Mahinda Rajapaksa: ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.

Saturday, September 19, 2015

ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.



[NEWS] ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ඒ සමග ඇතිවුණ ජාත්‍යන්තර තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් හිටපු රාජත්‍රාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැහැදිළි කිරීමක් කළේය.

එහිදී විකීලීක්ස් වාර්තාවක් ඇසුරෙන් දයාන් ජයතිලක මහතා පෙන්වා දුන්නේ 2009 අප්‍රියෙල් මාසයේදී යුද්ධය නවත්වන ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවයි. එනමුත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැවැත්වූයේ නැති බවත්, කොටි සංවිධානයෙන් රට සදහටම මුදවාගැනීම සඳහා අවසන් ප්‍රහාරයට ඉඩ දුන් බවත් පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු නියෝගයට අවනත නොවී රට ගැන සිතා යුද්ධය අවසන් කළ බැවින් ඊට දඬුවම් කිරීමට මෙම උත්සාහය දරන බව වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපෙන් නගන ව්‍යාජ චෝදනාවකටද එම සාකච්ඡාවේදී පිළිතුරු දෙනු ලැබුණි. "කිසිම අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව දේශීය හෝ විදේශීය වගවීමේ ක්‍රියාවලියකට පොරොන්දු වී නැති බව" ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊනියා යුද අපරාධ චෝදනා, ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත සහ වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදිළි කෙරෙන සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.