Mahinda Rajapaksa: නැව් එන්නේ නෑ කියපු, පතුලේ ගලක් කියපු හම්බන්තොට වරායේ නැව් තටාංගනයක් අරඹයි.

Friday, September 18, 2015

නැව් එන්නේ නෑ කියපු, පතුලේ ගලක් කියපු හම්බන්තොට වරායේ නැව් තටාංගනයක් අරඹයි.

[1]. ශ්‍රී ලාංකිකයින්ට සිහිනයක් පමණක් වී තිබුණ හම්බන්තොට වරාය, මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි කැප වීම නිසාම අන්තර්ජාතික තරගකරුවන්ගේ බලපෑම් පරදවමින් ඉදි කිරීමට හැකි වුණා.



 

[2]. වරාය ආරම්භයේ සිටම එවකට විපක්ෂයේ කුහක දේශපාලඥයින් විසින් සමාජ ගත කළේ එය අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. ගලක් නිසා නැව් එන්නේ නැති වරායක් හැදුවා කියමින් එහි නිර්මාතෘ වන මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව වරාය අධිකාරියේ හිටපු සභාපති වරයාට පවා එරෙහිව ගෙන ගියේ අති දැවැන්ත මඩ ප්‍රහාරයකි.

 

[3]. නමුත් ඒ මඩ සියල්ල අකුලා ගනිමින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ නැව් තටාකාංගණය ඉදිකිරිම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා.  නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙයි. (sources: ada.lk , LankaCnews.com , radiogagana.com)



 

[4]. මාගම්පුර වරායේ නැව් තටාංගනයක් සෑදීම වත්මන් රජයේ සැලසුමක් ලෙස පෙන්වුවත් එය සැලසුම් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මාගම්පුර වරායේ 3 වෙනි අදියරේදී මෙම නැව් තටාංගනය ඉදි කිරීම නියමිත වුණා. ඒ අනුව දකුණු ආසියාවේ විශාලතම වරාය අප රටට හිමි වෙයි.
අදියර 3 කින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මාගම්පුර වරාය අංගසම්පූර්ණ වරායක් බවට පත්වීමට තවත් වසර 6 ක් පමණ ගතවනු ඇති නෞකාවලට පැමිණ බඩු ගොඩබෑම සඳහා අදාළ ගබඩා ඉදිකළ යුතුයි. ඊට අමතරව කන්ටේනර් පර්යන්ත ඉදිකිරීම හා ගොඩබෑමේ දොඹකර සවිකළ යුතුයි. එම කටයුතු ඊළඟ අදියරවලදී පියවරෙන් පියවර සිදුවනු ඇත. (Source: 2010/11/22 dinamina.lk)

The second phase of the Port of Hambantota project, which will include a container terminal, is expected to be completed by 2014. The second stage of the port is estimated to cost around US$750 million. The third phase will include a dockyard. Upon completion, the port will cover 4,000 acres (16 km2) of land and accommodate 33 vessels at any given time, making it the largest port in South Asia. (source: Wikipedia)

 

[5]. 2014 වර්ෂයේදී පමණක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය රු 5,396,409,976.45 (මිලියන 5396) ක ලාහයක් ලැබුවා. ලෝකයේ වඩාත්ම ලාභදායී වරාය බවට පත් වෙමින් තව වසර කිහිපයක් ඇතුළත ව්‍යාපෘති පිරිවැය අභිබවමින් ලාභ ඉපයීමට නියමිතයි.   (Source: 2014/02/29 dailymirror.lk)

 

[6]. පසුගිය වසර කිහිපය තුළ අති දැවැන්ත නැව් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර, මෑතකදී ලෝකයේ විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට සේන්දු වුණා. (Source: 2015/08/19 hirunews.lk)


 

[7]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ආරම්භ කර දියුණු කරද්දී එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසූයේ, හම්බන්තොට වරාය ඇතුළේ ගලක් තිබෙන බවත් එනිසා ලෝකයේ ප්‍රසිද්ධ හොඳ නැව් වලට මේ වරායට එන්නට නොහැකි බවයි. වීඩියෝව පහතින්.


 

[8]. "හම්බන්තොට වරාය කියන්නේ ලංකාවේ මෙතෙක් ඉදි වූ ලොකුම සුදු අලියා. මේක මහා ප්‍රෝඩාවක්." - කෙළවරක් නැතිව යුද්ධය ඇදෙනවා කියමින් එදා මානුෂික මෙහෙයුමට මඩ ගැසූ ආකාරයෙන් හම්බන්තොට වරායට එරෙහිවත් මංගල සමරවීර මඩ ගැසූයේ එලෙසයි.


වැඩි විස්තර සඳහා: මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ලාභදායිතාවය ඇතුළු සියලුම වැදගත් කරුණු අදාල මූලාශ්‍ර සහිතව දැක්වෙන ලිපිය. www.mahinda.info/2015/07/magampura

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.