Mahinda Rajapaksa: ජිනීවා වාර්තාවට එරෙහි අයව හිරේ දාන්න හදද්දී එජාපය එදා ගහපු බොරු මෙන්න.

Sunday, September 20, 2015

ජිනීවා වාර්තාවට එරෙහි අයව හිරේ දාන්න හදද්දී එජාපය එදා ගහපු බොරු මෙන්න.



[1]. අද දින ඉරිදා දිවයින පුවත්පතේ "හිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න" මැයෙන් පළ වූ ලිපිය සම්බන්ධයෙන් අප කාගේත් අවධානය යොමු විය යුතුයි. එහි සඳහන් වූයේ,
නව රජය රටේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ සම්බන්ධව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යෑවීමට උත්සාහ ගන්නා පාර්ශ්ව වලට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයාගේ වාර්තාව (ජිනීවා) සම්බන්ධව මේ වන විටත් ඇතැම් පාර්ශ්ව ජනතාව නොමග යෑවීම සඳහා අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවට රජයට තොරතුරු ලැබී ඇතැයි එම ඇමැතිවරයා පැවැසීය.

රජය ගෙනයන වැඩපිළිවෙළ සාධනීය ලෙස විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇතත් අසත්‍ය ප්‍රචාර සැලසුම් කරමින් ජනතාව නොමග යවමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක්‌ නැති බව කී ඇමැතිවරයා එලෙස ක්‍රියා කරන කණ්‌ඩායම් පිළිබඳව දැඩි ලෙස රජය විමසිලිමත්ව සිටින බව පැවැසීය. (source: 2015/09/20 Divaina.com)

එහි සමස්ථ අර්ථය වන්නේ දිවයින මාධ්‍යවේදියා දැක්වූ අයුරින්ම ජිනීවා වාර්තාව ගැන බොරු කියන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, එය බොහෝ විට සිරගත කිරීමක් විය බවත් ය.

 

[2]. බොරු කියන අයව දඬුවම් කිරීම ඇත්තෙන්ම ජනතාවත් අනුමත කරන දෙයකි. එනමුත් ජිනීවා වාර්තාව වැනි සංකීර්ණ තත්ත්වයක් සම්බන්ධයෙන් එය එලෙසම ක්‍රියාත්මක කළ හැකිද? උදාහරණ ලෙස,

(i). ජිනීවා යෝජනාව රටට හිතකර බව වත්මන් ආණ්ඩුවට පක්ෂ යම් පිරිසකගේ මතයයි.
(ii). ජිනීවා යෝජනාව රටට හිතකර නොවන බව වත්මන් ආණ්ඩුවට විරුද්ධ සාතිශය බහුතරයකගේ මතයයි.

ඒ අනුව ඉන් එක් පාර්ශවයකට අනුව අනික් පාර්ශවය "අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්" ය.

එනිසා සිදුවිය යුත්තේ එකිනෙකාගේ මතවාදයන් සංවාදයට බඳුන් කිරීම වන අතර එවිට සත්‍යය කුමක්දැයි ජනතාව විසින් වටහා ගනීවි.

 

[3]. ආණ්ඩුවට අනුව ජිනීවා වාර්තාවට එරෙහි අය "අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්" බැවින්, ඉහත දිවයින පුවත්පතේ ලිපියට අනුවනම් ජිනීවා වාර්තාවට එරෙහි අයට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

"යහපාලනය" යනු වත්මන් ආණ්ඩුවේ මතයට එරෙහිව තම මත පළ කරන අයව මර්දනය කිරීමනම් හෝ පළිගැනීම නම් ඔවුන්ට සතුටු විය හැකි වේවි. එනමුත් ඊට වඩා පුළුල් දෙයක් බලාපොරොත්තු වූ අයගේ ප්‍රතිචාරය කෙබඳු ද?

 

[4]. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී විපක්ෂයේ උදවියට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑවටත් වඩා නිදහසක් දී තිබුණි. සමහරුන්ට අනුවනම් එය නොදිය යුතු ආකාරයේ වල්බූරු නිදහසකි. පුවත්පත් වල පවා පළ කරමින් නිවැරදි කිරීමට සිදුවූ පහත බොරු ලයිස්තුව බලන්න. (විශාල කර කියවීම සඳහා පින්තූරය මත Click කරන්න)


එජාපය ප්‍රමුඛ පක්ෂ වලින් මහින්ද රාජපක්ෂ මහතා සහ පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කරන ලද බොරු, අවලාද සහ ව්‍යාජ චෝදනා 190 ක් ගැන මේ වන විට mahinda.info වෙතින් සාක්ෂි හා මූලාශ්‍ර සහිතවම පිළිතුරු දී තිබේ.

එතරම් අසත්‍ය ප්‍රචාර කන්දරාවක් එල්ල කරන ලද උදවිය, වර්තමානයේ ජිනීවා වාර්තාව ගැන ඔවුන්ගේ මතයට විරුද්ධ අයට දඬුවම් කිරීමට හැදීම විහිළුවකි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

11 comments:

  1. යහපාලනයේ අදහස් දැක්වීමේ නිදහස කියන්නේ ඔන්න ඕකට...

    ReplyDelete
  2. මෙතන වෙන්නෙ වෙන දෙයක් නොවේ...

    යමපාලන තාඩයන්ගෙ ඕනෑ එපාකම් තමුන්ට රිසි අයුරින් සපයා ගැනීම සඳහා උපන් දේශය ගැන කැක්කුමක් ඇති දේශමාමක බලවේග කිහිපය මනාලෙස නිහඬ කරවීම සදහා පිඹුරු පත් සකස් කර,ඒ අනුව මේ අදම යමපාලයන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ව පරාජය කරවීමට සෑම අතින්ම සහයෝගය දුන් අධිරාජ්‍යවාදී රටවල මේ රටට අත පෙවීමට ඉඩ දී ඔවුන්ට අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් මනාව ඉටුකර ගැනීම සඳහා මාර්ගය සුද්ධ පවිත්‍ර කර දීමයි.

    අද මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා කියා කියන උන් අත්අඩංගුවට පත්වන දුක්කිත තත්ත්වයක් උදා වෙමින් ඇත.මේ වෙන්නෙ මොකක්ද..? රට රැකදුන් මහින්ද නාමය මාකා දැමීමේ පාදඩ සමාජයක් උදාකරමින්, රට ගැන සැබෑම කැක්කුමක් ඇති දේශමාමක බලවේග කිහිපය නිහඬ කරමින් රූකඩයක් යටතේ රූකඩ රාජ්‍යයක් නිරිමාණය කර ලක්මවට දෙයියන්ගෙ පිහිටවත් නැති කිරීමයි.


    පුලුවන් නම් මාවත් හිරේ දාපං...අසත්‍ය පතුරවා හැරියා කියලා.

    ReplyDelete
  3. //එතරම් අසත්‍ය ප්‍රචාර කන්දරාවක් එල්ල කරන ලද උදවිය, වර්තමානයේ ජිනීවා වාර්තාව ගැන ඔවුන්ගේ මතයට විරුද්ධ අයට දඬුවම් කිරීමට හැදීම විහිළුවකි.//

    නිකං ම නිකං විහිළුවක් නෙමේ .
    මාරාන්තික විහිළුවක්.
    එකත් වින්දනය කරලම බලමු.
    වෙන කරන්න දේකුත් ඉතුරු වෙලා නෑ නේ ..
    තව අවුරුදු 6 කුත් ඉතිරි වෙලා තියේ

    ReplyDelete
  4. මහසෝන් ගේ මතයට මාත් එකගයි. මේක මාරාන්තික විහිලුවක් තමයි. මේ රජය හා හපුරා කියා පටන් ගත්ත පියවර, වැඩ පිලිවෙලවල් සහ ප්‍රකාශ මට නම් පුද්ගලිකව හරිම පුදුමයි. ඉතින් මේ මාරාන්තික විහිලු තියෙන මව්බිමට අතිශයින් හානිකර මේ 'comedy show' එක අපි තව කොච්චර කල් බලා ඉන්නද?

    ReplyDelete
  5. හොඳ ලමයාSeptember 21, 2015 at 1:34 AM

    දැං කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ මේ රට ජාතිය පවතියි කියල. මහින්ද මාම ගැන අසත්‍ය ප්‍රචාරය කරන්න මූසල නාකි හැත්තක් දාල ඉන්නව පොදු ස්ථාන වල මහින්ද ගැන අනිත් අයට ඇහෙන විදිහට වැරදි දේ හයියෙන් කතා කරන්න. බස් වල සමහර වෙලාවට නාකි හැත්ත දෙන්නෙක් හයියෙන් සාකච්ඡා කරනව වගෙ පෙන්නනව මහින්ද මාම ගැන. මහින්ද ඉස්සර පොල් කඩපු එකෙක්ලු උගෙ තාත්ත මෙහෙමලු ආදී වශයෙන්. කන් දෙක ගාවට කට ඉරිච්ච ගෑනුත් ඉන්නව ගෙවල් වලට ගිහින් අසත්‍ය ප්‍රචාරය කරන්න. මහින්දට වැඩ කරපු, රනිල්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ පිරිසක් ඉන්නව මම ලඟදි බැහැදැක්ක. උන් මේ සැරේ කියාපි රනිල් ඇතුලු මුන් හොඳට වැඩේ කරනව අවුරුදු පහක් ඇදගෙන යයි කියල. බලනකොට ගෑනියෙක් මුන්ගෙ මොළ හෝදල. ඒකි කියල රනිල් හොර ඡන්ද දාන එකෙක් නෙවෙයි කියල. මහින්ද ඇතිවෙන්න හොරකම් කරලලු. මහින්ද හිටියනං දැං ගෑස් රු:3000යි ලු. දලදා මාලිගාව වටේ ලැම්බෝගිනි රේස් ගියාලු. මේ විදියට බිං මට්ටමින් ඉතා නිවට ප්‍රචාර යනවා. මං උන්ට කියල දුන්න හම්බන්තොට වරාය ගැනත් මත්තල ගැනත් ආදී වශයෙන්. දැං සේරම යන්නෙ ඉන්දියාවෙ ක්‍රමයට. ජයලලිතව හිරේ දාල අපේ එවුන්ව රවට්ට ගත්ත තැන ඉඳල කරපු රැවටීම උන්ට තේරුනා.

    ReplyDelete
  6. මේ මී හරකුන්ව කොච්චර රැවැට්ටුවද කියනව නං තොපි ණය වෙවී තොපිට ඕනනං යකඩ කෑල්ලක් වික විකා ඉඳපල්ල කියන එක හොඳ වේශයෙන් පෙන්නුවෙ යහපාලනය කියන වචනය යොදාගෙන.
    ය - යකඩ
    හපාල - හපාලා
    නය - ණය

    ReplyDelete
  7. Dear editor,

    I cannot type in Sinhala using UCSC Unicord Converter. Please enlighten me further.

    ReplyDelete
  8. Dear Rohitha, pls try this tool http://www.google.com/intl/si/inputtools/try/

    ReplyDelete
  9. මම සිංහල ටයිප් කරන්නේ පහත සයිට් එකෙන්. හරිම පහසුයි. එතනම හැම අකුරක්ම නිවැරදිව ගන්න හැටි පෙන්වා තියෙනවා.
    www.sinhalaunicode.gishan.net/write

    ReplyDelete
  10. Piyaseeli SenanayakeSeptember 21, 2015 at 10:34 AM

    Reading on Power's comments. I have heard they tried to do the same to King Dutu Gemunu. Dutu is the short form of Dushta. Elara's followers started calling King Gemunu Dushta, Gemunu and then that became Dutu Gemunu. They are doing the same for Mahinda too. I like the use of the word Mahinda Methindun instead of Just Mahinda.

    ReplyDelete
  11. Dear Rani De Silva, Thank you for this excellent comment. It is an up-to-date complete clear report of how all these unfortunate events were unfold in our Motherland over several years ending in this very sad situation.

    ඔබේ මේ පැහැදිලි විස්තර වාර්තාව හැම කෙනෙක්ම ඉතා ඕනෑකමින් කියවා තේරුම් ගත යුතු කාලය එලඹී ඇත. හුඟ දෙනෙක් ඇත්ත තත්ත්වය තේරුම් අරන් නැහැ. මෙය ලිපියක් හැටියට සකස් කර දිවයින, රිවිර වැනි පුවත් පත් හරහා ජනතාව අතරට යැවිය යුතුමය. පරිගණක පහසුකම් නැති අය කරා පැහැදිලි චිත්‍රයක් ලබා දිය හැකි වනු ඇත. අපේ අඩවියේත් සමාජ ජාලා වලට යැවීමටත් එක්ක සිංහලෙන් පල කලොත් ඉතාම අගනා බව මම යෝජනා කරනවා.

    සමාජ ජාලා හරහා ඔබ කල අපිරිමිත කැපවීම දුටුවෙමි. ඔබට හද පත්ලෙන්ම තුති පුද කරමි. ඔබ වැනි සැබෑ දේශප්‍රේමී දරුවන් පහල වුනේ ලක්මෑණියන් ගේ පිනටයි!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.