Mahinda Rajapaksa: මහින්ද රු 350 ට දුන්න පොහොර මිටිය දැන් රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

Tuesday, September 15, 2015

මහින්ද රු 350 ට දුන්න පොහොර මිටිය දැන් රු 500 යි. ගොවීන්ට අපමණ අගයක්!

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ එදා පොහොර මිටිය නිකුත් කළේ රු 350 ක ටයි. "රු 350 ට නිකුත් කරන පොහොර මිටියට රු 150 ක ඉන්ෂුවරන්ස් එකක් සමග මේ වන විට රු 500 ක් අය කරන බව" ගොවීහු පවසති. පහත වීඩියෝව බලන්න.



යම් ලෙසකින් රු 150 ක රක්ෂණයෙන් ප්‍රතිඵලයක් අත් වූවානම් තව කමක් නැත. ගොවීන් පවසන පරිදි අස්වැන්නට හානි වී තිබියදීත් එම රක්ෂණයෙන් වන්දි මුදලක් ලැබී නොමැත. ඒ අනුව එය රක්ෂණයක් නොව යහාපාලන ආන්ඩුවෙන් කළ තවත් අය කිරීමක් බව පැහැදිළි වෙයි. රටේ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්ති නාමයටම සිදු කර ඇති අපහාසය නිසා රක්ෂණ සේවයෙන් යැපෙන වෘත්තිකයින්ටත් සිදුවී ඇත්තේ විශාල හානියකි.

යහපාලනය ආ පසුව රු 60 ට වී මිලදී ගන්නවා යැයි පොරොන්දු වුවද වී කිලෝව රු 25 ට පහත බැස ඇත. වී විකුණාගන්න බැරිව බලා සිටින කාලය අතරතුරදීත් ලොරියකට දවසකට රු 3000 ක් ගෙවිය යුතු අතර දවස් 3 ක් යද්දී වී වලින් ලැබෙන ලාභය ලොරි වලටම ගෙවා අවසන් වෙයි... පහත වීඩියෝවේ දැක්වෙන පරිදි, යහපාලන ආණ්ඩුවට වී මිලදී ගැනීමට නොහැකිව ඇත්තේ ගබඩා නොමැති නිසා නොව, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති නිසා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති වරයා ප්‍රකාශ කරයි. සම්පූර්ණ ලිපිය



ගොවියන් වෙනුවන් රට කරවීමට සහ රටම අස්වැද්දීම ගැන කියමින් එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරග කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂයේ අපේක්ෂකයාගේ දැන්වීම් මෙලෙසයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

12 comments:

  1. අපමණ අගේ ගොයියාගේ දෙපරන්දෙන් බේ-රෙනෝ ලොල් ම ලොල් පට්ට පට පට

    දැන් ඉතිං අවුරුදු 6 ම ඔහොම අදිමු. මෙන්න මගේ තව අනාවැකියක්. (මං කලිං කිව්ව ඒවත් ටක්කෙටම හරි ගියා. ඇඩ්ඩින් අයියට මතකද මන්ද මං කිව්වා මහ මැතිවරනෙන් මහින්ද දින්නත් , සිරා MP ල බාගෙන ප-ජාතික ආණ්ඩුව හදනවා කියල ආ ?? )

    ට්‍රිපල් පොස්පේට් කිලෝ පනහක් රුපියල් 2600 විතර වෙනවා දැනට අන්තර්ජාතික වෙළඳ පොලේ . 2020 දී විතර මේක යයි 4000 ට විතර. තව අවුරුද්දක් ඇතුලත සහනාධාර ඉවත් කරලා මේ මුළු බරම ගොවියා පිටට දානවා. මේ අවුරුදු 6 ඉවර වෙනකොට ගොයියට පු* නෑ. ලොල්

    ග්‍රමොක්සෝන් වලට ආයි හොඳ කලක් යාවි. ඉස්සර චන්ද්‍රිකාගේ කාලේ වගේ. ආ අමතක උනා. දැන් ආයි චන්ද්‍රිකාගේ කාලේ නේ :P

    ReplyDelete
  2. බෝනිකර තරු Deal කුමාරSeptember 15, 2015 at 5:47 AM

    දැන් යහපාලානේ නිසා ආයේ ගොවියෝ මැරෙන්නැ
    අයි අයි ඔන්න ආවා රනිල් පාලනේ

    විවලටත් මිලක් දෙනවා පොහොර ටිකත් නිකන් දෙනවා
    ගොවියාට සන්තෝස හිතිලා ගැහුවා චන්දෙ රනිල් දිනන්න//

    (අනුවාදනය - දැන් නිවාඩු කලේ හින්ද නැ ඉස්කෝලේ)

    ReplyDelete
  3. ලංකාවේ මිනිස්සු මෙච්චර රැවටෙන්න අැයි කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
  4. අධම පාලනෙ තතු දවසට දෙකට,
    පේනවනේද මුන්ගේ ජඩකම් හොදට,
    බැරිය ගොවියාගෙ වී ටික විකුණන්ට,
    හෙන ගහපිය ගොවියන් හට කලදේට,

    (වුනා මදියි! සම හරක් ගොවියොත් දෑත බදාලා දුන්න අලියට චන්දය , දැන් කාලා වරෙන්කෝ. මඩේ බිමේ බියක් සැකක් නැතුව පය ගහලා ජිවත්වන්න ජිවිත දානය ලබාදුන්න මහින්ද මහතා අමතකකරලා ගැහුවානෙද අලියට චන්දය, කුම්බිලා කටු කැවානම් විදවපන් බලලෝ, සමාව ඉල්ලා වැද වැටියව්. තොපිලට ඒ උත්තමයා සියලුදේ අමතකකර සමාව දෙයි, අනිකුත් අමන ජඩ සුනකයෝ වගෙ වයිර සිතුවිලි ඔහුතුල ඇත්තේම නැති නිසා )

    ReplyDelete
  5. බෝනිකර තරු Deal කුමාරSeptember 15, 2015 at 7:22 AM

    Car ගන්න හිතන් රනිලව දිනේව්වනේ දැන් පලයන් කරත්තේ
    මොලයක් නැති හරකුන්ට හොදම වැඩේ

    ReplyDelete
  6. බෝනිකර තරු Deal කුමාරSeptember 15, 2015 at 7:24 AM

    මොකද කන්නේ තණකොළ මැල්ලුම් සමග පුන්නක්කු

    ReplyDelete
  7. උන්ට කාර් නොවෙයි හතර ගාතෙන් තමයි ඉදිරියට යන්න වෙන්නෙ

    ReplyDelete
  8. Piyaseeli SenanayakeSeptember 15, 2015 at 10:26 AM

    When our Idiotic Sinhalese Buddhists shunned Mahinda on Jan 8th, I knew this is what will befall us. Sirisena is the bait. This is the government of the enemies headed by Ranil and Chandrika.

    In some news channel I read that Ranil has signed for a joint Indo Sri Lanka satelite. It must be a Indian satelite to spy on every corner of SL.

    ReplyDelete
  9. වේලක් බත් නොකා ඉන්න බැරි මිනිසුන් ජීවත් වෙන රට මේක. "මඩ සෝදා ගත් ගොවියා රජ කමටත් සුදුසුයි" කියන්නෙ ඒකයි. වී ගොවියන් ගේ දුක් ගැනවිලි වලට සහන දෙන්න පියවර ගන්න රජයට බල කර සිටිය යුතුව ඇත. තාන්න මන්න වරප්‍රසාද පසුපස හඹා යමින් ජනතාව සහ රටේ දැවෙන ප්‍රශ්න අමතක කරලා වගෙයි. චන්දය කඩා ගන්න විතරක් ලස්සන වචන කියලා ජනතාව රැවැට්ටුවා.වී ගොවියා අතරමන් කලා. මේවා ආපහු කැරකිලා එනවා සත්තයි.
    මහින්ද මැතිදු බලයේ හිටි කාලයේ ගොවීන් හමුවෙලා ආදරෙන් ප්‍රශ්න විසදන හැටි මට මැවි මැවි පේනවා. එතුමා ජනතාව සමග දුක සැප බෙදා හදාගත්තා! "දැයේ අප්පච්චී" නම ලැබුනේ ඒකනේ.

    ReplyDelete
  10. Kumbala katu kaawanam iwasapan balalo

    ReplyDelete
  11. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවාම අපේ අතටත් සල්ලි එනවානේ එතකොට අපි කාර් එකක් ගමු.. ;)

    ReplyDelete
  12. රනිල් ගේ ප්‍රතිපත්ති එක්ක ඔහොම දෙයක් නොඋනොත් තමයි පුදුම වෙන්න තියෙන්නේ.. 2001-2004 රනිල්ගේ ප්‍රතිපත්තිය ගැන අදහසක් තියෙන ඕනෑම කෙනෙක් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ රනිල්ගෙන්..

    මට මතකයි මීට බොහොම කාලයකට කලින් ඉස්සර මම කියපු දෙයක් තමයි රනිල්ට නැවත ලංකාවේ බලය ගන්න නම් 2001-2004 කාලේ රනිල් කරපුවා අමතක වෙච්ච "බහුතර" මිනිස්සු ඉන්න යුද්ධේ ගැන අමතක වෙච්ච එකේ භයානක කම දන්නේ නැති මිනිස්සු වැඩිපුර ඉන්න, JR ගේ විවුර්ත ආර්තිකයෙන් පමණක්ම ලෝකය දකින ලාභය ගැන පමණක් හිතන, සීනිබෝල අදහස් තිබෙන, රට ගැන කිසිම හැගීමක් නැති මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්න කාලයක් එනකම් බලන් ඉන්න වෙනවා කියන එක..
    එවිට ඔවුන් 2001 දී හිතුවා වගේම රනිල් කියන්නේ හොඳ පොරක්/ මොලයක් කියලා අයෙත් කියවන්න ගනී කියලා ඔක්කොම අමතක වෙලා ..
    කොහොම හරි රනිල් තමන්ගේ ඒකාධිපති බලය පවිච්චි කරලා පක්ෂයේ නායකත්වය බලෙන් තියා ගෙන එම කාලය අයෙත් එනතුරු හිටියා ..මොකද මිනිහා දන්නවා එහෙම කාලයක් එනවා කියලා..

    නමුත් මගේ තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි මෙවර රනිල් ඇවිත් කරන විනාශය ඉතාමත් දරුණුයි කියන එක.. ඉතුරුවෙලා තියෙන දේශහිතෛශී අදහස් සහ මතවාදත් සම්පුර්ණයෙන්ම මෙවර රනිල් යටපත් කරන්න උපරිම උත්සාහය දරනවා කියන එක ..දැන් වර්තමානයේදී අපිට හොඳට පේනවා ඔවුන් ගේ වැඩපිළිවෙල..
    ඔය JR 78 ගෙනත් දාලා අපේ ඔලුවලට ඔබපු මතවාදත් එක්ක හදුනා සමාජයක් නිසා තමයි අපිත් ඇතුළුව සියලු දෙනාම මේ විදිහට අඩු වැඩි වශයෙන් හිතන කටයුතු කරන මිනිසුන් වෙලා තියෙන්නේ.. අන්න ඒ නිසි නැවත මෙවර රනිල්-සිරෙසේනලා හදන මතවාදය යටතේ හැදෙන පරපුරක් වඩාත් භයානක වන්නේ..

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.