මහින්ද මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කීම සම්පූර්ණ අසත්‍යයකි.

එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර ජනමාධ්‍ය සහ අන්තර්ජාල වෙබ අඩවි මගින් මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවට පළ කර ඇති පුවත සම්පූර්ණ බොරුවක් බව මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා කර තිබේ. එවැන්නක් සඳහා එතුමා හෝ එතුමාට හිතවත් කිසිවෙක් කතා කර හෝ නොමැත.

මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම යාමක් සිදුකරන බවට ජනවාරි 8 වෙනිදා සිටම එක්සත් ජාතික පක්ෂයට අයත් සමහර මාධ්‍ය පළ කළ අතර ඒවාද මේ වන විට පට්ට පල් බොරු බවට පත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන පසුගිය කාලයේ තොරක් නැති චෝදනා එනම් හෙලිකොප්ටර් 6, බකින්හැම් අශ්වයින්, ලැම්බෝගිණි, ආරුගම්බේ බකින්හැම් මාලිගාව, ඇමරිකන් මාලිගාව, කොමිස්/මෙගා ඩීල්, හමුදා කුමන්ත්‍රණ, හම්බන්තොට වරාය, මත්තල, අභිරහස් ගුවන් යානය, කෑම බිල, ආයුධ නැව, KP, එතනෝල්, කුඩුකොටින්ට මුදල් දුන්නා කීමවාහන 1600 ය, ටොන් 310 ක රත්තරං, නිධන් හෑරීම, ආදී මඩ සිය ගණනක් එල්ල කළ අතර ඒ සියල්ලම මේ වන විට බොරු බවට පත් විය.

කුරුණෑගල ජනතාව 423,529 ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය වන 83.32% වාර්තා කළේ එතුමාට විශ්‍රාම යාමට නොවේ. ඒ අනුව ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ට සහ තමන් වෙනුවෙන් පක්ෂයට ඡන්දය ලබා දුන් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියි.

අලුත් ආණ්ඩුවක් පත් වූ ගමන්ම කකුලෙන් ඇදීම නුසුදුසු නිසා ඔවුන් ගැන සාධාරණ විවේචන සහිතව වගකීම් සහගතව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වෙයි. එසේම එජාපයෙන් රටට අත් වුණ ඉරණම වටහා ගැනීමටත් පාවෙන ඡන්ද දායකයාට යම් කාලයක් අවශ්‍ය වී තිබේ.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්ද මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කීම සම්පූර්ණ අසත්‍යයකි.

  • Dinuu

    කලගුණ දත් ලක් වැසි ජන හද තුලින…
    ඔබ වෙනුවෙන්ම හැමදාමත් පුබුදු වෙන…
    සුවඳැති මල් ගොමුවෙන් මල් මිටක් ගෙන…
    ඔබ වෙත එවමි කවියක ලියැවී මෙදින…!

    යුද ගිනි නිවා සුවපත් කල අප්පච්චී…
    රටටම සැනසීම ගෙන දුන් අප්පච්චී…
    කළගුණ දන්න අප ඔබටයි අප්පච්චී…
    හැමදා සුවෙන් වැජඹේවා අප්පච්චී…!

    පිලිගනු මැනවි බැති පුද අප වෙතින් එන…
    අප හදගැස්ම ඔබමය අප රටෙහි පණ…
    කදුලැල් ලේ මතින් දිනු අප රටට වින…
    කරනා දුදන මැඬගෙන යලි වඩිනු මැන…!

    අබිමන් මෙලෙස මුලු රටකින් ලබන්නට…
    පෙර පින් ඔබට තිබු බව නිසැකයි මෙමට…
    මැතිඳුන් නමට බැති පුද දෙමි හැම කලට…
    නිරිඳුන් ඔබයි සදහට මේ ලක් බිමට…!

    හැරදා නොයමු අප්පච්චී ඔබ කිසිදා…
    පෙරදා රටට කල හැම මතකයේ රඳා…
    මතුදා ඔබව සුරකිමු අප දිවිය පුදා…
    නිබඳා පතමු ජයශ්‍රී වාසනා සදා…!

  • Ajith

    This is all UNP dirty politics.

  • Pink Panther

    විශ්‍රාම ගැනීම එතුමාගේ කැමැත්ත අනුව සිදු විය යුතු දෙයක්..එතුමා එයට කැමති නම් අපි එය පිලි ගත යුතුයි. නමුත් සියලුම මහින්ද විරෝදින්ට අවශ්‍ය එතුමාව ඉවත් කිරීම ඒක චන්දෙට කලිනුත් එහෙමයි පසුවත් එහෙමයි..
    මගේ පෞද්ගලික අදහස නම් එතුමා ජනතාව අතර සිටීම තමයි එතුමාට තිබෙන එකම ආරක්ෂාව මේ මොහොතේ..
    එතුමාගෙන් ජනතාව ඈත් නොවීම නිසා තමයි මොවුන්ට එතුමාට විරුද්ධව ඕනෑම දෙයක් හිතුමතේට කරන්න බැරි වෙලා තිබෙන්නේ..
    එතුමාව ජනතාවගෙන් ඈත් කිරීමට නායකයකු ලෙස තිබෙන පිලි ගැනීම නැති කරන්න සියලුම දහන් ගැට ගහන්නේ ඒකයි කිසිම ලැජ්ජාවක් නැතුව..
    එහෙම ජනතාවගේ කැමැත්ත අවධානය අඩු උනාම එතුමාට ඕනම දඬුවමක් කරන්න අනිත් අයට ඕන විදිහට චෝදනා විභාග කරන්න කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල රනිල්ලා සිරිසේනලා දන්නවා..

    ඒ අතරම එතුමා දිගටම ඉන්නවා නම් දේශපාලනයේ එතුමා නිවැරදිව නියම වෙලාවට ක්‍රියාත්මක වීමට අවශ්‍ය සැලසුම් සකස් කර උපාය මාර්ගිකව කටයුතු කල යුතුයි..
    එහෙම නැති උනොත් වෙන්නේ සිරිසේන යටතේ ඉන්න තවත් එක පක්ෂ සාමාජිකයෙක් විදිහට එතුමාව තවත් විකුනං කන අතරේ, එතුමාගේ ජනප්‍රසාදය මංකොල්ල කන අතරේ එතුමාට පහර ගහයි,අවමන් කරයි., පලි ගැනීම කරයි. …
    ඒ නිසා ඉදිරියේදී දේශපාලනයේ ඉන්නවා නම් නිවැරදි තීරණ සහිතව නිවැරදි කණ්ඩායමක් සමග නායකයකු ලෙස එතුමා ඉන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික අදහස..
    ජනතාවගේ තිබෙන බලය එතුමා වටේ දිගටම තිබීම අත්‍යවශයි එතුමාගේ ආරක්ෂාවට..

  • Sitharan

    Moderator, could you inform us why they continue with this type of gossip machine? Is there some issue?

    • I don’t know exactly. But they want to erase the image of Hon. Mahinda Rajapaksa from the history to keep their politics more stronger.

      • Sitharan

        It’s very likely that they are afraid of a public backblow. Judging by their attempts to threaten those who speak it is an explanation. It is well known how he is so influential to raise sentiments. By imagining that he is not there they are hoping to make their antics work.

  • UNP goons are trying all dirty tricks under the sun to erase the image of our President Mahinda Rajapaksa.
    UNP’s TNL channel is disgusting to watch.

  • Pink Panther

    මම නම් හිතන්නේ එතුමාට එරෙහිව මඩ ව්‍යාපාරය ගෙන යන හේතුව නම් පැහැදිලිවම තමන්ගේ අනාගත බලය රැක ගැනීම තමයි.
    මොකද ඔය සියලු දෙනාවම අද සංසන්දනය වන්නේ “මහින්ද රාජපක්ෂ” සමගයි මොකද ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච දේශපාලකයන් අතරින් මේ වෙද්දී ඉහලින්ම ජනතාව අතර සිටියේ එතුමා..
    අනාගතයේදීත් දැන් ඉන්න පාලකයෝ සංසදනය වෙන්නේ එතුමාගේ අතීත වැඩ කටයුතුත් එක්කයි.
    එනිසා එතුමාගේ ජනප්‍රසාදය නැති කිරීම සහ තවමත් එතුමා දේශපාලනයේ ඉන්න නිසා එතුමා වටේ නායකයත්වය බලාගෙන පිරිසක් එකතුවීම වලක්වීමයි මේ වගේ ප්‍රචාර වල අදහස.

    එතුමාගේ ගෞරවයට හේතු උන ප්‍රධාන කරුණු කීපයක් ගැන හිතමු..

    යුද්ධය නිම කිරීම: මේහි ගෞරවය නැති කිරමට “යුධ අපරාධ” චෝදනා නගන්න ඕනේ , නමුත් ජනතාව අතර පිළිගැනීමක් තිබීමෙන් අපේ රටේඒක කරන්න බාධාවක්… ඒ නිසා එතුමාව සාමාන්‍ය කෙනෙක් බවට පත්කිරීමට ජනතා කැමැත්ත ඉවත් කරන්න ඕනේ.

    රටේ කලින් නොතිබුණු සංවර්ධනයක් ඇති කිරීම : මේකට විරුද්ධව හොඳම දෙය තමයි අපරාධ,වංචා දුෂණ චෝදනා නැගීම, කරපු දේවල් නිෂ්පල බව පෙන්වීම (මත්තල වී දැම්මේ ඒකට ), එතනදිත් එතුමාගේ ගෞරවය නැති කරන්න එතුමා මිනිසුන් අතර සිටීම බාධාවක් බව ඔවුන් දන්නවා..

    මෙතෙක් සිටි ශක්තිමත්ම ජාතික නායකයා : මේ හේතුව නිසා තමයි බටහිර රටවල් මහින්ද මහතාට විරුද්ධ (යුද්ධයේදී අපට විරුද්ධව ඔවුන් කරපු බලපෑම පල රහිත වීම නිසා හා රූකඩයක් නොවීම නිසා )
    මේ මතය බිදින්නට තමයි එතුමාගේ විදේශ ප්‍රතිපත්තියට බනින්නේ,ලංකාව අමෙරිකාවට,බටහිරට විරුද්ධ නොවී ඔවුන් කියන දෙය කලාම අපිට වාසි වෙනවා කියල අද පෙන්වන්න හදන්නේ.

    ඉතින් ඔය හැම දෙයක්ම කරන්න එතුමාව ඉස්සෙල්ලම ජනතාව අතර පිළිගැනීමක් නැති, අවලංගු නායකයෙක් කරන්න ඕනේ..
    දැන් ටික ටික ඔවුන් එය කරනවා ..

Leave a Reply