Mahinda Rajapaksa: අදින් පස්සේ ෆුල් ලීසිං තහනම්... යහපාලනයෙන් වාහන සිහිනයට අපමණ අගයක්!

Tuesday, September 15, 2015

අදින් පස්සේ ෆුල් ලීසිං තහනම්... යහපාලනයෙන් වාහන සිහිනයට අපමණ අගයක්!

අලුත් වාහන මිලදී ගන්නන්ට වාහනයේ සම්පූර්ණ වටිනාකම කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තිබූ අවස්ථාව අද (15) සිට අහිමි වනවා.

ඒ ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමත් සමගය.

ඒ අනුව මෙම කොන්දේසිය ඉවත්කරන තෙක් 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට තවදුරටත් අවස්ථාව නොලැබේ.

Source: 2015/09/15 nethfm.com

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීමකුයි පහත දැක්වෙන්නේ. ඔවුන් පවසන්නේ "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙනුයි.



තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ ගැන විස්තර.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. කුම්බිලා කටු කෑවානම් බලලෝ විදවපිය දැන්, උන්ට චන්දෙ දීපු ඈයන්ට වුනා මදියි

    ReplyDelete
  2. මට ඔය වාහන ලිසිං කතාව අවම මතක් උනේ අර අනිත් වෙළඳ දැන්වීම චන්ද කාලේ දාපු..
    අර බයික් එකේ යන ජෝඩුව වැස්ස වෙලාවේ කියන්නේ..
    එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම අපේ අතටත් සල්ලි එනවා නෙය් එහාකොට කාරෙකක් ගන්න පුළුවන්.. ;) ;)

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.