
[NEWS] ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ පිළිබඳ සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාව පරාජය කිරීමට තවමත් කාලය තිබෙන බව ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩුව විශ්‍රාම ලත් විනිසුරු මැක්ස්වෙල් පරණගම සහ සර් ඩෙස්මන්ඞ් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සකස් කළ අතුරුදන් වූවන් පිළිබඳ කොමිෂන් වාර්තාවෙන් එම චෝදනා පරාජය කළහැකි බව හෙතෙම සඳහන් කළේය.
එම නිර්දේශ සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුව නොකළ යුතු දේ පිළිබඳවද හෙතෙම අදහස් පළ කළේය.
සිංහFM දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජයතිලක මහතා ඒ බව කියා සිටියේය. සම්පූර්ණ වැඩසටහන පහතින්.