Mahinda Rajapaksa: තවත් මඩක් අවසන්. පක්ෂයෙන් දැරිය යුතු ප්‍රචාරක වියදම් පුද්ගලිකව දැරීමට කීම.

Wednesday, September 23, 2015

තවත් මඩක් අවසන්. පක්ෂයෙන් දැරිය යුතු ප්‍රචාරක වියදම් පුද්ගලිකව දැරීමට කීම.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය 2015 ජනාධිපතිවරණයට තරග කළේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නොවේ. එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසටයි.

කිසියම් පක්ෂයක් මගින් තරග වදින ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රචාරක වියදම් අදාල පක්ෂය විසින් දැරීම සිරිතයි. උදාහරණ ලෙස ජනාධිපතිවරණයේ අනෙක් අපේක්ෂකයා දැරූ අති දැවැන්ත මුදල ඔහුගේ පෞද්ගලික මුදල් පසුම්බියෙන් වියදම් කළ ඒවා නොවේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රචාරක වියදම් ගෙවීමට ඉතිරිව ඇතිනම් ඒවා පියවිය යුත්තේ එක්සත් ජනතා නිදහස් සංධානය යි. ජනාධිපතිවරණයෙන් පසුව එතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බැවිනුත්, පසුගිය මහ මැතිවරණයේ එතුමා කටයුතු කළේ මැතිවරණ මෙහෙයුමේ නායකයා ලෙස පමණක් බැවිනුත් අදාල මුදල් පියවීමට පක්ෂය මෙහෙයවීමේ වගකීම එහි වත්මන් නායකයින්ට භාර වෙයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීමටත් පෙර මාධ්‍යවේදීන්ම මේ ගැන පවසන ආකාරය බලන්න. මන්ද යත් පක්ෂයක ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවන්නේ අදාල පක්ෂයෙන් බව රූපවාහිනී ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් හොඳාකාරව දනියි.



එසේම අදාල රූපවාහිනී ආයතනයේ දැන්වීම් පළ කිරීමේදී සිදුවූ ගැටලු සහගත සිදුවීම් ගැනත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ඒවා ආයතනික මට්ටමෙන් පරීක්ෂණ පවත්වා විසඳා ගත යුතු දේවල් වෙයි. නිලධාරීන් සිදුකරන දේවල් වලට මහින්ද රාජපක්ෂ මැතිතුමා පුද්ගලිකව වගකිව යුතු නම්, පසුගිය දා පොලිස් නිලධාරියෙකු විසින් ආබාධිත පුද්ගලයෙකුට පහර දීමටත් වත්මන් පාලකයින් පුද්ගලිකව වගකිව යුතු යැයි චෝදනා කළ හැකි වේවි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එල්ල කළ සියලුම චෝදනාවන් පට්ට පල් බොරු මඩ විතරක් බව ජනතාවට මේ වන විට පැහැදිළිව පවතියි. එනිසා ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් ලෙසට සංධානයෙන් ගෙවිය යුතු මුදල් ගෙවීම ප්‍රමාද කර, මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන බවක් දක්නට ලැබේ.