රටට හොරෙන් CEPA අත්සන් කරන ලකුණු. මෙන්න පිළිගත හැකි මූලාශ්‍ර…

සීපා ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට වෙන හානිය හේතු කොටගෙන එය අත්සන් කිරීමෙන් වැළකීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කටයුතු කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ‘සීපා’ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ ඒ ගැන සාකච්ඡා කිරීමක් හෝ සිදු නොවන්නේ යයි මලික් සමරවික්‍රම මහතා පවසා තිබුණි. විස්තරය.

නමුත් සීපා ගිවිසුම ගැන සාකච්ඡා සිදුවෙන බවත්, අත්සන් කිරීමට නියමිත බවත්, පිළිගත හැකි ජනමාධ්‍ය වාර්තා බැලීමේදී පෙනී යයි. (මේවා පිළිගත හැක්කේ මුල් වාර්තා දෙක ඉන්දීය ජනමාධ්‍ය වීමත් 3 වැන්න එජාප ජනමාධ්‍යයක් වීමත් හේතුකොටගෙන ඒවා CEPA ගිවිසුමට අදාල පාර්ශවයන්ගේම මාධ්‍ය වාර්තා නිසයි). අපි ඒවා එකිනෙක බලමු.

[1]. අද දින පළවූ ඉන්දියවේ “ද හින්දු” පුවත්පත රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය විස්තර කරමින් වාර්තා කර ඇත්තේ  වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරය තුළදී දිනා ගැනීමට කැමති වැදගත් එක් කරුණක් වන්නේ සීපා ගිවිසුම ලෙසිනි.

It is in these circumstances that Mr. Wickremesinghe is visiting India. A Comprehensive Economic Partnership Agreement (CEPA) will be one of the important issues that India would like to clinch during this visit.

source: 2015/09/15 thehindu.com / archive.org 

(වෙබ් අඩවියක තිබෙන දෑ ඕනෑම මොහොතක පහසුවෙන් වෙනස් කළ හැකි නිසා සෑම විටම මූලාශ්‍රයක් පරිශීලනය කිරීමේදී archive.org හි save කළ ලිපිය භාවිතා කරමු. වැඩි විස්තර: Internet Archive)

 

[2]. ඉන්දියාවේ පළ වෙන ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “The Indian Express” මගින් 2015/09/06 දින හෙළි කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සීපා ගිවිසුම සම්පූර්ණ කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා සීපා ගීවිසුම සඳහා තම සහයෝගය පළ කර ඇති බවත් එහි සඳහන් වෙයි. එසේම විපක්ෂ කණ්ඩායම එය නතර කිරීමට කටයුතු කරන බවත් එහෙත් රනිල් වික්‍රමසිංහගේ ජාතික ආණ්ඩුව සමග කටයුතු කර එම ගිවිසුම ඉටු කිරීමට සූදානම් බවත් ය.  ලිපියේ අදාල කොටස පහතින්.

Sri Lankan PM Ranil Wickremesinghe to visit on Sept 14

India is likely to push for an early finalisation of the Comprehensive Economic Partnership Agreement with Sri Lanka during the September 14-16 visit of Prime Minister Ranil Wickremesinghe to New Delhi.

Wickremesinghe had expressed his support for a Comprehensive Economic Partnership Agreement (CEPA) with India only two months ago at a business forum in Colombo, asking Sri Lankan businessmen not to fear it but see it as an opportunity.

The two countries have been talking about a CEPA for several years, but Sri Lankan opposition to it stalled its finalisation. India, government sources said, will now be looking to tie up the details with Wickremesinghe’s “national unity government” and work towards finalising the agreement.

source: 2015/09/06 indianexpress.com / archive.org

 

[3]. එක්සත් ජාතිකපක්ෂයෙන් පත් වූ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ දැක්වෙන්නේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම කෙරෙහි අවධානය යොමු කරන බවයි. ඒ බව නියෝජ්‍ය විදේශ ආමත්‍ය හර්ෂ ද සිල්වා මහතාත් තහවුරු කර තිබේ.  මූලාශ්‍රය: 2015/09/13 sundaytimes.lk / archive.org

 

සීපා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමක්වත් සිදු නොවන බව මලික් සමරවික්‍රම මහතා පැවසුවද, ඉහත මූලාශ්‍ර අනුවනම් පෙනී යන්නේ සීපා ගිවිසුම ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා සිදුවෙන බවත් හොර රහසේම අත්සන් කරන බවත් ය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

32 comments to රටට හොරෙන් CEPA අත්සන් කරන ලකුණු. මෙන්න පිළිගත හැකි මූලාශ්‍ර…

  • කොරහෙ කිඹුලො දකින එඩිටර්

    ඉතින් ඕක සයින් කලාම මොකද වෙන්නෙ එඩිටර්…?. රටවල් ඉන්ටර්නැශනල් ඇග්‍රීමට්න්ස් සයින් කරන්නෙ නැද්ද…? සීපා එකත් ජාත්යන්ත්‍ර කුමන්තනයක්ද?

    සීපා ඇග්‍රීමන්ට් එක කැනඩාවයි දකුනු කොරියාවයි එක්කත් සයින් කරලයි තියෙන්නෙ… .. වෙබ් සයිට් එක දීපන් ලමයෙකුට.

    • මේ ලිපියෙන් ඔප්පු කරල පෙන්නුවේ මලික් සමරවික්‍රම කිව්ව දේ බොරුවක් කියලයි.

      මොකක්ද මලික් සමරවික්‍රම කිව්වෙ?
      //ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අපි අවධාරණය කරමු.//
      ඕක ආණ්ඩුවේ දිණමිණ පත්තරේ තියෙන්නෙ. http://dinamina.lk/?q=2015/09/14/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A

      දැන් රනිල්ගේ ඉන්දීය සංචාරයේදී සීපා ගැන සාකච්ඡා වෙන බව රනිල්ගේ මාමගෙ Sunday Times පුවත්පතම කියනවානෙ.
      //CEPA talks during Ranil-Modi summit// http://www.sundaytimes.lk/150913/news/cepa-talks-during-ranil-modi-summit-164071.html

      එතකොට මලික් මුළු රටටම පට්ට පල් බොරුවක් කියල තියෙන්නෙ.

      ඊගාවට සීපා ගිවිසුමේ තියෙන්නේ මොනවද කියල රටට හෙළි කරල නෑ. අපි විතරක් නෙමෙයි තමුන්නාන්සෙගෙ යහපාලන අතුරුලියේ රතන හිමිත් කියන්නේ එහෙම.
      //ඉන්දියාව සමඟ අත්සන් කළ කිසිදු ගිවිසුමකින් මෙතෙක්‌ අප රටට වාසියක්‌ සිදුව නැති බැවින් වත්මන් ආණ්‌ඩුව සීපා ඇතුළු ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර රටට හෙළි කළ යුතු යෑයි පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු අතුරලියේ රතන හිමියෝ ඊයේ (14 වැනිදා) ‘දිවයින’ට පැවසූහ.// http://www.divaina.com/2015/09/15/news04.html

      කුමන්ත්‍රණයක් නොවේනම් සීපා ගිවිසුම හංගන්නේ මොකටද?

      පලි: ඔබ වගේ ළමෙක් comment කරපු පලියට වෙබ් සයිට් එක ළමෙක් කරල හරියන්නේ නෑ. 🙂

      • බෝනිකර තරු Deal කුමාර

        කවුද අප්පේ උඩ comment එක දාපු හරකා sure එකටම මංගලගේ 1600 කාලක් වෙන්න ඇති අපි දන්නවනේ මහින්ද.ඉන්ෆෝ ගැන නේද editor මහත්තයා

      • Dinuu

        Editor තුමනි, මට නම් හොදටම ශුවර් මේ පලවෙනි කමෙන්ට් එක දාපු කිඹුලා මේ CEPA කියන්නෙ මොකක්ද කියල යන්තමටවත් අවබෝධයක් නැති කෙනෙක්! තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න පැනලා ඇවිත්!

    • හොඳ ළමයා

      ඒකනෙ මං කිවුවෙ. මේ මූසල හැත්තට රටක් ඕන නෑ. ඉන්දියාවෙන් ත්‍රස්තවාදියො ටිකකුයි රනිල්ගෙ * * තිබ්බම ඇති. තව මේ රට විනාස කරන එක හොඳයි කියන නිවටයො ඉන්නව. දැං හුඟක් නීචයන් කොල පාට ඇඳුම් ඇඳං පාරෙ යනව. ජංගියත් කොල. කබලෙන් ලිපට පැනල තව ලෝදියත් හොයනව. අපිට ඉන්න වෙලා තියෙන්නෙ අකාලෙට වැරදිලා අතපසුවීම් වලින් ඉපදිච්ච රටට අනවශ්‍ය ශක්කිලින් එක්ක. ඉස්සර ප්‍රේමදාසට මිනිස්සු රදවා කියන නිසා මං තොපිට ඇඳුම් විකුනං ජීවත් වෙන්න සලස්වනව කියල රෙද්ද අත්සන් කරල ගාමන්ට් ගැහුව රට පුරාම. මිනිස්සු ගෙවල් වල දවල්ට අනුන්ගෙ පොඩි ගෑනු ලමයින්ව අල්ලං අතවර කරනව. උන්ගෙ ගෑනුන්ට ගාමන්ට් වල මැනේජර්ලා _කනව. මාර රටක් දැන් ප්‍රේමදාස හැදුවෙ. කොරහෙ කිඹුලගෙ අම්මත් ගාමන්ට් කෑල්ලක්. වෙන රටවල් වල කාර්මික ක්ෂේත්‍රය සම්බන්ධ එකඟතා තමයි අත්සන් කලේ. ජපානෙ හදපු කාර් මැලේසියාවෙ හදනව. ජපානෙ ඉලෙක්ට්‍රොනික් උපකරණ සේරම චීනෙ, තායිලන්තෙ හදනව. අපෙ * යො ගෑනුන්ව වැඩට යවනව ප්‍රේමදාසගෙ රෙද්ද මහන්න. මාසෙට සැරෙයක් සල්ලි චුට්ටකුත් ලැබෙනව. තාක්ෂණික රැකියා බිහිකලා නම් මේ රටේ පිරිමි කියල හැත්තක් හිටිය නම් එක ගෑනියෙක් වත් රස්සා කරන්න ඕන නෑ. අනුන්ගේ ගෑනුන්ටත් කන්න දෙන්න තරම් ආදායමක් ලැබෙනව ඒකෙන්. රනිල්ගෙ සිවුපා ගිවිසුමෙන් තව සැරයක් අභාග්‍යය උදා කරගත් හැටි. මේක සෑම කාලයකටම වරක් සිදුවෙනව. වලක්වන්න බෑ. පින නෑ.

    • @කොරහෙ කිඹුලො දකින එඩිටර්
      රටට හොඳ නං මිනිස්සුන්ට වාසි නං හොරෙන් අස්සං කරන්නේ මොකටද හරකෝ ?
      බෙර දවුල් ගහල TV එකේ ලයිව් දීල අස්සන් කරන්න එපැයි !

      ලාංකික මුසල මීහරක් ට වැඩක් නැහැ. එත් ඔලුව කල්පනා කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නං හොයාගෙන කියවපල්ලා.
      Bad Samaritans: The Myth of Free Trade and the Secret History of Capitalism
      – Ha-Joon Chang

      @හොඳ ළමයා
      සක්කිලි එක්ක ඉන්න බෑ බොල. වෙන රටකට ගිහිල්ල මිනිස්සු එක්ක ජිවත් වෙන්න බලාපං. ලංකාවේ ඉන්නකොට තේරුනේ නැතිඋනාට හොඳ රටක සීලාචාර මිනිස්සු එක්ක ටික දවසක් ඉන්නකොට තේරෙනවා මොන වගේ ලැට් වලක ඉඳං ද , මොන තරං තුච්ච තිරිසන් කාලකන්නි එක්කද තමන් ජිවත් උනේ කියල. පොඩි කාලේ ඉඳලම උඹලගේ මොළ හෝදලා තියෙන්නේ ලෝකෙන් උතුම් රට ලංකාවයි. පිට රට සුද්දියෝ හෙළුවෙන් ඉන්නේ. සංස්කෘතිය සබ්බයත්වය ලංකාවේ උපරිමයි කියල. දියුණු රටකට ගිහිල්ල ඒ මිනිස්සු අතර ටික දවසක් හිටියම තේරෙනවා ලංකාවේ සත්තුන්ගේ නියම තත්වේ.

      කෙලවිලාම යන්න අනේ ඉක්මනට සීපා අත්සන් කෙරේවා :v

      • Dinuu

        අයියෝ මහසොහොන්! ඔච්චරටම රටත් එක්ක කේන්ති ගන්න එපා! මම දන්නවා ඔබ රටට කොච්චර ආදරේද කියලා. තවමත් ලෝකෙන් උතුම් රට අපේ පුන්චි ලන්කාවමයි! තවමත් මේ රටේ බහුතර ජනතාවගේ හදගැස්ම අපේ මහින්ද මැතිදුන්මයි! කරුමෙට ඒක අපිට ඔප්පු කරගන්න ඉඩකඩ ඇහිරුණා! ඒත් ඒකට වෙලාව එනවා සත්තයි! රට දාලා යන එක විසදුමක් නෙවෙයි! ඔය පිටරට ගිය අය මොකද එහෙනම් කියන්නේ ආපහු නිවාඩුවට ලන්කාවට එනවිට ගුවනින් අපේ පුන්චි රටේ ලස්සන ‘නිල්ල’ පේන විට පොලොව බදාගෙන සිපගන්න හිතෙනව කියලා. අර අප්පච්චී යුද්ධය දිනල එදා ගුවන් යානයෙන් බැහැලා ලක් පොලොවට වැදලා සිපගත්තා වගේ! මතකද එදා මුලු රටම ඇඩුවා! POWER ටත් මම දවසක කිව්වා වගේ “ලෝකයෙ ඔබ කොයි මුල්ලක හිටියත් මැරෙන්න ලක්බිම දෙසට හැරී” වැනි ගීත ලියැවුනේ මහසොහොන්! ඔබ වැනි රටට ආදරේ අය වෙනුවෙන්!

    • Pink Panther

      @කොරහේ කිඹුලා
      රනිල් ගේ මැටි ගිලින කිඹුලෝ කොහොමද රටට වෙන දෙයක් ගැන බුද්ධිමත්ව හිතන්නේ;)
      රටවල් අතර සාම ගිවිසුම් අත්සන් කරනවා ඒ නිසා නේද රනිල් හොරෙන් “ප්‍රභාකරන් මහත්මයා” සමග ගිවිසුම අත්සන් කලේ තමන්ගේගේ පක්ෂයේ අයත් නෑ කියද්දී එහෙම ගිවිසුමක්…
      ඒකෙන් පස්සේ රටට ජනතාවට,හමුදාවට උනේ මොකක්ද කියලා ඉතින් රනිල්ගේ මැටි කාපු එවුන් ඇර අනිත් එවුන් දන්නවා…

      රනිල්ගේ මැටි කිඹුලෝ “ඉන්ටර්නැෂනල් ඇග්රිමන්ට්ස් ” සයින් කරනවා තමයි නමුත් ඒවායෙන් තමන්ගේ රටට අවාසි හානි වෙන ඒවා නම් , ඒ රටේ නායකයා දේශප්‍රේමියෙක් නම් සහ තමන්ගේ රට ගැන හිතෙන කෙනෙක් නම් අත්සන් කරන්නේ නෑ ප්‍රතික්ෂේප කරනවා..
      සමහර රටවල් වෙන බලවත් රටවල හෝ ලෝක බැංකුව,එක්සත් ජාතීන්ගේ සංගමය,මුල්‍ය අරමුදල වගේ සංවිධාන වල බලපෑමට යටත් වෙලා තැනගේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා කෙල වෙලා තියෙන බව ඕනෑම එකෙක් දන්නවා (මැටි ගිලින එවුන් දන්නේ නෑ වගේ ඉන්නවා)..
      ලෝකේ කොච්චර ජාත්‍යන්තර ගිවිසුම් ඒ රටවල් වල ප්‍රගතිශීලි ජනතාවගේ විරෝධය නිසා නවත්වලා තියෙනවද කියල දන්නවා ඇති..
      ඒ විතරක් නෙමෙයි සමහර “ඇග්රිමන්ට්ස්” ඒ රටේ අධිකරණය මගිනුත් තහනම් කරලා තියෙනවා ..
      අපේ රටෙත් ඇති ඒ වගේ ඒවා හොයල බලපන්.. ඉන්දු ලංකා ගිවිසුමට අනුමැතිය ලැබෙන්නෙත් මොන හේතු මතද කියල අමතක වෙලා වෙන්න බැරි කමක් නෑ..

      ලොකුම විහිළුව කැනඩාව, දකුණු කොරියාව අත්සන් කළා කියල අපේ රටත් අත්සන් කළා නම් හරිලු..
      සමාවෙන්න කිඹුලා වෙනුවට වෙනත් වචනයක් භාවිතා කරනවා අදහස ටිකක් දැනෙන්න..
      රනිල්ට ඕනේ විදිහටම හිතන මැටි හරකෝ (හරකුන්ටත් අපහාසයක් බව දන්නවා)හිතනවද එකම ගිවිසුම කියල හැම රටේම එවුන් අත්සන් කරන්නේ ..එකම කොන්දේසි කියලා..එකම වෙළඳ එකගතා කියලා..
      අනේ මෙහෙමත් අව්ස්තවාදියෝ මිනිසුන්ව මුලා කරන්න බොරු කොමෙන්ට් දාන්නේ නැතුව “රනිල්ට ළමයෙක්ව දීපන් පුළුවන් නම්” ඊට පස්සේ වත් රටේ අනගතය ගැන හැඟීමක් වත් එයිද කියල බලන්න..

      ප.ලි.: මේ කිඹුලා ෆේස් බුක් එකේ ඉන්න රනිල්-මංගලට කඩේ යන මේ රටේ පරණ සිදුවීම් දැකලා නැති , අර ලාභය ගැනම හිතන “අලුත් පරපුරේ” කෙනෙක් කියලා ඉතාමත් පැහැදිලියි.
      ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මේ වගේ ජෝකර්ලාට පොඩි අවස්තාවක් දෙන එකත් හොඳයි.

  • shyam

    CEPA will be the final nail in the coffin for small and medium entrepreneurs in Sri Lanka! The incumbent administration thinking seems to be, let let India, USA and European Union do what they want to do with Sri Lanka, we will get commissions and perks that way which would be sustainable for the government to run it’s day to day affairs! Their idea of investments appears to be leasing out national assets and allowing others to utilize same so that they get the most benefit while the country will suffer! This would allow powerful countries to dictate the terms to us on how we should conduct our affairs! True there will be development under this method as well but at the other side of the coin, our economy will be dictated by India, US and others! Mattala was sabotage to allow Chennai to get it’s lost business!When one of the ports in Kerala is developed it will have an impact on Colombo harbour, Hambantota port is a threat to Singapore, like wise all of these factors will determine whether the country named Sri Lanka is an Independent state or a servile state to powerful nations! Bottom line is the present administration is a like a boot licking puppy servile to its masters who call the shots! That is the simple and whole truth! We as a nation have willingly given up our territorial integrity and independence in order to fill our stomachs and line our pockets at the expense of our nation. It is indeed sad that so many brave and valiant soldiers sacrificed their lives to save this nation, many others were rendered handicapped!One is left wondering where this country shall head into in the near future! The majority of social media generation is sadly lacking the ability to formulate a proper opinion since their thinking has become blunted!Same goes for the educated middle upper class! There is a substantial population who believe in gossip than facts! Though we have educated masses the majority lacks the wisdom to sort fact from fiction! We have progressed regarding material factors but regressed regarding moral values! For an opportunistic society the present administration is ideal, however, for those who genuinely wish to see Sri Lanka develop itself utilizing its own resources, it is a sad state of affairs! They have unwittingly become the voiceless majority who have to haplessly watch the rapid deterioration of our country which is heading at break neck speed towards destruction of it’s own values and culture which were inherent to this country!

  • බෝනිකර තරු Deal කුමාර

    හෙට ජිනිවවල අපේ රටට විරුද්දව මානව හිමිකම් වාර්තාව එනවලු විග්‍රහයක් කරන්න

  • Piyaseeli Senanayake

    In the west they still celebrate the 1st and 2nd WW. In our country we were ashamed to celebrate the 30 year fight and the elimination of terrorism in a short period of 6 years. Can you expect our country to be still in existence after 2 years of Sirisena/Ranil/Chandrika?

    • Sitharan

      These fools would say it would hurt Tamil sentiments. It’s real racism, they think Tamils are a bunch of suicide bombers and public property destroyer and nothing more. They are criminalizing people’s survival from terrorism. So they would prefer more people dead in order to appease the weapons dealers. What a great shame for a country.

      • හොඳ ලමයා

        It’s not about tamils or racism or any other. It’s terrorism that’s eradicated. So the people all nationalities can live in this country now without getting blasted in buses, trains, markets, schools etc. They all can celebrate the victory over terrorism. Terrorists killed tamils also. Tamil children also. We don’t have a regard of that terrorist’s nationality.

  • Dinuu

    මුලු රට එකලු කල විරුවා අප්පච්චී…
    යුද බිය නසා රට ගොඩ නැගු අප්පච්චී…
    පෙරටම යන්න දිරියක් වුන අප්පච්චී…
    දිගු කල් දිනේවා ආදර අප්පච්චී…!

    අප සැම එකතු වී රැකගමු අප්පච්චී..
    රටක් වටින-ජාතියෙ පණ අප්පච්චී…
    ලක් දෙරණට-නැතුවම බැරි අප්පච්චී…
    අපෙ ආයුෂත් ඔබටයි හිමි අප්පච්චී…!

    මේ එන සියලු බාධා මැඬ ජයගන්ට…
    ලක්මව රකින දෙවිවරු පෙරමුණ ගන්ට…
    අප සැම පුදන පින් පෙත් දැන් පිලිගන්ට…
    ගොඨා-මිහිඳු-රණවිරු සැම රැකගන්ට…!

    දහස් ගණන් රණවිරුවන් දිවි පුදලා…
    කඳුලැල් මතින් ලේ ගන්ගා ඇද හැලිලා…
    රැකගත් මව්බිමට ජය ජය වේ පතලා…
    අපි හැම එක හඬක් වෙමු මෙහි එකතු වෙලා…!

    ලක්ශ ගණන් අඩවිය වෙත රැස් කෙරුනේ…
    කිවිඳිය වෙතින් තව තව ගී ලියැවෙන්නේ…
    රසබර වදන් තව බොහො අය පවසන්නේ…
    මිහිඳුන් වෙනුවෙනුයි මේ හැටි කැපවෙන්නේ…!

  • Rata wenuwen

    පාහර කිම්බුලාගෙ කොමෙන්ට් එක, ඌට භාශාව තේරෙන්නෙ නැහැ,, බලපිය මලිකයා කියපු බොරුව, තොපි කිව්වොත් කියන්නෙ බොරුව, මේක බුරුපිටියෙ කොලේ වහල බූරුවා ගහන වැඩක්, බලු සුනකයෝ බූරුපිටියෙ පිහියෙන් ඇනුම් කන සිද්දියක්.
    එඩිටර් මහතානෙනි, මේ කිඹුලා වගෙ බත්බැලයන්ට මේ සයිට් එකට වැද්දගන්න එපා

  • Dinuu

    එක අතකට Rata wenuwen යාලුවා, මේ කිඹුලගෙ වගේ කමෙන්ට් එඩිටර් තුමා ඉඳහිට දමන එකත් හොඳයි. අපේ කට්ටියට නිදිමත ටිකක් ඇරිලා අර දේශානුරාගෙද මොකක්ද කියන එක ටිකක් අවදි කරගන්න. ඔන්න අද දැක්කා ටීවී එකේ සීපා කොහොම වෙතත් ඊට කිට්ටුවෙන් හෝ ඊටත් වඩා උඩින් යන එකක් අත්සන් කරනව රනිල් එකතු වෙලා. රනිල් පියවර තිබ්බොත් ඉතින් අවුරුදු ගණනාවකට රට හිරවෙලා ඇති කොතනින් හරි. මත්තල විනාස කරල කිව්වා වී දාන තීරණ ගත්තේ රනිල් නෙවෙයි මයිත්‍රී කියලා. දෙන්නා දෙපැත්තට ඇගිලි දික් කර ගනිමින් රට විනාස කරයි. අර යකිනි ගෙ කතාවෙ දරුවා කාගෙද බලන්න දෙපැත්තට ඇද්දා වගේ මෙදා පාර අත හරින්න ඇත්තටම ආදරේ අම්මා කෙනෙක් නැහැ. දෙන්නම රට කන්න ඉපදුන යකින්නියො දෙන්නෙක් වගේ!

  • Dinuu

    Editor තුමා, ඉහත SHYAM මහත්මා පල කර ඇති අගනා අදහස් ඔබතුමා ලිපි සකස් කිරීමේදී කරුණු ලෙස රැගෙන සින්හලෙනුත් පල කරොත් වටිනව කියල මට හිතෙනව.

  • Singhe

    කොරහේ කිඹුලා දකින එඩිටර් නමින් comment කල බත් ගොට්ටා ඉල්ලන් කෑ හැටි හොඳට පෙනේ. එයා රෙද්දත් තෙමාගෙන හැංගිලා වගේ. කමක් නෑ දරුවෝ, ඔය තෙමිච්ච හරිය පිහදාගෙන එලියට ඇවිත් නැවත විවාදයට එන්න. ඔබට සීපා ගිවිසුම හොඳ දෙයක් ලෙස පෙනෙනවානම් ඒ කුමක් දැයි අපටත් ඒ හරහා කියා දෙන්න.

  • Pink Panther

    අර පළමු කොමෙන්ට් එක (රනිල්ගේ මැටි කිඹුලාගේ) දැක්කම හිතෙනවා mahinda.info වෙබ් සයිට් එක දැන් ලංකාවේ දේශප්හිතෛෂී තොරතුරු අදහස් සම්පාදනය කරන ප්‍රධානම තැනක් බවට පත් වෙලා කියලා..
    රනිල්-සිරිසේන හවුලට පැහැදිලිව මතවාදීව පහර වැදෙන නිසා ඔවුන්ට රිදිලා ..අර මංගලගේ මඩ කල්ලියේ සාමාජිකයන්ට භාරදීලා අලුත් මෙහෙයුමක්..
    මොබිටෙල් එක නම් කලින්ම වැඩ පටන් ගත්තා බ්ලොක් කරලා..
    නමුත්ය් මෙතනින් ඉදිරිපත් වෙන මතවාදය දැන් දැන් රනිල්-සිරිසේන හවුලට ලොකු පාඩුවක් වෙන බව තේරුම් ගිහින් වගේ…
    අනිත් එක සිරිසේන විරුද්ධවාදීන් එකතුවෙන,අවංක මහින්ද හිතවාදීන් එකතුවෙන , රනිල්ගේ වැඩපිළිවෙලට පහර ගහන අය එකතුවෙන ප්‍රධානම තැන බවට මෙම වෙබ් අඩවිය පත් වේවි කියලා ගොඩක් බය වෙලා වගේ..

    එඩිටර් තුමනිට් සාර්ථකයි.. ඔබට ජයවේවා.. නොසැලී ඉදිරියටම!

  • Singhe

    @ Editor , DINUU ගේ යෝජනාවට අනුව SHYAM විසින් ලියු comment එක මම බොහෝ දෙනාගේ හිත සුව පිණිස සිංහලට පරිවර්තනය කලෙමි. SHYAM එහි යම් වරදක් ඇතොත් සමාවන්න.

    CEPA යනු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාර වලලා දමන මිනී පෙට්ටියේ අවසාන ඇනයයි. දැනට පෙනෙන ලෙසට වර්තමාන රජය සිතන්නේ ඉන්දියාව, ඇමරිකාව සහ යුරෝපා සංගමයේ රටවලට කැමති ලෙස අපේ රටේ වැඩ කටයුතු කෙරෙන ආකාරය තීරණය කිරීම නවීන සහ වඩාත් සුදුසු පිළිගත් ක්‍රමය බවයි. මෙසේ කිරීමෙන් අපට කොමිස් වට්ටම් මෙන්ම වෙනත් නොයෙක් ආධාර ඔවුන්ගෙන් ලැබේ යයි සහ ඒ හරහා රටේ දෛනික වැඩ කරගෙන යාමට රජයට රුකුලක් ලැබේ යැයි ඔවුන් විශ්වාස කරන බව පෙනේ. අලුත් රජය සිතන ආකාරයට රට සංවර්ධනය කිරීම යනු රට පිට රැටියන්ට බද්දට දීමයි. එවිට පිට රැටියන් පැමිණ කර්මාන්ත ශාලා ආදිය ඉදිකර අපිට නිකම් දී යනු ඇතැයි ඔවුන් සිතන බවක් පෙනේ. සිදුවන්නේ එය නොව එසේ පැමිණෙන පිට රැටියන් අපේ රටේ ධනය සුරාගෙන අපට සැනසීමට බිඳක් දී ඉතිරි සියල්ල ඔවුන්ගේ රටට ගෙන යාමයි. අප පිට රටක ආයෝජනය කලොත් අපත් කරන්නේ සහ කල යුත්තේත් එයම නොවේද? ඔවුන්ගේ පැත්තෙන් එය නිවැරදිය. පරිස්සම් වීමට අප වග බලාගත යුතුය. මෙසේ ගිවිසුම් ගැසූ විට ඒ හරහා නොයෙකුත් බලපෑම් කිරීමට බලවත් රට වලට හැකිවේ. එසේ නොහැකි නම් ඔවුන්ට මේවා අත්සන් කිරීමට මෙතරම් රුදාවක් ද ඇති නොවේ.

    මත්තල ගුවන් තොටුපල වසා දැමීම හරහා චෙන්නායි ගුවන් තොටුපලට පසුගිය කාලයේ නැතිවී ගිය ආදායම යලි ලබා ගැනීමට හැකිවේ. කේරල වරාය අවසන් කල පසු කොළඹ වරායට ඉන් බලපෑම් ඇතිවේ. කොළඹ වරාය ලබන ආදායමෙන් විශාල කොටසක් කේරල වරාය ලබා ගනී. හම්බන්තොට වරාය සිංගප්පුරු වරායට තර්ජනයකි. ඒ නිසා සින්ගප්පුරුවත් පසුගිය රජය පෙරලීමට සහය වුනේ එම වරාය දියුණු කෙරීම වැළැක්වීමටයි. ඒ අනුව බලන කල අප, අපගේ වාසිය සඳහා පමණක් කටයුතු කරන ස්වාධීන රාජ්‍යයක්ද නැතිනම් අනුන්ගේ වාසි සඳහා, අනුන් සතුටු කිරීම සඳහා උන්ගේ පදයට නටන රුකඩ රාජ්‍යයක්දැයි සිතීමට සිදුව තිබේ. වර්තමාන රජය බලවත් රටවල්වල බලවත් නායකයින්ට අභියෝග කිරීමට බිය ඇති, ඔවුන් සතුටු කරමින්, ඔවුන් වීසි කරන කටු ලෙවකන, ඔවුන්ගේ සපත්තු ලෙවකන දීන පර ගැති බලු පැටියෙකුගේ තත්වයට වැටී ඇති බව පෙනේ. එසේ නොවන බව ඔවුන් කරන කටයුතු වලින් නොපෙනේ. පරම සත්‍යය එයයි. අපේ රටේ සම්පත් අපේ ස්වයිරීත්වය , අපේ නිදහස ඔය පිටරැටියන්ට පාවා දී ඒ හරහා අපේ බඩ තාවකාලිකව පුරවා ගත හැකි බව පමණක් රජයට පෙනේ. ඔවුන් රජ කරන කාලයට එය සැහේ. ඉන් පසු ප්‍රශ්නය එන්නේ ඊළඟට බලයට පත්වන රජයට නිසා ඔවුන් එයට වඩාත් කැමතිය. හේතුව එවිට ජනතාව රටේ ඒ කලට ඇතිවන තත්වය නිසා එම රජය ගැන කලකිරී යලි මේ වඳුරන්ටම රජය ලබාදෙන බැවිනි.

    තම අතපය අහිමිකර ගනිමින් ජීවිත පුජා කරමින් 30 වසරක් තිස්සේ සටන් කල අපේ වීරෝධාර රණ විරුවන් සටන් කලේ මෙසේ වහල් රාජ්‍යයක් ලෙස සිටීමටද? සමාජ වෙබ් ජාලාවල සැරිසරන බොහොමයක් තරුණ තරුණියන්ට ඒ බොළඳ සමාජ වෙබ් අඩවි වලින් පරිබාහිරව කිසිම ජාත්‍යන්තර දේශපාලන දැනීමක් නැති නිසාම මේ තත්වය අවබෝධ කර ගැනීමට නොහැකිව සිටින බව පෙනේ. ඔවුන් ඒවායේ කියවන්නේ බටහිර රටවලින් ඔවුන්ට කියවීම සඳහා ලබාදෙන තොරතුරු පමණි. ඒවායේ නියම තත්වය නොමැති බව ඔවුන් නොදන්නේ ඉන් පරිබාහිරව වෙන යමක් ඔවුන් නොකියවන, අධ්‍යයනය නොකරන බැවිනි. එහි අවශ්‍යතාවයක් ඔවුන්ට නොදැනේ. එය පාරේ නිරුවතින් ඉන්නා බල්ලෙකුට ඇඳුම් ඇඳීමට අවශ්‍යතාවයක් හෝ එහි ඇති වලංගුතාවයක් කිසිලෙසකවත් අවබෝධ කරගැනීමට නොහැකිවීමට සමානය. උගත් (පොත් පමණක් උගත්) මධ්‍යම පාන්තික ජනතාව වැඩි දෙනෙක් සිටින්නේත් මෙතනමය. රටේ විශාල ජනගහනයක් වඩා කැමති උත්තේජ ජනක කටකතා සහ මඩ කතා කියවීමට පමණක් බවත් ඉන් එහාට කරුණු කාරණා ගැඹුරින් සෙවීමට ඔවුන්ට කිසිම උවමනාවක් හෝ කාලයක් නැති බවත් හොඳින් පෙනේ. විභාග සමත් වීම පමණක් උදෙසා පොත් පත් උගත් වුවත් ඉන් පරිබාහිරව යමක් ස්වයිරීව අධ්‍යයනය කර නිගමනය කිරීමට ඔවුන් අපොහොසත් බව නිතර පෙනෙන කරුණකි. ඒ අනුව දක්ෂ ලෙස ගොතන ලද කතන්දර වලට ඔවුන් පහසුවෙන් අසුවෙන බවක් පෙනේ. කිසිම විශ්ලේෂණයකින් තොරව ඔවුන් ඒවා විශ්වාස කරති.

    ලාංකික සමාජය සදාචාරාත්මක සාරධර්ම අතහැර භෞතික සම්පත් පමණක් අගයන බොළඳ සමාජයක් කරා වේගයෙන් ඇදෙමින් පවතී. භෞතික සම්පත් ලබාගැනීම සඳහා අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී විය යුතුය. හේතුව අනුන් ගැන සිත සිතා සිටියොත් තමන්ට අවශ්‍ය භෞතික සම්පත් ලබාගැනීමට දිව යාමට වෙලාව නැති බැවිනි. එවන් අවස්ථාවාදී පරපුරකට දැනට පවතින රජය ඉතාම සුදුසුය. ඒ නිසා ඉහත කී ජනතාව එම රජයට කැමති බව පෙනේ. උණුදිය හැලියේ දිය කෙලින කකුළුවන්ගේ තත්වයට ඔවුන් පත්වී ඇත. නමුත් සත්‍යය ඇති සැටියෙන් දකින පිරිසට මේ යන ගමනේ අනතුර පෙනෙතත් ඔවුන් අභිබවා අනෙකුත් ආත්මාර්තකාමි ජනතාව නැගී සිටීම ජාතියේම අවාසනාවකි. තමන්ගේම සවියෙන්, තම රටේ සම්පත් උපයෝගී කරමින් තම දෙපයින් නැඟී සිටීමට අපට හැකි බව තේරෙන්නේ සුළු පිරිසකට පමණි. එහෙත් ඔවුන්ගේ හඬ යටපත් වී ඇත , කපටිකමින් බොරුවෙන් යටපත් කර ඇත.

    අපේ රටේ සංස්කෘතියත්, අනන්‍යතාවයත්, ස්වාධීනත්වයත් මේ වේගයෙන් ගෙවා දමන්නේ ඉතිහාසයේ ඒවායේ අවසානම අදියරයි. එම අදියර අවසන් වූ පසු එය නැවත ආපසු හැරවිය නොහැක, ඇත්තේ පෙරලුනු පැත්ත හොඳයි කියා සැනසීම පමණක්ම විය හැක.

    • Singhe, shyam, DINUU ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි. අපට මෙහි පළ කිරීමට අවසර ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම සඳහන් කළ හැකි දේවල් පමණක් නිසාත්, එහෙත් එම ලිපිය ලෙහෙසියෙන් නොතකා හැරිය නොහැකි සමාජය අවදි කරවන සුලු ඉතාමත් වැදගත් අදහස් මාලාවක් නිසාත් එය ෆේස්බුක් පිටුවේ පළ කළා.

      https://www.facebook.com/mahinda.info/photos/a.1545864368997543.1073741828.1544200832497230/1624973691086610/

    • Pink Panther

      බොහොම අගය කරනවා shyam ගේ අදහස සහ එය පරිවර්තනය කරලා Singhe කරපු දායකත්වය..

      තව අදහසක් විදිහට කියනවා නම් ඔය shyam කියපු සමාජ වෙබ් අඩවි වල ජීවත් වෙන අපගේ සමාජය රට ගැන කිසිම දැක්මක් නැති “බුද්ධිමත්” වීරයෝ තමන්ට බලෙන් පටවපු අනුන්ගේ මත ඔලුවේ පුරවාගෙන කෑ ගහන්නත් ඒ අනුව සිතන්නත් හේතුව තමයි, අර ජේ.ආර්. විසින් 78 ගෙනල්ලා දාපු ප්‍රතිපත්ති සහ චින්තනය අනුව හදුනා මිනිසුන් වීම..
      ඔය දේවල් එදා ගෙනත් දැම්මේ අනාගතයේදී තමන්ට ඕනේ විදිහටම හිතැන ගැති අදහස් තියෙන පරපුරක් මේ රටේ හදා ගැනීමේ අරමුණින්..
      ඒ විතරක් නොවෙයි භෞතික දේවල් ගැන විතරක් හිතන, මුදල් වලින් හැමදෙයක්ම මනින පිරිසක් හැදෙන්නෙත් ඔය ලාභය පමණක් කේන්ද්‍ර කරගෙන හිතන ක්‍රියා කරන පිරිසක් බිහි කරපු ඔය 78 ප්‍රතිපත්ති නිසා..
      අන්න ඒ නිසයි, රනිල් වගේ ඒ ප්‍රතිපත්තිවලටත් වඩා අන්ත දක්ෂිනාෂික විජාතික අදහස් සහිත කෙනෙක් මේ රටේ මෙවර බලයට එම භයානකයි කියල අපි කියන්නේ ..
      මොකද මෙවර ඔහු ක්‍රියාත්මක කරන දේවල් (සිරිසේනත් සමග ), අපේ රටේ මේ වෙන කොට ඉතිරි වෙලා තිබෙන සියලුම දේශ හිතෛෂී මානවවාදී අදහස් සම්පුර්නයෙන්ම සමුල ගාතනය කර විකුර්ති පරම්පරාවක් බිහි කරන්න හේතු වේවි..ජේ.ආර්. බිහි කරපු පරපුරට වඩා දරුණු පරපුරක් රනිල් හදයි මෙවර ඔහුගේ ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් උනොත්..

      • Pink Panther

        මේකේ තිබෙන 4,8 පේළිවල “තැනට” කියන වචනය වැරදීමක් ..ඒවා “තමන්ට” කියලත්
        10 වන අපෙලිය ..”නිසි” වෙනුවට “නිසා”
        කියලත් නිවැරදි වෙන්න ඕනේ..

        @එඩිටර්තුමනි,
        මෙහි අප submit කරපු අදහසක් අනුමත වීමට පෙර නැවත එඩිට් කිරීමේ හැකියාවක් තිබෙනවද?

  • Rata wenuwen

    හැඩි කිඹුලගෙ කොමෙන්ට් එකට මගේ විරොධය මෙසේ පලකරමි,:-
    එම්බල පහර හැඩි කිඹුලො මෙහේ අහපන්,
    තොගෙ ජාතකේ සිදුවුනු හැටි දැන් අහපන්,
    ආතල් එකට තෝ ආවා යයි කියපන්,
    නිලයාගේ ලොල් කොල්ලෙකු බව කියපන්

  • Dinuu

    Singhe ඔබ හුගක් වෙහෙස වී Shyam ගේ ලිපිය සින්හලෙන් සකස් කරලා. ගොඩක් ස්තුතියි එඩිටර් තුමාටත් එය Facebook හි දැනටමත් හුගක් අය share කරලා

  • Rata wenuwen

    SINGHE and SHYAM

    ඔබ දෙපලගෙ සහයෝගයට අනේක වාරයක් තුති

  • sayumi

    Singhe and Shyam,

    සීපාහි රටට අහිතකර ප්‍රතිපල අවබෝධ කරවීම සඳහා ඔබ තුමන්ලාගේ මේ සහයෝගයට
    බෙහෙවින් ස්තූතියි !

  • Bandula Ukwatta

    Before we enter to CEPA, we have to consider our experience and out put of Trade agreement signed with them. Its’s utter failure we are not benefited by all means.Its’ totally exploitation Sri Lankan economy. India is not prepared to be given us even elbow-room for future development.They are intention is keep Sri-Lanka under their control politically & economically. In human right commission, they not only voted against us but also campaign against us.Now their planning is getting the control of Trinco Harbour & Oil Tanks.Campaign against Hambantota Harbour, Air Port & Colombo City Project is being operated with their blessing.Planning for bridging Danushkodi & Mannar Plier is more dangerous physically rather than documentary.Now their keeping eyes on at GAS mines in Mannar basin. Once renowned journalist in India, Arundathiroy said that India is not good neighbour.We have to think its’ true.

Leave a Reply