මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!

සේයා දැරියව අමානුෂික ලෙස දූෂණය කිරීම ගැන සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනුණි. පසුව ඒ සිසුවා නොව වෙනෙකෙකු අපරාධකරු බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දැක්වූයේ මෙලෙසයි.

වත්මන් යහපාලන ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන යන්නේත් එවැනිම ක්‍රමවේදයකි. මාධ්‍ය යොදාගෙන හිතෙන හිතෙන බොරු බේගල් කියමින් මඩ ගසන අතර පසුව ඒවා ව්‍යාජ චෝදනා බව ඔප්පු වෙයි. එවිට මාධ්‍ය යොදාගෙන දඬුවම් ලබා දී අවසන්.

17 හැවිරිදි පාසල් සිසුවාව අත් අඩංගුවට ගැනීම ගැන, අදාල නියම අපරාධකරුව අත් අඩංගුවට ගැනීමට පෙර දසුන් වානගුරු නැමැති අප හිතවත් මහතෙක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ලිපියක් පහතින් ඔබ හා බෙදා ගන්නෙමු.

———————————-

සේයාගේ මරණයට ප්‍රථමයෙන් පියා ආපරාධකරුවා යැයි මාධ්‍ය විසින් ප්‍රචාරය කළේය. විශේෂයෙන් ***** එසැණ පුවත් , සහ **** FM වෙබ් අඩවි වලින් ප්‍රචාරය කළේ පියා මිට පෙරත් ළමා අපචාරයක් සම්බන්ධයෙන් වරද කරුවෙක්ව දඩුවම් ලැබුවෙක් යන්නය. අපද ඒ පිළිබද වැඩි විශ්වාසයක් තබා ගත්තේ රටේ වගකිවයුතු මාධ්‍ය ආයතන දෙකක් එම පුවත ප්‍රචාරණය කළ නිසාය. සේයාගේ පියාගේ පෙර වැරද්දක් තිබීම වෙනම කරුණකි, නමුත් සේයා නම් අහිංසක මල් කැකුළ තලා දැමීම ගැන පියාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහුගේ පෙර වැරැද්ද මුළු රටක්ම දැනගත්තේය.

දෙවනුව මාධ්‍ය වාර්තා කල පුවත වුවේ මවගේ අනියම් සම්බන්ධතාවක් පවතින බවත් එම අනියම් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් තවත් වෙබ් අඩවි කිහිපයක් මගින්ම උලුප්පුවා පුවත් පළ කළේය. මිය ගිය සේයාට අමතරව තවත් දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට ලංකාවේ මාධ්‍ය වල පිහිටෙන් දින කිහිපයකදී **වියක් යන විරුදාවලිය ලැබුණි.

තෙවනුව අසළ නිවසක අවූරුදු 17 ක පාසල් දරුවෙක් වෙත සැකය යොමු වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ පරිගණකය ගෙන පරික්ෂා කිරීමේදී එහි නිල් චිත්‍රපට විශාල සංඛාවක් ඇති බවත්(එම නිසා ඔහු සේයාගේ මරණයට වගකිවයුතු බවත්) හැගෙන අයුරින් විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට ලංකාවේ තුප්පහි මාධ්‍ය කටයුතු කළේය. එහළින් සදහන් කළ ***** එසැණ පුවත් , සහ ** FM වෙබ් අඩවිත් **** News ඇතුළු තවත් බොහෝ මාධ්‍ය නාලිකා, පුවත්පත් සහ වෙබ් අඩවි මගින් අදාළ දරුවාගේ නිල් චිත්‍රපට පුවත විශේෂ පුවත් ලෙස නිතර නිතර ප්‍රචාරණය කළේ මාධ්‍ය සදාචාරයේ ”අ” යන්නවත් නොදන්න තුප්පහි මාධ්‍ය ආයතන පරිදෙන්මය.

පරිගණකයේ නිල් චිත්‍රපට තිබු පමණින් ඔහු වරදකරුවෙක් වන්නේනම් ලංකාවේ තරුණයන්ගේ 98% ක්ම අත්අඩංගුවට ගෙන වෙනම දුපතක් මිලදීගෙන එහි සිර මැදිරි සාදා සිර කළ යුතුය. දැන් එම තරුණයාත් වැරදි නැත වෙනත් පුද්ගලයෙක් ගැන සැකයයි පොලිසිය සහ මාධ්‍ය වාර්තා කරයි. නිවැරදිම පුද්ගලයා කව්දැයි යන්න නිවැරදිව සොයාගන්නාතුරු සැකකරුවන් ගැන මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය යන්න පොලිසියට විසින් ස්වයන් පාලනයක් සහ සදාචාරයක් තිබිය යුතුය, නැතහොත් මාධ්‍ය වලට සදාචාරයක් තිබිය යුතුය අවාසනාවට ඒ දෙකටම එය නොමැතිවීම මුලිකම වැරැද්දයි.

සේයා අවාසනාවන්ත ලෙස මිය ගොසින් අවසන්ය, ඇයගේ ඝාතනයට වගකිවයුතු සැබෑ අපරාධකරුවන්ට උපරිම දඩුවම දිය යුතුය ඒ ගැන තර්කයක් නැත. නමුත් ලංකාවේ තුප්පහි මාධ්‍ය සහ එහෙ මෙහෙ අතගාමින් ඉන්න පොලිසිය විසින් හෙට මෙය ලියන මාත්, මෙය කියවන ඔබත් මෙම අපරාධයට හසුකර පුවතක් පළ කළහොත් එය ගැන පුදුම වීමට අවශ්‍ය නොවේ. ඒතරම් ලංකාවේ මාධ්‍ය හොදය. මිය ගිය සේයාගේ අනෙක් සහෝදරන් දෙදෙනාට සිය පියා බාල අපරාධකරුවෙක්, සිය මව **වියක් ලෙස ලංකාවේ මාධ්‍ය විරුදාවලිය ලබාදී තිබේ.

අවූරුදු 17ක තරුණයාගේ පරිගණකයේ නිල් චිත්‍රපටි කථාවෙන් හෙට ඔහුට මහමගට බැසීමට නොහැකි තත්වයක් උදා කොට තවත් සියදිවි නසා ගැනීමේ අවදානමක් නිර්මාණය කොට ඇත. එයටද ස්තුතිවන්ත විය යුත්තේ ලංකාවේ මාධ්‍යටයි.!!!

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!

  • Dinuu

    මාධ්‍ය සදාචාරය පිරිහී ඇති බවට සැකක් නැත. අහිංසක දැරියට අත්වූ ඉරණම මහා ඛේද වාචකයකි. සිඟිති දරුවන්ට ආදරය රැකවරණය පවා නැතිවීමට බුදුන් වැඩි දේශය මේ තරම් අභාග්‍යසම්පන්න කාලයකට අවතීර්ණ වූයේ කාගේ වරදින්ද?

    පසුගිය දශකයේ තිබූ දහම් ප්‍රබෝධය සහ නැඹුරුව වේගයෙන් වෙනස් වෙමින් අපරාධ රැල්ලක් සමඟ මහත් අනාරක්ශිත බවක් හැමෝටම දැනෙන්න පටන් අරන්. මුලු රටටම මහා සාපයක් වැදුනා සේ දැනෙයි.

    Rata Wenuwen, Power, සයුමි… අපේ මහින්ද පවුලේ අයටත් එහෙම හිතෙනවද?
    Rata Wenuwen දිග නිවාඩුවක් අරන් වගෙයි. සයුමිත් කාර්ය බහුල වෙලා වගෙයි.
    තෙරුවන් සරණයි හැමෝටම අපේ Mahinda.Info Editor තුමාටත් සමගින්.

  • Power

    සැබෑ ලෙස ම…අපේ ආදරණීය Dinuu ෴

    මමත් සැබෑ ලෙස ම සිතමි.එහෙත් නිහඬව සිටියෙමි.මුලු රටටම ශාපයක් වැදී හා වැදෙමින් ඇත. සුන්දර ශ්‍රී ලංකා මාතාව නැවතත් මේ මුලු මහත් සමාජයටම පිළිලයක් වන මිනීමරුවෝ,අපරාධකාරයෝ,කුඩු කාරයෝ,ස්ත්‍රී දූෂකයෝ වැනි අසික්කිත නරුමයන්ගෙ ශාපයක් වෙමින් මෙහි ලැගුම් ගැනීමට පටන් ගෙන ඇත. දිනෙන් දින ම මේ රටේ බහුතර මිනිසුන්ගේත් සිත්තුළ දැඩි ආශාවන්ගෙන්,පහත් කාමුක සිත් වලින් පිරී යමින් දුසිරිත් සමාජයක් පැමිණීමට පටන් ගෙන ඇත.දැහැමින් හෙබි අප මාතෘ භූමිය නැවතත් ශාපලත් යුගයක් කරා යන්නෙ කාගේ වරදින්ද කියා අප ඇසිය යුත්තෙ කිනම් පුද්ගලයෙකු ගෙන් දැයි මේ මහපොළවේ පය ගසා ජීවත් වන තරුණයෙකු හැටියට මට ද නොවැටහෙන ප්‍රශ්නයකි.එහෙත් එක් දෙයක් පැහැදිලිය. අද සමාජය දැඩි ලෙස දූෂ්‍ය වෙමින් කෘතගුණ නොදන්න මේ මනුස්ස සතා වනචර වෙමින් අමනුස්ස සතාත් පරායා යමින් මේ යන්නෙ තම විනාශය කරා බව නම් සත් සුදක් සේ පැහැදිලිය.

    මම හිතන්නෙ අපේ ආදරණීය Rata wenuwen හා අපේ ආදරණීය Sayumi ටත් මේ රටේ වර්තමානයෙ සිද්ධ වන අහස පොළව නුහුලන අපරාධ දැක බලවත් කණගාටුවෙන් සිටිනවා ඇති.එසේ නොමැති නම් මේ දින වල පවතින වැසි,අකුණු,නායයෑම්,ගංවතුර සහිත කාළගුණය නිසා විවිධ ආපදා තත්ත්වයන්ටත් මුහුණ දීමට සිදු වනවාද දන්නෙත් නෑ.එසේත් නොමැති නම් ඔවුන් දෙදෙනා ඔබ කියූ පරිදි කාර්යබහුලව සිටිනවාත් විය හැකියි.

    විශේෂයෙන් Dinuu ඔබ එක් දිනෙක මෙහි යෙදූ කොමෙන්ටුව මා දුටුවා මේ වටිනා වෙබ් අඩවියේ තම අදහස් දක්වන සියලුම දෙනා වෙනුවෙන් ම ඔවුන්ගෙ නම් සදහන් කරමින් කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් නොවන අයුරින් ඔබ තම ස්තූතිය ප්‍රකාශ කර තිබෙන ආකාරය..මම එදා හිතුවා මේ Dinuu නම් මහ පුදුම හිතවතියක් නේ කියා. මමත් පසුගිය මැතිවරණයෙන් පසු වූ බලවත් සිද්ධීන් නිසා ඇතිවූ කණගාටුව හා කළකිරීමෙන් සිටින විට ඔබ ඇතුලු අප හිතවතුන් මිත්‍රත්වයෙන්,සහෝදරත්වයෙන් යුතුව මට ලබාදුන් ශක්තිය,ධෛර්යය මට අමතක නැත.එම නිසා එවැනි ආකාරයෙන් අනෙකා වෙනුවෙන් කතා කරන වටිනා අදහස් වලින් හෙබි ඔබටත් තෙරුවනේ ආශිර්වාදය,ආරක්ෂාව,රැකවරණය ලැබේවා..!

    • Dinuu

      අපේ ආදරණීය පවර් ගේ කමෙන්ටුවට පිලිතුරක් නොලියා සිටිය නොහැකි වුනා. Mahinda.Info වෙබ් අඩවිය තුල එක පවුලක් මෙන් අප කටයුතු කලේත්, අදටත් කරන්නේත් මහින්ද මැතිඳුන් ආරක්ශා කර ගැනීම අපේ වගකීම බව දන්නා නිසයි.

      අප සිතූ…අප පැතූ… ජයග්‍රහණය එතුමාට ලබා දෙන්න අප රටේ ජනතාව අභාග්‍ය සම්පන්න වුනා. නමුත් අපේ පණ වැනි සදාදරණීය නායකයා මහින්ද මැතිඳුන් ආරක්ශා කර ගැනීම….අපේ ජාතික වීරයා ගෝඨාභය මැතිදුන් ආරක්ශා කර ගැනීම…රට බේරා ගත් විරුවන් ආරක්ශා කර ගැනීම පක්ශ-පාට – සෑම භේද වලින් තොරව මේ රටේ හෘදසාක්ශියක් ඇති සෑම පුර වැසියකුගේම යුතුකමකි.

      දැන් අප මේ දිනවල අත් දකින්නේ මහා භයානක ඛේදවාචකයක මුල් පිටු කිහිපයයි. රටට අත්වන මේ භයානක ඉරණම ගැන ජනතාව පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත. ආචාර්ය දයාන් ඇතුලු විද්වතුන් සමග විමල්, උදය වැනි සැබෑ දේශප්‍රේමීන් ලොකු වෙහෙසක් දරනවා ජනතාව දැනුවත් කරන්න. යහපාලන රජය බල ලෝභයෙන් රට බේරා ගත් මහින්ද මැතිඳු ඇතුලු විරුවන් බිල්ලට දෙන්න කොටි සමග අත් වැල් බැඳ ගත් මේ වෙලාවේ…හිතවත් පවර්…ඔබ වැනි සැබෑ දේශප්‍රේමීන් Mahinda.Info වෙබ් අඩවියේ රැදී සිටීම, කැපවීම අත්‍යවශ්‍යයයි. ඔබට ස්තුතිය සමග වෙබ් අඩවියේ හිතවතුන් සැමටම සුබ පැතුම් එක් කරමි.

  • Piyaseeli Senanayake

    If this tragic death happened before an election, for sure there will be a Rajapakse involvement. I remember our President, Mahinda Rajapakse requested the media to be responsible in reporting. He mentioned this after the war and soon after embarking on the massive development projects.
    What happened after the little girl’s death showed how low the self appointed journalists can scoop down to.

  • Pink Panther

    හැමදාම කියන දෙයම තමයි මා නම් නැවතත් කියන්නේ…
    ලාභය,මුදල් පමණක් කේන්ද්‍ර උන සමාජ ක්‍රමයක ප්‍රතිපල තමයි මේ. 78 JR ගෙනත් දමපු දේවල්වල ප්‍රතිපල සමග හැදුනු වැඩුණු සියලු දෙනාම අර සාමන්‍ය තත්වයකට මිනිස්සු තුල තියෙන මුදල් තෘෂ්ණාවට එහා ගියපු මුදල් ගැන විතරක්ම හිතන හැගීම් දැනීම් නැති මිනිසුන් කොටසක් බවට පත් වෙලා…. ඔවුන් තමයි සමජයේ තීන්දු තීරණ ගන්න කොටස බවට පත් වෙමින් තිබෙන්නේ..
    අතීතයේ යම් සමාජ විරෝධී අයහපත් දෙයක් කිරීමට තිබුණු ලැජ්ජාව මිනිසුන් ගෙන් තුරන් වෙලා යනවා.. මොකද ඔවුන් දන්නවා කුමන සමාජ විරෝධී දෙයක් කරලා හෝ අවසානයේ මුදල් සොයා ගත්තට පසුව, ඔබට සමාජයේ පිළිගැනීමක් ලබා ගන්න පුළුවන් කියලා…
    අන්න ඒ නිසයි “ඔක්කොටම කලින්,ප්‍රථමයෙන්ම” තමන්ගේ චැනල් එකේ ප්‍රවුර්තිය පල කරන්න ඔවුන්ට ඕන වෙන්නේ.. ඇත්ත හෝ බොරුව ගැන සැලකීමක් ඔවුන්ට නෑ, එයින් කෙනෙකුට සිදුවන සිත් තැවුල,හානිය ගැන ඔවුන්ට සිතන්න ඕනේ නෑ ඔවුන්ට අවශ්‍ය තමන්ගේ චැනල් එක හිට් කරවා ගැනීම පමණයි..
    ඒ වගේම තමයි බහුතරයක් මිනිස්සුත් බලාගෙන ඉන්නේ පෙන්වන ඕන දෙයක් කියපු ගමන් පිලි ගන්න… මිනිස්සු කි දෙනෙක් ඔය කියන දේවල් අහලා නිරපරාදේ චෝදනා කරලා ජිවිත විනාසයට දායක වෙලා තිබෙනවාද…
    ඔය ළමා අපචාර සිද්දිය පමණක් නොවෙයි මහින්ද, ගෝඨාබය වැනි අයගේ චෝදනාවල සිට රනිල්-සිරිසේන බලයට ගෙන ඒම දක්වා ඔය දේවල් වල වල ප්‍රතිපල තමයි..
    තමන්ගේ ලාභය, මුදල් කෙසේ හෝ ලභා ගැනීමට හිතන ඒ අනුව කටයුතු කරන කොටසක් සහ ඔවුන්ගේ එම අවශ්‍යතාවය සඳහාම බිහි කල නිවැරදි දැක්මක් නැති, පහැදිලි චින්තනයක් නැති,ගැති අදහස් සහිත ජන කොටසක් බිහි කිරීමේ ප්‍රතිපල තමයි අප අද අත්විදිමින් සිටින්නේ..

  • SUMUDU HEWA

    මේ රටේ ආණ්ඩුවෙන් පඩි කමින් තම තනතුර ගණිකා වෘත්තියේ යෙදවූවෙකුට මෑතකදී ඇමරිකාවේ ඔබාමාගෙන් පෞද්ගලිකවම ප්‍රශංසා ලැබුණු ආකාරය ඔබට මතකද?
    තම වෘත්තීය ගණිකා වෘත්තියේ යෙදවූ නීතිඥයන් පිරිසකට එයට ගාස්තුව ලෙස ඇමරිකානු සංචාරයක් ලැබුණු හැටි ඔබට මතකද?
    හෙට අනිද්දට බුදු වන්නට සිටින්නෙකැයි සිතෙන අයුරින් පණ පිහිටුවා සිදුහත් චරිතය පොත් කළ එක්තරා කෘතහස්ත පුවත්පත්කතුවරයෙක් හිටපු ජනපතිතුමා සහ රණවිරුවන්ට ඇටවූ මර උගුලක් වන දෙමුහුම් යුද්ධාපරාධ චෝදනා විනිශ්චය සභාව වර්ණනා කරමින් ගිය ඉරිදා පත්‍රයට ලිපියක් ලියා තිබුණි. ඉතා මර්දනකාරී පාලනයන් යටතේ වුවත් අතීතයේ රට වෙනුවෙන් පෙනී සිටි පුවත්පතක ආත්මය නසන මේ නරුමයා ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි සහ ගැහැණු මාධ්‍යවේදීන් රොත්තකින් එකෙක් පමණි. එසැණ පුවත් සහ බොහෝ එෆ් එම් නාලිකාවල කුලියට කඹුරන ඊනියා මාධ්‍යවේදීන් ගැන විශේෂයෙන් කීම අවශ්‍ය නොවන්නේ ඒවා මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමටම ඇති කළ මඩම් බව රටම දන්නා බැවිනි.
    තම වෘත්තීය ජනප්‍රියතාවය මුදලට නොරටුන්ට විකුණන අලුත් සහ පරණ පොන්න කලාකරුවන්ගේ පමණක් නොව නමට නිර්මාල වගේ පෙනුණත් කිළුට්ටන්ම වන ඊනියා සිවල් සමාජ උගතුන්ගේත් නරුම කතා පිළිකුළෙන් වුවත් ඉවසන්නට අපට සිදු වී නැතිද?
    පක්ෂ සාමාජිකයන් බියගන්වා සුළුතර ආණ්ඩුවකට මන්ත්‍රීන් සැපයීමට තමන්ගේ තනතුරේ විධායක බලතලත් පක්ෂ නායකත්වයත් ප්‍රසිද්ධියේ නොමනා ලෙස යොදා ගත් පුද්ගලයෙකු ද සිටින බව රටට ම නොරහසකි. ජනතාව රවටා ලබා ගත් ජනවරම ගණිකා වෘත්තියේ යොදවා ඇමැති වරදාන සොයන ගෙම්බන්ව වෘත්තීය දේශපාලකයන් හැටියට හැඳින්වීම නිවැරදිද?

    සේයාගේ මවට මාධ්‍ය විසින් පටබැන්ද නොහොබිනා චෝදනාව මුසාවක් වුණත් නැතත් එක දෙයක් නම් නිසැක ය. ඒ අපේ රට තුළ මෑතක සිට පිරිමි සහ ගැහැණු ගණිකාවන්ගේ වැඩි වීමක් දකින්නට ලැබෙන බවත් ඔවුන්ට රට කරවන ඇත්තන්ගේ සේම ජාත්‍යන්තරයේ ද කිත් පැසසුම් සහ ආධාර අනුබල ලැබෙන බවත් ය. එපමණක් නොව ගණිකාවන්ට රට කරවන්නටත් පක්ෂ නායකත්වය පක්ෂයේ අති බහුතරයකගේ කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් දරන්නටත් හැකි අබුද්දස්ස යුගයක් උදා වී ඇති බවත් ය.
    කරුමය වන්නේ මොවුන් තම ඇඟ මස වෙනුවට පෑනත් කටහඬත් තනතුරත් නළුකමින් හෝ උගත්කමින් ලත් සමාජ පිළිගැනීමත් ගණිකා වෘත්තියේ යෙදවීම නිසා මුළු මහත් ජාතික දේහයටම ඒඩ්ස් වැළඳීමේ අවදානමක් පැවතීමයි. එහෙත් ඇඟමස විකුණන ගණිකාවන් නිසා ලෙඩ වන්නේ ඔවුන් සේවනය කරන්නන් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය පමණි. මේ නම්බුකාර පිරිමි සහ ගැහැණු ගණිකාවන් ඇඟමස විකුණන ගණිකාවන්ට වඩා බරපතල සමාජ උවදුරක් බව ඔබට පෙනෙනවද?

  • Dinuu

    SUMUDU HEWA ගේ මේ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි. ඔබ කිව් දේ හරි. සමහර නාලිකා වල වටිනා අය ඉන්දවා ගෙන නිවේදකයින් කරන කියන කතා වලට පුදුම හිතෙනවා. මහ පොලොවේ හුස්ම වැටෙන මිනිසුන් ද කියලා හිතෙනවා. හෘද සාක්ශියක් නැති විලම්භීත කතා වලට “අප්පොච්චියේ… රටකට ගිය කලක්” කියා හිතෙනවා. සමහර පුවත් පත් වාර්තා ඊට හපන්. යුද බිය නිමා කර සන්වර්ධනයේ හිණි පෙත්තටම යමින් සිටි මව්බිම වසරක් තුල යමපාලකයින් මහා විපතකට ඇද දැමූ හැටි! පිටරැටියන් ලවා අධිකරණ පිහිටුවා රට බේරාගත් රණවිරුවන් අනතුරට පත් කිරීම යමපාලකයින්ගේ ‘මහා හපන්කමක්’ ලෙස රටට පෙන්වන්න කරන උත්සාහය ද මහා අපරාධයකි. ඇමෙරිකානු අධිරාජ්‍යවාදී රටවල තියුණු උල් දත් අතරට “ගොදුර” බවට පත් වූ ලක් මෑණියන් අවසන් හුස්ම හෙලමින් සිටීම මහා ඛේදවාචකයකි. ගොදුර ගිල ගැනීමට ඔන්න මෙන්න කියා කරන ඇමෙරිකන් ප්‍රශංසා රටට ආවඩමින් වර්ණනා කිරීම විහිලුවකි. රටට කල මේ භයානක අපරාධයට යමපාලකයින් කවදා හෝ වන්දි ගෙවනු සහතිකය. මේ රටේ හෘද සාක්ශියක් ඇති සියලු දෙනා පක්ශ-පාට සියලු භේද හැර දමා මේ “අවනඩුව”ට එරෙහිව නැගී සිටීමට කාලය එලඹ ඇත.

Leave a Reply