
එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර ජනමාධ්‍ය සහ අන්තර්ජාල වෙබ අඩවි මගින් මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවට පළ කර ඇති පුවත සම්පූර්ණ බොරුවක් බව මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා කර තිබේ. එවැන්නක් සඳහා එතුමා හෝ එතුමාට හිතවත් කිසිවෙක් කතා කර හෝ නොමැත.
මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම යාමක් සිදුකරන බවට ජනවාරි 8 වෙනිදා සිටම එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර මාධ්‍ය පළ කළ අතර ඒවාද මේ වන විට පට්ට පල් බොරු බවට පත් වී තිබේ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන පසුගිය කාලයේ තොරක් නැති චෝදනා එනම් හෙලිකොප්ටර් 6, බකින්හැම් අශ්වයින්, ලැම්බෝගිණි, ආරුගම්බේ බකින්හැම් මාලිගාව, ඇමරිකන් මාලිගාව, කොමිස්/මෙගා ඩීල්, හමුදා කුමන්ත්‍රණ, හම්බන්තොට වරාය, මත්තල, අභිරහස් ගුවන් යානය, කෑම බිල, ආයුධ නැව, KP, එතනෝල්, කුඩු, කොටින්ට මුදල් දුන්නා කීම, වාහන 1600 ය, ටොන් 310 ක රත්තරං, නිධන් හෑරීම, ආදී මඩ සිය ගණනක් එල්ල කළ අතර ඒ සියල්ලම මේ වන විට බොරු බවට පත් විය.
කුරුණෑගල ජනතාව 423,529 ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය වන 83.32% වාර්තා කළේ එතුමාට විශ්‍රාම යාමට නොවේ. ඒ අනුව ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ට සහ තමන් වෙනුවෙන් පක්ෂයට ඡන්දය ලබා දුන් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියි.
අලුත් ආණ්ඩුවක් පත් වූ ගමන්ම කකුලෙන් ඇදීම නුසුදුසු නිසා ඔවුන් ගැන සාධාරණ විවේචන සහිතව වගකීම් සහගතව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වෙයි. එසේම එජාපයෙන් රටට අත් වුණ ඉරණම වටහා ගැනීමටත් පාවෙන ඡන්ද දායකයාට යම් කාලයක් අවශ්‍ය වී තිබේ.