Mahinda Rajapaksa: මහින්දගෙ ඇමති මණ්ඩලය ලොකු වැඩියි කියපු අය දැන් "ජම්බෝ කැබිනට්" හදන හැටි...

Saturday, September 12, 2015

මහින්දගෙ ඇමති මණ්ඩලය ලොකු වැඩියි කියපු අය දැන් "ජම්බෝ කැබිනට්" හදන හැටි...

මහින්ද රාජපක්ෂ මහතාගේ ඇමති මණ්ඩලය ලොකු වැඩියි කියපු අය බලයට ආ පසුව "යහපාලන ඇමති මණ්ඩලයක්" හදපු ආකාරය විමල් වීරවංශ මහතා පැහැදිළි කළේය. ඇමති මණ්ඩලයේ සාමාජිකයින් 93 සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු සභාපතිවරුන් 22 එක්ව ගත්විට සිටින 115 දෙනා නඩත්තු කිරීමට අවම වශයෙන් මාසකට රුපියල් කෝටි 20ක් වැය වෙයි. (අවුරුද්දකට කෝටි 240 ක්). ඔවුන් සඳහා වාහන 711 ක් අවශ්‍ය වෙන අතර අනෙකුත් වියදම් එකතු කළ විට වැය වෙන මුදල සිතාගත නොහැකි ගණනකි.

පහුගිය කාලේ එජාපෙන් එතනෝල් කාරයො කුඩු කාරයො කියපු අය ඔක්කොම ඇමතිකම් දරයි. එසේනම් නරක මිනිහා මහින්ද රාජපක්ෂ මහතා විතරදැයි ද ඒ මහතා ප්‍රශ්න කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේදී වී අස්වැන්නෙන් අවම වශයෙන් මෙට්‍රික් ටොන් 250,000 ක් රජය මගින් මිලට ගැනුණි. නමුත් යහපාලන ආණ්ඩුවෙන් මිලට ගත්තේ වී මෙට්‍රික් ටොන් 120,000 ක් පමණක් බවත් පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදීත් සීපා ගිවිසුම අත්සන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි හැටිත්, එහි අවදාම වටහා ගත් සැනින් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ගිවිසුම අත්සන් නොකරන බව මූණටම කියමින් ආපසු හරවා යැවූ එඩිතර භාවය ගැනත්, එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ පීඩනය ගැනත් විමල් වීරවංශ මහත පැහැදිළි කළේය.  එසේම සීපා ගිවිසුමේ අවදානම ගැනත් ඒ මහතා විස්තර කළේය.

අනෙකුත් කරුණුත් සහිතව සම්පූර්ණ පැහැදිළි කිරීම පහතින්.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. Piyaseeli SenanayakeSeptember 12, 2015 at 9:37 AM

    As Mr. Weerawansa has been telling all along, this cabinet is not for the love for the country. But to pass the bills for the demise of the country.

    Have we seen a grand robbery of democracy since the undated letters of resignation from MPs during RW's uncle JRJ's tenure? I think Sri Lanka is the only country where MPs are so willingly raise their hands to destroy the country.

    The only national heroes we have are the Rajapakse's and those who are staying as the real opposition in parliament.

    ReplyDelete
  2. I agree with you Piyaseeli.That's the truth you were saying. This undemocratic Govt is acting as if they will stay there for another hundred years. They do not know when they will just vanish in to thin air like balloons. We have a Hitler's Govt now and Ranil is acting like a Gestapo officer.Nature will punish these traitors for what they are doing to my Motherland.Just give them time.

    ReplyDelete
  3. කටු ලෙව කන බල්ලෝ බව දනිති මෙකුන්,
    හොරිකඩ කියලා නම හැදුනේ නොදත් මෙකුන්,
    සන්නස්ගල ක්‍රම ජාතක වීය මෙකුන්,
    අපායෙ වල පුරවන්නට යවමු මෙකුන්.

    මහින්ද සුලග වැදි වැදි මුන් තෙපලැවා,
    රෙදි ඇදගෙනද තොපි ඉන්නේ ගෙරිබූවා ,
    පාවාදෙන්නේ ජාතකේ වරදින් මේවා,
    තොපිලගෙ මලදානේ ලගදිම ඉටුවේවා.



    මේ වගේ අවජාතකයන් වෙනුවෙන් කවි පොතක් වුනත් ලියන්න පුලුවන්

    ReplyDelete
  4. පපුව අත තබා දිවුරපු අමන රැලක්,
    ලැජ්ජා නැතුව කඩකර ඇත දැනුනි බවක්,
    සොයාබලා දන්වන ලෙස ඉල්ලීමක්,
    යම ලොකේ යම රජුගෙ දරුනු අනක්

    ReplyDelete
  5. මහින්ද මහතයට ජම්බෝ කබිනට් හදන්ඩ උනේ යුද්දෙ කරන්න රජය ශක්තිමත් කරන්නයි! එහෙන් යුන්පිය කකුලෙන් ඇදල රජය වට්ටන්ඩ හදනව. යුන්පිය සියලුම දහම්ගැට දැම්ම! ලාල්කන්තල යුද්දෙ ඉහලම වෙලාවෙ ස්ට්‍රඉක් කලා! ඒ සියලු දෙනාම රජය වට්ටන්ඩ හැදුවෙ! විජයදාස රාජපක්ශත් ආන්ඩුව පෙරලන්ඩ යුන්පියට ගියා! බටහිර රටවල් සෙරම ඒ කට එක්වුන! ෆොන්සෙකා වැනි කලගුන නොදත් බාල මිනිස්සුත්, සොමවන්ස වැනි මිනිස්සුත් එක්වුනා! අදිරජ්යවිරොදය කතාකරන උන් උන්ගෙන්ම ඩොලර් අරන් මහින්ඩටයි රටටයි ගහන්ඩ ආව! ඒ වෙලවෙ කරන්ඩ තිබුනු එකම දේ එතුමා කලා! දැන් ඒ සියලු අමන ජනයස් එක්වෙලා රට කනව! විකුනනව!

    ReplyDelete
  6. එදා ජනවාරී 8 සහ මෙදා අගෝස්තු 17 තමන් සුජාත වූ මෘතෘ භුමිය වෙනුවෙන් මේ රටේ කෘතගුණ මතක ඇති සැබෑම ජනතාව ලබා දුන් වටිනා ජනමතය පාපතර අයුරින් පාවා දුන් නිදහස් සන්ධානයේ පාපතර මළපෙරේත තක්කඩි ටිකත් රැගෙන ජාතික ආණ්ඩුවක් කියාගනිමින් බෙදුම්වාදී,ආර්ථික අස්ථාවරභාවයෙන් යුතු විශබීජයක් මේ බිමට එන්නත් කිරීමට වළිකන පාදඩ ජාතික පාණ්ඩුවට විරුද්ධව සැබෑම දේශමාමකත්වයෙන් යුතුව තම අභීත හඬ අවධි කරන විමල් වීරවංශ දේශමාමක වීරයාණෙනි..! ඔබට තම රට ගැන සැබෑම දේශමාමකත්වයෙන් යුතුව කටයුතු කරන කෘතගුණ දන්නා මේ රටේ ජනතා බලවේගය වන අප සැමගේ ශක්තිය හා ධෛර්ය නැවතත් එදා වගේම අදත් නොවෙනස්ව ලබාදෙමු.

    ගෙම්බෝ රැගෙන-ජම්බෝ හදලා-ජම්බෝ ජෙට් එක වගේ සුව පහසුවෙන්,අධිවේගයෙන් මේ රට පෙරට රැගෙන යනවා කියා දෑස්පනා පිටම වීශාල මවාපෑම් කරමින් අතීතයේ සිට ම දශ දහසකුත් වූ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව බේරාදුන් මේ සුජාත බිම විනාශ කිරීම සඳහා නැවතත් විශබීජ එන්නත් කිරීමට වර්තමානයේ පොරකන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සපත්තු ලෙවකන පාදඩ ගැතිකරයගේ එම දරුණු විෂබීජය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන මේ බිමට ආදරය,ගෞරවය දක්වන දේශමාමක ඔබ සැම දෙනා ම වටිනා දිව්‍යමය ඖෂධයකි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.