රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම ඇරඹෙයි, රණවිරුවන්ට නොමිලයේ නීති සහන.

[1]. පසුගිය යුධ සමයේ රාජකාරී මට්ටමෙන් සිදුකළ ක්‍රියා නිසා මේ වන විට රණවිරුවන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ චෝදනා නගා ඇති අතර ප්‍රශ්න කිරීම සිදුවෙයි. රණවිරුවන් යම් පිරිසක් අත් අඩංගුවට පත් වී සිටියි. උදා:

(i). සාක්ෂි නොමැති වීම නිසා වසර 15 ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබූ නඩුවක් කඩිනමින් අවසන් කර මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට මරණ දඬුවම ලබා දුනි. මූලාශ්‍රය: 2015/07/09 රිවිර පුවත්පත (ඒ අතර LTTE “මුහුදු කොටි නායිකාව” ඇප මත නිදහස්. මූලාශ්‍රය 2015/03/13 BBC)

(ii). ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීම හේතුකොටගෙන, ලුතිනන් කර්නල් නිලය දරන දෙදෙනකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ හමුදා කෝප්‍රල්වරයකු සහිත රණවිරුවන් 4 ක් අත්අඩංගුවට ගෙන ඇත. මූලාශ්‍රය: 2015/08/24 BBC (ප්‍රගීත් එක්‌නැලිගොඩ LTTE ය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට හමුදාවෙන් පවසා තිබේ. මූලාශ්‍රය: 2015/09/01 දිවයින)

(iii). කොළඹදී සහ ත‍්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායක මහතාගෙන් CID ය ප්‍රශ්න කරයි. 2015/03/01 HiruNews (ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නැති නිසා කිසිවක් නොකියමි. එනමුත් කොළඹ දිගින් දිගටම සිදුවෙමින් පැවැති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මානුෂික මෙහෙයුමේ අවසාන කාලයේදී වඩාත් අඩු වූ බව ඔබට මතකයැයි සිතමි.)

(iv). චැනල් 4 වීඩියෝ සම්බන්ධයෙන් කිලිනොච්චි මහ සටනට ගිය සේනාංක වල බලසේනාධිපතිවරුන්ව ප්‍රශ්න කෙරෙමින් පවතින බව මේජර් අජිත් ප්‍රසන්න මහතා ඉතාමත් වගකීමෙන් යුතුව අවධාරණය කරයි.

(v). මීට අමතරව ජනමාධ්‍ය වෙත පළ නොවුනද මානුෂික මෙහෙයුමේදී රාජකාරිය සිදුකළ යුධ හමුදාවේ තවත් බොහෝ රණවිරුවන්ව ප්‍රශ්න කෙරෙමින් පවතින බව අපට වාර්තා වී තිබේ.

 

[2].  ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ලෙස සැලකෙන එක්සත් ජනපදය කිසි විටෙකත් තම රජයේ හමුදාවන්ගේ අභිමානයට හානි වෙන දේවල් සිදු කරන්නේ නැත. ඔවුන් තම රජයේ හමුදාවන් රටේ නීතිය මගින්ම ආරක්ෂා කරයි. උදා:

(i). The American Service-Members’ Protection Act is a United States federal law that aims “to protect United States military personnel and other elected and appointed officials of the United States government against criminal prosecution by an international criminal court to which the United States is not party. Source: Wikipedia

(ii). Military Whistleblower Protection Act, is an American law providing protection of lawful disclosures of illegal activity by members of the United States Armed Forces. Source: Wikipedia

 

[3]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයදීනම් රණවිරුවන්ට උපරිම දේශපාලනික රැකවරණය ලැබුණි. බටහිර ජනමාධ්‍ය විසින් එතුමාගෙන් ප්‍රශ්න කරද්දී එතුමා මූණටම කිව්වේ ගිහින් බටහිර රටවල් වලින් ඒ බව අහගන්නා ලෙසටයි. පහත වීඩියෝව බලන්න.

 

[4]. නමුත් වත්මන් යහපාලනය සහ ලිච්ඡවී සම්ප්‍රදාය යැයි කියන දේවල් යටතේ , රණවිරුවන්ට අත් වී ඇති අවාසනාවන්ත ඉරණමින් මුදවා ගැනීමට පා.ම. නීතීඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් නීති සහන ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. යුද සමයේ රාජකාරි මට්ටමෙන් සිදුකළ ක්‍රියාකාරකම් නිසා යුද අපරාධ චෝදනා ලැබූ රණවිරුවන්ට මෙම නීති සහනය ලැබෙයි.

 

[5]. රණවිරුවන් සුරුකීමට “වගකීමෙන් නිදහස් කිරීමේ පනත” ද පා.ම. නීතීඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. මෙවැන්නක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අවශ්‍ය නොවූයේ රණවිරුවන්ව රැක ගැනීම එතුමා තම වගකීමක් ලෙස සැලකූ බැවිනි.

 

[6]. රටට වෙන අන්තරාව සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ වැඩිම මනාප ගත් විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරයි. ඒ අතර දෙවෙනි තැනට මනාප ගත් නීතීඥ උදය ගම්මන්පිල මහතාගේ මූලිකත්වයෙන් රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික නීති මෙහෙයුමට පණ පොවා තිබේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to රණවිරුවන්ව බේරා ගැනීමේ මානුෂික මෙහෙයුම ඇරඹෙයි, රණවිරුවන්ට නොමිලයේ නීති සහන.

  • shyam

    It is becoming increasingly clear that the OHCHR report recommendations will be implemented in toto! Like a learned professor Mr. Mahinda Pathirana stated only the building shall be national! The Sri Lankan legal profession too will be divided according to their political affiliations since Sri Lankans are notorious for nitpicking over national issues! It will be battle for the spoils of victory and the true victors who spear headed the war will become the vanquished villains whilst the vanquished ruthless terror outfit named the LTTE will become the martyred heroic forces! What a difference an election has made to a country wherein the truth and untruth have switched, fiction has become fact;it seems like the Shakespearan comedy the merchant of Venice is being enacted right in front of our eyes where each player has become a shylock demanding his pound of flesh; sadly we lack a Portia!It is a good move on the part of Mr. Udaya Gammanpila to initiate legal aide. However, it must be stated that the cases have to be studied carefully for there is every indication that this latest development shall become a sensationalized tabloid drama locally as well as internationally! For a government that accepts tacitly that the Sri Lankan legal framework requires foreign intervention it goes to show what slavish mentality the present administration has towards it’s Indian and Western allies! Truth has to be unearthed no doubt about it but it cannot be done in a Kangaroo court which has been disguised skillfully to showcase that it represents the truest values of human rights! We need skillful and honest patriotic lawyers who are willing to represent our heroic forces!My view is we as a nation should be mature at this juncture to join forces against this cleverly disguised ploy to divide this country! First the courts implicating our valiant forces and the commander in chief and former defense secretary, thereafter reconciliation recommendations through the devolving of power at village level first and thereafter towards federalism! In another 2-4 year Sri Lanka will most likely be a federal and not unitary state which was the aim of the tamil idealogy! If we live in a country we have to be faithful to it from our heart if not any one is most welcome to leave and find a home elsewhere! It is unbecoming and unpatriotic to live in a country while aiding and abetting sectarianism based upon ethnicity or any other factor! Our country is too small to be divided along such lines we should think like Sri Lankans and nothing else! Let’s sort our differences internally and live in harmony! Why should we do things the way other countries want? Who are they to tell us how to live and conduct our affairs? Last time I checked we gained independence 67 years ago! However, most of us have trouble in cutting the umbilical cord of western colonization which ended with the British! This is where we have gone wrong, we are incapable of thinking independently from our former colonial masters! We are a proud and free nation with abundant talent and resources! What we lack is a sense of cohesion to think as Sri Lankans!This what made one of Recent Sri Lankan history’s true patriotic sons the great Anagarika Dharmapala become disillusioned and leave the country because of the ungrateful nature of Sinhalease and their lack of foresight! But now is the time to unite or to perish! Truth and justice is a right of every man but human rights should be separate from political affiliation if it is truly to flourish! The Greek Tragedian Aeschylus has a famous quote which is “I HAVE LEARNED TO HATE ALL TRAITORS AND THERE IS NO DISEASE THAT I SPIT ON MORE THAN TREACHERY” It is very apt for our present dilemma! We are unable to recognize a traitor from a patriot in fact the opposite is what is happening at present! It is a horrific nightmare which is unfolding with no ending in sight unless we unite as a nation to show our true worth!

  • Piyaseeli Seananayake

    Please do something to protect our war heroes. We are living today thanks to them. A few months ago, we were so proud of them and our commander-in-chief. Now we have an Obedient servant to Ranil and a Faithful dog to Chandrika as the CiC.

  • Piyaseeli Seananayake

    What a set of puppets are leading this country now? In Australia the PM was changed recently but was there any change to the government policy other than the development of Australia.

    This is a shame for all Sri Lankans.

  • sayumi

    පෙනෙනවා නේද රට වෙනුවෙන් පෙනී සිටින කොන්ද පණ තියෙන අභීත නායකයෙකුගේ කතාව? මෙහෙම කතා කරන්න පුලුවන් නායකයෙක් (ප )ජාතික පාණ්ඩුව ඇතුලේ බේතකටවත් හොයා ගන්න පුලුවන්ද?
    මහින්ද ජනපතිඳුන්ගේ මෙන්ම රට වැසි සැමගේ කලණ මිතුරන් වන විමල් හා උදය මැතිතුමන්ලාට අපගේ හර්දයාන්ගම ස්තුතිය!

  • Dinuu

    මේ තරමින් හෝ යුධ අපරාධ පරීක්ෂණ ගැන කරුණු ඉදිරිපත් කිරීම ගැන Mahinda.Info ස්තුතියි. මේ වන විට මාධ්‍ය හරහා අපට හුගක් තොරතුරු ලැබුනා.
    තිස් වසරක් අපේ මව්බිම කොටි ත්‍රස්තවාදයෙන් දැඩි ලෙස පීඩනයට ලක්වී තිබුන හැටි ඔය පිටරටවලට වඩා රට ඇතුලේ ජීවත්වන අපි හොදින්ම දන්නවා.

    ආයුධ අතට ගත් ලොව දරුණුම ත්‍රස්තවාදී කල්ලියෙන් අහින්සක රටවැසියා බේරාගන්න, මව්බිම රැක ගැනීමේ උදාර සටනට අපේ ත්‍රිවිධ හමුදා මෙහෙයවීමයි හැම රාජ්‍ය නායකයකුගේම වගකීම වුනේ.
    තිස් වසරක දරුණු යුධ බිය, මරණ බිය තුරන් කරල, ජාති,ආගම්,කුලමල හේද කිසිත් නොමැතිව සියලුම රටවැසියනට නිදසේ හුස්ම ගන්න ඉඩ ලබා දුන් වීරෝධාර රණවිරුවන්ට, සේනාධිනායකයින්ට, රටේ රාජ්‍ය නායකයාට විරුද්ධව නේද දෙය්යනේ මේ විදියට අභූත චොදනා ඉදිරිපත් කරමින් නඩු විහාග පවත්වන්න හදන්නේ?

    මේ අවනඩුව තේරුම් ගන්න බැරි තරම් මෝඩ ආත්මාර්ථකාමී මිනිසුන්ද මේ රටේ ඉන්නේ? ඇමෙරිකාව ඒ අයගේ හමුදා සුරැකීමට වෙනම නීති සකස් කරලා ආරක්ශා කරමින්, අපේ හමුදා යුධ අපරාධ පරීක්ෂණ සඳහා ගෙනයාමට බලකරනවා.
    මේ අසාධාරණයට එරෙහිව මේ දේශයේ ශීලාචාර මිනිසුන් සියලු දෙනාම එක හඩක් නැගීමට කාලය එලඹ ඇත.

    මේ වීඩියෝ හි ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සන්විධානය වෙනුවෙන් කතා කල මේජර් අජිත් ප්‍රසන්න ඇතුලු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින හැම දෙනෙකුටම මව්බිම ණයගැතියි.

    විමල් වීරවන්ස මැතිඳුනි, ඔබතුමා අප රටට දැන් උදා වී ඇති මේ භයානක අනතුර ගැන වසර ගණනාවක් ජනතාව දැනුවත් කලා. තවමත් ඒ උදාර සටනෙහි ඔබතුමා දිවා රෑ වෙහෙසෙනවා. ඔබතුමාට මව්බිම සදා ණයගැතියි.

    උදය ගම්මන්පිල මැතිදුනි, ‘රණවිරු සහන පදනම’ පිහිටුවා මේ කරන මහා පුණ්‍ය ක්‍රියාවට සහ මැතිසබයට ‘වගකීමෙන් නිදහස් කිරීමේ පනත’ ගෙන ඒමට කටයුතු සකස් කිරීම වෙනුවෙන් මව්බිම ඔබට සදා ණයගැතියි. ඔබ මෙලොවට බිහිකල ඒ පින්බර උතුම් දෙමව්පිය දෙපල ටද මව්බිමේ ප්‍රණාමය හිමි වේ.
    ඔබතුමා ගේ ‘වගකීමෙන් නිදහස් කිරීමේ පනත’ මැතිසබයට ගෙන ආවිට මුලු රටටම බලා ගත හැකි වේවි ජනතාව නියෝජනය කරන සැබෑ දෙශප්‍රේමීන් කවුරුන්ද කියලා.

    රට රකින මව්බිමට ණයනැති පින්බර ලන්කා පුතුන් වන ඔබ සැමත් මේ අවනඩුවට මුහුණ දෙන සියලුම දෙනාත් සියලු දෙවියෝ ආරක්ශා කරත්වා. තෙරුවන් ගුණ බෙලෙන් ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා! ජයශ්‍රී!

    • Rata wenuwen

      අසන්වර වචන එනවා මගේ කටට,
      මා සන්වර නිසා එවා නොකියමි පිටට,
      සින්හල රටේ සින්හල ලේ ඇති මෙමට ,
      පවසන්නට ඇත්තේ හෙන ගහපිය තොපට.

      අපේ හදදිනූ මහින්ද මහතා ඇතුලු දීර වීර රනවිරුවේ ආරක්ශා කරදෙත්වා. “ජය ශ්‍රී”
      අම්මේ තාත්තේ ඔබලාගෙ දරු,නොදරුවෝ ලක් පොලොව මතට ලේ හැලුවේ මෙයන් දෙයකට මුහුන දෙන්නද, අමනයන්ට චන්දය දුන් පාහරයන්ට අපේ ඇස් පනාපිටම හෙන හතක්ම පහත්වේවා, මේකුන්ට දෙස්දෙවොල් ගොස් හෙනම පහත්වෙන්න කියා වස් කවි කියා පොල් ගහන්න.

      මහින්ද මහතා වටේ ඉද මස් කටු සුප්පු කරන්න ගිය අමන හොරිකඩ යටිකූටු හොරිකඩයෙනි, තොපිගෙ ප්‍රතිචාරය මොකක්ද. කට *කට බැහැලද එකත් නෑ බොල තොපිට , වවුල් ක්‍රමයට බොල ඒකත් තියෙන්නේ, ලගින් යනවිට ගදේ බැහැ.

  • Piyaseeli Seananayake

    Dear Editor, I like to make a small donation to this effort. Can we please get details of a bank account? Thank you.

    I cannot help in any other way at this time. If we don’t protect these war heroes what is the purpose of our lives. They gave us a life, they gave us a country. I thank them with every breath I breath.

  • Dinuu

    http://lankacnews.com/sinhala/main-news/135822/

    විමල් මැතිදුනි, මව්බිමට ණය නැති ඔබ උදාර ලන්කා පුත්‍රයෙකි. ඔබට මගේ ප්‍රණාමය!

    රට රැක ගත් පෙර රණවිරුවෝ
    ඔබගෙන් යලි අද පණ ලැබුවෝ!

  • Pink Panther

    ඉශ්රායෙලයට, ඇමෙරිකාවට නැති යුධ අපරාධ පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ අපිට ආවේ කොහොමද කියන එක අපේ රටේ මිනිස්සුන්ගෙන් කී දෙනෙක් හිතනවද කියලා මට නම් සැකයි.
    Military Whistleblower Protection Act එකේ පැහැදිලිවම ඇමෙරිකන් හමුදාව තම ආරක්ෂක අරමුණු වෙනුවෙන් සිදු කරන නීතියට පටහැනි දේවල් හෙලිකිරීම වලක්වලා ඒ වෙනුවෙන් නීතිමය ආරක්ෂාවක් හදලා තියෙද්දී අපේ රට අයගෙන් යුද්ධය කාලේ යුද්ධය නිසා වෙච්ච දේවල් ගැන දඬුවම් කරන්නේ ඇයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ, එකේ තියෙන දෙබිඩි බව තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට (තමන්ගේ රට ගැන හැගීමක් නැති,බටහිර ගැති “බුද්ධිමතුන්ට” නම් ඒක තේරුම් ගන්න බැරි වෙයි)..

    බලවත් ජාතීන් විසින් ඔය මානව හිමිකම්,යුධ අපරාධ,යහපාලනය,මාධ්‍ය නිදහස වගේ නොයෙක් දේවල් වර්තමානයේදී පාවිච්චි කරන්නේ තමන්ට අවනත නැති රටවල් මෙල්ල කරන්නයි,ඒ රටවල තමන්ගේ බලය පතුරලා ඒවා තමන්ගේ රූකඩ ආණ්ඩු වලින් පාලනය වන රටවල බවට පත් කරන්නයි කියන දෙය තමයි ඇත්තම කතාව..
    නමුත් කරුමෙට අපේ රටේ මිනිස්සුන්ගේ ඔලු වලට දාලා තියෙනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, විදේශ බලපෑම් කියන ඒවා විහිළු, ඒ නිසා ඒවා ගැන හිතන එකත් බොරු වැඩක් වගේ අදහස්…
    තමන්ගේ බඩ වඩා ගැනීම ගැන විතරක් උනන්දු වෙන මිනිස්සු බහුතරයකට ඔය දේවල් වැඩකට නැති විහිලුම තමයි…
    නමුත් අපේ රටේ අපි චන්දේ දීල යවන දේශපාලුවෝ අන්තිමට වැඩ කරන්නේ ඔය ජාත්‍යන්තර බලපෑම් වලට අනුව තමන්ගේ රටට ජනතාවට විරුද්ධව කියන එක පැහැදිලිව පෙන්න තියෙද්දිත් අපි ඒක ගැන කිසිම උනන්දුවක් නෑ…

    ඔය අතරේ තව අමන රැලක් හිතන් ඉන්නවා ඇමරිකාව කියන විදිහට හිටියම අපිට ඕන දෙය කරලා දෙයි කියලා.. යුධ අපරාධ චෝදනා අයින් කරලා ඒවාට විරෝධය පායි කියල හිතපු “බුද්ධිමත්” අයත් ඕන තරම් හිටියා..
    නමුත් හැමදාම උනේ සහ ඉදිරියට වෙන්නෙත් ඔවුන්ට අවශ්‍ය දෙය අපි ලවා ඉෂ්ට කර ගැනීම හෝ අපි ස්වකැමැත්තෙන්ම ඒවා ඉෂ්ට කිරීම පමණයි කියන එක මෙවර ප්‍රතිපලයෙනුත් පේනවා..

    මොකද එදා එවුන්ට එරෙහි වීමට දඬුවම් නොකර සිටියොත් අනාගතයේදී තවත් රටක් ඔවුන්ට අභියෝග කොට ඔවුන්ගේ බලයෙන් මිදී යාමට උත්සාහ කිරීමේ අවධානම තියෙන බව ඔවුන් දන්නවා..
    ඒ වගේම බලවත් ජාතික රාජ්‍ය කිසිම දවසක ගොඩ නැගීමට ඔවුන් ඉඩ දුන්නේ නෑ, මොකද ප්‍රශ්න තිබෙන අවුල් සහගත දුර්වල රටවල් තමයි ඔවුන්ට අවශ්‍ය, එහෙම නැතුව ඔවුන්ට මැදිහත් වීම් කරන්න අමාරු නිසා..

    නමුත් කනගාටුවට කරුණ නම්, අද අපේ රටේ පාලකයෝ ඔවුන්ට අවශ්‍ය විදිහටම අපේ රටට විරුද්ධ අවාසි දේවලට දායක වෙමින් ඒවා මහා ඉහලින් වර්ණනා කරනවා..
    රූකඩ පාලකයන් පත් කිරීමේ වාසිය ඔවුන් දැන් ශ්‍රී ලංකාව තුල භුක්ති විදිමින් සිටිනවා..
    මොකද ඔය රටවලට අර කලින් ආපු චෝදනාව එනම්, වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා කියන චෝදනාව වත් දැන් එන්නේ නෑ..
    මොකද අපි ඔවුන්ගේ වැඩ මෙහේ ඒ විදිහටම කරනවා.. ඒ අතරේ අපිම ඉල්ලා සිටිනවා ඔවුන්ට මැදිහත් වෙන ලෙස… අඩු තරමේ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න වත් අපේ අයට දැන් ශක්තියක් නෑ..

  • Pink Panther

    මොනා උනත් රටේ ඉන්න මිනිස්සු සැලකිය යුතු කොටසක් වත් (අද වෙද්දී බහුතරය නම් බටහිර ගැති චින්තනයක් ඇති මිනිස්සු, ඔවුන් හැර) ලංකාව තුල විරෝධයක් මතු කලොත් (හාමුදුරුවරුන්ගේ විරෝධයත් සැලකිව යුතු බලපෑමක් මේකට), ඔය වර්තමාන පාලකයෝ තමන්ගේ චන්ද ගැන හිතලා හරි පොඩ්ඩක් බය වෙන්න පුළුවන් .. සමහර විට දේශ ද්‍රෝහී ප්‍රතිපත්ති වල යම් වෙනසක් ඇතුව වත් ඔය කියන පරීක්ෂණ කරන්න උත්සාහ කරයි..
    නමුත් අමතක කරන්න එපා ඔවුන්ට අවශ්‍ය බලය මෙවර ලබා ගෙන තියෙන්නේ ඒ නිසා චන්දය ගැන වැඩි අවධානයක් දක්වන එකකුත් නෑ සමහරවිට .. මොකද තව අව්රුදු කීපයකින් චන්දයක් ලං වෙලා අපේ මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කියල උන් හොඳින් දන්නවා..
    ඒ විතරක් නෙමෙයි අපේ මිනිස්සුන්ට ඔය දේවල් ටික කාලයකින් අමතක වෙනවා කියලත් දන්නවා..
    මේක තමයි ඔවුන්ට ලැබිල තියෙන හොඳම වෙලාව දේශ ද්‍රෝහී වැඩපිළිවෙලවල් ඔක්කොම පටන් ගන්න..
    දැන් තමයි ඔවුන්ගේ නියම ස්වරූපය දකින්න ලැබෙන්නේ අපිට (මේ ආරම්භය පමණයි.), ඉදිරියේදී තවත් පාවා දීම් බලාගන්න පුළුවන් වෙයි මේ විදිහටම ගියොත්….

  • Rata wenuwen

    අපේ ජාතික නිදහස වෙනුවෙන් දිවිදුන් ඒ අබීත විරුවන්ට අපගෙ උත්තමාචාරය. ජීවිතයට වඩ මව්බිම උතුම් යැයි අභීතව නැගී සිටි ඒ විරු දරුවො සුරලොව සුරඹුන් සුරත්හිම සුදිලෙත්වා. ඒ උදාර සටනට නන් අයුරින් දායක වු සියලුදෙනාටමත් (ඕන ගොනකුටත්, තොප්පි ගලයටත්, මැදවච්චි ගිය කරුපයියටත් හැර ) අපගේ ගවුරවයද ප්‍රනාමයද පලකරමු.එසේම ඒ යුග මෙහෙවර සිහි නොකරන එයට හිසනමා ආචාරය පල නොකරන අයෙක් වෙත්නම් හේ ලක්මාතාවගේ සුජාත පුත්‍ර ගනයෙහි ලා සැලකිය නොහැකි බවද අපි අවධාරණය කරමු.
    ඇද බොහොදෙනකුට ඒ අදුරු අතීතය සිහියට නොගනීම අපෙම අවාසනාවකි. බියෙන් මුලුගැන්වී ලයෙන් සුසුම් හෙලමින්, අවනිශ්චිතව සැළෙමින් මුලු රටක්ම කාර්යශුන්යය කල ත්‍රස්තවාදයේ තරම අද බොහෝ අයට අමතකය, ඒ අපෙ පවටද දැන් රට කරන ඈයන්ගේ පවටටද කියා මට නම් වැටහෙන්නෙ නැත.

  • Dinuu

    රට රැකගත්ත විරුවනි ජීවිතය පුදා…
    හැම දින බැති සිතින් පුදනෙමි ඔබව සදා…
    සොහොයුරු රණවිරුන් බේරා ගනිමු මෙදා…
    සිරි ලක් මවට සැනසිලි සුව කරමු උදා…!

    කදුලැල් මතින් ලේ ගන්ගා ඇද හැලිලා…
    තිස් වසරක් පුරා බියකරු යුද කරලා…
    පින්බර ලක් මවුන් බේරා ගත් මුදලා…
    සෙන්පති රණවිරුන් මහරජ වද රැකලා…!

    යුද ගිනි නිවා සුවපත් කල අප්පච්චී…
    රටකට සැනසීම ගෙන දුන් අප්පච්චී…
    කළ ගුණ දන්න අප ඔබටයි අප්පච්චී…
    හැමදා සුවෙන් වැජඹේවා අප්පච්චී…!

    තබනා හැම පියවරක් අඩියක් ගානේ…
    ඔබ රැකගන්න සැම දෙවිවරු රැස්වන්නේ…
    කදුලැල් ලේ මතින් මව්බිම ගොඩ නැගුනේ…
    ඔබගේ පිනට බව අප සිහි කර ගන්නේ…!

    දින දින ඔබගෙ අගයද තව වැඩිවන්නේ…
    මව්බිම රැක්ක පින්බර සිරි ලක් පුතුනේ…
    තෙරුවන් බල සියලු දෙව් බල සමගින්නේ…
    ඔබ රැක ගන්න අද අප සැම එක්වන්නේ…!

    අප හැම ආයු ගෙන ඔබ ජීවත් වේවා…
    තව බොහො කලක් ලක් දෙරණේ වැජඹේවා…
    රණවිරු සෙන්පතින් සැම දෙන සුරැකේවා…
    බැති පුද හැම දිනම හැමටම හිමිවේවා…!

  • Piyaseeli Seananayake

    When they brought in backstabber Sirisena to contest against Mahinda our stupid people should have thought twice. Why wasn’t Ranil coming forward? Sirisena was shown to oust Mahinda from power so that Ranil could run the country. Ranil and Chandrika are the most unelectable politicians Sri Lanka has.

    Now with their puppet in control of our country, the enemies will see to the end of Sinhalese Buddhist from their own land (or make them subservient to everyone else). Sirisena is as blind as Sobitha and Rathana. The JVP and Champika know where all these are heading, but turn a blind eye or use diversion tack ticks to fulfill their part of the contract.

    The west and India, hoodwinked Sobitha the same way they did to the general public. Sobitha thought the Yahapalanaya will consult him for every move, how wrong was he.

    I wish Udaya, Wimal and all those patriots who understood the threat and initiated on some actions Yodha Bala, Yodha Haiya. Theruwan Saranai.

Leave a Reply