Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන් ගනී.

Tuesday, September 1, 2015

මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන් ගනී.

අද දින මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පිවිසියා. එතුමාට අසුන් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් වෙන්කර තිබුණා.

11988771_913208008740938_3323952427608841476_n[1]

ජන මතය කෘතිමව කොල්ල කෑ වත්මන් යහපාලකයින්ට බිය වී මහින්ද රාජපක්ෂ මහතා පලා යතැයි සමහරුන් බලාපොරොත්තු වුණා. එහෙත් වර්තමානයේ අප රටේ ජාතික ආරක්ෂාවට වෙමින් තිබෙන අනතුර ඉදිරියේ එතුමාගේ අවශ්‍යතාවය රටට දැඩි ලෙස දැනෙමින් පවතිනවා.

පසුගිය මාස 6 තුළ රටේ ජාතික ආරක්ෂාවට සිදුවුණ විනාශයන් හි ලයිස්තුව... www.mahinda.info/defence

අද රටේ ආරක්ෂක අංශ අසරණයි. මේ බලන්න තවත් මිලේනියම් සිටි ඛේදාන්තයක් සිදු නොවීමට රටේ ආරක්ෂක අංශ වලට තනිව මුහුණ දීමට සිදුව තිබෙනවා.... මූලාශ්‍රය




අවුරුදු 6 ක් ගිහිල්ලත් හෙළි නොකළ ජාතික ආරක්ෂාවට ඉමහත් සංවේදී එම හමුදා බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීමට හමුදාවට සිදුව ඇත්තේ රට වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ තවත් විශිෂ්ට නිලධාරීන් පිරිසක් පෝරකයට යන එක වැළැක්වීමට විය යුතුයි. වත්මන් පාලකයින්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටක් වශයෙන් අප පත් වී ඇති ඉරණම පේනවා නේද?

එවන් වකවානුවක විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට , එදා මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගැනීම අප රට ඉදිරියට මුහුණ දෙන ප්‍රශ්න වලට ඉමහත් අස්වැසිල්ලක් වේවි.