Mahinda Rajapaksa: ශ්‍රීලනිප ය පැරදුණේ මහින්ද නිසයි කියන එස් බී දිසානායකට පිළිතුරු

Monday, September 7, 2015

ශ්‍රීලනිප ය පැරදුණේ මහින්ද නිසයි කියන එස් බී දිසානායකට පිළිතුරු

[1]. පසුගිය දිනෙක එස් බී දිසානායක මහතා පැවසූයේ මෙලෙසයි.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයේදී තරග නොකර මෛත්‍රීපාල ජනාධිපති තුමත් එක්ක මේ මැතිවරණය මෙහෙයුවානම් අපි අති විශාල වැඩි ඡන්ද ගණනක් අරගෙන අපි අති විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් අරගෙන අපේ ආණ්ඩුවක් පිහිටවනවා"



[2]. එහිදී එස් බී දිසානායක මහතාගේ චෝදනාවට මැතිවරණ ක්‍රියාවලියේම සමහරුන් කළ - කී - ලියූ දෑ විශ්ලේෂණය කරමින් දීර්ඝ පිළිතුරක් ලබා දිය හැකි වුවත්, ශ්‍රීලනිප සහ එජනිස නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේම ප්‍රකාශයකින් සම්පූර්ණ පිළිතුරක් ලැබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශය මෙලෙසයි.



[3]. ඉහත පුවත වාර්තා වන්නේ රජයේ ලියාපදිංචි ප්‍රසිද්ධ පුවත්පතක් වන දිවයින පුවත් පතේ 2015/08/30 දින දීය. මූලාශ්‍රය. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එම පුවත්පත හරහා ප්‍රතික්ෂේප කිරීමක් සිදුව නැති අතර, එම සභාවේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කටහඬින්ම ඇසූ මන්ත්‍රීවරුන්ම එම ප්‍රකාශය තහවුරු කර තිබේ. මූලාශ්‍රය.

[4]. ඒ අනුව ආසන 110 ත් 115 ත් අතර ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට තිබූ එක්සත් ජනතා නිදහස් සංධානය පරාජය කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඒ මහතාම පිළිගෙන තිබේ.

Pic source: newsfirst.lk (sirasa Tv)

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.