ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.

[NEWS] ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ඒ සමග ඇතිවුණ ජාත්‍යන්තර තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් හිටපු රාජත්‍රාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැහැදිළි කිරීමක් කළේය.

එහිදී විකීලීක්ස් වාර්තාවක් ඇසුරෙන් දයාන් ජයතිලක මහතා පෙන්වා දුන්නේ 2009 අප්‍රියෙල් මාසයේදී යුද්ධය නවත්වන ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවයි. එනමුත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැවැත්වූයේ නැති බවත්, කොටි සංවිධානයෙන් රට සදහටම මුදවාගැනීම සඳහා අවසන් ප්‍රහාරයට ඉඩ දුන් බවත් පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු නියෝගයට අවනත නොවී රට ගැන සිතා යුද්ධය අවසන් කළ බැවින් ඊට දඬුවම් කිරීමට මෙම උත්සාහය දරන බව වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපෙන් නගන ව්‍යාජ චෝදනාවකටද එම සාකච්ඡාවේදී පිළිතුරු දෙනු ලැබුණි. කිසිම අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව දේශීය හෝ විදේශීය වගවීමේ ක්‍රියාවලියකට පොරොන්දු වී නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊනියා යුද අපරාධ චෝදනා, ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත සහ වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදිළි කෙරෙන සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.

  • Rukshitha

    එඩිතර කම් ගැන බිය නැති කම් ගැන කතා අහන කොට අම්මේ
    මට හරි ආසයි මට හරි ආසයි ඒඇයි මගෙ හොඳ අම්මේ

    එඩිතර කමටයි බිය නැති කමටයි පෙර සිට සුපතළ හෙළයේ
    ඉපදුනු ඔබහට ඒ ගති නැතිනම් එය නොවැ පුදුමය පුතුනේ…

    https://www.youtube.com/watch?v=wE_gZhhMBeA

    Well done Sir, My father worked in SLA and told me about that in 2009. We missed you 🙁

  • කුෂාන්

    උඩ දාල තියෙන පින්තූරෙ දැක්කාමයි මතක් වුණේ.

    රටක ජනාධිපති කෙනෙක් නිර්භීත විය යුත්තේ ඇයි කියන එකට පුංචිම පුංචි සිදුවීමක් කියන්නම්. මානුෂික මෙහෙයුමේ පළමු ජයග්‍රහණය, ඒ කිව්වේ මාවිල් ආරු සටන ජය ගත්ත වෙලාවේ අපේ ජනාධිපති තුමාට ඕන වුණා ඒ හමුදා සෙබළුන්ට තමන්ගේ උත්තමාචරය පුද කරන්න.

    එවෙලේ ජනපති තුමාගේ ආරක්ෂක ප්‍රධානියෙක් කිව්වා “අනේ ජනාධිපති තුමනි, ෆ්‍රන්ට් ලයින් එක පැත්තේනම් යන්න එපා. කොටි ශෙල් ගහනවා. අනික එහෙ ඉන්නේ යුද වදින සෙබළු. ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි” කියලා.

    එවේලෙ ජනපති තුමා කිව්වා “මට මගේ හමුදාවේ හැම කොල්ලෙක්වම විශ්වාසයි. ගමන ලෑස්ති කරන්න” කියලා. කිව්වා වගේම වාකරේට ගිහින් විශේෂ බලකායේ සෙබළුන්ව රැස් කෙරෙව්වා.

    ෆ්‍රන්ට් ලයින් එකේදී සෙබළෙක් කිසිම විටෙකවත් තමන් අත රැඳි අවිය ඉවත් කරන්නේ නෑ. එ නිසාම විශේෂ බලකා සෙබළු ජීව උණ්ඩ පිරි මැෂින් තුවක්කු සහිතවයි ආවේ. අපේ ජනාධිපති තුමා සිංහයා වගේ ඔවුන් මැදට ගිහින් කතා කළා.

    ඒ අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝ එක මට මේ වෙලවේ හොයා ගන්න අමාරුයි. ඒත් මෙතන තියෙනවා කොටසක්. https://youtu.be/OUKH4rDS6qs?t=2m19s

    අන්න එදා තමයි ආමි එකේ කොල්ලො ටික තීරණය කළේ එකා පිට එකා මැරීගෙන තමන්ගේ ජීවිත පූජා කරලා හරි සටන් වදිනවා කියලා. ඔවුන්ට තේරුණා බුලට් වලට බය නැති ඒ අභීත නායකයා ප්‍රභාකරන්ව ඉවරයක් කරලා රට එක් සේසත් කරලා මිසක් සටන අත හරින එකක් නෑ කියලා. තමන්ගෙන් වැය වෙන ජීවිතේට පාඩුවක් වෙන්නේ නෑ කියලා ඔවුන්ට තේරුණා.

    ඔය විදිහට ඉදිරි පෙළ යුද වදින සෙබළු හමුවට ගියේ ලෝකයේ ජනාධිපති වරුන්ගෙන් බොහොම සුළු පිරිසක් විතරයි. අපේ රටේ ඉතිහාසයේ නම් මීට කළින් අවසාන වතාවට එහෙම නිර්භීත වෙලා තිබුණේ දෙවන රාජසිංහ රජතුමා.

  • shyam

    The salient points raised by Mr. Jayathilleke, to the present administration would be like pouring water on to a ducks back! The government will play to the tune of OHCR report and transfer the entire blame to the Rajapakse Administration for antagonizing powerful nations! They are bootlickers of the West and Indian influence that is the fact of the matter! End of the day this government lacks the courage to present Sri Lanka’s stand for then it would deem to be seen as siding with the Rajapaksa administration! Majority of our politicians can never rise above partisan politics same applies to our intellectuals and academics! End of the day our independence has been willingly given up by our own leaders and they have the gall to say that the report has been watered down! It is a sorry state of affairs! It is hoped that those who were responsible for bringing in Yahapalanaya will be able to look at this issue from a nationalistic point of view rather than partisan political view and all parties can gather together as Sri Lankans and beat the separatist political ploy at their own game! If not the brave and valiant men and women who sacrificed their precious lives so that the rest of their countrymen could live without a death warrant hanging over their heads will curse this entire country from their graves! Indications are that if justice does not prevail natural justice will take over and wipe out the traitors who under the guise of human rights are for separatism!

  • Power

    සිංහලයෙක් කියන්නෙ සිංහ ගති ඇති,සිංහ ලෙය ඇති,අභීත එඩිතර සිංහලයෙකුට…

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ වගේමයි. තමා උපන් මාතෘ භූමියටත් අනතුරක් කරන්ඩ එතුමා හිතුවේ නැත.එදා මිනීමරු ත්‍රස්තවාදී යුගය මේ බිමෙන් අතුගා දැමීමෙ දැවැන්ත සටනට නායකත්වය දෙමින් සිටින මොහොතක එතුමාට මේ ලක්දෙරණ ගිල ගැනීමට වෙර දරන අධිරාජ්‍යවාදී රට වලින් එල්ල වූ බලපෑම සුලුපටු නොවේ.එදා යුද්ධය දරුණුතම හා අපේ රණවිරුවන් දැවැන්ත යුධ ජයග්‍රහණ ලබමින් සිටි අවධියක එංගලන්තයේ සිටි පැමිණි මිලිබෑන්,කුශ්නර් වැනි පිරිස් යුද්ධය ආපස්සට හරවා මිනීමරු පරබාහරන්ව බේරා ගැනීමට නොකළ උත්සහයක් නැත.එහෙත් තම උපන් මාතෘ භූමිය හා තම රටේ ආදරණීය ජනතාව තිස් වසරක් පුරා විදි මේ ශාපලත් කුරිරු මිනීමරු යුද්ධය අවසන් කරනවාමයි යන දැඩි සිතුවිල්ල පෙර දැරිව ඉදිරියට තැබූ පය ආපස්සට නොගෙන පෙරටම ගොස් වෙලුපිල්ලෙ මිනීමරුවා අවසන් ගමන් යවා මේ රටට සැබෑම සාමයේ අරුණැල්ල උදා කරන බවට දුන් පොරොන්දුව අකුරට ම ඉෂ්ඨ සිද්ධ කරමින් අභීත ලෙසින් එඩිතර ලෙසින් තිස් වසරක ශාපලත් මිනීමරු යුගය අවසන් කරේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වචන වෙනස් නොකරණ හා දැවැන්ත ශක්තිමත් එඩිතර නායකයෙක් වූ නිසාමය.

    එතුමා එදා ඒ පාදඩ අධිරාජ්‍යවාදී හැතිකරය ඉදිරියේ දන නොනැමූ වරදට හා එම පාදඩයන්ගෙ සියලු සැළසුම් ව්‍යාර්ත කරමින් මේ රටේ මරබිය නැති කළ වරදට එතුමාට අද නොයෙක් ආකාරයෙන් වද බන්ධන පමුණ වීමට එමා පාදඩ අධිරාජ්‍යවාදී රටවල් පොර කමින් සිටී.

  • Power

    @ කුෂාන්,

    ඔබ සොයපු වීඩියෝව මේකද බලන්ඩ…

    https://www.youtube.com/watch?v=1kdQJpx7JTM

  • Piyaseeli Seananayake

    Thank you power and Kushan for sharing those video clips. Will Sri Lanka ever have this type of protection?

    I wish the same fate as Sobitha on all those regime change parasites. They need to suffer in front of our eyes.

  • Pink Panther

    මම මහින්ද මහතා අපේ රටේ නායකයන් අතුරින් සුවිශේෂී කෙනෙක් සහ ඔහු රටේ නායකත්වයට පත් කිරීමට මුලික සුදුසුකම ලෙස සලකන්නේ ඔහුගේ මෙම ශක්තිමත් ජාතික නායකත්වය.
    මෙපමණ කලකට අපේ රටේ බිහි උන ශක්තිමත්ම ජාතික නායකයා..
    බටහිර රටවල් සතුරු වීමට ප්‍රධානම හේතු උනෙත් ඔය ශක්තිමත් ජාතික නායකයකු ලෙස ගත්ත තීරණ නිසාම තමයි..
    දැන් ඒ වෙනුවට දුර්වල විජාතික නායකයෝ දෙන්නෙක්ම අපේ රටට ඉන්නවා ..

  • Piyaseeli Senanayake

    We are proud of you. I feel sorry for our future generations. They will never know what it is to live in an Independent Country.

Leave a Reply