ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහින්ද මැතිඳුන්ව හමු වෙයි.

ලෝක නායකයින් දිගටම මහින්ද රාජපක්ෂ මැතිතුමාව හමු වීමට පැමිණෙයි. අද දින ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාව මුනගැසුණි.

ඇමරිකානු ආධාර හිමි වුවද ඇෆ්ගනිස්ථානය තවමත් ත්‍රස්තවාදයෙන් බැට කන රටකි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ලෝක බලවතුන්ගේ නිවැරදි පිලේ හිට ගනිමින් ලොව පළමු වතාවට මානුෂික මෙහෙයුමක් මගින් රට තුළ ත්‍රස්තවාදය අවසන් කළ නායකයා ලෙස ඉතිහාස ගත වෙයි.

ඒ ගැන හමීඩ් කර්සායි මහතාගේ ප්‍රසංශාව මහින්ද රාජපක්ෂ මහතා වෙත හිමි විය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

20 comments to ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායි මහින්ද මැතිඳුන්ව හමු වෙයි.

  • Power

    Power mahinda.info අධිකරණය හමුවට…

    Dinuu නඩුකාරතුමිය- තමා මෙතුවක් කලක් මේ වෙබ් අඩවියට නොපැමිණීමට හේතූ වූ කරුණු කාරණා තිබේද…?

    Power චූදිතයා- එහෙමයි..ගරු ස්වාමීනී,

    Dinuu නඩුකාරතුමිය-හොඳයි.එසේ නම් එම සියලු කරුණු කාරණා මේ mahinda.info අධිකරණය හමුවේ පැහැදිලි සාක්ශි සාධක සහිතව පැවසීමට තමුන්ට අවසර ලැබෙනවා.

    Power චූදිතයා- ගරු ස්වාමීනී, මම එදා ජනවාරී 8 වනදාට ප්‍රථමව වගේම මෙවරත් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හදවතින්ම මට පුලුවන් උපරිමයෙන්ම යම් කැප කිරීමක් කරපු පුද්ගලයෙක්. එහෙත් අගෝස්තු 17 වන දින පැවැත්වූ මැතිවරණයෙන් පසු ඇතිවූ කණගාටුදායක හා කළකිරීම් තත්ත්වය මත හිතා මතාම මේ වෙබ් අඩවිය පමණක් නොව අනෙකුත් සියලු වෙබ් අඩවි වලට පැමිණීම අතහැර දැම්මා.

    Dinuu නඩුකාරතුමිය- හොදයි,තමා කියන ආකාරයට තමාට මෙතරම් කළ කිරීමක් ඇති වීමට හේතූ වූ කාරණාවක් තිබේද..?

    Power චූදිතයා- එසේය ස්වාමීනී,මගේ කළකිරීමට ප්‍රධානතම හේතුව වූයේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානන් හට මේ සමාජයෙන් එල්ල වන අවලාද අපවාද මධ්‍යයේ එතුමා තම මවුබිම වෙනුවෙන් හා තම ආදරණීය තමා වටා සිටන ජනතාවගේ දැඩි ඉල්ලීම් මත මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට හැකි වුවත් මේ රටේ එතුමාගේ ජනතාව බලා සිටි ඉලක්කය කරා යාමට නොහැකි වුණා.එම නිසා ලොවක් මවිත කරමින් කටක් ඇර රටක් කිව හැකි ලෙස අප මාතෘ භූමිය ඉහළටම ඔසවා තැබූ සැබෑම නායකයෙකු හා මගේ ආදරණීය පියාණන්ට වගේම මම ආදරය ගෞරවය දැක්වූ මගේ සදාදරණීය නායකයාණන් තව තවත් ඇද වැටෙන හැටි බලා සිටීමට මට නොහැකි වුණා.ඒ අතරම මා ජීවත් වන ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ අපේක්ෂකයකුගේ මානාප ටික දෙපැත්ත කාපු එකෙකු මංකොල්ල කා ඒ ඔස්සෙ ඔහු මෙවර පාර්ලිමේන්තුව කරා පැමිණීම නිසා මම කලින් කියූ අපේක්ෂකයාට තනිකරම සිදුවූ දැඩි අසාධාරණයත් නිසා තමයි මා විශාල ලෙස කළකිරීමෙන් හා කණගාටුවෙන් යුතුව සිටියේ.

    Dinuu නඩුකාරතුමිය- හොදයි , එසේ විශාල කළකිරීමක් තිබුණේ නම් තමුන් දැන් මේ ආවේ එම කළකිරීම් තත්ත්වයෙන් මිදිලාද..?

    Power චූදිතයා-එසේය ස්වාමීනී,හැමදාම එකම දෙයක් ගැන සිතමින් සිතට වද දෙනවාට වෙනුවට අපේ මහින්ද රාජපක්ෂ සදාදරණීය නායකයාණන් ඇතුලුව ජනමතය පාපතර අයුරින් පාවා නොදෙන දේශමාමක,ජනතාමාමක බලවේගය සමඟ නැවත වරක් ඔවුන්ට දිරිය ශක්තිය දෙමින් හැකි පමණින් ඉදිරියට යා යුතුයි කියා සිතුනා.

    Dinuu නඩුකාරතුමිය- හම්… එහෙත් මෙතුවක් කලක් එම සියල්ල අතහැර අලුතින් ආරම්භ කිරීමට තමුන් සිතුවත් එම සියල්ල හෙළි කරීමට මෙසේ ප්‍රමාද වූයේ කුමන හේතුවක් නිසාද..? හේතුවක් තිබේ නම් පැහැදිලි සාක්ශි සාධක සහිතව ඉදිරිපත් කිරීමට තමුන්ට අවසර ලැබෙනවා.

    Power චූදිතයා- ගරු ස්වාමීනී, මම කලින් කියූ කරුණු කරණා නිසා මම ඒ වැඩ කටයුතු අතහැර දැමීමත් සමඟ මගේ රැකියා කටයුතු හා අධ්‍යාපනික කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් කටයුතු කරා.ඒත් එක්කම ඔබතුමියත් දන්නවා ඇතිනේ මනුස්ස අපට උවත් හැමදාම එක විදිහටම ඉන්ඩ නොහැකි බව,ලෙඩ රෝග හැදෙනවා.අනේක විද දුක් කරදර වලට මුහුණ දීමට සිදුවන විත්තිය.අන්න ඒක තමයි මගේ පරිගණක යාලුවටත් වෙලා තිබ්බෙ. ඉබි ගමනින් තමයි වැඩ කරන්නෙ.පෙර තිබූ අධික කාර්යබහුලත්වය නිසා මගේ පරිගණකය හරි හැටි නඩත්තු කර ගන්ඩවත් වෙලාවක් තිබුණේ නෑ.එම නිසා ඒ රාජකාරියට වෙලාවක් ආවා එදා පොහොය නිවාඩු දිනය හා පසුදා ඉරිදා දිනයත් සමඟ පැමිණි දෙදින නිවාඩු දිනයන් දෙක,එම නිසා ඒ දවස් දෙකේ පරිගණකයට ෆුල් සර්විස් එකක් දීලා,අලුතින්ම නැවතත් කවුලු ටික (windows) ස්ථාපනය කරලා, ජෙට් එක වගේ වේගයෙන් යාමට අවශ්‍ය සියලු වැඩයුතු නිසි පරිදි අවසන් කරීම ඇතුලුව තවත් තිබූ වැඩ කටයුතු කිහිපයක් තමයි තිබූ හේතූ කාරණාව

    Dinuu නඩුකාරතුමිය- හොඳයි,තමා මෙසේ හෙළි කරා වූ සියලු කරුණු කාරණ සත්‍ය කරුණු බව තමා පිළිගන්නවාද..?

    Power චූදිතයා- එසේය ස්වාමීනී, සීයට දාහක්ම සත්‍ය කරුණු වශයෙන් මම පිළිගනිමි.

    Dinuu නඩුකාරතුමිය- හම්..හම්.. තමා නැවතත් මේ වෙබ් අඩවිය කරා නොපැමිණිය හොත් තමාට නැවත මේ වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන ලෙස Mobitel ජාලය හරහා යහපාලනය උදා කරන බවත් දැනගත්තොත් හොඳයි.

    Power චූදිතයා- ඔබතුමිය උදා කරන්ඩ දෙයක් නෑ ගරු ස්වාමීනී.දැනටමත් උදා කරලානේ තියෙන්නෙ.

    Dinuu නඩුකාරතුමිය- එසේ නම් තමා මෙස් පැමිණියේ කෙසේද…?

    Power චූදිතයා- ඒවාට තමයි ගරු ස්වාමීනී තාක්ෂණය කියන්නෙ..යමපල්ලෝ හිතාගෙන ඇති නැවත නැවතත් එදා වගේම එවැනි නරුම වැඩ කරලා අපව නවත්වන්ඩ පුලුවන් වේවි කියලා. එවුන් මේක සෙල්ලං භාණ්ඩයක් කරගෙන…අපි සදාකල් අපේ සදාදරණීය නායකයා අමතක කරන්නෙත් නෑ.යමපල්ලන්ගේ පාට පාට අධිරාජ්‍යවාදී ජනමතය අමු අමුවේ මංකොල්ල කා පාවාදෙන විජාතික පාණ්ඩු පස්සෙ එලවන්නෙත් නෑ.අපි සැමදා ජන මතය අමු අමුවේ පාවා නොදෙන අපේ මිහිඳුන් ඇතුලු සැබෑම ජනතා පුත්‍රයින් සමඟයි.ඒක දැනගනියව්.

    Dinuu නඩුකාරතුමිය- තමුන් තමුන්ගෙ කට පරිස්සමෙන් කතා කරොත් හොදයි..මේක තමුන්ගේ ගෙදර නෙමෙයිනේ..මේක mahinda.info අධිකරණය.

    Power චූදිතයා- සමාවෙන්න ගරු ස්වාමීනී.. කොහොමත් අපට මේ mahinda.info අධිකරණය අපේ ගෙදර වගේම තමයි.

    ————————————————————————————————————————————————————

    Dinuu ෴

    ඔබ යොදා තිබූ අපූරු හා හරවත් අදහස් පෙළ මා කියලා බැලුවා..ඔව් මම මගේ හදවතින් මගේ පියාණන්ට මෙන්ම මගේ සදාදරණීය නායකයාණන්ටත් හදවතින් ආදරය ගෞරවය දක්වන කෙනෙක්. එය ඉදිරියටත් අඹ මල් රේණුවක තරම් වත් වෙනසක් වෙන්නෑ.ඔබත් ඒ ආකාරයෙන් එතුමාට තම ආදරය ගෞරවය දක්වන කෙනෙකු වීම ගැනත් මා හදවතින්ම සතුටු වෙමි.ඒ වගේම අපේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් එදා සිටම අද දක්වාම ඔබතුමිය විසින් රචනා කර ඇති වටිනා කවි සිතුවම් ප්‍රමාණයට නැවත වරක් මාගේ හදපිරි ප්‍රණාමය.කුමක් නිසාද එවැනි නිර්මාණ වචන ලියන්ඩ හැකි වූ පමණින් හැමෝටම කරන්ඩ පුලුවන් දෙයක් නොවන බව ඔබත් දන්නවා ඇති.එතුමාගේ ඉදිරි කටයුතු වලට හැකි පමණින් අප සැමගේ සහයෝගය දිය යුතුයි කියා මගේ සිත කියනවා.එම නිසාමයි නැවත වරක් මෙහි පැමිණීමට සිත හදා ගත්තෙ.ඒ වගේම දැන් අලුත් සහෝදර පිරිසකුත් ඉන්න එක ගැන කියන්ඩ වචන නෑ. ඒ වගේම මගේ සියලු සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සදහා ඉහල දෙබසේ ඔබගේ නාමය (Dinuu නඩුකාරතුමිය) ආකාරයෙන් යොදා ගත්තාට සමාවෙනු මැන.කුමක් නිසාද ඔබ මා වෙනුවෙන් යොදා තිබූ කොමෙන්ටුව මා දැක්කා උපහාසාත්මක බවින් මෙය ඔපවත් කෙරුණාය කියා. එම නිසා මා සිතුවා මාගේ මේ සත්‍ය කරුණු කරණා කිහිපය යම් තරමකින් උපහාසාත්මක බවක් මුසු කරමින් හිතවත් ඔබ වෙනුවෙන් හා හිතවත් අනෙකුත් සැම දෙනා වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරන්න.

    ——————————————————————————

    Mahinda.info Editor ෴

    ඒ වගේම mahinda.info හි අප මිතුරු ඔබතුමාගෙනුත් සමාව ඉල්ලනවා මගේ පුද්ගලික කරුණු පවා මෙසේ මේ වෙබ් අඩවියේ පැවසීමට වීම සම්බන්ධව මොනවා කරන්ඩද ඉතින් ඇත්ත නොකියා කොහොමද අපේ මේ හිත මිතුරන්ට. ඒ වගේම mahinda.info අඩවියේ නාමය ඉහත මාගේ දෙබස් නිර්මාණය සඳහා (mahinda.info අධිකරණය) ලෙස යොදා ගැනීම සම්බන්ධවත් මට සමාවෙන මෙන් ඉල්ලා සිටිමි. ඒ වගේම ඔබතුමා එදා වගේම තවමත් යමපාලන බාධා කිරීම් මැද මෙසේ මෙම වටිනා වෙබ්
    අඩවිය මේ වෙබ් අවකාශය තුළ අප සදාදරණීය නායකයාණන් වෙනුවෙන් ඉදිරියට ම පවත්වාගෙන යාම පිළිබඳව නැවතත් මාගේ කෘතවේදී ස්තූතිය පිරිනමමි.

    ——————————————————————————

    Sayumi ෴

    “කමෙන්ට්ස් දැම්මත් නැතත් මහින්ද මැතිඳුන් සමඟයි හැමදාමත්”

    අනිවාර්යයෙන්ම…හිතවත් Sayumi අපේ සිත් තුළ ඇතිවූ කණගාටුව කියා නිම කිරීමට නොහැකියි.ඒ වෙන කිසිවක් නිසා නොව අපේ සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසාමය. අදටත් අපේ ජනාධිපතිතුමා එතුමාම පමණයි.අද එතුමා දියවන්නාව නියෝජනය කරමින් පැමිණි සිටිනවා.එහෙත් අප දන්නෑ එතුමා ඉදිරයේදී ගනු ලබන තීරණය පිළිබඳව,කමක් නෑ..අපි එදා සිටම සිටියේ එතුමා සමඟ නිසා ඉදිරියේදී නව පක්ෂයකින් හෝ පැමිණිය හොත් මුලු හදවතින් නැවත වරක් සහයෝගය දීමට මාත් ඉටා ගත්තා.කුමක් නිසාද ජනමතය පාපතර අයුරින් පාවානොදෙන සැබෑ ජනතා පුත්‍රයින් කොටසකුත් ඔය දියවන්නාවෙම අපේ සදාදරණීය නායකයා සමඟ ඉන්නවා කියන එකත් දැනෙන විට නැවතත් සිතට හොඳ ගැම්මක් එන නිසා.

    ——————————————————————————
    Rata wenuwen ෴

    පටන් ගනිමු රස වදනින් පිටුව පුරා..

    ඔන්න පටන් ගත්තා ඔබගේ ඉල්ලීම මත නැවතත් රස වදනින්ම…මම ඉතින් වැඩිය රස වදන් දන්නෙ නෑ සොයුර.ඔබ සහ අපේ දීනූයි නේ ඉතින් කවි සිතුවම් වලින් මේ වෙබ් අවකාශය අලංකාර කරමින් හැඩ වැඩ කරන්නෙ.හැමදාම සිතේ එකම දෙයක් ගැන සිතමින් විද වනවාට වඩා හැකි වෙලාවක හෝ මෙහි පැමිණ හිත මිතුරු ඔබ සැම දෙනා මුණ ගැසී යාමට මමත් සිතුවා හිතවත් Rata wenuwen සොයුර

    ——————————————————————————

    බෝනිකර තරු Deal කුමාර ෴

    අලුත් සහෝ කෙනෙක්. මම එදා අගෝස්තු 17 වනදාත් සිදු වූ සිදුවීම් නිසා දැඩි සිත් තැවුලකින් හා කළ කිරීමකින් සිටපු කෙනෙක් බව සැබෑය.එහෙත් ඉහත කියූ පරිදි හැමදාමත් දුකින් කාලය ගෙවීමට මා සූදානම් නෑ.අපේ සදාදරණීය නායකයා අපට තවම සිටිනවා නේද කියා හිත හදාගෙන නැවතත් මෙහි පැමිණීමට හිත හදා ගත්තා හිතවත් සහෝදරයා..ස්තූතියි ඔබටත්,

    ——————————————————————————
    Pooja ෴

    Pooja…කවුද මේ Pooja…? පූජා උමාෂංකර් එහෙම නෙමෙයිනේ..(මම වෙනුවෙන් එක පාරක් ඇවිත් යන්න) ඕං ආවා එහෙනං… ඔයා නම් මාර කතා තමයි කියන්නෙ..හත් දෙයියනේ මට මේ සහෝදර සහෝදරියන් කියන ඒවා පේනවා නම් මම කවදාවත් අහක බලාගෙන ඉන්නෙ නෑ. සමහර විට ඔයා හිතන්ඩ ඇති මම මෙතනට ඇවිල්ලා බලලා යනවා කියලා…නෑ Pooja…මම එහෙම කෙනෙක් නොවේ.මම කවදාවත් ඒ වගේ වැඩ කරන්නෙ නෑ.අපේ සහෝදර සහෝදරියන් කරණ කියන දෙයකට මමත් සහයෝගය දෙනවා මිසක් කවදාවත් අහක බලාගෙන ගිහිල්ලා නෑ.සති කිහිපයකට පසු අද මේ ආවේ එම සහෝදරත්වය නිසා තමයි.අලුත් සහෝදරියක් වුවත් ස්තූතියි ඔබගේ ආදරණීය කොමෙන්ටුවට.

    ඒ ආකාරයෙන්ම අප මාතෘ භූමිය වෙනුවෙන්,මාතෘ භූමියේ අපගේ සදාදරණීය මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඇප කැප වී කටයුතු කෙරූ හා අදටත් එය නොවෙනස්ව රැගෙන යන කෘතගුණ දන්නා අනෙකුත් ඔබ සැම දෙනාටමත් මාගේ අවංක ආදර ස්තූතිය මෙසේ පුද කරමි.

    • Power මිතුරා නැවතත් අප හා එක් වීම ගැන බෙහෙවින් සතුටුයි.

      [[Dinuu නඩුකාරතුමිය- හම්..හම්.. තමා නැවතත් මේ වෙබ් අඩවිය කරා නොපැමිණිය හොත් තමාට නැවත මේ වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන ලෙස Mobitel ජාලය හරහා යහපාලනය උදා කරන බවත් දැනගත්තොත් හොඳයි.
      Power චූදිතයා- ඔබතුමිය උදා කරන්ඩ දෙයක් නෑ ගරු ස්වාමීනී.දැනටමත් උදා කරලානේ තියෙන්නෙ.]]
      EPIC! 😀

    • Dinuu

      Editor තුමනි, සුබ දවසක් උදා වී ඇත. POWER අපේ සුපුරුදු නිවහනට ගොඩ විය. POWER හිතවත, අපි මග බලා සිටියා ඔබ යලි එන තුරු. එඩිටර් තුමා ඇතුලු හිතවතුන් සියලු දෙනා වෙනුවෙන් ඔබට ඇරයුම් කර කවිත් ලියලා පෝස්ට් නොකර තව දවසක් බලනව කියල හිතුවා. ඔබට යලිත් පරිගණක ප්‍රශ්නද?(වෙසක් සමයේ වැස්සට ට්‍රන්ස්ෆෝමර් කැඩුනා වගේ) නැත්නම් හිත් රිදිලා රට හැර ගියාද? අසනීප වුනාද? මේවා මගෙ විතරක් නොවෙයි අපි හැමෝගෙම සිත් තුල සැක සන්කා ඇති කල ප්‍රශ්න. නැතිව “දැයේ අප්පච්චී” ව ඔබ කීයටවත් තනි නොකරන බව අපි හැමෝම දැන සිටියා!

      රට හැර ගියත් වෙබ් අඩවියට හිතෙන ඕනෙම විටක ගොඩ වෙන්න පුලුවනි නේ.
      අනික “ලෝකයෙ ඔබ කොයි මුල්ලක හිටියත් මැරෙන්න ලක්බිම දෙසට හැරී” වැනි ගීත ලියැවුනේ ඔබ වැනි මේ ලක් දෙරණට සැබවින්ම හදවතින්ම ආදරය කරන අය වෙනුවෙන්මයි.

      නඩු විභාගය අපි හැමෝම රස වින්දා. කලිනුත් ලියා ඇති ඔබේ උපහාසාත්මක වදනින් වෙබ් අඩවිය හැමදාමත් ඔප වන බව. තවම මතකයි දහම් පාසල් වලට මහින්ද මැතිදුන් උදව් කල ඒවටත් ටොයියෙක් නරක් දෙයක් ලියලා අපි දුක් වෙවී ඉන්න විට ඔබේ කමෙන්ට් එක කියවලා හැමෝගෙම හිත් හැදුනා.

      ඔබට මිනිස් හිත් සුවපත් කිරීමේ අපූරු ගුණ මහිම උපතින්ම ලැබී ඇත එය පෙර පින් ඇති වාසනාවන්ත ගුණයකි. මහින්ද මැතිදුන් වටා එවැනි අය එක්වීම සැබවින්ම ආශිර්වාදයකි! ඔබේ අනාගතයට හදවතින්ම සුබ පතමි. අපි සැම හැමදාමත් “දැයේ අප්පචී” රැක ගැනීමට, මව්බිම රැක ගැනීමට එකා මෙන් පෙල ගැසෙමු!
      (ඔබට ලියූ කවි පහතින් එවමි)

    • sayumi

      හිතවත් පවර්,
      ඇති යන්තම් කාලෙකට පස්සේ ආයිත් ආවා! අගෝ.මැතිවරණ පසු බෑමටත් වඩා, ඉන් පසුව සිදු වූ කැත වැඩ ගැන ලොකු කල කිරීමක් ඇති වුනා.ඒ නිසා ටික දවසකින් කමෙන්ට්ස් දාන්න එන්න හිතුනෙත් නෑ. අද පවර් ඇවිත් බව දැක්ක නිසයි ආයි ලියන්න හිතුනේ..
      අකුණු ගහනවා විස්තර පසුවට.. හරිම සතුටුයි ආයිත් අපි හැමෝම එකට! සුභ පැතුම්!!

  • Rata wenuwen

    සොයුරු පවර්,
    ඔබගෙ නැවත සම්ප්‍රාර්ප්තිය ගැන හරිම සන්තොසයි, බලන්න! අලුත් හිතමිතුරෝ කීපදෙනක්ම මේ පිටුවට අවතීර්න වෙලා, ඩීල් කුමාර ,පූජා, ඒදිනවල අපි එතුමන්ලාගෙ කොමෙන්ට්ස් දෙක්කෙ නැහැ. එසෙවුනත් අපගෙ කොමෙන්ට්ස් කියවා ඇතිබවක් වැටහෙනවා, විශේසයෙන් පවර් හිතවතාගෙ . ඒ සැමටත් රසවදනින් පිරුකරුනු කරනා ඉදිරිපත්කර මේ පිටුව රස මන්ජුසාවක් කරන්න කියා ඉල්ලා සිටිමු .
    මමත් ටික දිනකට කවි නොලියා සිටියා, ලිව්වත් පිටුවට පොස්ට්කලේ නැහැ, එඩිටර් තුමා කියන පරිදි මෙන්ටල් කුමන්ත්‍රනයකට අපිව අහුවෙලා කියන පොදු සිතුවිල්ලකට අප යටවිය යුතු නැහැ, මිනිස්සු අඩන්නෙ මොකද? සිතේ දුක තුනිකරගන්න, දැන් සියල්ල යතාතත්වයෙන්. අපි වැටි වැටි නැගිටිමු, මහින්ද ඉන්ෆො අධිකරන භුමිය සෙනග පිරිලා නිදහස් වූ ඔබව පිලිගන්න .
    එහෙනම් ලියනලද සින්දුවක කෑල්ලක් ලියන්නම්,හොරිකඩ පාවාදෙන්නම් වෙනුවෙන් ලිව්වේ:-
    කොල කඩ කඩ බොරුවට දෙනවා– අපි ගහ හොද හැටි අදුනනවා
    ඇයි මොකද අනේ, ඇයි මොකද අනේ– බොරුකෙරුවේ
    ලා ලල ලා ලල………… හෝ.. හෝ……
    රට මට කියමින් කන්නම්– හොද පට්ටම් ටික ලැබගන්නම්,
    අනේ තොපිට මොකෝ– අනේ තොපිට මොකෝ- රස විදිමි බොලේ අපෙ රාජ්ජේ,
    හෝ.. හෝ .. හෝ .
    ————————-
    පවර් මිතුර ඔබට ආයු බල සහ ශුභ පතන්නෙමු

  • Piyaseeli Senanayake

    No wonder Sirisena is scared of our President Rajapakse. He can’t even dream of being looked up to by anyone other than the shameless users who surround him.

    Our beautiful country need you and Gotabhaya.

  • Dinuu

    POWER වෙනුවෙන් ලියූ කවි

    හිතවත් පවර් නාමෙන් මෙහි ගොඩ වැදුනා..
    දින සති මාස පෙරලී කාලය ගෙවුනා..
    මැතිදුන් මිහිදු වෙනුවෙන් බොහො වැඩ කෙරුනා..
    ආසිරි එවමි හිතවත් අප සැම වෙතිනා..!

    මව්බිම සමග මිහිදුන් රැකුමට පෙරට..
    අප සැම එක්ව යා යුතුමය එක පෙලට..
    රට වෙනුවෙන් කෙරුන හැම දෙය මතක් කොට..
    වදනක් දෙකක් වෙනුවෙනි ඇරයුම ඔබට..!

    රට වෙනුවෙන්, සයුමි, පිල්ලිය මහ සෝනා..
    එඩිටර් මැතිදු, බොනිකර තරු සියලු දෙනා..
    පූජා වෙතින් ඔබ ගැන විපරම් කෙරුනා..
    යලි ආ විටක හමුවෙයි තව බොහෝ දෙනා..!

    අද දින ලියූ කවි

    ඔබ නැති අඩුව කාටත් යහමින් දැනුනා..
    වෙබ් අඩවියම පාලුයි අදුරුයි සිතුනා..
    අද දින පවර් ගෙන් නිවහන එලිය වුනා..
    රසබර වදන් එක දිගටම එවනු මැනා..!

    ඔබත් අපත් කවදත් මිහිදුන් වෙනුවෙන්මයි!

    සදා දැල්වේ මැතිදුනේ ඔබ වෙනුවෙන්ම නිරතුරුවම නිතී..
    එදා දැල්වූ පහන් ජන හද තුලම හැම කල් දිදුලතී..
    නිදා සිටි ජාතියම පුබුදා කල මෙහෙය තව නිම් නැතී..
    උදා වන හිරු මඩල ඔබමය මුලු රටම අද පවසතී..!

  • Mehe ayata vatinne nathi vunata pitaratavala nayakayanta ethumava vatinava.ekane gedaratama hoya gena yanne.meva news valata danne naha

  • benthara kollek

    “power” is a power in this site…

  • Rata wenuwen

    මහින්ද මහතාගේ පහනෙන් එලිය බලා ගොඩවුනු හොරිකඩයනි තොපලා වෙනුවෙන් අපට දැනෙන දේ :-
    හොරිකඩයන් මැතිදු මිහිදුන් රැවැට්ටුවා,
    ගොඩයන්නට බොරු බේගල් තෙපලෑවා,
    ආතල් ජාතකේ රග තොප පෙන්වුවා,
    සන්නස්ගලගේ නරි කියමන ගැලපූවා.

  • buwa

    Thats good power is back

  • බෝනිකර තරු Deal කුමාර

    operation double edge සහ එක්නැලිගොඩ සම්බන්ද සිදුවීම mokakda

  • Pink Panther

    මං හිතනවා අද බොහෝ අය දකින්න ඇති කියලා නිදහස් පක්ෂ සම්මේලනයේදී කියපු දේවල්.
    මගේ පෞද්ගලික අදහස නම් මහින්ද මහතා වගේ නායකයෙකුට එවැනි වේදිකාවක් ගැලපෙන්නේ නෑ කියලා..
    එතුමාගේ ඉවසීම නොසලිම කොතරම් උනත් මෙවැනි මොහොතක ඔය වගේ ස්ථානයක් එතුමාට ගැලපෙන්නේ නෑ..
    ඔවුන්ට අවශ්‍යයත් එතුමා කොහොම හරි ඔවුන් සමග ඔවුන් කියන විදිහට ක්‍රියා කරන බව පෙන්වීමයි.
    සරත් විජෙසූරීය මහින්ද මහතා පරාජය කරන්න වෙහෙසුන මහින්ද විරෝදියෙක් ඔහු තමයි දේශනය කලේ ..ඔහු “අපක්ෂපාති, මැදහත් (සිරිසේන වගේම )” කෙනෙකු ලෙස දේශනයට ආරාධනා ලැබිලා තිබෙන්නේ ..
    ඔහු කියපු දේවල් වලින් ඉතා පැහැදිලියි මහින්ද මහතාට එල්ල කරපු විරෝධය..
    ඒ අතර සිරිසේන කෙලින්ම කියනවා නිදහස් පක්ෂය අලුතින් හදන්න ඕනේ.. දැන් යන ක්‍රමය වැරදි කියල..
    ඒ අතර සිරිසේන කියනවා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕනෙලු ඉදිරියේදී .බොහොම පැහැදිලි එතුමාගේ ආණ්ඩුව කියන්නේ මහින්ද මහතා නැති එක.. නැත නම් මෙවර ආණ්ඩුවක් හදන එක නවත්වන්න ඔච්චර වැලි කන්න ඕනේ නෑ නේ.walakkuwe
    මේ හැම දෙයක්ම බැලුවාම ඉතාමත් පැහැදිලියි ඔය සිරිසේනගේ සම්මේලනයට මහින්ද මහතාව ආභරණයක් විදියට මුලින් පාවිච්චි කරලා පසුව එතුමාටම පහර ගහන්නයි වෙනදා වගේම අදත් ඔවුන් හැදුවේ ඉස්සරහට කරන්නෙත් ඒක.
    මේ දේවල් වලට ඉඩදී බලා සිටියයුතු නෑ තවත්..

  • Amal

    හමීඩ් කර්සායි කියන්නේ ඇමරිකාවට දෙකට නොනැමීම නිසා උපක්‍රම මගින් බලයෙන් පහකළ නායකයෙක්. රුසියාවේ පුටින් වගේ කොන්දක් තියෙන මිනිහෙක්.

  • Power

    අනේ මාව පරපතල වැඩ සහිතව ගස් යවන්ඩ නම් එපා….ඔබතුමියගේ සියලුම ප්රෙශ්න වලට දෙන්නං උත්තර…

    පරිගණක ප්‍රශ්න කතාවත් ඇත්ත. ඒ වගේම එදා වෙසක් මාසයේ විදුලි බලය විසන්ධි වෙලා ගිය කතාවත් ඇත්ත.මම මේ දිවුරලා කියන්නෙ…හිතවත් Dinuu…මම කලිනුත් කිව්වනේ මම කවදාවත් ඔබලාට බොරුවක් නොකියූ බව,සමහර විට ඔබ සැමට මම නොආපු දවස් වලට විවිධ කතා කිව්ව තමා,හැබැයි ඒ නිකං බොරුවට ගොතා මවා පෑ සුරංගනා කතා නොවේ.පැවසුවේ සත්‍යමය.හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනවා මම පාසැල් යන අවදියේදී පවා මගේ යහලු යෙහෙලියන් පවා මම කියන දේවල් වැඩිය විශ්වාස කරන්නෙ නැති ගතියක් තිබ්බා. මම මොකක් හරි ඇත්තටම පවා ඔවුන්ට කියන්ඩ හදනකොටම ඔවුන් කියන්නෙ “ඕං මූ අදත් අපි හිනහ ගස්සන්ට විහිලුවක් කියන්ඩයි හදන්නෙ” කියලයි.එහෙත් මම ඒ දේ එදා ඔවුන්ට කිව්වෙ විහිලුවට නොවේ. ඇත්තටමය.මොනවා කරන්ඩද ඉතින් මොනවා කිව්වත් විශ්වාස කරන්නෙම නෑනේ.. ඒ වගේම අදත් එදා වගේම රැකියා කටයුතු හා අධ්‍යාපන කටයුතු කිහිපයක් හේතුවෙන් කාර්යබහුලත්වයෙන් තමයි කටයුතු කරන්නෙ.ඒ වගේම එදා 17 වෙනිදායින් පසු මම කිසිම රටකට සංක්‍රමණය වීමක් හෝ (මම මම උපන් මෘතෘ භූමිය හැරදා කිසිදු රටකට යන්ඩ තියා හිතලවත් නෑ) කිසිම ලෙඩ දුක් තත්ත්වයක්වත් හැදුනේ නෑ.හැබැයි ඉතින් විවිධ සිදුවීම් නිසා හිත නම් තදබල ලෙස ලෙඩ වෙලා තමයි උන්නෙ.

    වෙබ් අවකාශය තව තවත් අලංකාර කරමින් දිය උල්පතකින් සුපිරිසිදු ජලය උනනවා සේ සුපිරිම කවි සිතුවමකින් මා පිළිබඳවත් සඳහන් කරමින් ඔබ නැවතත් එළි දක්වා තිබෙන අපූරු කවි ටික දුටුවාම පුදුමාකාර සතුටක් දැනුනා.මෙහෙම කියනවට සමාවෙන්ඩ. ඒ වගේම තරහා වෙන්ඩත් එපා. නැවතත් මම වෙනුවෙන් නම් කවි ලියන්ඩ එපා ය කියා සහෝදරත්වයේ නාමයෙන් ඉල්ලා සිටිනවා.මම වෙනුවෙන් ලියනවා වෙනුවට අපේ සදාදරණීය නායකායාණන් වෙනුවෙන්ම ඒ ටිකත් ලියලා තැපැල් කරලා දාන්ඩ.

    ඒ වගේම ඔබත් කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..නිදුක් නිරෝගී වේවා..තව තවත් කවි සිතුවම් ඇතුලු වටිනා අදහස් වලින් මේ වෙබ් අවකාශය අලංකාර කිරීමට හැකිවේවා කියා සහෝදරත්වයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

  • Power

    ඒකනේ…කියන්නෙ Rata wenuwen සොයුරා…බලන්ඩකෝ නේද..?මේ අලුත් සහෝදර සහෝදරියෝ ටික අපි ලියන ඒවා බලා ඉදලා තියන හැටි.. මම කියන්නෙ..වැඩිය ඕන නෑ..එක එක දවසක්…ඒ දවස් වල අවා නම් නේද..? දැන් බලන්ඩකෝ මේ Pooja “මම වෙනුවෙන් එක පාරක් එන්ඩලු”… කාටද කියන්නෙ ඉතින් මේවා..කමක් නෑ ඉතින් නේ..ඔවුන් එදා මෙහි පැමිණ යම් අදහසක් ප්‍රකාශ නොකලත් ඔවුනුත් අප වගේම අපේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් තම හදවතින්ම සිටි පිරිසක් බව නම් කොහොම උනත් පැහැදිලියි.

    ඒ වගේම රට වෙනුවෙන් සිටින හිතවත් Rata wenuwen සොයුර ඔබටත් ඔබ කරන කියන වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකම වේවා..! අපේ හිතවත් දිනූ වගේම ඔබටත් ඇති කවි සිතුවම් කිරීමේ හැකියාව තව තවත් දියුණු වේවා කියාත් මම ප්‍රාර්ථනා කරමි. ඒ වගේම පාපතර පාවා දෙන්නං වෙනුවෙන් ගලපා තිබෙන සුපිරිම සින්දුවත් මරේ මරු ඈ… 😀

    • Rata wenuwen

      එහෙනම් කයිරාටික යටිකුට්ටුවන් වෙනුවෙන් ලියන ලද අනිත් පද ටිකක් ඉදිරිපත්කරන්නම්:-,
      කොල කඩ කඩ බොරුවට දුන්නා- අපී ගහ හොද හැටි හදුනන්නා,
      ඇයි මොකද අනේ- ඇයි මොකද අනේ බොරු කෙරුවේ,
      ලල් ලල…ලල්.ලල…….හො.හෝ..හො.හෝ …….
      රට මට කියමින් අපි කන්නම්- හොද පට්ටම් ටික ලැබ ගන්නම්
      ඇයි තොපිට මොකෝ – ඇයි තොපිට මොකෝ…අපි දිනුවා බොලේ…..,
      ලල් ..ලල. ලල්.ලල………ල. හො.හෝ .හො.හෝ..
      අපි ඕනෑ වැඩක් කර දෙන්නම්- මට ඇමතිකමක් දීපන් බන්,
      හෝ..හෝ.. …හෝ. හෝ……..
      අපි මහින්දයත් රැවැටුව බන්- උඹලගෙ පස්ස වුනත් ලෙවකන්නම්…
      මේ ලොක්කගෙ උපදෙස් නේ බන්- පාට මොකක් කම් නැහැ බන්…..
      අනේ උන්ට මොකෝ -අනෙ උන්ට මොකේ..රස විදිමී .අප රාජ්ජේ,
      ලාල.ලල…..ලාල.ලල…..හො. හෝ…හො.හෝ…..
      කොල කඩ කඩ බොරුවට දුන්නා,
      අපි ගහ හොද හැටි හදුනනවා,
      ඇයි මොකද අනේ..ඇයි මොකද අනේ… බොරු කෙරුවේ…….//

  • Power

    Really……….

    No…friendly (benthara kollek),

    We have everyone’s power and energy have come together in this excellent website had got the friendship.

    Thank you very much your friendship comment… 🙂

  • Power

    Friendly (buwa),

    I encourage you for the strength you….

    Thank you very much.

  • Power

    ඇත්තෙන්ම හිතවත් Sayumi ෴

    ඔබවත් නැවත දකින්න ලැබීම විශාල සතුටකි.ඔබ කියා ඇති පරිදිම ඇතිවූ කළ කිරීම් ගැන නම් කතාකර වැඩක් නැත එහෙත් හැමදාමත් මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් සිටි අප කළ කිරීමෙන් වෙන්නෙ විජාතික හා ජන මතය අමු අමුවේ පාවාදුන් පාපතර පිරිස් කරන කියන දේවල් නිවැරදිය කියා කීමක් වැනිය.එම නිසා නැවතත් හැකි සෑම විටකම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ජනමතය පාවානොදුන් ජනතා හිතවාදීන් වෙනුවෙන් පැමිණෙන්න මමත් හිත සකස් කර ගත්තෙමි.

    ආ…පොඩ්ඩක් ඉන්න කියන්ඩ අමතක වුණා..අකුණු ගහනවා කිව්වා නේද..? ඇයි දන්නෙ නැද්ද..?
    දැන් අලුත් නීතියක් තියනවා. “විදුලි කොටන අවස්ථාවන් හීදී පරිගණක භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි” යනුවෙන්.

    හිතවත් ඔබටත් ඔබේ ඉදිරි අනාගතයට සුබ පැතුම්..! 🙂

Leave a Reply