Mahinda Rajapaksa: ගෝඨාභය මහතාගේ වටිනාකම මාදුලුවාවේ හිමිට වැටහෙයි. හකීම්ගේ මූණටම කියයි.

Tuesday, September 8, 2015

ගෝඨාභය මහතාගේ වටිනාකම මාදුලුවාවේ හිමිට වැටහෙයි. හකීම්ගේ මූණටම කියයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතාගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉටු වූ සේවය ගැන මාදුලුවාවේ සෝබිත හිමිට හිටිගමන් සිහිපත් වී තිබේ.

උන්වහන්සේ ඒ බව සිහිපත් කළේ නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් 07 දා සවස නාග විහාරයට ගොස් මාදුලුවාවේ සෝබිත හිමි මුණගැසුණ අවස්ථාවේදී ය.
"ගෝඨාභය රාජපක්ෂ පේන්න වැඩ කොටසක් කළා. ඒ වැඩ දැන් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙලා යනවා. බෙල්ලන්විල ගත්තොත් ගස් හිටෙව්වා, මල් හිටෙව්වා. දැන් වතුර දාන්නැති නිසා ගස් මැරිලා යනවා.

මිනිස්සු කියනවා ගොඨාභය මහත්තයා ඉන්න කාලෙ කොච්චර හොඳට තිබුණාද කියලා. දැන් ගොඩක් තැන්වල බල්බ් පිච්චිලා, කුණු ගොඩවල් ගැහිලා. පිටකොටුවෙ පේමන්ට් එකේ කඩ දාගෙන යනවා.

ගෝඨාභය මහත්තයා කරපු දෙවල් පවත්වාගෙන යන්න මේ අයට බෑ කියලා ජනතාව කියනවා. ලස්සනට හදපු උයන් ටික මැරිලා යන්න දෙන්න එපා. පේමන්ට් එකේ තියන් තැඹිලි කපද්දි, මැරිලා තියෙන ගහක් දැක්කම ගෝඨාභය මහත්තයා මතක් වෙනවා. අඩුගාණෙ ඒ මට්ටමවත් පවත්වාගෙන යන්න ඕන"

- මාදුලුවාවේ සෝබිත හිමි

මූලාශ්‍ර:
1. 2015/09/09 මව්බිම පුවත්පත mawbima.lk
2. 2015/09/08 "අද පුවත්පත" ada.lk



පුද්ගලයෙකුගේ හෝ තනතුරක වටිනාකම වැටහෙන්නේ ඔහු හෝ ඔහුගේ තනතුර අහිමිව ඇති විටයි. යහපාලනය නිසා කොළඹ නගරයට සිදුව ඇති විනාසය ගැන මාදුලුවාවේ සෝබිත හිමිට මේ වන විට වැටහී තිබෙන බව පෙනෙයි. එසේම යහපාලනය නිසා රටේ ජාතික ආරක්ෂාවට සිදුවූ හානිය ගැනත් ඉදිරියේදී තැටිය තව තවත් රත් වෙද්දී හොඳින් වැටහේවි.

කිසියම් පුද්ගලයෙකුට එරෙහිව මඩ අවලාද නගා චරිත ඝාතනය කිරීමට වඩා , රටක් සංවර්ධනය කිරීම කොතරම් භාරදූර කර්තව්‍යයක් දැයි එදා යහපාලනය වෙනුවෙන් කටයුතු කළ අනිත් උදවියටත් යහපාලනයේ සනීපය දැනෙද්දී ටික ටික වැටහෙනු ඇත.



මාදුලුවාවේ සෝබිත හිමි සහ රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාව සිරස ටීවී වාර්තා කර තිබූ නමුත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන සඳහන් කොටස එහි විකාශය කර නොමැත.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

28 comments:

  1. සුසන්ත ශ්‍රී ඒකනායකSeptember 8, 2015 at 6:57 PM

    සෝභිතත් හරියට කාළගුණය වගේ.

    ReplyDelete
  2. මේවට තමා කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ කියා..

    මේ හාමුදුරුවන්ට විතරක් නොවේ කොළඹ ජිවත් වන හෝ කොළඔට රැකියාවකට හෝ වෙනත් කටයුත්තකට පැමිණෙන ඕනම කෙනෙකුට තේරුණු පැහැදිලි සත්‍යය මෙයමයි.එහෙත් සමහරුන්ගේ සිතේ ඇති වෛරය හා රුසියාවටත් වඩා විශාලයි කියනා ඉරිසියාව නිසා මේ පැහැදිලි ඇත්ත පිළිගැනීමට ඔවුන් අකමැතිය.එදා තිස් අවුරුදු මිනීමරු ත්‍රස්තවාදී කාළකණ්නි යුගය මේ බිමෙන් අතුගා දැමීම සදහා සදා අනුස්මරණීය සේවයක් ඉටුකළ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා යුද්ධයේ අවසානයත් සමඟම නාගරික සංවර්ධන අධිකාරය හරහා කුණුගඳ ගසමින් සිටි කොළඹ නගරය හා අනෙකත් අක්‍රමවත් නගර හා ප්‍රදේශ සුවඳවත්,ක්‍රරුමවත්,අලංකාරවත්,සුපිරිසිදු ස්ථාන හා නගරයන් බවට පරිවර්තනය කලේ හා කරමින් සිටියේ එදා සිටි කොන්දක් ඇති එඩිතර නායකත්වයේ ශක්තිය හා මෙතුමාගේ ඇති ඊට නොදෙවෙනි ශක්තිමත් හා නෙපසුබස්සනා ධෛර්යය නිසාවෙමිනි.

    ගරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමණි,

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙන් ම ඔබතුමා ද මේ රට වෙනුවෙන් කළ අපමණ සේවය සදා අනුස්මරණීය සේවයකි.එය කාට කෙසේ හෝ අමතක උවත් කෘතගුණ දන්නා මේ රටේ ජීවත් වන අප සැමට එය කිසිදාක අමතක නොවේ.ඒ ආකාරයෙන් ම එම කලා වූ අපමණ සේවයට ගරහපු පිරිසට හා එය අමතක වූ පිරිසට වර්තමානයේ ඔබතුමා නැතිව හිස් වූ හිස්තැන ඉදිරියටත් තදින්ම දැනේවා කියා ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  3. සොබිත හිමිගෙ ගොර නාඩුව වැසී ඇත,
    ලැයිස්තුවේ නම තිබිලත් විසිවී ඇත.,
    යහාපාලනෙ තරම හොදටම තේරී ඇත.
    කනවද වමරා වැදිලා හතේ හත.

    ReplyDelete
  4. ditta damma weedaniiya karmaya pala dii etha.

    ReplyDelete
  5. අයිය මලෝ එකතුව රට ගොඩ නැගුවා..
    ගෝඨාභය කොළඹ සුරපුරයක් කෙරුවා..
    ලෝකෙන් පලමු අන්කයටම එසවූවා..
    කල මෙහෙවරට කළගුණ කෝ දැක්වූවා..!

    දරු පැටවුන්ට හිමි විය යුතු ඉදිරියට..
    ලස්සන අනාගතයක් කෝ ලක්මවට..
    බලවත් රටවලට ගැතිකම් කරන්නට..
    යහපාලනය දන ගැසුවේ අපෙ පවට..!

    සෝභිත හිමිත් වගකිවයුතු හැම දෙයට..
    රටකට කල විපත දැන් සිහියට ගන්ට..
    යුද බිය නසා රට ගොඩ නැගු මැතිදුන්ට..
    සිත් රිදවූ පවම කැදවයි අපායට..!

    (Power ට කවි ලියන්න එපා කියලා ඉල්ලුම් කෙරුවත් වෙබ් අඩවියට ගොඩ වුනේ නැත්නම් ඉබේටම කවි ලියවෙයි කාගෙන් හරි. දැන් අලුත් කවිකාරියක් ගීත රචකයෝ එහෙම ඉන්නවානේ)

    ReplyDelete
  6. සෝභිත හාමුදුරුවන්ටත් තනි UNP ආණ්ඩුවක් හදා ගන්න බැරි උනාම තමයි ගෝටාභය මහත්මයා කරපු සේවය මතක් උනේ...
    අනිත් කාලයේදී වැරදීමකින් වත් ඔහොම කියන්නේ නෑ ..
    ඊළඟට චන්දයක් ආවත් උන්වහන්සේ කරන්නේ ඕකම තමයි.. 19වන සංශෝධනයටත් බැනලා තියෙනවාලු .. ඒක සංශෝධනය කර ගත්තට පස්සේ කියපු කතාව ඇහුවා නම් ඉතින් දැන් කියන ඒවාට හිනා වෙලා පන යනවා..
    අව්ස්තාවදී විදිහට පාවිච්චි වෙන අයගේ වචන වලට වටිනා කමක් දෙන මිනිස්සු සහ ඔවුන්ව පුම්බන මාධ්‍යය නිසා තමයි රටට ඕනෑම විනාසයක් කරලා ටික දවසකින් ඒකටම විරුද්ධව කතා කරන්නේ ..
    දින සීය අවසාන කාලේ UNP ආණ්ඩුව පතුරු ගහපු චම්පික, රතන හිමි, රාජිත, නිශාන්ත වර්ණසිංහලා පස්සේ චන්දෙදි කියපු කතා වගේම තමයි දැන් සෝභිත හාමුදුරුවන්ගේ කතා ...
    මොනා උනත් තමන්ගේ අවංකබව පෙන්වන්න හරි වැරදිලා හරි ගෝටාභය මහත්මයා කරපු දේවල් කිව්වා එක හොඳයි...
    හැබැයි එකෙනුත් උන්වහන්සේ තමයි ලකුණු දා ගන්න හදන්නේ

    ReplyDelete
  7. හොඳ ලමයා.September 9, 2015 at 1:27 AM

    මහින්ද වගේ නායකයෙක් මුන්ට වැඩක් නෑ. මුන්ට රනිල් අයිය ෂෝයි. මොන වී ගබඩාද. බිම ඉඳගෙන අත උඩට උස්සං විරිත්තං ඉන්නං කටට යමක් වැටෙයිනං ටික වෙලාවකිං පස්සෙං කහ දියරයක් වක්කරං එතනම රෙන්නං. නැගිටින්න නං ඕන නෑ. දැං මේ ජාතිය බේරාගැනීම ඉතා දුෂ්කරයි. අතීතය සිහිපත් කලොත් සියල්ලම සිදු වුනේ සිංහල ජාතිය විනාශ කිරීම පිනිසයි. නමුත් ඒකත් සිංහලයාගෙ වැරැද්ද. කවුරු රැවැට්ටුවත් මොකටද රැවටෙන්නෙ. බලන්න දැං d.h.a කිරිපිටි දෙනව කියල බඩේ ඉන්න ( කළලයෙ ) ළමයින්ටත් මොළේ ලොකු වෙන්න කියල දුන්න. අපේ මෝඩ අම්මණ්ඩිල අනිත් ගෑනුන්ට වඩා තමන්ගෙ ලමයට මොලේ ලොකු කරන්න කියල තරඟෙට ඒව දීල දැං ළමයි විකෘතියි. ඔලුව නෙමෙයි කඳ බඩ මහතයි අත පය කෙට්ටුයි ගෙම්බො වගේ. බෙල්ලක් නෑ. මුංට යුද්දයක් කරනව තියා අඩි දහයක් දුවන්න බෑ. දෙමළ, මුස්ලිම් ළමයි එහෙම නෑ. ඉස්සරහට අපි කොහොමටත් යටත් රෝගීන් පිරිසක්. ඒ මදිවට දැං විද්වතුන් කියන එවුන් ළමයින්ට නම් දාන්න හදල දෙන්නෙ හිනා යන විහිළු නම්. ගෑනු ඒව තරඟෙට දානව අනිත් එකාට වඩා අමුතු නමක් මගෙ එකාට දාන්න ඕන කියල. අපේ පැත්තෙ එක ළමයෙක් ඉන්නව උගෙ නම මනරම්. තව එකෙක් හංසජ. තව එකියක් හසරැලි. මේව නම් නෙවෙයි සිංහල වචන කියල තෙරුම් ගන්න මොළයක් නැති ඉතාම මෝඩ ජාතියක් දැං බිහිවෙලා ඉන්නෙ. ඒකයි කිවුවෙ මේව අවුරුදු ගානක සැලසුම් කියල. මං දැං අවුරුදු 20ක් තිස්සෙ විතර දන්න හැම එකාටම කියනව ඉන්දියාවෙ දේවල් පාවිච්චි කරන්න එපා හින්දි චිත්තරපටි බලන්න එපා ඒව හරි මෝඩයි තමන් ඉන්න තත්වයෙන් පහලට වැටෙනව කියල. හොලිවුඩ් නම මුං හොරකං කරගෙන බොලිවුඩ් කියල දාගෙන හොලිවුඩ් වල හදන ඒව ඔක්කොම මුං ඉතා මෝඩ විදිහට අනුකරණය කරල මෝඩ නිර්මාණ කරනව. ඒව බලන එවුන් ඉතාම පහත් මානසික මට්ටමකට වැටෙනව ඉන්දියානුවන් වගේ. අපිත් හැමදාම රනිල් කරන ඒවට කමෙන්ට්ස් දදා ඉඳියි. අනිතිමට ඔක්කොම නිකම් සිහිවටනයක් විතරයි. දැං මෝඩ ජයලලිතාටත් ශෝයි කියල විරිත්තගෙන වහල් කම් කරනව මිසක් ඒකත් නිවට කමක් කියල නොතේරෙන විදියට මානසික මට්ටම හදලා ඉවරයි. ප්‍රබාකරංගෙ මළකුණෙන් එල්ලෙන අහවල් එකෙනුත් මොනා හරි ගන්න පුලුවන්ද කියල හොයන, තමන්ට ඒව නැති විද්වතුන් කියන නීචයින් ජාතියක්නෙ ටැලිවිසන් පෙට්ටි වලට රිංගගෙන අවුරුදු ගණන් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මොළ හසුරුවන්නෙ.

    ReplyDelete
  8. Three "R"s cannot be forgotten easily (Mahinda/Gota/Basil)Rajapaksa's.They were like Three "W"s in the old west Indian cricket team. All three were workaholics who did miracles in this land of ours. How can people like Hak-Him will do what Gota did? He will build more Mosques nothing else. You should appoint a man with new ideas not a divider like Hak-Him. Forget the beauty of our beloved homeland and prepare to see more bloodshed in the future with this Illegal corrupt Govt of traitors.

    ReplyDelete
  9. මම 1944 වර්ෂයේදී කොළඔ 10 යේ පළවැනි මරදානේ ඉපදුන අයෙක්ම. 1950 ගණන්වල සිටම තවමත් කොළඹ නගරය පාලනය කරන්නේ එජා පක්ෂයයි. ඒ අතර බොහෝ ආණ්ඩුද ඇවිත් රට පාලනයකර යන්න ගියා.නමුත් ගෝඪාභය මහත්මයා නාගරික සංවර්ධණ අධීකාරියට පත්වනතුරු කොළඹ නගරය තිබුණේ අපායක් වගේ යයි කිව්වොත් මම කියන්නේ බොරුවක් නොවේ. මගේ වයස දැනට අවුරුදු 71ක් වුනත් තවම මගේ මතකය ඉතා හොඳින් පවතී. අපේ රටේ හිටපු කිසිම පාලකයෙකුට කොළඹ අපාය පිරිසිදු කරන්න, ලස්සන කරන්න තියා හින්නවත් ගෝඪාභය මහත්මයාට වගේ හැකියාවක් තිබුණේ නැත.එතුමා 30 අවුරුදු යුද්ධ කරුමයෙන් අපව බේරාගත්තා මෙන්ම කොළඹ අපායෙනුත් අපව බේරා ගැනීමට කටයුතු කළා. අරාබි ලෝකයෙන් ඊශ්‍රායලය බේරාගත් මෝෂේ ඩයාන් සෙනෙවියාව පසුව පැමිණි වෙනත් ඊශ්‍රායල් රජයන් පවා දේශපාලන භේදයකින් තොරව රටේ දියුණුව පිණිස එතුමාව නොයෙක් රාජ්‍ය තනතුරුවල තබාගත්තේ එවැනි පුද්ගලයෙකුගේ වටිනාකම බුද්ධිය තියෙන ඒ රටේ අනිකුත් දේශපාලකයින්ට වැටහුන බැවිනි. ඒකට ඊනියා ජාතික ආණ්ඩු හදන අපේ රටේ මන්දබුද්ධික නරුමයන් ගෝඪාභය මහත්මයා වැනි මේ වටිනා ජාතික සම්පතෙන් අපේ මව්බිමට වැඩක් ගන්නේ නැතිව ඊර්ෂාවෙන් හා කුහකකමින් යුක්තව විදේශීය බලවේගයන් සමඟ එකතුවී එතුමාව දණ්ගෙඩියට යැවීමට වලිකෑම අපේ මුලු ජාතියේම අවාසනාවකි෴

    ReplyDelete
  10. අබේ මහත්මා, ඔබගේ කමෙන්ට් එකට 100% එකග වෙමි. ලක්ශ ගණනක් මේ රටේ හදවතට එකගව හිතන්න පූලුවන් අය මෙය වටහා ගත්තත්.... කුහක කුරිරු සිත් ඇති අය කියන්නේ කරන්නේ මැරිලා ඉපදුන අය වගෙයි.

    දරුණු යුද බියට ගොදුරු වෙලා හිටි හැටි මතක නෑ. අයිය මලෝ රට ගොඩ නැගුව හැටි, කොලඹ සුරපුරයක් කරපු හැටි, ලෝකයෙන්ම සීඝ්‍රයෙන් දියුණු වූ නගරය කරපු හැටි මතක නෑ. තිස් වසරක යුද්ධයකට පසු මේ තරම් ඉක්මනට අධිවේගී මාර්ග හැදුව හැටි, දැවැන්ත සන්වර්ධන මතක නෑ.

    හැම දෙයක් දෙසම වපර ඇහින් බලමින් බොරු චෝදනා නගමින් අපේ මහින්ද මැතිදුන්ටත් ගෝඨාභය මැතිදුන්ටත් සිත් රිදවීම මහා පාප කර්මයකි.

    ReplyDelete
  11. Like Abe & Dinu THERE ARE millions who understands the truth except few who live with hatred in their hearts and say in public "we are United" just only to mislead the public. People did a mistake by appointing a Grama Sevaka on Jan8th and they did the same mistake by appointing a Hitler on Aug 17th without knowing the gravity and the danger we are going to face in the near future because of International interference and the stupid actions of the traitors who are Governing the country. Indian Parasites are already take over the island with their cheap goods and advise. This Sinhala Buddhist nation must be saved from these hypocrits and Parasites before they take us down to hell.

    ReplyDelete
  12. චන්දෙන් දිනන්නේ- හොරෙන්මයි දිනන්නේ
    තාක්ශන බලෙන්නේ -ජිල්මාට් දමන්නේ--ජිල්මාට් දමන්නේ//
    කලින්දා-මහින්දා දිනනසේ දැනෙන්නා..........
    ලියුම් ටික ලියලා- පත්තරේ දමන්නා....පත්තරේ දමන්නා......
    චන්දෙන් දිනන්නේ- හොරෙන්මයි දිනන්නේ....
    තාක්ශන බලෙන්මයි- ජිල්මාට් දමන්නේ- ජිල්මාට් දමන්නේ//
    කුහකකම්- පහත්කම් අගේකර තැබීමෙන්
    මගේ අපත -ජඩයන් මා ලගයි සිටින්නේ..මා ලගයි සිටින්නේ
    කුමටද මහින්දට ආන්ඩුව දෙන්නේ-ද්‍රොහි අපනේ දැන් රජ කරන්නේ- දැන් රජ කරන්නේ
    චන්දෙන් දිනන්නේ- හොරෙන්මයි දිනන්නේ.......//

    (අනුවාදය:- තනිවයි උපන්නෙ- තනිවයි මැරෙන්නේ )

    ReplyDelete
  13. අනේ මේ අය ඔක්කොම එකතුවෙලා රට ජාතිය අාගම විනාස කලා අායෙත් ගොඩගන්න හම්බවෙන්නේනෑ අපිනම් ඉතාම කනගාටුවෙන් ඉන්නේ

    ReplyDelete
  14. කියන්නකෝ මොකදවුනේ අපේ සාදු,
    රොටි වලදා අවසන්කර ඇති සාදු,
    යහාපාලන තැටියෙ සැතපී සිටි සාදු,
    නොදොමකින්! දෙස්දෙනවා ලොකු සාදු

    ReplyDelete
  15. අපේ රටේ හිටපු රාජ්‍ය නායකයින්අතර ෙහාන්දම එඩිතරම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි එතුමා නැති පාඩුව මුලු රටටම බලපානවා

    ReplyDelete
  16. well said Ven. So-bitter, don't forget that you are also responsible for this curse.

    ReplyDelete
  17. Dinuu..අසරණ මට ඇයි මෙහෙම කරන්නෙ..? බලන්ඩ “වෙබ් අඩවියට ගොඩවුණේ නැතිනම් ඉබේටම කවි ලියවෙයි”..මේකත් හරියට පැහැරගෙන ගොස් මුදල් දුන්නෙ නැතිනම් මරනවා වගේ වැඩක් නේද..? Mahinda.info හි ඔබතුමාත් මේ අසරණයට වෙන අසාධාරණය දැක දැක අයි ඔහොම අහක බලාගෙන ඉන්ඩ සිත දීලා තියෙන්නෙ..?

    ReplyDelete
  18. Power ගෙ කොමෙන්ට් කියවන්නම එන පිරිසක් සිටිනවා. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්න වෙනවානෙ. :)

    ReplyDelete
  19. හිතවත් දිනූ! සිත එඩිතර පවර් ඇවිත් දුක් නගන්නෙ,
    ඔහුත් අපත් සැමදාමත් එක විදියට පිටු ලියන්නෙ,
    කොමෙන්ට් ඔහුගෙ ගරු සරුවයී එඩිටර්තුමා පලකරන්නෙ,
    කවි නොලියුවට පිරිස් ඇතෙයි ඒවා අගයන් කරන්නෙ
    --ජයවේවා---

    ReplyDelete
  20. Power, මහින්ද මැතිදුන්ට ඔතරම් ආදරය කරන..මව්බිමට ඔතරම් ආදරය කරන ඔබ කිසිම කලෙක ලක්දෙරණෙහි අසරණ නොවේ. මම මේ කල්පනා කරන්නේ මහින්ද මැතිදුන් ගේ "දැයේ අප්පච්චිගේ දරුවෝ" නමින් සන්විධානයක් හැදුවොත් පවර් ට නිතරගයෙන් සභාපති තනතුර දෙන්න පුලුවනි නේද කියලා. මොකද හොදටම ශුවර් ඇමති කට්ටක් එහෙම දීලා රවට්ටගන්න බැරි බවට.

    ReplyDelete
  21. ඒ කියන්නෙ Mahinda.info හි ඔබතුමත් එහෙනං ඒ පැත්ත ගත්තා...
    කමක් නෑ. මොනවා කරන්ඩ ද ඉතින් :(

    ReplyDelete
  22. මළා.............

    අලි මදිවට හරක් කිව්වලු…අනේ ඇයි Dinuu මම තව තවත් මෙහෙම අසරණ කරන්නෙ..? දැන් ඒ ගමන සභාපතිකමකුත් සූදානම් කරලා.ඇත්ත මම මගේ මාතෘ භූමියට වගේම අපේ මහින්ද රාජපක්ෂ අපේ සදාදරණීය නායකයාණන්ට හදවතින් ආදරය,ගෞරවය දක්වන කෙනෙක් තමයි.එහෙත් මම පාසල් යන කාලෙවත් පන්ති නායක කමවත් කරලා නෑ.එහෙවු එකේ ඒ වැඩේ නම් කොහොමටත් කරන්ඩ බැරි
    වෙයි.

    අනේ පිං අයිති වෙයි, තරහා වෙන්ඩ නම් එපා.

    ReplyDelete
  23. පවර්, දිනු,
    මම 8 පාස්වෙච්ච ග්‍රාම සේවකයෙක්, පවර්ට එපානම් මට පුජා කරනවද, මහින්ද මහතා ශ්‍රිලනිපය පඹයට පුජා කල ලෙසට. හැබැයි මම නම් ඌ වගේ හැසිරෙන්නේ නැහැ,

    ReplyDelete
  24. @රටවෙනුවෙන්
    එහෙම බලලෝභී උන්මත්තක, කූට උපක්‍රමශීලී විදිහට හැසිරුනේ නැත නම් පඹයන්ට සභාපතිකම දිගටම කරගෙන යන්න බෑ... ;)

    පවර් සභාපති තුමාට ජය වේවා!

    ReplyDelete
  25. It is very pathetic to note that the buddhist monks who are supposed
    to be the guardians 'MURA DEVATHAVAN' of our country working with the traitors.

    ReplyDelete
  26. අපේ Dinuu තරහා වෙලාද මන්දා.. මාව තවත් අසරණ කරන්ඩ එපා කිව්වට,

    තරහා නෑ නේද..? ගණන් ගන්ඩ එපා.

    Mahinda.info හි අප හිතවත් ඔබතුමාවත් සම්බන්ධ කරලා Dinuu (ඔබ) වෙනුවෙන් පොඩි විහිලුවක් කලේ. :D ඒ වගේම අපේ Rata wenuwen නුත් මම අසරණ වෙලා කියලා හිතල වගේ.ඒ එක්කම අපේ Sayumi කවි “පොරියත්” මතක් කිරීමට කැමතියි.ඒ වගේම Dinnu ගේ සහ Rata wenwen ගේ කවි සහ නවතම පද මාලාවන් යටතේ එක් කරමින් ඔබ දෙදෙනා සකසන ගීත සහ කවි ගැන නම් මට නම් හිතාගන්ඩ බැරිවයි ඉන්න‍ෙ.කුමක් නිසාද එවැනි වැඩ මෙහෙම දවසින් දවස කරනවාය කියන්නෙ සුලුපටු වැඩක් නොවන බව මම හොඳාකාරවම දන්නෙමි. එය සමරවිට පෙර පින් මහිමයක බලයෙන් ඔබ දෙපලට තව කෙනෙකුගේ සිතක් සැනසීම සඳහා ලැබුණු අපූරු දායාදයක් වන්නට ඇති. මම නම් පාසැල් යන අවධියේ දී මට නම් එක කවියක් තියා එක කවියක පදයක් අමුණා ගන්ඩ බරිවෙච්ච එකෙක්. ඒ කාලේ මගේ වෙලාවට අපේ සිංහල විෂය භාරව සිටිය ගුරුතුමිය සැරවැර නැති කවියක් වගේ ලස්සන ගුරුතුමියක්.එතුමිය ඒ කාලේ කියනවා “පුතා මේ පන්තියේ අනෙක් ළමයි වගේ ඔයත් වචන දාලා කවියක් ලියන්ඩ” කියලා..මොන කවිද..මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.මොනවා කරන්ඩ කොච්චර උත්සහ ගත්තත් සිතට වචනයක් එන්නෙම නෑ.මම කරන්නෙ ඉතින් අපේ පන්තියේ මගේ යහලුවන්ගෙ කවි සිතුවමක් බලා සතුටු වෙන එක.

    මම අද කරන්නෙත් ඒ වගේ ම වැඩක් තමයි.

    Pink Panther ඔබටත් නැවත වාරයක් ස්තූතියි..එහෙත් නැවත නම් මට සභාපතිතුමා කියලා නම් කියන්ඩ එපා යාලුවා :)

    ReplyDelete
  27. පවර් හිතවතා ඔබගේ ඉල්ලීම ඉටුකරන්නයි මම ලෑස්තිය,

    නොකියා කියන්නේ අප "ටූ මච්" කියලයි,
    එහෙනම් ඔන්න කවි නොලියා නිදි ගන්නයි,
    යතුරු බෝඩයේ අකුරුද ගෙවිලා පෙනෙයි,
    කෙටූ ඇගිලි තුඩු ටික දැන් වෙහෙස නිවයී.

    දිනූ මොනවා කියාවිද මම නම් දන්නෙ නැහැ, අපායෙ නම් හිටියේ නැහැ මම එහි ගියවෙලේ බල බල ආවේ, දිව්යය ලොකයක ඉන්න විදියටයි කවි ගෙතීම ,අහලා බලමු කෝ

    ReplyDelete
  28. (Power කියන නමින් පෙනී හිටියෙත් මේ වෙබ් අඩවියට මහා බලයක් ශක්තියක් අරගෙන එන හින්දනෙ. එඩිටර් තුමත් කිව්ව වගේ මෙහි ගොඩ වදින අයට නැතුවම බැරි අයකු බවට පත්වීමත් හැම කෙනෙකුටම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. ඒ බලයටයි කියන්නෙ පෙර පින් බලය කියලා. ඒ වගේ කෙනෙක් එක්ක තරහ වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි.

    අපේ මහින්ද මැතිදුන්ට සමාජ ජාලා වල හදුන්වන්නේ 'නැතුවම බැරි මහින්ද' කියලා. ඒක හරියටම හරි. Power වගේ, විමල් මැතිදුන්ලා වගේ තව ටික දෙනෙක් හිටියත් මහින්ද මැතිදුන් වටා ඒ හොදටම ඇති. ඔය ද්‍රෝහීන් වන්චනිකයින් එතුමා ලගින් පෙනී සිට චන්ද්ය කොල්ල කා ගත් හැටි අපි දැක්කනෙ.)

    සෙනෙහෙබර "අප්පච්චී" වෙතටයි...

    මහ සෙනෙවියෙකි විරුවෙකි පින්බර රටට...
    කවදත් සෙනෙහෙබර පියතුමෙකිය අපට...
    ඔබෙ ගුණ ගායනා දස අත ඇහෙන විට...
    කදුලැල් සලනු ඇත බොහො දෙන හැම කලට...!

    ජනගග ගැලූ හැටි මතකයෙ ඇත හොදට...
    රටටම සෙනෙහෙ දුන් අප්පච්චී වෙතට...
    කවදත් පොදු ජනගෙ හදවත් ඔබෙ නමට...
    බැති පුද සමග නිති හරසර පුදන්නට...!

    යුග පුරුෂයෙකි බෝ කලෙකින් පහල වුන...
    සම කල නොහැක කිසිවකු හා අප දන්න...
    ජන හද දිනූ නිරිදුනි මේ පින් රැගෙන...
    සැම කල් දිනේවා පිහිටින් තුණුරුවන...!

    ජය පිට ජය පතමි ඔබ වෙත හැම කලට...
    කරනා කියන හැම වැඩ කටයුතු වලට...
    පව්ලේ සතුට වැඩිවේවා ඉදිරියට...
    මව්බිම රැකේවා පින්බර ඔබෙ නමට...!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.