මහින්දව වහන්න කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් දාපු හැටි…

[1]. කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය ආරම්භ කළේ 2012 පෙබරවාරි 17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනුයි. source: 2012/03/07 sundayobserver.lk

 

[2]. එය 2015 ජනවාරි වෙද්දී ඉදිකර අවසන් වීමට නියමිත වුණා. source: Wikipedia

 

[3].  පරීක්ෂා කිරීම් වලින් අනතුරුව එය විවෘත කිරීමට නියමිතව පැවතියේ 2015 ජූනි 20 දිනයි. source: 2015/06/02 dailymirror.lk

 

[4]. එනමුත් යහපාලන ආණ්ඩුව මැතිවරණයේදී වාසි ගැනීම සඳහා මැතිවරණයට හරියටම දින 9 කට පෙර එනම් 2015 අගෝස්තු 8 දින මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමට යොදා ගත්තා. source: 2015/08/02 dailynews.lk

 

[5]. මැතිවරණ කාලය තුළ රාජ්‍ය දේපල විවෘත කිරීම පැහැදිළිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. එනිසා මැතිවරණ කොමසාරිස්වරයා මෙලෙස නියෝග කළා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල – කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. source:2015/08/04  rivira.lk

මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්න වුණොත් තමන්ගේ සායම දිය වේවි යැයි සිතූ යහපාලකයින් කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීම යළිත් කල් දැමුවා.

 

[6]. ඉන් පසුව මෙම අධිවේගී මාර්ගය 2015 සැප්තැම්බර් 17 දින විවෘත කිරීම සිදු වෙයි. source: 2015/09/17 dailymirror.lk

අධිවේගය විවෘත කරද්දී “මහින්ද මහත්තයට ජය වේවා” කීමේ වරදට කාන්තාවක් අත් අඩංගුවට ගත්තා. කොහොමද අදහස් ප්‍රකාශ කිරීමේ යහපාලනය?

 

[7]. හදල තිබුණ පාරක් විවෘත කරන්නත් යහපාලන ආණ්ඩුවට මාස 2 ක් වැය වුණා. එසේනම් පාරක් හදන්න ගියොත් කොහොම හිටීවි ද? දේශපාලන වාසි ගැනීමට සිදුකළ මේ ප්‍රමාදයෙන් අන්තිමට මුළු රටටම සිදු වූයේ බරපතල පාඩුවක්.

 

[8]. එපමණක් නොවෙයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014/11/14 දින මුල් ගල තබා ආරම්භ කරපු මධ්‍යම අධිවේගී මාර්ගයට රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් 2015/08/03 දින මුල් ගල තැබුවා. මැතිවරණයක් ආරම්භ කළ පසුව මැතිවරණ නීතිය උල්ලංඝනය කරමිනුයි එය සිදු කළේ. සම්පූර්ණ විස්තරය

 

[9]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ මාර්ග ඉදි කිරීමේ කටයුතු සිදුකිරීම විද්‍යාත්මක නැතැයි එදා විපක්ෂේ උදවිය පැවසුවා. එනමුත් කඩුවෙල කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන්නේ “විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යාංශය” විසිනුයි. (mohe.gov.lk) විශ්ව විද්‍යාලවල සමහර සිසුන්ට මහා මාර්ග වල උද්ඝෝෂණය කිරීමේ පහසුව ලබා දීමට මෙලෙස 150% ක් විද්‍යාත්මකව අමාත්‍යාංශය නම් කළා විය හැකියි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්දව වහන්න කඩුවෙල – කඩවත අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් දාපු හැටි…

  • Rata wenuwen

    උදවිය පටන් ගත් අයටත් සැලකීම,
    වෙන රටවල් පිලිපදිනවා අකුරටම,
    හඩ නැගුනේ ” ජයවේවා” ඒ ලෙසම,
    වයිරය රජකලොත් නියතයි කෙලවිම.

    සියලු සත්වයෝ වයිර නැත්තෝ වෙම්වා. “ඕන ගොනකුට” බැරි වුනාට ඒ අපේ පැතුමයි.

  • Pink Panther

    විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමත්‍යංශය …. 😉
    ඕන ගොනෙක්ට අනුන් හදපු දේවල් විවුර්ත කරන්න පුළුවන්.. කියන්නේ ඕකට තමයි..

  • niro

    Kujeetha yaha palanaya..

  • sanjeewa

    Mahinda nathnam apita ko highway apita kohida
    nida has ratak

Leave a Reply