මහ බලවත් ඉන්දීය අගමැතිව CEPA එපා කියමින් හරවා යැවූ මහින්ද ගැන විමල් හෙළි කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ලෝක බලවතුන් ඉදිරියේ කෙළින් හිට ගනිමින් සිය පන කෙන්දට වඩා රට පෙරට තබා ගත් අභීත තීරණයක් ගැන යළිත් ජනතාව ඉදිරියේ හෙළිදරව් වුණා.

ඉන්දීය අගමැති තුමා යනු කලාපීය බලවතා පමණක් නොවෙයි… ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙක් වන ඉන්දියාව න්‍යෂ්ඨික ආයුධ සහිත යුධ දැවැන්තයෙක්. තම නායකයින්ගේ ගෞරවය වෙනුවෙන් ඕනෑම ජගතෙකුට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ගයක් ගන්න දෙපාරක් හිතන්නේ නෑ.

ඉතින් අන්න ඒ මහ බලවත් ඉන්දීය අග්‍රාමාත්‍ය තුමා 2008 දී CEPA ගිවිසුම අත්සන් කරන්න කියල හිතාගෙන අපේ පුංචි ශ්‍රී ලංකාවට ආවා. එනමුත් ඒ ගිවිසුමෙන් අප රටට ඇතිවන බියකරු භාවය ගැන රටේ දේශමාමක බලවේග විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙන්වා දෙනවා. CEPA ගිවිසුමෙන් වන හානිය එතුමා වටහා ගන්නවා.

හැබැයි 2008 වෙද්දී මානුෂික මෙහෙයුමේ දරුණුතම කාලය. තමිල්නාඩුව ඇවිලිලා ඉන්දීය හමුදාව ආපසු ලංකාවට එවන්න මධ්‍යම රජයට බලපෑම් කරනවා. ඒ අස්සේ ජවිපෙත් සංධාන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යනවා. ඊනියා යුධ අපරාධ ගැන කෑ ගසමින් ප්‍රභාකරන්ව බේරා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න යුරෝපා ඩයස්පෝරාව වලි කනවා.

ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලක්ෂ 20 ක ජනතාවගේ ඉරණම තීන්දු කරන්න සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ අනාගතය උගසට තබා CEPA අත්සන් කර ඉන්දියාවේ හිතවත්කම දිනා ගන්නවාද, නැතිනම් CEPA අත්සන් නොකර අගමැතිව ආපසු හිස් අතින් යවා ඉන් පසුව තමන්ට සිදුවෙන අවදානම ගන්නවාද…

එතුමා තීරණයක් ගන්නවා. ඒ තමයි CEPA ගිවිසුම අත්සන් නොකර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව ආපසු හරවා යවනවා.

මේ බව විමල් වීරවංශ මහතා හිරු ටීවී හි පැවැත්වුණ සංවාදයකදී විස්තර කළා.

සීපා ගිවිසුම අත්සන් නොකිරීම ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළි ගැනීමට එක් හේතුවක් විය හැකි බව විමල් වීරවංශ මහතා මීට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දුන්නා.

ඉන්දියාව ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන සිය අවසන් පණ නල දක්වා කටයුතු කළ ලාංකීය නායකයින් අප ඉතිහාසයේ හමු වෙතත් ඒ අය අතේ ඇඟිළි ගණනටත් අඩුයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to මහ බලවත් ඉන්දීය අගමැතිව CEPA එපා කියමින් හරවා යැවූ මහින්ද ගැන විමල් හෙළි කරයි

  • Rata wenuwen

    යටිකූට්ටු හොහිකඩයන් වෙනුවෙන් අල්ටිමේටම් එකක්:-
    මහින්ද රජය කාලේ රට වෙනුවෙන් ගත් යෝජනා අදහස් වලට පක්ශව තම ස්තාවරයේ සිට වැඩකටයුතු කල තොප, මහින්ද සුලග නිසා මහින්ද පිලට ගොඩවුනු යටිකූට්ටු හොරිකඩයනි, ඒ මහින්ද රජයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ද ප්‍රතිපත්තිවලට පක්ශව අත් උස්සන්නද බලාපොරොත්තුව ?. තොපට කබරයා තලගොයා වෙලා, තලු මර මර බුදින්න තමයි ලෑස්තිය, දැන් තොපිට “සලියා” පස්ස පැත්තට වැඩදෙන්න ලෑස්තිය, තොප සුනඛයනි තොපට ලැජ්ජා නැහැ , පපුවට අත තියා ආවර්ජනය කරපල්ලා, තොපව මහින්ද මහතා ඉදිරියට දැම්මේ චන්දෙන් දිනාගන්න; ඇත්ත ප්‍රකාශ කරලා තොප යුඇන්පියට ගියත් කමක් නැහැ සුනඛයෙනි. පඹයට සහ තොපිලාට කොන්දක් නැති බවයි පෙනෙන්නේ,
    සුනකයෙනි සීපා අත්සන් කරනවට විරුද්ද වෙයල්ලා, තොපලා එදා මහින්ද රජය තුල විරුද්දවුනා, දැන් තොපිලට හොදවුනේ කෙසේද? ලෙවකන්න මස්කටු ලැබුන නිසාද? හොරිකඩ යටිකූට්ටුවෙනි තොපිලාට මිනිසුන් දෙන දෙස් වලින් වස් වදිනවා, බුද්ද දර්ශනය තොපිලා පිලිගන්නවානම් තොපි වගේ උදවිය ලබන ආත්මේදි බලු කපුටෝ වෙලා තමයි ඉපදෙන්නෙ,
    එතකොට තොපිලාට අපි කතාකර්න්න බයියන්ගෙ භාශාවෙන් “ඉජූ ඉජූ ” කියලා, ඒ සුනඛයන්ට කතාකරන විදියට

  • Pink Panther

    මම නම් මහින්ද රාජපක්ෂගේ දැකපු සුවිශේෂීම ගුණය සහ ඔහුට අපේ දේශපාලනයේ නායකත්වය ගැනීමට සුදුසුම කෙනා යයි සිතන හේතුව තමයි… මහින්ද යනු ශ්‍රී ලාංකීය දේශපාලනයේ බිහි උන ශක්තිමත්ම ජාතික නායාකයා වීම…
    ඔය ශක්තිමත් ජාතික නායකත්වය හින්දා තමයි එතුමාට එරෙහිව බටහිර සහ ඉන්දීය විරෝධය දරුනුවටම එන්නේ..
    ඕක හොඳින්ම ඔප්පු වෙනවා එතුමාට පෙර හිටපු නායකයෝ සහ අද සිටින නායකයෝ ගැන සිතා බැලුවාම.. ඔවුන් හැමෝම ජාතික නායකත්වය ගැන කිසිම හන්ගීමක් නැති දුර්වල විජාතික මත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එකතරා විදියක පඹයන්!

  • Pink Panther

    මේ සාකච්චාව දකින කොට ඇති උන තවත් අදහසක් තමයි අපේ මාධ්‍යවේදීන් කියන අයගෙන් වැඩි දෙනෙකුගේ විචාර බුද්ධිය සහ ඔවුන්ගේ කාර්ය භාරය බොහොම පහත තැනකට වැටිලා නේද කියන එක..
    ඔවුන් ගේ ප්‍රශ්න සහ තර්ක වලින්ම පෙනෙනවා ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මහා පොලවේ මිනිසුන් සමග ගැටිලා ඉන් පන්නරය ලබපු මාධ්‍ය වේදීන් නොවෙයි කියන එක. පත්තර,වීඩියෝ පමණක් බලලා දේශපාලන විද්‍යාව සහ වෙනත් උපාධි අරගෙන “සුදුසුකම්” හදාගෙන තවත් එක් රස්සාවක් කරන්න ආපු අනිත් මිනිසුන්ටත් වඩා හිස් පිරිසක් වගෙයි ඔවුන්ව පෙනෙන්නේ..
    මේ සාකච්චාවේදී සහ ඔවුන් මෙහෙයවපු අනිත් සාකච්චා වැඩසටහන් දකිද්දී කියන්න තියෙන්නේ ..මෙතනින් ඔය සුදේව තමයි යම් ප්‍රමාණයකින් හෝ දේශපාලන සාකච්චාවකට සුදුසු ..අනිත් අයට ඉවසීමක් වත් නෑ .. නරකම දෙය තමයි ඔවුන් හදන්නේ තමන් පොර වීමට මිසක් සාකච්චාව නිවැරදි බුද්ධිමත් තැනකට ගෙන යන්න නොවෙයි… නමුත් ඔවුන් පොර වීමට ඉදිරිපත් කරන සමහර තර්ක ඉතාමත් හිස් අනුචිත ප්‍රායෝගික නොවන තර්ක කියා එක ඔවුන්ට නොපෙනීම තමයි ලොකුම කේධවාචකය ….
    මට මතක උනේ අර අනිත් දෙන්නා (විශේෂයෙන්ම රැවුල වවා ගත මාධ්‍ය වේදියා) දුටුවාම ..
    අර සිරසේ ගියපු ..”සුරංග ගොන් ප්‍රශ්න ඇසීමට ඔබට අවස්තාව” වගේ දෙයක් තමයි..

    • Dinuu

      සුදේව ගේ යාලුවෝ දෙන්නා PINK PANTHER කිව්වා වගේ උත්සාහ කලේ ‘පොර’ වෙන්න තමයි. ඒ වගේ දුරුවලයෝ ‘පොර’ වෙන්නෙ කොහොමද විමල් වගේ දැවැන්තයෙක් ඉදිරියේ. ඒ දෙන්නා නිකම් ‘බලු’ වුනා මුලු රටම ඉදිරියේ!

  • Great debate by a great patriot.We love you Wimal.We know that you will sacrifice yourself for the well being of the Sri Lankan nation.We are with you. We appreciate your fight against the evil clique of Sira/Ran-nil/Choura and their policies. You do not worry the majority are with you.Let’s stand together to save our homeland.

    We like to see the lovely faces of the patriots (Mahinda/Wimal/Dinesh/Wasu/Gamampila) again as the ruling party in this country not the ugly,evil clique of Sira/Ran-nil/Choura/Awamangalaya/Anura etc) Down with Indians and Americans.Down with Dictators.

  • භාතිය

    ඉන්දියාවේ අණසකට යටත් නොවී කටයුතු කළ නායකයින් 3 දෙනෙක් අප ඉතිහාසයේ දැක්වේ.

    පළමුවැන්නා ක්‍රිව 114 – 136 රජ කළ ගබජාහු රජතුමා. (එතුමා මහා සේනාවක් රැගෙන ගොස් ඉන්දියාවේ සොළී දේශය ආක්‍රමණය කළේය)

    දෙවැන්නා ක්‍රිව 1123 – 1186 රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා (පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළේය)

    තුන් වැන්නා ක්‍රිව 2005-2015 රට පාලනාය කළ හය වැනි මිහිඳු ජනාධිපති තුමා. (ඉන්දියාවේ ඉන්දියාවේ සෘජු උපකාර මැද සිදුකරන ලද තිස් වසරක යුද්ධය අවසන් කර ඉන්දිය බලපෑමෙන් රට මුදා ගත්තේය. යම් ලෙසකින් ඉන්දියාව සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් නැගෙනහිරින් චිනයත්, බටහිරින් පකිස්ථානයත් පෙරටුකොට ශ්‍රී ලංකාවෙන් දකුණු ඉන්දියාවට එරෙහිව ප්‍රතිරෝධය දැක්වුවේය.)

    • Dinuu

      භාතිය, ඔබට ස්තුතියි මේ සටහනට. 6 වන මිහිඳු ගේ කාලයේ සිරි ලක උපත ලබන්න අපිත් පින් කලා එහෙනම්.

  • Dinuu

    ගොඩක් ස්තුතියි විමල් වීරවන්ශ මැතිදුන් ගේ මේ වැඩ සටහන ලබා දුන්නට. හිරු ටී වී සුදේව ගේ සහායට ආව දෙන්නට නම් මාධ්‍ය සදාචාරයේ ‘අ’යන්නේ සිටම ඉගෙන ගන්න වෙලා මට නම් හිතෙන්නෙ. විමල් මැතිදු වැනි ලක්ශ 60 ක් පමන මේ රටේ ජනතාවගේ ආදරයට ගෞරවයට ලක් වූ සැබෑ දෙශප්‍රේමී තරුණ නායකයෙක් ගෙනත් රටට සහ ජනතාවට වැඩක් වන ප්‍රශ්න නෙවෙයි ඇහුවේ. නිකම්ම එතුමා තෙහෙට්ටු කෙරෙන ‘මෙලෝ රහක් නැති’ යටගියාව ගැන සහ රටේ ඉදිරි ගමනටවත් උදව් නොවෙන දේ ඇහුවෙ. දැවෙන ප්‍රශ්න හෝ එතනට පැමිනි වැදගත් ජනතා නියෝජිතයකු ගෙන් ඇසිය යුතු දේවල් නෙවෙයි. එතුමා ගේ දක්ශ කමින් තමයි මේ වැඩ සටහන කෙරුනේ.
    විමල් මැතිදුන් ගැන මගෙ සිතෙහි තිබූ ආදර ගෞරවය සිය දහස් ගුනයකින් වැඩි වුනා. හිරු ටී වී ස්තුතියි.
    විමල් මැතිදු ලඟ සුදේව ගේ උදව් කාරයෝ දෙන්නා පෙනුනේ දැවැන්ත තේජස් කේශර සින්හ රාජයකුගේ ඇඟේ වහපු කෝදුරුවො දෙන්නෙක් වගේ.

    • Pink Panther

      අද ඉන්න බහුතරයක් මාධ්‍ය වේදීන් කියා ගන්න අය ඔය වගේ තමයි. මොකද තමන්ට කියල දැක්මක් නැහැ සමාජය ,දේශපාලනය දකින්න…
      ඔවුන්ට ගැලපෙන්නේ සරල විනෝදාස්වාදය පමණක් සපයන දේවල් ගැන හෝ ගොසිප් ගැන කතා කරන වැඩසටහන් වලට පමණයි..
      විමල් වීරවංශ සාකච්චාව මෙහෙයවන කෙනාගේ වගකීමත් ඉෂ්ට කරා නැත් නම් වැඩසටහන් කරන අයටම තමන් අහපු ප්‍රශ්න වලට ආරාධිතයගෙන් උත්තරයක් වත් ගන්න මතකයක් නෑ…
      මොනා උනත් තමන්ගේ මතය පැහැදිලිව ජනතාවට සම්ප්‍රේෂණය කරන්න ගත්ත අවංක උත්සාහයට විමල් වීරංශට ස්තුති කරන්න ඕනේ මේ වගේ වේලාවකදී..

  • sbpriyanthi

    kalakanni sinhalu visin sinhalunwa wanasanawa bala bala api asarana wela balan innawa.

    • Dinuu

      sbpriyanthi, තවමත් සැබෑ දෙශප්‍රේමීන් බහුතරයක් මේ රටේ හුස්ම ගන්න බව අමතක කරන්න එපා. සුලු මොහොතකින් ජයග්‍රාහී හඬක් නැගෙන්න ඉඩක් ලැබෙන වෙලාවක් එනවා. එවිට පමා නොවී දේශප්‍රේමී ගොඩට එක්වන්න. අසරණයි කියලා හිතන්න එපා. වීරයින් ගේ ලේ මත ගොඩ නැගුණු අභිමානවත් දේශයක් මේ ලක් දෙරණ. විමල් මැතිදු කතා කරන විටම දැනෙනව නේද මේ වගේ හැගීමක්…

      රට රැක ගත් පෙර රණවිරුවෝ…
      ඔබගෙන් යලි අද පණ ලැබුවෝ…!

  • Shanaka

    Yahapalanayata kath adina bawak nm me sakachchawedi hondin therum giya …

  • Pink Panther

    මේ සීපා එක ගැන ප්‍රවුර්තියට කෙලින්ම අදාළ නොඋනත් මම තව දෙයක් මැති කරන්න කැමති මේ වෙලාවේ අපි සියලු දෙනාම සාකච්චාවට ගන්න ඉදිරියේදී ..
    (මේක මගේ පෞද්ගලික අදහසක් පමණයි..අනිත් අය තැනගේ මතයට අනුව ඒ ගැන ක්‍රියා කරන්න )
    මන් හිතන්නේ අපි (මම විතරක් වෙන්නත් පුළුවන් ;)) බලා හිටපු සිරිසේන විරෝධී පිපිරීම ළඟදීම සිද්ධ්වීමේ ඉඩකඩ තියෙනවා ..
    පළාත් පාලන චන්දයේදී ඒ සඳහා ඉඩ කඩ හැදෙන්න පුළුවන්..
    මෙතැනදී මගේ ඉල්ලීම නම් සිරිසේන සිටින පිලට කිසිම විදිහකින් චන්දය දෙන්න එපා..
    ඔබ සැබෑ මහින්ද වාදියෙක් නම් කිසිම විදිහකින් සිරිසේන නායකත්වය දරන සිරිසේනගේ ආශීර්වාදය ලබන පිලට චන්දය දෙන්න එපා…
    ඒ වගේම වැදගත් දෙය තමයි මහින්ද මහතා කිසිම විදිහකින් එම දේශපාලන ව්‍යාපාරයට මැදිහත් නොවීම, පැහැදිලිව තමන් එම චන්ද ව්‍යාපාරයෙන් ඉවත් වන බව සහ එය “නිදහස් පක්ෂ නායකයාට” සිය කැමැත්ත අනුව කරගෙන යාමට ඉඩ දෙන බව ප්‍රකාශ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි..
    සියලුම මහින්ද වාදීන් සිරිසේනගේ පිලට,UNP සහ JVP යන කිසිම පිලකට චන්දය දීමෙන් වැලකි සිටින ලෙස ඉල්ලා සිටිනවා..
    මොකද ඔවුන් සියල්ලෝම එකම මතයක සිටින නිසා අර අපි වෙනදා කියන සාපේක්ෂව හොඳ පිල තෝරා ගන්න අවස්තාවක් නෑ ..
    මෙතැනදී unp,සිරිසේන තමයි අවසාන වශයෙන් කොහොමත් එන්නේ එකතුවක් විදිහට jvp එකේ මතුපිටින් බොරු විරෝධයක් දක්වයි..
    මහින්ද මහතාගේ පාර්ශවය වෙනම සන්ධානයක් විදිහට අපේක්ෂයන් දැමුවොත් පමණක් (ඔවුන් සිරිසේන විරෝධී පිලේ අපේක්ෂකයන් වීම අනිවාර්යය අවශ්‍යතාවක් )ඔවුන්ට චන්දය දුන්නට කමක් නෑ ඔබගේ කැමැත්ත අනුව..
    මෙවර සිරිසේනට ඔහුගේ ශක්තිය ජනතා කැමැත්ත පෙන්වීමට ඉඩ දීම අප කලයුතුයි.

    මෙම චන්දය ළඟදීම එනවා නම් මහින්ද මහතාට බල සිටින්න පුළුවන් එහි ප්‍රතිපලය නමුත්
    ඉන්පසුව වත් මහින්ද මහතා සිරිසේනගේ නායකත්වයෙන් ඉවත්වී වෙන පිලකට නායකත්වය දීම සිදු නොඋනොත් එතුමාට නායකයෙක් වශයෙන් ලැබෙන පිලි ගැනීම සහ එතුමාගේ නායකත්වය වටා එකතු වීමට සිටින පිල විකල්පයක් කරා යාමට අසරණ වීමේ අවධානම තිබෙන නිසා එය ඉක්මනින් කිරීම අනිවාර්ය කටයුත්තක් බවයි මගේ අදහස.

    ප.ලි.: මෙය කලකිරීමට පත්ව සිටින සහ අනාගතයේ මෙවැනි දෙයකින් පසු කලකිරීමට පත්වීමට ඉඩ තිබෙන අය වෙනුවෙනුයි..
    මෙවැනි ක්‍රියාමාර්ගයක් සම්පුර්ණයෙන් සාර්තක වේවි යයි කිසිවිටක බලපොරොත්තු වෙන්න ඕනේ නෑ..
    අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ සිරිසේන-රනිල් මුලික උන හවුලට විරෝධීන් සහ මහින්ද හිතවාදීන්ගේ විරෝධය කෙසේ හෝ ඒකරාශී කිරීම හා එයින් සුළු හෝ බලපෑමක් කිරීම පමණයි..

    ඒ විතරක් නොවෙයි සිරිසේන මෙයට පිළියමකුත් සොයා ගනීවි තමන්ව සවුත්තු වීම වැලක්වීම පිණිස… සමහර විට unp-නිදහස් පක්ෂ හවුලකින් චන්දය තියාවි, නැත නම් චන්ද නොතියා කල් දමාවි ඒ නිසා ඔහුට ඔහුගේ දේවල් කිරීමට ඉඩ දෙන අතරේ අපි අපිට පුළුවන් යම් සුළු දෙයක් හෝ කිරීමට “අවංකව උත්සාහ” ගමු..

    වැදගත්ම දෙය මහින්ද මහතාව විකිණීමට සහ ඔහුගේ ප්‍රතිරූපය පෙන්වා සිරිසේනට චන්ද මංකොල්ලයට ඉඩ නොදීමයි මෙම සයිට් එකේ සිටින අවංක යමක් තේරුම් ගැනීමට හැකි මහින්ද වාදී දේශි හිතෛශීන්වත්

Leave a Reply