[2]. ඉන්දියාවේ පළ වෙන "The Telegraph" පුවත්පත 2014/02/13 දින පළ කළේ මෙලෙසයි.
"Colombo must be the cleanest city in South Asia. Not only are the roads properly maintained but also kept clean. I did not see any garbage anywhere in the city. Even crowded markets did not give the impression of squalor that is all too common in our cities."
- telegraphindia.com 2014/02/13
පරිවර්තනය: කොළඹ දකුණු ආසියාවේ සුපිරිසිදුම නගරය විය යුතුයි. මහා මාර්ග නිසියාකාරයෙන් නඩත්තු වීම පමණක් නොවෙයි, ඒවා පිරිසිදුව තබා ගන්නවා. නගරයේ කොතනකවත් කසලගොඩවල් මා දුටුවේ නෑ. ජනතාවගෙන් පිරී පැවතුණ වෙළඳපොළවල්වත් ඉන්දියාවේ නගර වගේ අපිරිසිදු බවක් පෙන්වන්නේ නෑ.
[3]. ඉන්දියාවේ සුප්‍රසිද්ධම පුවත්පත වන "The Hindu" පුවත්පත 2013/08/13 දින කොළඹ නගරය මහ ඉහළින් වර්ණනා කළේ මෙලෙසයි.
All the same, from my limited experience of travelling outside Colombo on a few assignments, I feel that the average city or town in Sri Lanka tends to be far cleaner than its Indian counterpart.
As someone who has been a Chennaiite all her life, it is interesting to see how this neighbour – just a 50-minute flight away – manages to be so clean.
- The Hindu 2013/08/13
පරිවර්තනය: කොළඹ නගරයෙන් පිට සංචාරය කර ඇති මාගේ සීමිත අත්දැකීම් වලට අනුව, ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මහ නගර හෝ නගර වඩාත්ම සුපිරිසිදුයි.
චෙන්නායි නගරයේ මුළු ජීවිත කාලයම ගත කළ අයෙක් හැටියට, මිනිත්තු 50 ක පියාසර දුරකින් සිටින මෙම අසල්වැසියා ඉතාමත් සුපිරිසිදු ලෙස සිටින්නට කළමනාකරනය කරගත් ආකාරය සිත්ගන්නා සුළුයි.
ඉතින් නුදුරු අනාගතයේ දකුණු ආසියාවේ එකම සංවර්ධිත රට බවට පත් වීමට සිටි අපේ පුංචි ශ්‍රී ලංකාවත්, ඒ මහා සංවර්ධනයේ පෙරගමන්කරුවන්වත් කලාපීය බලවතුන්ගේ ඊර්ෂාවට ලක් වී ඔවුන්ව පරාජය කරවීමට තම ඔත්තු සේවා යෙදවීම පුදුමයක් නොවෙයි.
[4]. දකුණු ආසියාවේ සුපිරිසිදුම නගරය සම්බන්ධයෙන් thetoptens.com නැමැති ජනමතය විමසීමේ වෙබ් අඩවියෙන් 2014 දී කරන ලද සමීක්ෂණයකින් කොළඹ නගරය ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා.
[5]. 2014/10/31 දින මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් පළකළ වාර්තාමය වීඩියෝවකින් මේ ගැන තවත් විස්තර කර තිබෙනවා.
[6]. නමුත් යහපාලනය සමග ඒ සියල්ලම ඉතිහාසයට එක් වී අවසන්. යහපාලනය පටන් ගත්තේම අරලියගහ මන්දිරය ඉදිරියේ තිබූ මල් පැල ටික ගලවා ඉවත් කරමිනුයි. ඉන් පසුව මේ මහා සංවර්ධනයට දිරි දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ අවලාද චෝදනා නැගුවා. අද ඔහු ඒවාට නිර්දෝශී වී ඇති අතර මාදුලුවාවේ සෝබිත වැනි හිමිවරුන්ට තමන් කරගත් අපරාදය තේරෙන්න පටන් අරන්.
[7]. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී දකුණු ආසියාවේ පිරිසිදුම නගරය වූ කොළඹ නගරයේ වත්මන් තත්ත්වය මෙලෙසයි.