කොළඹ මීගමුව විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ කුමන වකවානුවේදී ද?

[1]. “මහින්ද චින්තන – ඉදිරි දැක්ම” නැමැති යටිතල පහසුකම් සංවර්ධනය අභිමුඛ කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට වූ පොරොන්දුවක් ඉටු කරමින් විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කීරිම ආරම්භ කෙරුණා. ඒ සඳහා Airport Express – Air & Rail Company (Pvt.) Ltd (AEARCPL) සම්බන්ධ කරගනිමින් කටයුතු ආරම්භ කළේ 2013 තරම් ඈතකදීයි.

නමුත් මෑතකදී යහපාලන ආණ්ඩුව විසින් මෙම මීගමුව කොළඹ විදුලි දුම් රිය මාර්ගය තමන්ගේ වැඩක් බව සමාජ ජාල හරහා පෙන්වයි.

ඒ නිසා මෙහි ඇත්ත නැත්ත අන්තර්ජාලයේම තොරතුරු ඇසුරින් විමසා බලන්නේ  සත්‍යය කුමක්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසයි.

 

[2]. Airport Express – Air & Rail Company (Pvt.) Ltd විසින් පළ කර ඇති ඉහත වීඩියෝවේ දිනය බලන්න. එය පළ කර ඇත්තේ 2013 ජුනි 11 දිනදී ය. YouTube වෙත upload කරන ලද වීඩියෝ වල දින වෙනස් කිරීමට නොහැකියි. ඒ අනුව ඉහත දැක්වෙන විදුලි දුම්රිය මාර්ග සැලසුම 2013 දී සිදුකළ බවට තහවුරු වෙයි.

 

[3]. කොළඹ සිට කටුනායකට සැලසුම් කළ විදුලි දුම්රිය මාර්ගය , 2014 වෙත්දී මීගමුව දක්වා දීර්ඝ කර සැලසුම් කෙරුණා. ඒ බව රජයේ පුවත් වෙබ් අඩවියේ සඳහන්. එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙය 2015 මුලදීම ආරම්භ වීමට නියමිතව තිබුණා.

එහි වර්ෂය සඳහන් නොවුණත් තවම 2015 දෙසැම්බර් 24 ලබා නොමැති බැවින් , එය 2015 ට පෙර වර්ෂයක දෙසැම්බර් 24 බව තහවුරු වෙයි. එසේම එහි search result හි 2014 වර්ෂය සමග දිනය දැක්වෙයි.

 

[4]. මේ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගහන අතරේ එතුමා ආරම්භ කළ ව්‍යාපෘති තමන්ගේ ලෙස පෙන්වමින් යහමින් රට රැවටීමත් සිදු කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑදූ කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය හැදුවේ රනිල්ගේ මගපෙන්වීමෙන් බව සඳහන් කරගන්න එකේ මේකනම් එක අතකට මහ දෙයක් නොවෙයි.

 

[5]. මහින්ද චින්තනයෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කාගේ නම ගසා ගත්තත් ඉදිරියටම කරගෙන යනවානම් එය අපට සතුටක්. එනමුත් බොහෝ සංවර්ධන කටයුතු නතර කර තිබීම කණගාටුදායකයි.

දුම්රිය මාර්ග සංවර්ධනය නැමැති  ක්ෂේත්‍රය ගැන පමණක් බැලුවත්, මොරටුව සිට තලංගම දක්‌වා මොනෝ රේල් ව්‍යාපෘතිය මේ වන විට නතර කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ සිටියානම් මෙම මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ 2015 අප්‍රියෙල් මාසයේ සිටයි.  එසේනම් තව අවුරුදු 4 කට පසුව ඔබට මෙවැන්නක අත්දැකීම විඳගැනීමට තිබුණා. (source: 2012/09/02 sundayobserver.lk)

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to කොළඹ මීගමුව විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ කුමන වකවානුවේදී ද?

  • Thathudath

    Shamelessness of Yahapalana clique!

  • මොංගල් සමරේ

    ඉතින් මහින්ද මහත්තය සලසුම්කරපු අධිවීගි මාර්ග වල
    මුල් ගල් ගලවල එයාගේ වගේ ලකුණු දාගන්න hati මහින්ද .ඉන්ෆෝ පෙන්නුවා පරිදි මේකත් යහපාලනයේ පචයක් තමයි එවගීම මීම පර හැදුවනම් මටත් ප්රෝය්යෝගනයක් ගන්න තිබුනා මම කටුනායකට ආසන්නව ජීවත් වෙන අයෙකි

    මගේම කලිසම අගෙට ඇදගෙන උගේ වගේ යනවා වැනි වදතමා යහපාලන කට්ටියගේ වැඩ

  • මොංගල් සමරේ

    ජිනීවා මානව හිමිකම් කමිටුව සහ hybrid අධිකරණ

    2015-09-23 සිරස tv හි විකාසහ්ය වූ ආචාර්ය දයාන් ජයතිලක සමග කල සිතිජය වැඩසටහන
    2015-09-24 හිරු tv බලය වැඩසටහන

    හැකිනම් මෙහි පලකරන්න

  • Shame on the yahapaaalanaya goons…Ranil will go down in history as the ‘CLOWN’ for taking credit for someone else’s brainchild/ work.
    Ranil and the goons are ‘intoxicated’ with power and they are trying all the tricks under the sun to erase the image of President Mahinda Rajapaksa.

  • Pink Panther

    යහපාලනය කියන්නේ ඕකට…
    උන් තමන්ට ලකුණු දාගන්න පුළුවන් මහින්ද මහතා ආරම්භ කරපු දේවල් ටික තමන්ගේ කියල පෙනවනවා…
    අර ඒ දවස් වල මඩ ගහපු එවුන්ම තමයි මේවා දැන් තමන් කළා වගේ රටට පෙන්නන්නේ …

    මේ දෙවස් වල රනිල්,සිරිසේන ඇතුළු උන් සියලු දෙනාම මහින්ද මහතාව උපරිමයෙන් තමන්ගේ වාසිය සදහා පාවිච්චි කරනවා, ඒ අතරේ එතුමාට පහර ගහලා ජනතාවගෙන් ඈත් කරන්න හදනවා ..

  • Everybody in Yahapalanaya are rogues and liars. They cheated the public from the start itself.Our stupids believed their bogus promises and gave their vote and now let them suffer for sometime.

  • හොඳ ලමයා

    රවීට මොලයක් නෑ. උඩම පොටෝ එකේ එහාට මෙහාට ඇඟිල්ල දික් කර කර මූනෙන් වැඩ දදා මෝඩ ප්‍රශ්න අහනව මොලයක් තියෙනව වගේ අනුන්ට පෙන්නන්න. ඌ රට පුරාම ගහල තියෙන උගෙ පොටෝ වල උගෙ තල්ල එල්ලෙන මූන පෙන්නං ඉන්නෙ ඒ විදියට. ඇතුලෙ තියෙන්නෙ ගිලපු කිරිමැටි.

  • Dinuu

    සුරිඳුනි කතරගම අප බලගතු දෙවිඳා…
    නිරිඳුන් රැක දෙන්න බිඳකුදු සිත් නොරිදා…
    අබිමන් රටට ලැබ දුන් රණවිරුන් සදා…
    බැතියෙන් අදර රැකගමු ජීවිතය පුදා…!

    යුදබිය නසා නිදහස ලැබ දුන් සැමට…
    කරනා වරද වෙනුවෙන් දෙව් උදහසට…
    ලක්වී සාප වී ඇත දැන් මුලු රටට…
    විරුවන් මකා දුදනන් රජ වුන කලට…!

    නිබඳා අපට සෙනෙහස දුන් අප්පච්චී…
    නිරිඳා සිරිලකට ඔබමය අප්පච්චී…
    දළඳා සමිඳු පිහිටත් ලැබ අප්පච්චී…
    සැමදා සුවෙන් වැජඹේවා අප්පච්චී…!

    බුදුන් වැඩිය දේශය තුල කිමදෝ මේ සිදුවන්නේ…
    උතුම් මිනිස්කම් අමතක රකුසන් සේ හැසිරෙන්නේ…
    ලෙයින් මසින් ගොඩ නැගු ජාතිය විරුවන් දිවි දෙමිනේ…
    ඉහින් කොයිබටද හෙළබිම මුලුමනින්ම වැනසෙන්නේ…!

    දේශපාලුවන් එක්වී-කරනා කරදර-හිරු දුටු පිනි මෙන්-දුරු වේවා…
    රට රකිනා අප-රණවිරුවන් සැම-බුහුමන් ලැබ නිති-පුද දේවා…
    දින දින ගතවී-රටටම සුබ වී-හිනැහෙන යුගයක්-බිහි වේවා…
    සිරිලක් මාතා-රැක ගැනුමට අප-සැම දෙන දිරියෙන්-එක්වේවා…!

  • SUMUDU HEWA

    තමන්ට දරුවෙක් හදා ගන්න බැරි නිසා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන යමපාලකයෝ අතේ මාට්ටු!

  • SUMUDU HEWA

    සංස්කාරක තුමනි, අද රටේ කොපමණක් නම් අප්‍රිය දේවල් අහන්න දකින්න තියෙනවද කියල සලකද්දී ඒවා ගැන ප්‍රිය වචන භාවිතා කරමින් අදහස් දක්වන්නය කීම පාඨකයන්ට කරන අසාධාරණයක් කියලා ඔබට සිතෙන්නේ නැතිද? ඔය වැඩේට හරියට ම ගැලපෙන්නේ එක්කෝ ශුද්ධ සිංහල නැතිනම් සංස්කෘත. කොහොම වුණත් මෙය සභ්‍ය වචන භාවිතා කරමින් යනුවෙන් සංශෝධනය වුණා නම් වඩා සුදුසුයි නොවේද? ☺☺☺

    • ඔව් ඒකනම් හැබෑව තමයි. නමුත් ඉතින් මේක මහින්ද මහත්තය වෙනුවෙන් තියෙන සයිට් එකක් නිසා අපිට ගොඩක් සීමාවන්ට කොටු වෙලා තමයි මේකෙ ලියන්න වෙන්නේ.

Leave a Reply