Mahinda Rajapaksa: මත්තල වී ගබඩාවක් කිරීමෙන් රටට අත් වූ ඉරණම මෙන්න...

Tuesday, September 8, 2015

මත්තල වී ගබඩාවක් කිරීමෙන් රටට අත් වූ ඉරණම මෙන්න...

එජාපයෙන් මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ට එරෙහිව විශාල අවලාද ව්‍යාපාරයක් දියත් කර අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත එය වී ගබඩාවක් බවට පත් කළා. ඔවුන් මවා පෙන්වූයේ එනිසා රටේ සහල් ප්‍රශ්නය විසඳී ඇති බවකුයි. නමුත් එහි ඇත්ත කතාව මෙලෙසයි.

 

[1]. මත්තල වී ගබඩාවක් කළාට උතුරු මැද ගොවීන්ට වී ටික විකුණා ගන්නවත් නොහැකිවයි සිටින්නේ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා වසා දාලා. සහල් කිලෝව රු 100 ට වඩා ඉහළ ගිහිල්ලත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා හිස් නොකර සිටින්නේ කිනම් අතරමැදියාගේ වුවමනාවට ද? එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් ගොවීන් කියන දේවල් මෙලෙසයි.


 

[2]. වී විකුණාගන්න බැරිව බලා සිටින කාලය අතරතුරදීත් ලොරියකට දවසකට රු 3000 ක් ගෙවිය යුතු අතර දවස් 3 ක් යද්දී වී වලින් ලැබෙන ලාභය ලොරි වලටම ගෙවා අවසන්... පහත වීඩියෝවේ දැක්වෙන පරිදි, යහපාලන ආණ්ඩුවට වී මිලදී ගැනීමට නොහැකිව ඇත්තේ ගබඩා නොමැති නිසා නොව, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති නිසා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති වරයා ප්‍රකාශ කරනවා.



 

[3]. පහත දැක්වෙන්නේ මීට දින කිහිපයකට පෙර රාජාංගනය යාය 7 වී අලෙවි මණ්ඩලයේ ගබඩාව අසළට පැමිණි ගොවීන් තම වී අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව මහ වැසි මැද අසරණව බලා සිටින ආකාරයයි.









 

[4]. යල කන්නයේ අස්වනු නෙලූ මිණිපේ ජනපදයේ ගොවීන් වී විකුණාගත නොහැකිව සිටි ආකාරය.







 

[5]. මත්තල වී ගබඩාවක් බවට පත් කළේ ශ්‍රී ලංකාව තුළ වී අතිරික්තයක් තිබෙන බවත් එනිසා වී ගබඩා කිරීමට ස්ථානයක් නොමැති බවත් කියමිනුයි. එලෙස වී අතිරික්තයක් තිබේනම්.
(i). වෙළඳපොළේ සහල් කිලෝවක් රු 100 ක් පමණ වන්නේ කෙසේද? (ගබඩා වල තිබෙන අතිරික්ත වී වෙළඳපොළට නිකුත් කළානම් මිල අඩු වෙනවා)
(ii). ගොවියා වී විකුණන්නට යද්දී වී කිලෝව රු 25 වැනි අගයක් වෙන අතර අතිවිශාල ලාභයක් ලබන අතරමැදියා කවුද?

බුලත් විටක ගණන රු 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර බුලත් විටක් මිලට ගන්නත් වී කිලෝ 2 ක් විකිණීමට සිදුවී තිබෙනවා - 2015/08/28 රිවිර පුවත්පත

 

[6]. රු 70 ට තිබූ සහල් කිලෝව රු 100 දක්වා ඉහල යද්දී, යහපාලකයින් ලක් සතොසේ තියාගෙන කල් ඉකුත් වූ සහල් කිලෝ 9030 ක් පොළොවට පස් කරනවා.  මූලාශ්‍රය 2015/09/01 NethFM







 

[7]. මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කිරීම මගින් පහර වැදුණේ මහින්ද රාජපක්ෂ මහතාට නොව, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයටයි. උදාහරණ ලෙස පසුගිය 2014 වසරේ පළවූ පුවතක් මෙන්න.
මාගම්පුර වරායයි මත්තල ගුවන්තොටයි දැක ප්‍රංශ තානාපති ආයෝජකයන්ට එන්න කියයි

හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික වරාය හා මත්තල මහින්ද රාජපක්‍ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදුවී ඇති සංවර්ධන කටයුතු හා ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංස තානාපති ජීන් පෝල් මොන් චූ මහතා පසුගිය සතියේදී හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක් සිදුකෙළේය. මෙහිදී හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ආශි්‍රතව සිදුවී ඇති සංවර්ධනය හා ආයෝජන අවස්ථා දැක බලා ගත් තානාපතිවරයා ශ්‍රී ලංකාව හා ප්‍රංසය අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා ප්‍රංසයේ ආයෝජකයන් හට හම්බන්තොටට පැමිණෙන ලෙස දැනුම් දෙන බව සඳහන් කර තිබේ. මූලාශ්‍රය: 2014-05-01 මව්බිම පුවත්පත



මිතුරා සමග මෙන්ම සතුරන් සමගත් එකසේ සිනා සෙන, එකසේ ගනුදෙනු කරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා අප රටේ සංවර්ධන හැකියාව පෙන්වා විදේශ රාජ්‍ය දිනා ගත්තේ එලෙසයි.

ප්‍රංශ තානාපති තුමාගේ ප්‍රසංශාව හිමි වූ මත්තල ගුවන්තොටුපොළ වී ගබඩාවක් කළා කියල දැනගත්තාම ඔවුන් වෙන කිසිදු ආයෝජකයෙකුට මෙරටට එන්න කියන්නේ නෑ.

ඒ බව තවත් සනාථ කරමින් විදේශීය ආයෝජන නොලැබුණ වත්මන් යහපාලන ආණ්ඩුවට රට කරන් යාමට පිට පිට නැවතත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ණය ලබා ගන්නට සිදුව තිබෙනවා. (Source: Sri Lanka Central Bank to issue Rs. 24 billion Treasury Bills - 2015/09/05 lankabusinessnews.com)

 

[8]. මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමට අවශ්‍යව තිබුණේ කලාපීය බලවත් රටකටයි. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තුරු එය නොහැකි වුණ අතර අවසානයේදී එතුමාව පරාජය කිරීමටත් එම රටේ බුද්ධි අංශ මැදිහත් වුණා. මේ වන විට මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමේ ඉරණමට ලක් වී තිබෙන අතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වර්ගීකරණයෙන් සහ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සිදුවහොත් එය අනිවාර්යයෙන්ම වසා දැමෙනවා.


 

[9]. මත්තල ගුවන්තොටුපොළ වසා දැමීමත් සමගම
(i). ශ්‍රී ලංකාවේ ගුවන් යානා වලට හදිසි ගොඩබෑමක් සඳහා අවශ්‍ය වෙන දෙවන ගුවන්තොටුපොළ වශයෙන් තබා ගැනීමට චෙන්නායි ගුවන්තොටුපොළට අමතර විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා.
(ii). අනික් අතට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානා වලටත් ශ්‍රී ලංකාවේ කටුනායක ගොඩබෑමට නොහැකි වුවහොත් එහි දෙවන ගුවන්තොටුපොළ වශයෙන් චෙන්නායි ගුවන්තොටුපොළ භාවිතා කිරීමට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා.
(iii). එසේම කටුනායක සිට චෙන්නායි දක්වා වැඩි දුරක් ඇති බැවින් ගුවන් යානා වලට අමතර ඉන්ධන වැඩිපුර ගෙන යාමට සිදුවෙනවා.
(iv). ගුවන් යානයේ ගෙන යා හැකි බර අඩු කිරීමට සිදුවෙනවා.
(v). රට තුළ දෙවන ගුවන්තොතුපොළක් නොමැති වීම නිසා ගුවන් යානා වලට අදාල රක්ෂණ වාරික ඉහළ යනවා.
(vi). ඒ සියල්ලේම එහි ප්‍රතිඵලය වන්නේ ගුවන් ටිකට් පත් වල මිල ඉහළ යාමයි.

පෙර ලිපිය: මත්තල ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්.

අන් අයටත් දැනගැනීමට Share කරන්න.