ගණිතය පිළිබඳ දැනුම සෑම කටයුත්තකදීම වාගේ අත්‍යවශ්‍ය වේ. එනමුත් ගණිත හැකියාව නොමැති වුවද මොළයේ දකුණු අර්ධය වඩාත් වර්ධනය වී ඇති අයට කලා හැකියාව උපරිමයෙන් තිබීමට හැකිය.
උදාහරණ ලෙස විනාඩි කිහිපයක් වැය කර මෙම අන්තර්ජාල අභ්‍යාසය සිදුකිරීමෙන් ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට පුළුවන.

[2]. එම කාරණා කිහිපය හේතු කොටගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ "කලා විෂය ධාරාව පමණක්" හැදෑරීමට ඉඩ සලසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 2014 ජුලි මාසයේදී නව චක්‍රලේඛයක් නිකුත් කෙරුණි. (2014/07/30 NethFM)
එම තීරණය ගත්තේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය ඉහළ යමින් පැවැති යුගයකදී බවත් සිහිපත් කළ යුතුයි. (2014/04/09 Mawbima)

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ එම යෝජනාව සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ පැසසුමට ලක්ව තිබූ බව BBC මාධ්‍යවේදීන් පවා වර්තා කර තිබේ.
එනමුත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාරයක් එවකට විපක්ෂයෙන් එල්ල කළ අතර, එහි අරමුණ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කිරීමයි.
[3]. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, උසස් පෙළ හැදෑරීමටනම් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කළේය. ඒ අනුව උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමටත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කෙරුණි. (2015/01/27 News.lk)

[4]. එහි ප්‍රතිඵලය වූයේ එජාපයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. දිනය 2015 මාර්තු 30, සාමාන්‍ය පෙළ ගණිතය දෙවන වරටත් අසමත් වීම නිසා සිසුවියක් සාරියකින් ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත්තාය. (2015/03/30 HiruNews)

ඊට අමතරව හැටන් ප්‍රදේශයේ තවත් සිසුවියන් 2 නෙක් සියදිවි නසාගැනීමට තැත් කළ බව ඉහත වීඩියෝවේ වාර්තා කර තිබුණි.
යහපාලන ආණ්ඩුව හුදු දේශපාලනික හේතු මත උගත් ආර්ථිකවිද්‍යා ගුරුතුමාට මඩ ගසමින් තමන් ගත් අනුවණ තීරණය ගැන වැටහුණි.
[5]. අන්තිමට යහපාලන ආණ්ඩුවෙන් කළේ කුමක්ද? ජනවාරියේ ගත් තීරණය ගැන කිසිදු මතක් කිරීමක් නොකර O/L අසමතුන් සියල්ලන්ට උසස් පෙල හදාරන්න අවස්ථාව ලබා දෙන බවට ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා තීරණය කිරීමය. (2015/09/24 SriTv)
එදා බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට පමණක් අවසර දීමයි. පහත දැක්වෙන පුවතට අනුව යහපාලන ආණ්ඩුවේ අලුත් තීරණය කුමක්දැයි පැහැදිළි නැති අතර, සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ විද්‍යා/වාණිජ විෂයන් සඳහා අවසර දෙන බව කීවත් එය පුදුමයක් නොවේ.

එජාපයේ සමහර ආධාරකරුවන් ෆේබුක් එකේ පවසා තිබුණේ, "මහින්දගෙ කාලෙදි කරපු වැරදි දැන් නිවැරදි කරන බව" ය. එනමුත් ඇත්තටම සිදුවී ඇත්තේ මහින්ද මැතිඳුන්ගේ UPFA ආණ්ඩුව දුරදිග බලා ගත් නිවැරදි තීරණ වලට මඩ ගැසීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් සිදුකළ දේවල් ආපසු අකුලා ගැනීම බව ඔබට පේනවා නේද?