මහින්දව විවේචනය කරපු කිරිඇල්ලට රුසියාවේ සහ චීනයේ ප්‍රකාශ වලින් පිළිතුරු.

[1]. “යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට අකුල් හෙළීම හාස්‍යයට සහ කනගාටුවට කරුණක්‌” බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබෙනවා. (2015/09/30 දිවයින)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් යැයි කීවද එය ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත වෙයි. මෙන්න මූලාශ්‍රය.

“පසුගියදා එනම් 15 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවෙන් යෝජනා කරන්නේ අන්තර්ජාතික විනිසුරුවන් සමඟ දේශීය මිශ්‍ර අධිකරණයක් හමුවේ චෝදනා සොයා බැලීමටයි. එය වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන අපේ රජය ලබාගත් ජයග්‍රහණයක් නොවේද?” – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (2015/09/19 දිනමිණ – ආණ්ඩුවේ පුවත්පතකි)

එදා මානුෂික මෙහෙයුමට අන්තර්ජාතික වශයෙන් වැඩිපුරම සහයෝගය දැක්වූයේ රුසියාව, චීනය, පාකිස්ථානය යන රටවල් ත්‍රිත්වයයි. අන්න ඒ රටවල් 3 ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පවසන දේ එදා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටිය කිසිවෙකුටවත් නොසලකා හැරීමට නොහැකියි.

 

[2]. ඒ අනුව කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් ලෙස හඳුන්වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අනුව “ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණය” ගැන අප රටට හිතවත් ලෝක බලවතුන් දෙදෙනා පවසන්නේ කුමක්ද?

රුසියාව සහ චීනය යන ලෝක බලවතුන් දෙදෙනා “විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට තරයේ විරුද්ධ වෙයි

 

[3]. දැන් අපි ජනතාවගෙන් අහන්නේ, “ඔබ පිළිගන්නේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් යැයි රණවිරුවන්ට මඩ ගහපු ලක්ෂ්මන් කිරිඇල්ල පවසන දේද? නැතහොත් එදා මානුෂික මෙහෙයුමේදී අපට සහයෝගය දැක්වූ ලෝක බලවතුන් දෙදෙනා පවසන දේ ද?”

 

[4]. වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකන් යෝජනාවට පක්ෂ වීම නිසා එය ඡන්ද විවසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට නියමිතයි. (2015/09/30 දිවයින)

එනම් රුසියාවට සහ චීනයට සිය නිශේධ බලය (Veto Power) යොදා ඇමරිකන් යෝජනාව පරාජය කර ශ්‍රී ලංකාව බේරා ගැනීමේ අවසාන අවස්ථාවත් යහපාලන ආණ්ඩුවෙන් අහිමි කර තිබේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

17 comments to මහින්දව විවේචනය කරපු කිරිඇල්ලට රුසියාවේ සහ චීනයේ ප්‍රකාශ වලින් පිළිතුරු.

  • Kasun

    ආන්ඩුවෙ ඉන්නෙ එක්කො අමු හරක්. නැතිනම් පාවා දෙන්නො. මේ බලන්න තමන්ගෙ රට රැක ගන්න රුසියාව නිශේද බලය පාවිච්චි කරන හැටි.

    මැලේසියානු යානාව විනාශවීමේ යෝජනාවට රුසියාව නිශේධ බලය යොදවයි
    මිසයිල ප්‍රාහරයකින් විනාශ වූ මැලේසියානු එච්. එච්. 17 යානාව සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණය මගින් විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමු කළ යෝජනාව රුසියාව විසින් නිශේධ බලය යොදා පරාජය කර ඇත.
    මෙම යෝජනාවට පක්‍ෂය සිදුකළ ඡන්ද විමසීමට ඇන්ගෝලාව වෙනිසියුලාව සහ චීනය පැමිණ සිටියේ නැත. රුසියාව නිශේධ බලය නමැති වරප්‍රසාදය භාවිතා කළ බව එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් පවසයි.
    එහෙත් එම්. එච්. 17 යානාව පිළිබඳව විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා රුසියාව සහය දෙන බවද රුසියානු රජය පවසා ඇත.
    http://www.divaina.com/2015/08/01/forign05.html

    අපිටත් අවුලක් වුනොත් රුසියාව අනිවා නිශේද බලය යොදල සහය දෙනවා. නමුත් ආන්ඩුව දැන් කරන් තියෙන වැඩෙන් චන්ද විමසීමක් නැති නිසා ලංකාවට කෙලම වෙලා යාවි.

    • රුසියායාවේ පුටින් යනු තම මාතෘභූමියට අනතුරක් වෙන හෝ සහ තම සහායක රටවල් වලට අනතුරක් වෙන ඕනෑම දේකට එරෙහිව නිශේධ බලය යොදා ගන්නා එඩිතර නායකයෙක්. මෙන්න ඒ සඳහා උදාහරණයක්.

      [[සර්බියාවේ ජාති ඝාතන යෝජනාවට එරෙහිව රුසියාව නිශේධ බලය යොදවයි

      සර්බියාවේ සමූහ මිනිස්‌ ඝාතනයක්‌ සිදු වූ බවට දක්‌වමින් ඉදිරිපත් වූ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩල යෝජනාව රුසියාව විසින් නිශේධ බලය යොදවා අත්හිටුවා ඇත.

      ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයන් දස දෙනකු එම යෝජනාවට එකඟ වී තිබේ. එහෙත් චීනය, නයිජීරියාව, ඇන්ගෝලාව සහ වෙනිසියුලාව යෝජනාවට ජන්දය දීමෙන් වැළ කී ඇත. සර්බියාවේ මිනිස්‌ ඝාතනයක්‌ සිදු වූ බවට ජාත්‍යන්තර අධිකරණය විසින් තීරණය කර තිබුණි.]] source: http://www.divaina.com/2015/07/10/forign01.html

      නමුත් ඔබත් පැවසූ පරිදිම ශ්‍රී ලංකා රජය සිදු කළ දෙයින් රුසියාවට (හෝ චීනයට) සිය නිශේධ බලය යොදවා ශ්‍රී ලංකාව රැක ගැනීමේ හැකියාව නොමැති වෙයි.

    • Pink Panther

      ආණ්ඩුවේ ඉන්නේ පාවා දෙන්නෝ තමයි..
      අද රටේ ආණ්ඩුවේ ජනාධ්පති අගමැති ඉඳන් පහලටම ඉන්න එවුන් දේශද්‍රෝහියෝ ..
      උන්ට රට ගැන උවමනාවක් නැ..

  • gayan

    hodama Wade lankawe hitapu hodama nayakaya epa kiyapu unta hoda wade

  • Shyam

    this administration and the majority which voted it into power have willingly led Sri Lanka to commit harakiri on the world political stage. The repercussions of this servile attitude would not be felt immediately but in the near immediate future when India, US and its allies initiate a stranglehold on how state affairs should be run! The curtain raiser was evident at the UN General Assembly Meeting by showcasing in no uncertain terms that the present administration represented by the Pro Indian and Western Head of State has got the full backing of the US Administration! When you have an obedient puppy which is utterly devoted to you, which master does not fail to show it’s appreciation by petting it on the head? That’s what Sri Lanka has transformed itself into! It has become like an HMV (His Masters Voice) record. When you give up your dignity and morals to achieve your goals you leave behind your sense of shame; when you have no shame you can commit any impunity without worrying about the consequences of your actions! Sri Lanka is rapidly shedding it’s inherent values and culture for an alien culture which is alluring on the surface but contains a pandora’s box. The box has already been opened voluntarily and all mischief makers are having a field day at the expense of the integrity of the silent and hapless citizens who can do nothing about the blatant violation of their rights! We are willingly uprooting our selves from our social ideologies handed down through the ages and are presently engaged in the process of desecrating the values inherent to our culture! The likes of Putin have a say due to the fact that they do not allow every Tom Dick and Harry to dictate terms to them and the Russian population in majority have understood the danger that their country faces and are patriotic towards their country! In Sri Lanka it is the opposite! If you are patriotic you are branded as an anti social and treated as an outcast! Our mentality of being under colonial rule is yet to undergo a significant change though we have in name have become independent our actions indicate that we have yet to be liberated from the shackles of colonialism and truly and sincerely connect with our own endemic cultural values! The day we do that Sri Lanka will really be free and flourish! However, all indications are that we are going in the opposite direction and will become an extinct species! The way forward and the present hype is a Hybrid Sri Lanka!That is the stark reality facing us today!

  • සයිමන්

    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුනුවන්න
    තම දිවි දී රට රැකීම දඬුවම් දෙන වරද නම්
    කුමට අමන පාලකයින් තුරන් කරමු උන් රටෙන්

  • Power

    වත්මන් ආණ්ඩුව අපේ දෙපා මුලු රන්,රිදී,මුතු මැණික් සහිත බඳුන් ගෙනත් තැබුවත් කෘතගුණ දන්නා ජනතාව විදිහට අපි පිළිගන්නෙ එදා මිනීමරු බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා තම දායකත්වය ලබාදුන් ලෝක බලවතුන් දෙදෙනා හා ඒ වෙනුවෙන් තම සහයෝගය දුන් අනෙක් අප හිතවත් රටවලය…

    එසේ නොමැතිව ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නැඟී සිටිමින් සිටි අප පසු පසට ඇද දැමීම සඳහා කටයුතු කර පරගැති ගොන්නුන් පවසන දෙය නොවේ.

    තමන් උපන් මාතෘ භූමිය පිළිබඳ අල්ප මාත්‍රයක තරම් වත් කිසිඳු කකියන ලෙයක් නොමැති ශ්‍රී ලාංකික වර්තමාන දේශපාලන පාපතරයින්ට අවශ්‍ය ව ඇත්තෙ තම මඬිය තර කර ගැනීම සඳහා අප සුජාත මාතෘ භූමිය අධිරාජ්‍යවාදීන්ගෙ බෙදුම්වාදී සපත්තුවට පගා දැමීමටය.ශ්‍රී ලාංකික දේශපාලන නරුමයින් ලෝක බලවතුන්ට තම හිතවත් ශ්‍රී ලංකාව බේරා ගැනීම තිබූ අවසන් අවස්ථාවත් අහිමි කර ඇත්තෙ ඒ නිසාය.වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනික නිවටුන් චීනය රුසියාව වන ලෝක බලවතුන්ට පස්ස හරවා ඇමරිකන් යෝජනාව එකපයින් ම පිළිගෙන අධිරාජ්‍යප්‍රේමීන් බවට පත් ව ඇත.අප සුජාත භූමියට ඉදිරයේ දී වෙන්නට යන මහා විනාශයට මේ රටේ බහුතර අකෘතඥ ජනකොටස ද වඟ කිය යුතුමය.

  • Ranaviruvanta thamai me BHOOTHAYA gona kiyanne. Kiriellata pissu thamai. Me wage minissu da den rata paalanaya karanne? Me yahapaalanayata wedi kal meka karannata beri wei….eyalata chande dunna ayage es erena kota parakku wedi wei. Aiyoooooo mehemath ratak 🙁

  • හොඳ ලමයා

    පසුගිය 15 වෙනිදා වාර්තාවෙන් දේශීය මිශ්‍ර අධිකරණයක් ගේනවලු. ඒක රජයේ ජයග්‍රහණයක්ලු. මාර ජයග්‍රහණයක් ආ… මාර ප්‍රයෝජනවත් වැඩ මේව රටට. අකුල් හෙලීම හාස්‍යයට කරුණක්ලු. කවුරුත් අකුල් හෙලන්න එපා හොඳේ. ලොකු වැඩක් කරන්නෙ. දැං මේ රටේ කරන්නෝන ඔය වගේ මෝඩ බොළඳ වැඩ කර කර කාලය ඉවර කරන එක. මාස 60කින් අලුත් රටක්. (රටට අලුත් මෝඩයන් වර්ගයක්). ලස්මන් කුක්කු ඇල්ලගෙ ගෑනිටත් වැඩ තියෙයි. මහින්ද හදපු තව මොනව හරි තියෙනවනම් ඒවත් ඒගොල්ලන්ගෙ නම දාගෙන විවෘත කරල ඉවර කරාම හරි.
    හොර චන්ද ප්‍රතිඵලයකින් ඇවිල්ල මුන් මේ මෝඩ මිනිස්සුන්ව රවට්ටගෙන කරන 100%ක්ම නීති විරෝධී වැඩ අවසන් කරන්න ක්‍රමයක් නැද්ද. මේ රටේ හැම දේම වැරදියි.

  • indu

    Ape darmayata anuwa sathekutawath narakak wenna kiyala prarthana karanna kiyala deela ne. Eth budun wadina me ath deka ekathu karala hena illanna siddawela ada apata. Me rata rakina tisthun kotiyak deviyane…. Reka denna ape mawbima….. Reka denna ape viruwan…. Sinhala apita tiyenne me rata witarai….

  • Dinuu

    අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ දණ ගසාගෙන මගේ මව්බිම නැවතත් යටත් විජිතයක් කරවීමේ අහස පොලොව නුහුලන මහා අපරාධයට යමපාලකයින්ට කවදා හෝ වන්දි ගෙවන්න වෙනවා සහතිකයි!

    රට රැක දුන් රණවිරුවන්, සෙන්පති වරුන් සහ රජින්දා රැක ගැනීමට දේශප්‍රේමීන් එක ධජයක් යට එක හඬක් වීමට කාලය එලඹ ඇත!

  • Pink Panther

    අද වීරයෝ වෙලා කෑ ගහන අය එදා යුද්ධය වෙලාවේ හිටියේ කොයි පැත්තේද ,මොනවද කරේ කියලා මතක්කර ගත්ත නම් අද වෙන දෙය හොඳටම පැහැදිලියව තේරුම් ගන්න පුළුවන්…
    අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට අතීතය අමතක වෙලා වර්තමානේ කියන දේවල් වලට රැවටෙන බව දන්න මේ අමන පාලකයෝ ලැජ්ජාවක් නැතුව බොරු කතා ගොතලා කියනවා…
    එදා යුද්දෙදි ඒකට විරුද්ධව කෑ ගහපු උන්ටික තමයි අදත් ඔය එකතුවෙලා ඉන්නේ..
    ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලට කොන්ද නමන්නේ නැතුව උන් කියන එක අහන්නේ නැතුව මහින්ද මහතා යුද්දයේදී ක්‍රියා කරපු දෙයට පලිගැනීම විදිහට තමයි ඔය හැම දෙයක්ම කරන්න දැගලුවේ..
    එදා යුද්දය වෙලාවෙත් ඊට පස්සෙත් අපේ රටට සහය දීපු රුසියාව,චීනය වගේ රටවල් තමයි අපට තිබ්බ එකම ශක්තිය. ඔවුන්ගේ සහයෙන් තමයි අපි අපේ රට වෙනුවෙන් එදා කුමන්ත්‍රණ වලට විරුද්ධව ක්‍රියාකරන්න උත්සාහ කලේ..
    ඒත් අද ඉන්න පර ගැති, බටහිර රූකඩ උන අගමැති,ජනපති සහ ඔවුන්ගේ ගැති ගෝලයෝ රැලට ඕන වෙන්නේ ඒ රටවල සහය නෙමෙයි කොහොම හරි ඇමෙරිකාව ඇතුළු අපිට විරුද්ධ උන පිල සතුටු කරන්න.. අපේ රට වෙනුවෙන් නෙමෙයි උන් තීරණ ගන්නේ..
    මොකද එදා යුද්දෙදි උන්ගේ අපේක්ෂාව උනෙත් ඔය බටහිර රටවල අපේක්ෂාව උනෙත් එකමය දෙයක්…
    රට ගැන නොහිතන මේ වගේ රූකඩ බලන් ඉන්නේ රට වෙනුවෙන් උදව්වක් ගන්න නෙමෙයි රට විකුනලා තමන්ගේ දේශපාලන වාසිය ගන්න..
    මොකද මහින්ද මහත්මයාගේ යුධ ජයග්‍රහණය මුන්ට වහකදුරු වගේ..
    එතුමාට ඔච්චර පහර ගහලත් තවම කලගුණ දන්නා මිනිසුන් පිරිසකගේ සිත තුල එතුමා ජීවත්වවෙන එක සහ බොරුවලට වාසියට රැවටිලා එතුමාගේ පාලනය වෙනස් කරපු මිනිස්සුන් පිරිසකෙගේ සිත්වලත් එතුමා කරපු දේවල මතකය රැදී තිබීම නිසාත් මේ අමනයන්ට ඕන කරන්නේ කොහොම හරි ඒ ගෞරවය නැතිකරලා දාන්න..
    රටට මොකක් උනත් අනිත් රටවල අය මේකේ නරක කියද්දීත් අපේ රටේ එවුන් මේ පරීක්ෂණයට ආවඩන්නේ එකයි..

  • sayumi

    ප්‍රබල ඇමති කම් අරන් ඉන්න සිරි ලන්කා එකේ හොරිකඩයින්ටවත් තේරෙන්නේ නැද්ද මේකෙ තියෙන බරපතල කම? තමන්ට චන්දේ දුන්න ජනතාව පාවා දුන් පාපය මකා ගන්නවත් අඩු තරමින් මේකට විරෝධයක් දක්වන්නවත් ඒ අයට බැරිද? හිතට එකඟව කතා කරන්නවත් බැරි තරමටම ජහපාලනය මේ අයගේ කොඳු කඩලාද? රටට, රට බේරා ගත් රණ විරුවන්ට විපතක් වෙන කොට අපේ රට වෙනුවෙන් සැමදා පෙනී සිටින අපගේ කළණ මිතුරන් වන චීනය හා රුසියාවේ සහයෝගය අපේ රටට ලැබෙද්දීත්; ඔය යෝජනාවට විරුද්ධ වෙන්න බැරි නම්, කට අරින්නවත් බැරි නම්, ඔය ඇමතිකම් හොඳයි බල්ලන්ට දාන්න.

    • Dinuu

      සයුමි, සිරි ලංකා ප්‍රභලම කියලා හිතන ඇමතිලා තමයි මහින්ද සුලඟින් චන්දය කොල්ල කාගෙන…වැඩියත්ම නරක විදියට දැන් මහින්ද මැතිඳුන් ගැන කතා කරමින් තුනට හතරට නැමිලා මයිත්‍රී ලඟ ඉන්නේ. හෘද සාක්ශියක් නැති… බලයට කෑදර කමින්, තනතුරු සහ වරප්‍රසාද හඹා යමින් ජනතාවට පිටු පෑව දුර්ජන අසත් පුරුෂයෝ .

  • Dinuu

    යුධ අපරාධ චෝදනා සහිත ජිනීවා උගුලෙන් බේරීම සඳහා විද්වතුන් ක්‍රියා මාර්ග පෙන්නලත්..ඒ කිසිත් නොසලකා…ඇමෙරිකා අධිරාජ්‍යවාදී රටවල් ඉදිරියේ දණ ගසාගෙන…නිවට නින්දිත ලෙස පිටරැටියන් සමඟ අධිකරණ පිහිටුවා…රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් බිල්ලට දෙන්න… සියලු සාපරාධී යෝජනා වලට එකඟ වෙලයි… My3 ආවේ ගම් රට බලා…

    ඇමෙරිකන් යෝජනා අනුව “යුධ අපරාධ චෝදනා” සහ “බලය බෙදීම” න්‍යාය පත්‍ර වලට එකඟ වෙලා මව්බිම මහා භයානක අනතුරක දාලා “මහා පාවාදීමක්” කරලයි මේ ආවේ…

    ඒ මහා සාපරාධී ක්‍රියා කරලා “මහා හපන්කමක්” ලෙස පෙන්වා ජනතාව රවට්ටනවා!
    සදා කල් බලයේ ඉන්න හීන බලන යමපාලකයින්ගේ…පරම්පරා ගණනාවකට සහගහනවා “මව්බිමට කරපු මේ මහා අපරාධයට”!

  • ගුණසේකර

    මහින්ද ජනාධිපතිතුමා සිදු කල මොඩ වැඩෙත් මෙයට රට මෙම තත්වයට පත්වීමට හේතු උනා.පක්ෂෙ ආරක්ෂා කරන්න එකට ඡන්දෙ ඉල්ලීම තමයි වරද.වෙනම ඡනදෙ ඉල්ලුව නම් කොන්ද ඇතිව කථා කරන්න හරි කට්ටිය ඉතිරිවෙනවා.දැන්වත් විමල් ,ගම්මන්පිල හා රණවිරුවො පෙරටුකරගෙන නව පෙරමුණක් පටන්ගන්න.අපේ ඡන්දෙ මේ් විදිහට ශ්‍රි ලංකා එකම නෑ.

    • sayumi

      ඕකම තමයි අපිත් කට කැඩෙනකම් කියන්නේ. ඒත් පලක් නම් නෑ වගෙයි පෙනෙන්නේ. ඒ ගැන නම් ලොකු කලකිරීමක් තියෙන්නේ. ආයි මොනම හේතුවක් නිසාවත්; සිරා නායක කම් කරන කිසිම පක්ෂෙකට අපි නම් චන්දේ දෙන් නෑ.

Leave a Reply