Mahinda Rajapaksa: රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම ඇරඹෙයි, රණවිරුවන්ට නොමිලයේ නීති සහන.

Thursday, September 17, 2015

රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම ඇරඹෙයි, රණවිරුවන්ට නොමිලයේ නීති සහන.

[1]. පසුගිය යුධ සමයේ රාජකාරී මට්ටමෙන් සිදුකළ ක්‍රියා නිසා මේ වන විට රණවිරුවන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ චෝදනා නගා ඇති අතර ප්‍රශ්න කිරීම සිදුවෙයි. රණවිරුවන් යම් පිරිසක් අත් අඩංගුවට පත් වී සිටියි. උදා:

(i). සාක්ෂි නොමැති වීම නිසා වසර 15 ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබූ නඩුවක් කඩිනමින් අවසන් කර මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට මරණ දඬුවම ලබා දුනි. මූලාශ්‍රය: 2015/07/09 රිවිර පුවත්පත (ඒ අතර LTTE "මුහුදු කොටි නායිකාව" ඇප මත නිදහස්. මූලාශ්‍රය 2015/03/13 BBC)

(ii). ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීම හේතුකොටගෙන, ලුතිනන් කර්නල් නිලය දරන දෙදෙනකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ හමුදා කෝප්‍රල්වරයකු සහිත රණවිරුවන් 4 ක් අත්අඩංගුවට ගෙන ඇත. මූලාශ්‍රය: 2015/08/24 BBC (ප්‍රගීත් එක්‌නැලිගොඩ LTTE ය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට හමුදාවෙන් පවසා තිබේ. මූලාශ්‍රය: 2015/09/01 දිවයින)

(iii). කොළඹදී සහ ත‍්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායක මහතාගෙන් CID ය ප්‍රශ්න කරයි. 2015/03/01 HiruNews (ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නැති නිසා කිසිවක් නොකියමි. එනමුත් කොළඹ දිගින් දිගටම සිදුවෙමින් පැවැති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මානුෂික මෙහෙයුමේ අවසාන කාලයේදී වඩාත් අඩු වූ බව ඔබට මතකයැයි සිතමි.)

(iv). චැනල් 4 වීඩියෝ සම්බන්ධයෙන් කිලිනොච්චි මහ සටනට ගිය සේනාංක වල බලසේනාධිපතිවරුන්ව ප්‍රශ්න කෙරෙමින් පවතින බව මේජර් අජිත් ප්‍රසන්න මහතා ඉතාමත් වගකීමෙන් යුතුව අවධාරණය කරයි.


(v). මීට අමතරව ජනමාධ්‍ය වෙත පළ නොවුනද මානුෂික මෙහෙයුමේදී රාජකාරිය සිදුකළ යුධ හමුදාවේ තවත් බොහෝ රණවිරුවන්ව ප්‍රශ්න කෙරෙමින් පවතින බව අපට වාර්තා වී තිබේ.

 

[2].  ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ලෙස සැලකෙන එක්සත් ජනපදය කිසි විටෙකත් තම රජයේ හමුදාවන්ගේ අභිමානයට හානි වෙන දේවල් සිදු කරන්නේ නැත. ඔවුන් තම රජයේ හමුදාවන් රටේ නීතිය මගින්ම ආරක්ෂා කරයි. උදා:
(i). The American Service-Members' Protection Act is a United States federal law that aims "to protect United States military personnel and other elected and appointed officials of the United States government against criminal prosecution by an international criminal court to which the United States is not party. Source: Wikipedia

(ii). Military Whistleblower Protection Act, is an American law providing protection of lawful disclosures of illegal activity by members of the United States Armed Forces. Source: Wikipedia

 

[3]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයදීනම් රණවිරුවන්ට උපරිම දේශපාලනික රැකවරණය ලැබුණි. බටහිර ජනමාධ්‍ය විසින් එතුමාගෙන් ප්‍රශ්න කරද්දී එතුමා මූණටම කිව්වේ ගිහින් බටහිර රටවල් වලින් ඒ බව අහගන්නා ලෙසටයි. පහත වීඩියෝව බලන්න.


 

[4]. නමුත් වත්මන් යහපාලනය සහ ලිච්ඡවී සම්ප්‍රදාය යැයි කියන දේවල් යටතේ , රණවිරුවන්ට අත් වී ඇති අවාසනාවන්ත ඉරණමින් මුදවා ගැනීමට පා.ම. නීතීඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් නීති සහන ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. යුද සමයේ රාජකාරි මට්ටමෙන් සිදුකළ ක්‍රියාකාරකම් නිසා යුද අපරාධ චෝදනා ලැබූ රණවිරුවන්ට මෙම නීති සහනය ලැබෙයි.


 

[5]. රණවිරුවන් සුරුකීමට "වගකීමෙන් නිදහස් කිරීමේ පනත" ද පා.ම. නීතීඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. මෙවැන්නක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අවශ්‍ය නොවූයේ රණවිරුවන්ව රැක ගැනීම එතුමා තම වගකීමක් ලෙස සැලකූ බැවිනි.


 

[6]. රටට වෙන අන්තරාව සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ වැඩිම මනාප ගත් විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරයි. ඒ අතර දෙවෙනි තැනට මනාප ගත් නීතීඥ උදය ගම්මන්පිල මහතාගේ මූලිකත්වයෙන් රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික නීති මෙහෙයුමට පණ පොවා තිබේ.