නමුත් මෑතකදී යහපාලන ආණ්ඩුව විසින් මෙම මීගමුව කොළඹ විදුලි දුම් රිය මාර්ගය තමන්ගේ වැඩක් බව සමාජ ජාල හරහා පෙන්වයි.

ඒ නිසා මෙහි ඇත්ත නැත්ත අන්තර්ජාලයේම තොරතුරු ඇසුරින් විමසා බලන්නේ සත්‍යය කුමක්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසයි.
[2]. Airport Express – Air & Rail Company (Pvt.) Ltd විසින් පළ කර ඇති ඉහත වීඩියෝවේ දිනය බලන්න. එය පළ කර ඇත්තේ 2013 ජුනි 11 දිනදී ය. YouTube වෙත upload කරන ලද වීඩියෝ වල දින වෙනස් කිරීමට නොහැකියි. ඒ අනුව ඉහත දැක්වෙන විදුලි දුම්රිය මාර්ග සැලසුම 2013 දී සිදුකළ බවට තහවුරු වෙයි.

[3]. කොළඹ සිට කටුනායකට සැලසුම් කළ විදුලි දුම්රිය මාර්ගය , 2014 වෙත්දී මීගමුව දක්වා දීර්ඝ කර සැලසුම් කෙරුණා. ඒ බව රජයේ පුවත් වෙබ් අඩවියේ සඳහන්. එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙය 2015 මුලදීම ආරම්භ වීමට නියමිතව තිබුණා.

එහි වර්ෂය සඳහන් නොවුණත් තවම 2015 දෙසැම්බර් 24 ලබා නොමැති බැවින් , එය 2015 ට පෙර වර්ෂයක දෙසැම්බර් 24 බව තහවුරු වෙයි. එසේම එහි search result හි 2014 වර්ෂය සමග දිනය දැක්වෙයි.

[4]. මේ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගහන අතරේ එතුමා ආරම්භ කළ ව්‍යාපෘති තමන්ගේ ලෙස පෙන්වමින් යහමින් රට රැවටීමත් සිදු කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑදූ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය හැදුවේ රනිල්ගේ මගපෙන්වීමෙන් බව සඳහන් කරගන්න එකේ මේකනම් එක අතකට මහ දෙයක් නොවෙයි.
[5]. මහින්ද චින්තනයෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කාගේ නම ගසා ගත්තත් ඉදිරියටම කරගෙන යනවානම් එය අපට සතුටක්. එනමුත් බොහෝ සංවර්ධන කටයුතු නතර කර තිබීම කණගාටුදායකයි.
දුම්රිය මාර්ග සංවර්ධනය නැමැති ක්ෂේත්රය ගැන පමණක් බැලුවත්, මොරටුව සිට තලංගම දක්වා මොනෝ රේල් ව්‍යාපෘතිය මේ වන විට නතර කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙම මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2015 අප්‍රියෙල් මාසයේ සිටයි. එසේනම් තව අවුරුදු 4 කට පසුව ඔබට මෙවැන්නක අත්දැකීම විඳගැනීමට තිබුණා. (source: 2012/09/02 sundayobserver.lk)

