Mahinda Rajapaksa: විපක්ෂයේ වගකීම ඉටු කරමි. කුරුණෑගල කමිටුවේ සභාපතීත්වය නොගනිමි - මහින්ද

Wednesday, September 9, 2015

විපක්ෂයේ වගකීම ඉටු කරමි. කුරුණෑගල කමිටුවේ සභාපතීත්වය නොගනිමි - මහින්ද



තමන් කිසිසේත්ම කුරුණෑගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ[1] සභාපතීත්වය භාර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙතෙක් තමනට ඒ සම්බන්ධයෙන් කිසිවෙකු ආරාධනා කර නැතැයිද පවසන හිටපු ජනාධිපතිවරයා , ජනවරම අනුව තමන් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස ඉදිරියටද කටයුතු කරන බවද කියා සිටියේය.

එසේම කිසි සේත්ම එජාපය සමග ජාතික ආණ්ඩුවකට[2] එක් නොවන අතර ඡන්දය දුන් ජනතාවගේ ජනවරම ආරක්ෂා කරමින් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

--------------------------

සටහන්.

[1]. තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර කිසිදු අමාත්‍ය ධූරයක් හිමි නොවූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම මනාප ලාභියාට දිස්ත්‍රික් කමිටු සභපතීත්වය ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත. (මූලාශ්‍රය)

එම තනතුර සඳහා කැබිනට් බලතල හිමි අතර කැබිනට් ඇමතිවරයෙකුට ලැබෙන ආරක්ෂාව, නිල රථ, කාර්ය මණ්ඩල ලැබීමට නියමිතයි. (මූලාශ්‍රය)

ඒ අනුව දිස්ත්‍රික්ක 22 ක මන්ත්‍රීවරුන් 22ක ට කැබිනට් බලතල හිමිවීමෙන් කැබිනට් වරප්‍රසාද සහිත පිරිස 70 දක්වා ඉහළ යයි. (මූලාශ්‍රය) ඒ අනුව මෙම පාර්ලිමේන්තුවේ ඇමති වරප‍්‍රසාද හිමි පිරිස 115ක් වෙයි. (ආණ්ඩුවේ සියල්ලන්ම ඇමතිවරුන්?)

කැබිනට් ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකම් වලට අමතරව පාර්ලිමේන්තු කාරක සභා, අලුතින් පිහිටුවීමට යන විධායක සභා සභාපති කම්ද සහිත බලවත් තනතුරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හිමි වීමට නියමිතයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ටම පාහේ තනතුරු හිමි වෙයි.

 

[2]. "ජාතික ආණ්ඩුව" (National unity government) නැමැති වදන එජාපයෙන් භාවිතා කර කථානායකවරයා ලවා අර්ථකතනය කරවාගත්තද පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ තනි ආණ්ඩුවකට එක් වී නොමැත. ඒ අනුව ඇත්ත වශයෙන්ම ඇත්තේ "සභාග ආණ්ඩුව" කි. (Coalition Government). මානුෂික මෙහෙයුම කාලයේදීවත් අවශ්‍ය නොවූ ජාතික ආණ්ඩුවක් දැන් අවශ්‍යව ඇත්තේ කුමකටද?