Mahinda Rajapaksa: මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.

Tuesday, September 29, 2015

මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.

[1]. (i). "මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා." යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව 2015/09/28 දිවයින පුවත්පතෙන් වාර්තා කර තිබේ.



 

(ii). "අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම" නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා කියන රනිල් වික්‍රමසිංහ මහතා 2014 දී පැවසූයේ මෙලෙසයි.  (2014/02/03 දිවයින පුවත්පත)


(iii). අපේ රටේ කිසිවෙකු විදුලි පුටුවේ වාඩි කරවන්න බැරිනම්, දේශීය යැයි කියන යුද අපරාධ යාන්ත්‍රණය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා යැයි අලුතෙන් කියන්න දෙයක් නැත. මොකද 2014 දී රනිල් පැවසූ කාරණාව අනුවනම් මහින්ද රාජපක්ෂ මහතා 2003 සිටම විදුලි පුටුවෙන් බේරිලා අවසන් විය යුතුයි.

ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේ ඇත්තක්නම් 2014 දී කියා ඇත්තේ පට්ට පල් බොරුවකි. 2014 දී කියපු දේ ඇත්තක් නම් 2015 දී කියන දේ පට්ට පල් බොරුවකි. ඒ දෙකම ඇත්ත වීමට හැකියාවක් නොමැත. නමුත් දෙකම බොරු විය හැකියි.

 

[2]. "මහින්දව විදුලි පුටුවෙන් බේරෙනවා" යැයි එජාපයෙන් මෑතක සිට පවසන කතාවට උදය ගම්මන්පිළ මහතා මනා පිළිතුරක් දී තිබේ. (2015 දී කියන බොරුවට පිළිතුරු)

"ජිනීවා මානව හිමිකම් පිළිබඳ ලංකාව සම්බන්ධව යෝජනාව සකස්‌ කරන්න ලංකාවෙන් දායක වන්නේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් දෙදෙනා බවත් මේ දෙදෙනා දකුණේ මිනිස්‌සු නිසා දකුණේ අය වන මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අමාරුවේ දැමීමට ඉඩ නොදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

2008 දී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දැවැන්ත යුද්ධයක නියෑලී සිටියදී කොටි පරදන ආණ්‌ඩුව අයවැයෙන් පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට විපක්‍ෂයට ගිය තිදෙනාගෙන් දෙදෙනකු වූයේ මොවුන් බවත් හෙතෙම සිහිපත් කළේය."



ඒ අනුව එදා යුද්ධයට එරෙහි වූවන් බහුතරයගෙන් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව පැහැදිළි වෙයි.

 

[3]. රෝම ගිවිසුම අත්සන් නොකළේ තමන්ගේ වුවමනාව නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙයද පට්ට පල් බොරුවකි. මෙන්න මූලාශ්‍රය (2014 දී කියපු බොරුවට පිළිතුරු).
ශ්‍රී ලංකාව මෙම රෝම සම්මුතියට එකඟ නොවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීයි. මේ සම්මුතියේ ඇති භයානකකම වටහාගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඊට සහය නොදනෙ ලෙස උපදෙස්‌ දී තිබිණි. (2015/08/23 දිවයින)


ලංකා ඉතිහාසයේ කීර්තිමත් රාජත්‍රාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමි විය යුතු ගෞරවය වෙන අය සොරාගැනීමට හැදීම ගැන අපි කණගාටු වෙමු.

රටේ ජාතික ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කළ යුත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා විසිනි. නැතිව අග්‍රාමාත්‍යවරයා විසින් නොවේ. (කාටත් හොරෙන් සාම ගිවිසුම් අත්සන් කිරීමේ නීති විරෝධී භාවය වෙනම බැලිය යුතුයි.)

 

[4].  අනික් අතට රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ පමණින් විදේශ අතපෙවීම් හි අවදානම පහව යන්නේ නැත. මේ බවත් දිවයින ආරක්ෂක තීරුවේ පැහැදිළි කර තිබේ. (මේවා බොරුනම් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයින්ට අදාල පුවත්පත සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම් පළකිරීමට හැකියාව තිබුණි. නමුත් එසේ කර නැත්තේ මේවා ඇත්ත බැවිනි)
ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නොමැති නිසා හමුදා නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට බැරි බවට ඇතැම් දේශපාලකයන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ කොන්දේසි මෙසේයි.

1. රෝම සම්මුතියට අත්සන් කළ රටෙක වැසියකු වීම
2. අපරාධ ක්‍රියා සිදුවූයේ සම්මුතියට අත්සන් කළ රටේ භූමිය තුළදී වීම.
3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශය මත
4. චෝදනා මගින් යුද අපරාධ සිදුවී ඇති බවට සනාථ වීම.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ මෙම සිව්වැනි කරුණ අනුවයි.

චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝපට - හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌a ගෲප් සංවිධානයේ වාර්තාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාගේ වාර්තාව සහ ලන්ඩන් නුවර ප්‍රීඩම් ඔප් ටොචර් සංවිධානයේ වාර්තා මගින් යුද අපරාධ සිදුවූ බවට කරුණු ගොනු කර තිබේ. (මේවා බොරු චෝදනා වන අතර දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් අයුරින් මේවා නිශේධනය කළ යුතුය)

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය ක්‍රියාත්මක වන්නේ ඉහත කී වාර්තා මතය.  (මූලාශ්‍රය: 2015/08/23 දිවයින)

 

[5]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්න බටහිරයන් මීටත් වඩා බරපතල උත්සාහයක් දැරුවේ මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ සහ අවසන් වූ පසු වසර කිහිපය ඇතුළතදීයි. නමුත් එවකට චීනය සහ රුසියාව යන ලෝක බලවතුන් දෙදෙනා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය නිසා මානව හිමිකම් චෝදනා නිශේධනය කිරීමට හැකි විය.  වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියානම් වත්මන් ආණ්ඩුව මෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අභ්‍යන්තරව පවත්වමින් අහක යන නයි රෙද්ද අස්සේ දාගේන්නේ නැත.,  ලෝක බලවතුන් දෙදෙනාගේ නිශේධ බලය යොදවා පසුගිය පෙබරවාරි වලදීම මෙම යෝජනාව පරාජය කරනු ඇත.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.