයි කියලා උසාවියේ සාක්ෂි දෙන්න වේවි - ගෝඨාභය ((Video))

ජිනීවා මානව හිමිකම් වාර්තාවේ දැක්වෙන පරිදි යම් හමුදා නිලධාරීන් පිරිසක් සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත් කරන ලෙස සහ, හමුදාවට මානව හිමිකම් උගන්වන ලෙස නිර්දේශය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. එසේම එතුමා පැවසූයේ යුද්ධය අවසන් කිරීම නිසා මෙලෙස හිරිහැරයට ලක්වෙන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සමහර මාධ්‍ය මගින් මවන වැරදි ප්‍රතිරූපය ගැනත් මෙහිදී එතුමා අදහස් පළ කළේය. මහා දූෂණයක් සිදුව ඇති බව මාධ්‍ය මගින් හුවා දැක්වුවද ඇත්තටම සිදුව ඇත්තේ සුළු පරිපාලනමය ගැටලු කිහිපයක් පමණක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදුවන්නේ නැති බවත් ප්‍රශ්න කිරීම සිදුවන්නේ වෙනත් නිලධාරීන් වෙතින් බවත් පැවසුවේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගම මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මිලියන 5 කින් ආරම්භ කළ බවත්, මේ වන විට එය අධික ලාභ ලබන බිලියණ ගණනක් වටින සමාගමක් බවට පත් වී ඇති බවත් එතුමා පැවසුවේය.

එතුමා මේ අදහස් පළ කළේ ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේදී ය.

නැව් එන්නේ නෑ කියපු, පතුලේ ගලක් කියපු හම්බන්තොට වරායේ නැව් තටාංගනයක් අරඹයි.

[1]. ශ්‍රී ලාංකිකයින්ට සිහිනයක් පමණක් වී තිබුණ හම්බන්තොට වරාය, මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි කැප වීම නිසාම අන්තර්ජාතික තරගකරුවන්ගේ බලපෑම් පරදවමින් ඉදි කිරීමට හැකි වුණා.



 

[2]. වරාය ආරම්භයේ සිටම එවකට විපක්ෂයේ කුහක දේශපාලඥයින් විසින් සමාජ ගත කළේ එය අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. ගලක් නිසා නැව් එන්නේ නැති වරායක් හැදුවා කියමින් එහි නිර්මාතෘ වන මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව වරාය අධිකාරියේ හිටපු සභාපති වරයාට පවා එරෙහිව ගෙන ගියේ අති දැවැන්ත මඩ ප්‍රහාරයකි.

 

[3]. නමුත් ඒ මඩ සියල්ල අකුලා ගනිමින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ නැව් තටාකාංගණය ඉදිකිරිම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා.  නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙයි. (sources: ada.lk , LankaCnews.com , radiogagana.com)



 

[4]. මාගම්පුර වරායේ නැව් තටාංගනයක් සෑදීම වත්මන් රජයේ සැලසුමක් ලෙස පෙන්වුවත් එය සැලසුම් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මාගම්පුර වරායේ 3 වෙනි අදියරේදී මෙම නැව් තටාංගනය ඉදි කිරීම නියමිත වුණා. ඒ අනුව දකුණු ආසියාවේ විශාලතම වරාය අප රටට හිමි වෙයි.
අදියර 3 කින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මාගම්පුර වරාය අංගසම්පූර්ණ වරායක් බවට පත්වීමට තවත් වසර 6 ක් පමණ ගතවනු ඇති නෞකාවලට පැමිණ බඩු ගොඩබෑම සඳහා අදාළ ගබඩා ඉදිකළ යුතුයි. ඊට අමතරව කන්ටේනර් පර්යන්ත ඉදිකිරීම හා ගොඩබෑමේ දොඹකර සවිකළ යුතුයි. එම කටයුතු ඊළඟ අදියරවලදී පියවරෙන් පියවර සිදුවනු ඇත. (Source: 2010/11/22 dinamina.lk)

The second phase of the Port of Hambantota project, which will include a container terminal, is expected to be completed by 2014. The second stage of the port is estimated to cost around US$750 million. The third phase will include a dockyard. Upon completion, the port will cover 4,000 acres (16 km2) of land and accommodate 33 vessels at any given time, making it the largest port in South Asia. (source: Wikipedia)

 

[5]. 2014 වර්ෂයේදී පමණක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය රු 5,396,409,976.45 (මිලියන 5396) ක ලාහයක් ලැබුවා. ලෝකයේ වඩාත්ම ලාභදායී වරාය බවට පත් වෙමින් තව වසර කිහිපයක් ඇතුළත ව්‍යාපෘති පිරිවැය අභිබවමින් ලාභ ඉපයීමට නියමිතයි.   (Source: 2014/02/29 dailymirror.lk)

 

[6]. පසුගිය වසර කිහිපය තුළ අති දැවැන්ත නැව් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර, මෑතකදී ලෝකයේ විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට සේන්දු වුණා. (Source: 2015/08/19 hirunews.lk)


 

[7]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ආරම්භ කර දියුණු කරද්දී එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසූයේ, හම්බන්තොට වරාය ඇතුළේ ගලක් තිබෙන බවත් එනිසා ලෝකයේ ප්‍රසිද්ධ හොඳ නැව් වලට මේ වරායට එන්නට නොහැකි බවයි. වීඩියෝව පහතින්.


 

[8]. "හම්බන්තොට වරාය කියන්නේ ලංකාවේ මෙතෙක් ඉදි වූ ලොකුම සුදු අලියා. මේක මහා ප්‍රෝඩාවක්." - කෙළවරක් නැතිව යුද්ධය ඇදෙනවා කියමින් එදා මානුෂික මෙහෙයුමට මඩ ගැසූ ආකාරයෙන් හම්බන්තොට වරායට එරෙහිවත් මංගල සමරවීර මඩ ගැසූයේ එලෙසයි.


වැඩි විස්තර සඳහා: මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ලාභදායිතාවය ඇතුළු සියලුම වැදගත් කරුණු අදාල මූලාශ්‍ර සහිතව දැක්වෙන ලිපිය. www.mahinda.info/2015/07/magampura

Thursday, September 17, 2015

"මහින්ද මහත්තයට ජය වේවා" කීම නිසා කාන්තාවක් අත් අඩංගුවට.

නියමිත දිනයේ සිට මාස 2 ක් ප්‍රමාද වී කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය අද දින විවෘත කෙරුණි. එතැන සිටි කාන්තාවක් "මහින්ද මහත්තයට ජය වේවා" යැයි පැවසීමේ වරදට ඇයව අත් අඩංගුවට ගෙන තිබේ.



කොහොමද අදහස් ප්‍රකාශ කිරීමේ යහපාලනය?

කොටින්ගෙන් රට බේරා ගෙන මහා සංවර්ධනයක් සිදුකළ "මහින්ද මහත්තයාට ජය වේවා" කීමත් නීති විරෝධී වැඩක්ව පවතියි. ඔවුන්ව අත් අඩංගුවට ගනී.

එහෙත් මීට ටික කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ප්‍රභාකරන් ගැන පැවසූයේ මෙලෙසය. ඇයට අලුත් ආණ්ඩුවේ "ළමා කටයුතු රාජ්‍ය ඇමති" පදවිය ලැබුණි.

මහින්දව වහන්න කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් දාපු හැටි...

[1]. කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගය ආරම්භ කළේ 2012 පෙබරවාරි 17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනුයි. source: 2012/03/07 sundayobserver.lk





 

[2]. එය 2015 ජනවාරි වෙද්දී ඉදිකර අවසන් වීමට නියමිත වුණා. source: Wikipedia

 

[3].  පරීක්ෂා කිරීම් වලින් අනතුරුව එය විවෘත කිරීමට නියමිතව පැවතියේ 2015 ජූනි 20 දිනයි. source: 2015/06/02 dailymirror.lk

 

[4]. එනමුත් යහපාලන ආණ්ඩුව මැතිවරණයේදී වාසි ගැනීම සඳහා මැතිවරණයට හරියටම දින 9 කට පෙර එනම් 2015 අගෝස්තු 8 දින මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමට යොදා ගත්තා. source: 2015/08/02 dailynews.lk

 

[5]. මැතිවරණ කාලය තුළ රාජ්‍ය දේපල විවෘත කිරීම පැහැදිළිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. එනිසා මැතිවරණ කොමසාරිස්වරයා මෙලෙස නියෝග කළා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල - කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. source:2015/08/04  rivira.lk

මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්න වුණොත් තමන්ගේ සායම දිය වේවි යැයි සිතූ යහපාලකයින් කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීම යළිත් කල් දැමුවා.

 

[6]. ඉන් පසුව මෙම අධිවේගී මාර්ගය 2015 සැප්තැම්බර් 17 දින විවෘත කිරීම සිදු වෙයි. source: 2015/09/17 dailymirror.lk

අධිවේගය විවෘත කරද්දී "මහින්ද මහත්තයට ජය වේවා" කීමේ වරදට කාන්තාවක් අත් අඩංගුවට ගත්තා. කොහොමද අදහස් ප්‍රකාශ කිරීමේ යහපාලනය?



 

[7]. හදල තිබුණ පාරක් විවෘත කරන්නත් යහපාලන ආණ්ඩුවට මාස 2 ක් වැය වුණා. එසේනම් පාරක් හදන්න ගියොත් කොහොම හිටීවි ද? දේශපාලන වාසි ගැනීමට සිදුකළ මේ ප්‍රමාදයෙන් අන්තිමට මුළු රටටම සිදු වූයේ බරපතල පාඩුවක්.

 

[8]. එපමණක් නොවෙයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014/11/14 දින මුල් ගල තබා ආරම්භ කරපු මධ්‍යම අධිවේගී මාර්ගයට රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් 2015/08/03 දින මුල් ගල තැබුවා. මැතිවරණයක් ආරම්භ කළ පසුව මැතිවරණ නීතිය උල්ලංඝනය කරමිනුයි එය සිදු කළේ. සම්පූර්ණ විස්තරය

 

[9]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ මාර්ග ඉදි කිරීමේ කටයුතු සිදුකිරීම විද්‍යාත්මක නැතැයි එදා විපක්ෂේ උදවිය පැවසුවා. එනමුත් කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන්නේ "විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශය" විසිනුයි. (mohe.gov.lk) විශ්ව විද්‍යාලවල සමහර සිසුන්ට මහා මාර්ග වල උද්ඝෝෂණය කිරීමේ පහසුව ලබා දීමට මෙලෙස 150% ක් විද්‍යාත්මකව අමාත්‍යාංශය නම් කළා විය හැකියි.