Mahinda Rajapaksa: ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහින්ද මැතිඳුන්ව හමු වෙයි.

Tuesday, September 1, 2015

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහින්ද මැතිඳුන්ව හමු වෙයි.

ලෝක නායකයින් දිගටම මහින්ද රාජපක්ෂ මැතිතුමාව හමු වීමට පැමිණෙයි. අද දින ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාව මුනගැසුණි.

ඇමරිකානු ආධාර හිමි වුවද ඇෆ්ගනිස්ථානය තවමත් ත්‍රස්තවාදයෙන් බැට කන රටකි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ලෝක බලවතුන්ගේ නිවැරදි පිලේ හිට ගනිමින් ලොව පළමු වතාවට මානුෂික මෙහෙයුමක් මගින් රට තුළ ත්‍රස්තවාදය අවසන් කළ නායකයා ලෙස ඉතිහාස ගත වෙයි.

ඒ ගැන හමීඩ් කර්සායි මහතාගේ ප්‍රසංශාව මහින්ද රාජපක්ෂ මහතා වෙත හිමි විය.





mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.