Mahinda Rajapaksa: විපක්ෂ නායකවරයා ලෙස සම්බන්ධන් පත් වුණ ආකාරය පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් වෙයි.

Thursday, September 3, 2015

විපක්ෂ නායකවරයා ලෙස සම්බන්ධන් පත් වුණ ආකාරය පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් වෙයි.

[1]. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් විපක්ෂයේ වාඩි වෙනවානම්, ඔවුන් වෙනම ක්‍රියාත්මක වෙනවානම්, විපක්ෂයේ වැඩි කොටස බැවින් විපක්ෂ නායකත්වය ලැබිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. එතුමා ඒ බව පැවසූයේ මීට පෙර පාර්ලිමේන්තුව රැස් වූ 2015 සැප්තැම්බර් 1 දින යි.



 

[2]. කුමාර වෙල්ගම මහතාව විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුසු බව ඊට පෙර සිටම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහස වුණා. 2015/08/25 දිවයින



කුමාර වෙල්ගම මහතා කිසිදා පක්ෂය මාරු කර නැහැ. එසේම ජනවාරි 8 වෙනිදා සිටම සැබෑ විපක්ෂයේ හඬ නැගීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය වී තිබෙනවා. එනිසා ඔහුව කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙස ජනතාව විසින් තෝරා ගත්තා.

 

[3]. විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මහතා මීට පෙර දැක්වූ අදහස් මෙලෙසයි.



 

[4]. කුමාර වෙල්ගම මහතාව විපක්ෂ නායකවරයා ලෙස පත් කරන මෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙක් ලිඛිතව අත්සන් කර ලිපියක් වත්මන් විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සංධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබුණා. (මන්ද යත් විපක්ෂ නායකවරයාව පාර්ලිමේන්තුවට යෝජනා කළ යුත්තේ අදාල පක්ෂයේ නායකයා විසින් වීම නිසයි). ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අභියෝගයක් එල්ල කරද්දී ඔහුට අදහස් දැක්වීමටවත් ඉඩ නොදී බාධා එල්ල වුණා. සම්මුතිවාදී ලිච්ඡවී පාලන ක්‍රමය යැයි කියාගන්නා එකේ දෙවැනි දිනය මෙලෙසයි.



 

[5]. ඒ අනුව ආර් සම්බන්ධන් මහතාට විපක්ෂ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් විරෝධයක් ඇති වී තිබෙන්නේ කිසි සේත්ම ජාතිවාදී පදනමක් මත පිහිටා නොවෙයි. ජනමතය අනුව විපක්ෂ නායකත්වය ලැබිය යුතු පාර්ශවයට ලබා නොදීමට කෘතිමව කටයුතු කර ඇති නිසයි.



පාර්ලිමේන්තුව මීට පෙර රැස්වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන් කරුණ නැවතත් පැවසුවහොත් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් විපක්ෂයේ වාඩි වෙනවානම්, ඔවුන් වෙනම ක්‍රියාත්මක වෙනවානම්, විපක්ෂයේ වැඩි කොටස බැවින් විපක්ෂ නායකත්වය ලැබිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට" යි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.