මහින්ද රාජපක්ෂ මහතා තම එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් කළ සේවය ගැන එජාප නායකයින්ගේත් වක්රාකාර පැසසුමට ලක් වෙමින් තිබේ.
"පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරු 106 දෙනෙක් පත් කර ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් මන්ත්‍රිවරු ටිකක් අරගෙන ඇමතිකම් දීලා 113 පුරෝගෙන තමන්ගෙ පාක්ෂිකයින්ට වැඩ කරන ආණ්ඩුවක් ගෙනියනවා. අද අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ජාතික ආණ්ඩුවක් කියල හදාගෙන යනවා. හොඳම අමාත්‍යාංශ ටික ඒ පැත්තට දීලා..." ආදී වශයෙන් බස්නාහිර පළාත් සභාවේ එජාප විපක්ෂනායක මංජු ශ්‍රී අරංගල මහතා පවසයි.
එසේම ඔහු පැවසූයේ "හැබැයි මේ යන තත්ත්වය තුළ ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පාක්ෂිකයින්ට විජාතික ආණ්ඩුවක් බවට පත් වෙන්න වැඩි කලක් යන්නෙ නෑ" යනුවෙනුයි.