ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් යැයි කීවද එය ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත වෙයි. මෙන්න මූලාශ්‍රය.
"පසුගියදා එනම් 15 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවෙන් යෝජනා කරන්නේ අන්තර්ජාතික විනිසුරුවන් සමඟ දේශීය මිශ්‍ර අධිකරණයක් හමුවේ චෝදනා සොයා බැලීමටයි. එය වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන අපේ රජය ලබාගත් ජයග්‍රහණයක් නොවේද?" - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (2015/09/19 දිනමිණ - ආණ්ඩුවේ පුවත්පතකි)
එදා මානුෂික මෙහෙයුමට අන්තර්ජාතික වශයෙන් වැඩිපුරම සහයෝගය දැක්වූයේ රුසියාව, චීනය, පාකිස්ථානය යන රටවල් ත්‍රිත්වයයි. අන්න ඒ රටවල් 3 ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පවසන දේ එදා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටිය කිසිවෙකුටවත් නොසලකා හැරීමට නොහැකියි.
[2]. ඒ අනුව කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් ලෙස හඳුන්වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අනුව "ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත පරීක්ෂණය" ගැන අප රටට හිතවත් ලෝක බලවතුන් දෙදෙනා පවසන්නේ කුමක්ද?


රුසියාව සහ චීනය යන ලෝක බලවතුන් දෙදෙනා "විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත පරීක්ෂණයකට තරයේ විරුද්ධ වෙයි"
[3]. දැන් අපි ජනතාවගෙන් අහන්නේ, "ඔබ පිළිගන්නේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් යැයි රණවිරුවන්ට මඩ ගහපු ලක්ෂ්මන් කිරිඇල්ල පවසන දේද? නැතහොත් එදා මානුෂික මෙහෙයුමේදී අපට සහයෝගය දැක්වූ ලෝක බලවතුන් දෙදෙනා පවසන දේ ද?"
[4]. වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකන් යෝජනාවට පක්ෂ වීම නිසා එය ඡන්ද විවසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට නියමිතයි. (2015/09/30 දිවයින)
එනම් රුසියාවට සහ චීනයට සිය නිශේධ බලය (Veto Power) යොදා ඇමරිකන් යෝජනාව පරාජය කර ශ්‍රී ලංකාව බේරා ගැනීමේ අවසාන අවස්ථාවත් යහපාලන ආණ්ඩුවෙන් අහිමි කර තිබේ.