Mahinda Rajapaksa: මහ බලවත් ඉන්දීය අගමැතිව CEPA එපා කියමින් හරවා යැවූ මහින්ද ගැන විමල් හෙළි කරයි

Tuesday, September 15, 2015

මහ බලවත් ඉන්දීය අගමැතිව CEPA එපා කියමින් හරවා යැවූ මහින්ද ගැන විමල් හෙළි කරයි



ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ලෝක බලවතුන් ඉදිරියේ කෙළින් හිට ගනිමින් සිය පන කෙන්දට වඩා රට පෙරට තබා ගත් අභීත තීරණයක් ගැන යළිත් ජනතාව ඉදිරියේ හෙළිදරව් වුණා.

ඉන්දීය අගමැති තුමා යනු කලාපීය බලවතා පමණක් නොවෙයි... ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙක් වන ඉන්දියාව න්‍යෂ්ඨික ආයුධ සහිත යුධ දැවැන්තයෙක්. තම නායකයින්ගේ ගෞරවය වෙනුවෙන් ඕනෑම ජගතෙකුට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ගයක් ගන්න දෙපාරක් හිතන්නේ නෑ.

ඉතින් අන්න ඒ මහ බලවත් ඉන්දීය අග්‍රාමාත්‍ය තුමා 2008 දී CEPA ගිවිසුම අත්සන් කරන්න කියල හිතාගෙන අපේ පුංචි ශ්‍රී ලංකාවට ආවා. එනමුත් ඒ ගිවිසුමෙන් අප රටට ඇතිවන බියකරු භාවය ගැන රටේ දේශමාමක බලවේග විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙන්වා දෙනවා. CEPA ගිවිසුමෙන් වන හානිය එතුමා වටහා ගන්නවා.

හැබැයි 2008 වෙද්දී මානුෂික මෙහෙයුමේ දරුණුතම කාලය. තමිල්නාඩුව ඇවිලිලා ඉන්දීය හමුදාව ආපසු ලංකාවට එවන්න මධ්‍යම රජයට බලපෑම් කරනවා. ඒ අස්සේ ජවිපෙත් සංධාන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යනවා. ඊනියා යුධ අපරාධ ගැන කෑ ගසමින් ප්‍රභාකරන්ව බේරා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න යුරෝපා ඩයස්පෝරාව වලි කනවා.

ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 20 ක ජනතාවගේ ඉරණම තීන්දු කරන්න සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ අනාගතය උගසට තබා CEPA අත්සන් කර ඉන්දියාවේ හිතවත්කම දිනා ගන්නවාද, නැතිනම් CEPA අත්සන් නොකර අගමැතිව ආපසු හිස් අතින් යවා ඉන් පසුව තමන්ට සිදුවෙන අවදානම ගන්නවාද...

එතුමා තීරණයක් ගන්නවා. ඒ තමයි CEPA ගිවිසුම අත්සන් නොකර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව ආපසු හරවා යවනවා.

මේ බව විමල් වීරවංශ මහතා හිරු ටීවී හි පැවැත්වුණ සංවාදයකදී විස්තර කළා.



සීපා ගිවිසුම අත්සන් නොකිරීම ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමට එක් හේතුවක් විය හැකි බව විමල් වීරවංශ මහතා මීට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දුන්නා.

ඉන්දියාව ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන සිය අවසන් පණ නල දක්වා කටයුතු කළ ලාංකීය නායකයින් අප ඉතිහාසයේ හමු වෙතත් ඒ අය අතේ ඇඟිළි ගණනටත් අඩුයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.