නැව් එන්නේ නෑ කියපු, පතුලේ ගලක් කියපු හම්බන්තොට වරායේ නැව් තටාංගනයක් අරඹයි.

[1]. ශ්‍රී ලාංකිකයින්ට සිහිනයක් පමණක් වී තිබුණ හම්බන්තොට වරාය, මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි කැප වීම නිසාම අන්තර්ජාතික තරගකරුවන්ගේ බලපෑම් පරදවමින් ඉදි කිරීමට හැකි වුණා.

 

[2]. වරාය ආරම්භයේ සිටම එවකට විපක්ෂයේ කුහක දේශපාලඥයින් විසින් සමාජ ගත කළේ එය අසාර්ථක ව්‍යාපෘතියක් බවයි. ගලක් නිසා නැව් එන්නේ නැති වරායක් හැදුවා කියමින් එහි නිර්මාතෘ වන මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව වරාය අධිකාරියේ හිටපු සභාපති වරයාට පවා එරෙහිව ගෙන ගියේ අති දැවැන්ත මඩ ප්‍රහාරයකි.

 

[3]. නමුත් ඒ මඩ සියල්ල අකුලා ගනිමින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ නැව් තටාකාංගණය ඉදිකිරිම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා.  නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙයි. (sources: ada.lk , LankaCnews.com , radiogagana.com)

 

[4]. මාගම්පුර වරායේ නැව් තටාංගනයක් සෑදීම වත්මන් රජයේ සැලසුමක් ලෙස පෙන්වුවත් එය සැලසුම් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මාගම්පුර වරායේ 3 වෙනි අදියරේදී මෙම නැව් තටාංගනය ඉදි කිරීම නියමිත වුණා. ඒ අනුව දකුණු ආසියාවේ විශාලතම වරාය අප රටට හිමි වෙයි.

අදියර 3 කින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මාගම්පුර වරාය අංගසම්පූර්ණ වරායක් බවට පත්වීමට තවත් වසර 6 ක් පමණ ගතවනු ඇති නෞකාවලට පැමිණ බඩු ගොඩබෑම සඳහා අදාළ ගබඩා ඉදිකළ යුතුයි. ඊට අමතරව කන්ටේනර් පර්යන්ත ඉදිකිරීම හා ගොඩබෑමේ දොඹකර සවිකළ යුතුයි. එම කටයුතු ඊළඟ අදියරවලදී පියවරෙන් පියවර සිදුවනු ඇත. (Source: 2010/11/22 dinamina.lk)

The second phase of the Port of Hambantota project, which will include a container terminal, is expected to be completed by 2014. The second stage of the port is estimated to cost around US$750 million. The third phase will include a dockyard. Upon completion, the port will cover 4,000 acres (16 km2) of land and accommodate 33 vessels at any given time, making it the largest port in South Asia. (source: Wikipedia)

 

[5]. 2014 වර්ෂයේදී පමණක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය රු 5,396,409,976.45 (මිලියන 5396) ක ලාහයක් ලැබුවා. ලෝකයේ වඩාත්ම ලාභදායී වරාය බවට පත් වෙමින් තව වසර කිහිපයක් ඇතුළත ව්‍යාපෘති පිරිවැය අභිබවමින් ලාභ ඉපයීමට නියමිතයි.   (Source: 2014/02/29 dailymirror.lk)

 

[6]. පසුගිය වසර කිහිපය තුළ අති දැවැන්ත නැව් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර, මෑතකදී ලෝකයේ විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට සේන්දු වුණා. (Source: 2015/08/19 hirunews.lk)

 

[7]. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ආරම්භ කර දියුණු කරද්දී එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසූයේ, හම්බන්තොට වරාය ඇතුළේ ගලක් තිබෙන බවත් එනිසා ලෝකයේ ප්‍රසිද්ධ හොඳ නැව් වලට මේ වරායට එන්නට නොහැකි බවයි. වීඩියෝව පහතින්.

 

[8]. “හම්බන්තොට වරාය කියන්නේ ලංකාවේ මෙතෙක් ඉදි වූ ලොකුම සුදු අලියා. මේක මහා ප්‍රෝඩාවක්.” – කෙළවරක් නැතිව යුද්ධය ඇදෙනවා කියමින් එදා මානුෂික මෙහෙයුමට මඩ ගැසූ ආකාරයෙන් හම්බන්තොට වරායට එරෙහිවත් මංගල සමරවීර මඩ ගැසූයේ එලෙසයි.

වැඩි විස්තර සඳහා: මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ලාභදායිතාවය ඇතුළු සියලුම වැදගත් කරුණු අදාල මූලාශ්‍ර සහිතව දැක්වෙන ලිපිය. www.mahinda.info/2015/07/magampura

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to නැව් එන්නේ නෑ කියපු, පතුලේ ගලක් කියපු හම්බන්තොට වරායේ නැව් තටාංගනයක් අරඹයි.

  • sudu

    Mama dewiyan athhatama udau karanawada kiyala nam danne na, eth api dewiyangen eka eka ewa illlanawa, eth apita hitiya penna inna dewikenek wagema api illapu hemadema dunna dewi kenek, e dewiyanwa apema moda minissu gedara yauwa, apahu e dewiyo enne na .. dewiyan nathi unama boothayoo raja karana kalayak meka..

    • Dinuu

      ඒක ඇත්ත sudu, අපේ “ජීවමාන දෙවියෝ” මේ අකෘතඥ දුර්ජන මිනිසුන් අපට “අහිමි” කලා!

      • sayumi

        සුදූ සහ දිනූ,
        දෙවියන්ව එහෙම ලේසියෙන් නැති කරන්න බෑ. දුක් වෙන්න එපා. මිත්‍යාදෘශ්ඨික අදහස් ගත් මාරයා හා පිරිස බලවත් උන කාලෙට දිව්‍ය ලෝක වලත් මේ වගේ සියල්ල උඩු යටිකුරු වෙච්ච, හොඳ- නරක, හරි- වැරැද්ද පටලවා ගත්ත කාල පරිච්ඡේද ඇති වෙනවා. ඉතින් ඒ කාලෙට නිවැරදි දැක්ම ඇති (සම්‍යක්දෘෂ්ඨික ) බලවත් දෙවිවරු පවා ටිකක් පහු බැහැලා පාඩුවේ නිහඬව ඉන්නවා. (තේරුනා නේද) ඉතින් අපිත් කලබල නොවී ඒ දිහා ටිකක් බලන් ඉමු.

        *අපේ පවර් ආයෙත් කාර්‍යබහුල වෙලා වගෙයි.

  • බෝනිකර තරු Deal කුමාර

    එදා නරක මාගම්පුර වරාය දැන් යහපාලනයට හොදයි ඒ වගේම දුශිතයි කියපු කොලබ වරාය නගර (පෝර්ට් city) project එක මාස 3ක්තද 6කතද කොහෙද ගිවිසුම් කාලය දික්කරළලු කොමිස් ගැහුවා කියපු පාරවල්ම දැන් විවුර්ත කරනවා ඔන්න යහපාලන boruwaක හැටි

  • Dinuu

    කවුද දෙයියනේ මේ මහා ව්‍යාපෘති පටන් අරන් මේ රට එසවූයේ? ඒ මහා අභීත නායකයා ‘මහින්ද රාජපක්ස’ නේද?
    2014 වසර තුල පමණක් හම්බන්තොට වරාය ලැබූ ලාභය:

    රුපියල්5,396,409,979.45 (මිලියන 5396)

    තව වසර කිහිපයකින් ‘ව්‍යාපෘති පිරිවැය අභිබවමින්’ ලාභ උපයා…. ‘ලෝකයේ වඩාත්ම ලාභදායී වරාය’ බවට පත් වේ! දැනට දකුණු ආසියාවේ විශාලතම වරායයි. (මේ අමන තකතීරුවන් මත්තල ගුවන් තොට වී ගබඩාවක් නොකලා නම් මත්තලත් ලෝකයේ ඉහලම තැනකට එනවා ස්තීරයි!)

    කවුද දෙයියනේ මේ මහා වටිනා ව්‍යාපෘති මගේ පුන්චි මව්බිමට දායාද කොට මේ තරම් ආශ්චර්යයක් කරා රැගෙන ආවේ?
    තිස් වසරක් මහා කුරිරු යුද බියකින් අඳුරු වෙලා…ලේ කදුලු ගන්ගා ගලා ගිය මේ රට මේ තරම් ඉක්මනින් මේ දැවැන්ත වැඩ පිලිවෙලකට යොමු කලේ කවුද?
    ඒ උදාර අභීත නායකයා ‘මහින්ද රාජපක්ස’ නේද?

    එතුමාත්, එතුමාට උදව් කල සෙන්පතිවරුනුත් රණවිරුවෝත්….පිටරැටියන්ට ඕනෑ ඕනෑ විදියට අධිකරණ පිහිටුවලා…ඒවා ඉදිරියේ නඩු විභාග වලට යවලා වැරදිකරුවන් කරන්නද මේ අකෘතඥ දුර්ජන මිනිසුන්ට දැන් ඕනේ වෙලා තියෙන්නේ?

    තවමත් මේ මහ පොලොවේ හුස්ම ගන්න සැබෑ දේශප්‍රේමීන්ට නැගිටින්න! එක්වන්න! කාලය එලඹිලා!

  • Hic Hic…meyaalage (mangala and harin) pissu kathaa ahala apita hina hina.
    Mahinda methithuma ape rata wenuwen karapu weda, meyaalata karanna thiya hithannawath be….eeeerisiyawen thamai me vidihata kathaa karanne.

  • FLali

    Sri lankans are very ungrateful. How can we move forward as a nation if we give consent to punish Mahinda Rajapakse, Gotabaya Rajapakse and our war heros? Where is the natural justice? I never ever wish to be born as a Sri Lankan again. Very sad indeed.

  • chooti putha

    අයියේ මොකද නිකන් බඩ පිපිලා වගේ ඈ? නෑ නෑ එහෙම එකක් නෙමෙයි බන්. අර පතුලේ තිබ්බ ගල… , ඒක මට ගිලුනා, අපේ එවුන්ගේ ගල් පැලෙන කෙබර ඇහිලා; ඒක බඩේදි පිප්..පිපිරුණා..දැන් නිකන් ඔක්කාරෙට එන්න වගෙයි…

  • Pink Panther

    මේ දේවල් වන්නේ මහින්ද මහතාගේ කාලයේ තිබු සැලසුම් හැටියටටි කියන එක පුළුවන් උපරිම විදිහට ප්‍රචාරයක් දෙන්න..
    මොකද ඒකෙන් ඔය කීප දෙනෙක් හෝ සත්‍ය තේරුම් අරන් බොරු විශ්වාස කර තමන් කරපු ගොන් කම ගැන තේරුම් ගනීවි සමහර විට..
    ඒ වගේම මේ දේවල් පෙනවලා “යහපාලන” හොරු ටික ලකුණු දාගන්න හදන එකත් යම් තරමකට වැළකෙයි මේ දේවල් වලට ප්‍රචාරය ලබා දී සාජගත කොලොත්.

  • Pink Panther

    එඩිටර්තුමනි,

    අපි දාන කොමෙන්ට්ස් සොර්ට් වෙන්නේ අන්තිමටම කෙනෙකු දාපු comment එක ඉහලට එන්නද ..
    එහෙම නම් වෙන්නේ මා හිතන්නේ එය කියවා තේරුම් ගැනීමට බාධාවක් කියලා..
    මොකද අපි සමහර විට මුලින් දාපු කොමෙන්ට් වලට අනුව අදහස් දක්වන නිසා (රිප්ලයි නොකර) තේරුම් ගැනීමේ අපහසුවක් වෙන්න පුළුවන් නේද?
    ඒ නිසා මුල් කොමෙන්ට්ස් පළමුවත් අවසානයට දැක්වූ අදහස් පේජ් එකේ පහළටත් තිබෙනවා නම් හොඳයි..
    මෙය මගේ අදහසක් පමණයි..(මට මේ පොස්ට් ඒකට අදාලව කොමෙන්ට් එහෙම පෙනෙන නිස්සයි කිව්වේ )

    • ඔබ කියන දේ ඇත්තක්. එනමුත් නිදහස් දේශපාලන සංවාද සඳහා වෙනම පිටුවක් තබා ගැනීමට බලාපොරොත්තු වෙන නිසා (https://www.mahinda.info/peoples-parliament/) එහි ඉදිරියේ ගොඩක් comment වැටෙද්දී අවසාන comment මුලට තියෙන එක වැදගත් වේවි. එනිසා comment වලට පිළිතුරු දැක්වීමේදී Reply ලෙස පළ කරමු. Reply Button එක Comment එක යටට ගෙනත් තව ටිකක් highlight කරන්නම්.

      • Pink Panther

        එහෙම නම් අපි වෙනත් කෙනෙකුගේ අදහසක් සම්භන්ධ කර ගන්නවා අපේ comment එකකදී (ස්තුති කිර්මකට හෝ ) අපි රිප්ලයි කිරීමක් ලෙස කරන එක තමයි හොඳම .. නැත් නම් පසුව එය කියවන කෙනෙකුට තේරුම් ගැනීමට අපහසුවක් වෙන්න පුළුවන්..

        හැබැයි මගේ නම් comments අනුමත කිරීමේන් පසුව පලකිරීමේ අදහස ගැන නම් විරෝධයක් නෑ..
        අලුතින් comment කරන අයගේ ඒවා නම් අනුමත කිරමක් අත්‍යාවශ්‍යයි සහ අනවශ්‍ය comment පලනොකර සිටිය යුතුයි කියලයි මගේ පෞද්ගලික අදහස.. (යහපාලන මාධ්‍ය නිදහසත් එහෙමයිනේ 😉 )..
        නැත නම් මේකටත් රිංගන්න බලාගෙන ඇති අර රනිල්-මංගල මඩ කල්ලියේ සාමාජිකයෝ ටික.

        මේ සයිට් එක වෙනුවෙන් කරන මහන්සියට සහ කැපවීමට ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි……

Leave a Reply