මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජාතීන් ඇමතූ හැටි…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පැවැත්වෙන මේ දින වල ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ආරම්භ වී තිබේ. පහත දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ආකාරයයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

18 comments to මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජාතීන් ඇමතූ හැටි…

  • A real statesman whom we like to see as our President of Sri Lanka. Living Hero and we love him very much. The most Charismatic leader we ever had.Theruwan Saranai.May Lord Buddha protect him and his family from all evils and evil individuals.

  • මොංගල් සමරේ

    8 පාස් ග්රමයා සිංහලෙන් එක්සත් ජාතින් අමතනවා ඒකත් ලෙඩෙක් වගේ ඒ වගේද මහින්ද මහතා ගේ කතාව

  • මොංගල් සමරේ

    සිරිසීන මාමා විනාඩි එක්සත් ජාතීන්ගේ කතාව අවසන් විය මයිත්‍රී නිකන් බය වෙලා වගේ හරිනේ ඔබාමා ෂි ජින්පින් කැමරන් ඇන්ජෙලා merkal පුටින් වගේ ය ඉස්ස්සරහ ග්‍රාමසේවක ගොනෙක් ගියහම බයවෙනවා තමා එත් 2014 මහින්ද මහතා සින්හයවගේ ගිහින් හොද දුන් කනේ පාරකුත් දීලා ආව පට්ටයි ඈ යේ කවදා දකින්නද ඒ වගේ එඩිතර නායකයෙක්

  • It is my pleasure for the excellent speech delivered by our former President Mahinda Rajapaksha in UN Conference at his time. His every word came from purely from his heart and he wasn’t relying on a writen paper in frount of him because he knew what he did and what he was planning to do for the future of our beautiful country. And audience were listened and maintained the silence required to his speech with respect at all times. Our current President Sirisena’s speech at UN Conference 2015 delivered by our mother language, which was good but he couldn’t take off his eyes away from the papers infront of him. Just in case for some reason those paoers were blew away,our President My3pala will end up speechless,lucky that didn’t happen. It showed that he wasn’t well prepared or he did not have proper idea what will be the plan for our country. And also he did not have ability to control audience by his speech as Mahinda Rajapaksha did. And also they were out of control and most of them had their own discussions, instead of listening to My3’s speech. That was embarrassing and seems like he did not have ability to get proper attention from other leaders towards his poor presentation.

  • May all devas protect our ‘one and only’ leader President Mahinda Rajapaksa. He is our one and only brave leader who did not bow down his head to goons of the west saying “yes sir, yes sir three bags full, one for my master (U.S), one for my damn…ooops..one for my dame (U.K) and one for the sneaky boy..ooops…one for the little boy who lives across the ‘strait’ (India).
    Sirisena looks a coward and shows that he has no confidence in himself when he delivers that ‘slury’ speech at The U.N.
    Also, we do not see any Rajapaksa sons behind the Sri Lanka President’s seat at The U.N in 2014. How come that the son of Sirisena got the nerve to go and sit with the SL delegates? He is not a politician or anything at all, and he does not qualify to be there….but now ‘they’ say “ammata yannda beri hinda mama giya”.
    (Aiyo paw ane….maybe he was scared to stay in the posh hotel without his darling papa..hic hic)

  • Dinuu

    අපේ සදාදරණීය මහින්ද රාජපක්ස මැතිඳුන් වැනි අභීත තේජවන්ත නායකයකු තව වසර 1000 කටවත් මේ සිරි ලක බිහි නොවේ! ලංකා ඉතිහාසයේ රන් අකුරින් නම ලියැවෙන මහා යුග පුරුෂයකු වන එතුමා මව්බිමට කල උදාර සේවය හෘද සාක්ශියක් ඇති හැම ශ්‍රී ලාංකිකයෙකුම කෘතඥ පූර්වකව සිහිපත් කරයි!

    • sayumi

      මෙන්න අපේ මව් බිම නියෝජනය කරන තේජාන්විත සින්හ නාදය ! එඩිටර් තුමාට බෙහෙවින්ම ස්තුතියි මේ කතාව මේ වෙලාවේ පළ කළාට.
      සින්හ නාද කරනවයි කියලා හිතා ගෙන කැණහිල්ලු හූ තියනකොට, කේසර සින්හයෝ ලැජ්ජාවේ නිහඬ වෙනවලු.(අපේ බුදුන් වහන්සේ බෝධිසත්ව කාලයේ කැලයක සින්හයන්ගේ රජු වෙලා, තමන්ගේ පිරිසත් එක්ක දවසක් සින්හ නාද කරමින් ඉන්න වෙලාවේ ; ලඟක හිටිය මේක ඇහුන කැණහිලෙක් මාත් හිතුවොත් මොකද බැරි කියලා හිතලා; සින්හ නාද කරන්න හිතා ගෙන යටි ගිරියෙන් හූ…ඌ..ඌ…. කියන්න ගත්තලු! මේක ඇහුන සින්හයෝ විලි ලැජ්ජ වෙලා කට පියා ගෙන නිහඬ උනාලු. -දද්දර ජාතකය) තමන්ගේ ‘සින්හ නාදය’ ගැන ආඩම්බර වුන නරියා සතුටෙන් ගෙදර ගියාලු!

      හිතවත් පවර් හා දිනූ, සමා වෙන්න ඕනේ, කාලෙකින් නාව නිසා යුතුකමක් පැහැර හැරියා වගේ දැනෙන්නේ, වැඩ වැඩි හා අසනීප උන නිසා හරියට ලිපි කියවන්න බැරි වූ නිසයි කමෙන්ට්ස් දැම්මේ නැත්තේ. අපේ රට වෙනුවෙන් හිතවතාත් ‘රස කවි’ සමගින් ඉක්මණින්ම ආපසු ඒවීයි හිතනවා. රටේ යහපත වෙනුවෙන් තිර අදිටනින් යුතුව නොවෙනස්ව පෙනී සිටින ඔබ සැමගේ යහපත් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

  • Pink Panther

    මේ වගේ රූකඩ කතා කරාට වැඩක් තියෙනවද..
    ඔය වෙලාවත් ඇමරිකාවට හරි ඉන්දියාවට හරි වෙන බටහිර රටකට දුන්න නම් ඉවරයි..
    මොකද මුන් කියන්නෙත් උන් කියන දේම තමයි.. එකත් උන්ට ඕන විදිහටම කියන්නේ..
    තමන්ගේ රට වෙනුවෙන් තීරණයක් ගන්න බැරි දේශද්‍රෝහී ගැති අව්ස්තාවදියෝ රටේ නායකකමට පත් උනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    මේ වගේ එවුන්ව බිහි කරන්නේ බටහිර රටවලට ඕනේ විදිහට නටවන්න තමයි..
    පඹයෝ!

  • Power

    වැඩ වැඩි උනාම-ලෙඩ වැඩි වෙනවා
    ලෙඩ වැඩි උනාම-වැඩ අඩු වෙනවා

    අපේ ආදරණීය Sayumi,

    ලෙඩ වුණා නේද..? මේ දවස් වල වැස්ස එහෙමත් තියනවනේ..ඔන්න මටත් සමාවෙන්ඩ.ඔබේ කොමෙන්ටුව දැක්කෙ පරක්කු වෙලා.ජාතක කතා ගැනත් පට්ට දැනුමක්නෙ තියෙන්න‍ෙ.”පොරියක්ම” තමා. මුල් අවධියේ සිට ම මෙහි අපගේ මිතුරිය වූ ඔබ නැවත මෙහි පැමිණීම අප සැමට මහත් ශක්තියක් හා සතුටකි.අපේ Rata Wenuwen මිත්‍රයත් කාලෙකින් දැක්කෙ නෑ.ඔහුත් ලඟදිම නැවතත් මෙහි පැමිණේවි කියා හිතනවා.

    ඔබගේ ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි!
    සුබ අනාගතයක්…

    • sayumi

      හිතවත් සොයුරු පවර්, දැන් තමයි ඔබේ කමෙන්ටුව හරියට කියවන්න ඉඩ ලැබුනේ.අනේ ජාතක කතා පොතේ සින්හල විස්තරය බලලා ලිව්වා ඇරෙන්න වෙන දැනුමක් නම් නෑ. අපේ රටට මේ අත්විඳින්න ලැබුන ඛේද ජනක තත්වය නිසා ඇති උන කල කිරීම නිසාම මට හිතුනා පොඩ්ඩක් ඈත අතීතයට ගිහින් හොයලා බලන්න; මීට පෙරත් මේ වගේ අත්දැකීම් තියෙනවද කියලා දැන ගන්න. හරිම පුදුමයි මගේ වාසනාවට පොත් ප්‍රදර්ශනයේදි මන් සෙවූ ඒ තොරතුරු තියෙන වටිනා පොතක් මට ලැබුනා ; ඒ තමයි ආචාර්‍ය සූරිය ගුණතිලක මැතිඳුන්ගේ ‘ලන්කා ඉතිහාසයේ හෙළ යුගය’ කියන පොත.(අපේ ගෙවිඳු කුමාරතුන්ගයන්ගේ ‘විසිදුනු’ ප්‍රකාශනයක්)
      අද අපේ නායකයෝ කියා ගන්නා පඹයන් දෙපතුල් ලෙව කමින් පස්සෙන් දුවන හඩු සුද්දන් විලි වහ ගන්න අමුඩ කෙටියක්වත් නැතුව කැලෑ වල දුවද්දි (සමහර විට ඉන්නත් නැතුව ඇති ); අපේ වීර හෙල මහ රජ වරුන් ලෝකයේ අදටත් ඉතා දියුනු ලෙස පිලි ගැනෙන ‘ඉන්කා’ ‘මායා’ ‘බැබිලෝනියානු’ ආදි ඉපැරණි ශිෂ්ඨචාරයන් බිහි කල හැටි; ඉතා දියුණු යානා වල නැගී අභ්‍යවකාශය තරණය කල හැටි;
      මගේ රටේ බලවත් නායකයෙක් බිහිවන හැම විටම වාගේ එය නුරුස්සන අපේ අසල්වැසි නෑයා ලෙසින් පෙනී සිටින ‘වේයා’ අද වගේම එදත් යටි කූට්ටු උගුල් අටවා ( හොරා, සල්ලාලයා, දුෂ්ඨයා වැනි මඩ ගසා කතා හැදූ හැටි ) ඒ නායකයින් බලයෙන් පහ කල හැටි; ඒ විතරක්ද
      සුද්දන් ලියූ අපේ ඉතිහාසය වෙනස් කිරීමට ඇති මැලිකම නිසා (සුද්දන්ගේ ටයි කෝට් ඇඳ ගත්) සමහර අපේ පුරා විද්‍යා මහාචාරියෝ අපේ සෙල් ලිපි ගණනාවක් හිතාමතා වෙනස් කර කියවා ඇති සැටි; ඒ මගින් මෙරට විසූ ධාර්මික රාවණා මහ රජ පිලිබඳ වටිනා තොරතුරු වසන් කර ඇති සැටි;
      හා තවත් වටිනා තොරතුරු රැසක් මේ පොතේ ඇතුලත්. හැකි නම් සොයා ගෙන කියවන්න. අපේ දිනූ ඇතුලු රටට ආදරේ හිතවතුන් සැමට හෙල අභිමානය දනවන මහඟු අත්දැකීමක් වේවි.
      අපේ අප්පච්චිත් මේ අභිමානවත් හෙල රජ පරපුරේ වත්මන් විරුවා බව හොඳින් දැනුනම හැමෝගෙම හිතේ තියෙන කල කිරීම නැති වේවි. සැමට සුභ පැතුම්! ජය වේවා!

      • Dinuu

        දයාබර හිතවතුන් වන සයුමි සහ පවර් වෙත, අභිමානවත් හෙළ පරපුර ගැන සයුමි ඔබ හා පහතින් අපේ මිතුරු පවර් ලියූ තොරතුරු හරිම ආසාවෙන් කියෙව්වා. ඔබ කියූ පොත ඉක්මනින් සොය ගන්න ඕනේ. ස්තුතියි පොත ගැන ආරංචියට. මෙවැනි වැදගත් තොරතුරු ඉදිරියටත් ඔබ දෙන්නාත් අනිත් හිතවතුන් ද හුවමාරු කර ගනිමින් අපේ සදාදරණීය මහින්ද මැතිදුන් ආරක්ශා කරගැනීමේ වැඩ පිලිවෙලට ශක්තියක් සහ ධෛර්‍යයක් වෙමින් මෙම වෙබ් අඩවිය සජීවී කරගනිමු එඩිටර් තුමා නැවත හැකි ඉක්මනින් එන බවට ස්තීර බලාපොරොත්තුවෙන්. එතෙක් වෙබ් අඩවිය අප්ඩේට් කරන එඩිටර් තුමාගේ මිතුරාට ගොඩක් ස්තුතියි!

  • Piyaseeli Senanayake

    Those were the days my friend that we were proud to call ourselves Sri Lankans.

  • Power

    අපේ ආදරණීය Sayumi සොයුරිය,

    ඔබගේ කමෙන්ටුව දැක්ක මොහොත් පුදුම සතුටක් ඇතිවුණේ..මන්ද මමත් අපේ හෙළදිව රාවණා රජතුමා පිළිබදව හා හෙළයන්ගෙ විස්තර සෙවීමට පුදුම අසාවකින් පෙළෙන කෙනෙකි.මට ඉතින් කාල කළමනාකරණය හා කාර්යබහුලත්වය තමයි තියන ප්‍රශ්නය එවැනි අපේ වීර වික්‍රමාන්විත දේශමාමක හෙළයන්ගේ විස්තර තව තවත් සොයා යාමට.එහෙත් ඔබතුමිය සදහන් කර තිබෙන “ලංකා ඉතිහාසයේ හෙළ යුගය” නැමැති කෘතිය ඉඩක් ලැබුණු සැනින් එසැනින් ම මා සොයාගෙන අනිවාර්යයෙන් ම කියවා බලන්නම්.

    ඔබ කියන කතාව ඇත්ත..සයුමි, අපේ අසල්වැසි නෑය කියන වේයා. රාවණා යනු මහා දුෂ්ඨ චරිතයක් බවත් පත් කරමින් ඔවුන්ගෙ විවිධ ග්‍රන්ථයන් හි එතුමා පිළිබඳව අප සමාජයේ සෘණාත්මක අදහස් මතුවන අයුරින් හිතා මතා ම කරණු දක්වා තිබීමම මහා අභාග්‍යයකි.ඒ වගේම ලංකා ඉතිහාස කතා වලිනුත් හෙළයන් පැවතෙන්නෙ විජය නැමැති ආර්යය කොට්ඨාසයෙන් බවට විවිධ මුලාශ වලින් අපේ මිනිසුන් විසින් ම සමාජයට කා වද්දා ඇත.එහෙත් එය එසේ නොවේ.හෙළයන් යනු වර්තමාන සිංහලයා මිසක් අර අසල්වැසි වේයා වුණු රටෙන් පැමිණි විජය නැමැති ආර්යය කොට්ඨාශයෙන් බිහි වූ ජාතියක් නොවේ. මන්ද එදා විජය මෙරටට පැමිණෙන මොහොතේ මෙරට ආර්යයන් නොවන යක්ෂ ගෝත්‍ර පරම්පරාවක් මෙරට විසූ බව සක්ෂි සාධක ඔප්පු වී ඇත.එසේ නම් හෙළයන් වූ අප පැවත එන්නෙ එසේ පැමිණ වේයාගෙන් නොව වේයා මෙරටට පැමිණීමට ප්‍රථමව මෙරට විසූ රාවණා රජතුමා ප්‍රමුඛ ව ලොවක් මවිත කරා වූ කියන දැවැන්ත අභිමානවත් පරම්පාරාවකනි.එසේ තිබියදීත් රාවණා ඉතිහාසයට අපහාස කරමින් අප රටේ ම පරගැති වාදීන් එදත් අදත් හිතා මතා ම කරන්නෙ අප හෙළබිම,හෙළබිමේ උරුමය ඉතා අභාග්‍යයසම්පන්න ලෙස කෙළෙසා දැමීමයි සයුමි සොයුරිය.

    ඒ වගේ ම යසුමි අපේ වෙදකම වී ඇත්තෙ “හෙළ වෙදකම” නැමැති වෙදකම් ශ්‍රාස්ත්‍රයයි.එය වළ දැමීම සඳහා වේයන් විසින් ආයුර්වේද වෙදකම මෙරටට හඳුන්වා දී ඇති බව රාවණා රජතුමා පිළිබඳ විස්තර සොයා යෑමේදී මා දුටු තවත් දෙයක්.එදා එතුමාගේ වෙදකම වී තිබෙන්නෙත් “හෙළ වෙදකම” විශ්වයේ පවතින ශක්ති ප්‍රභවයන් ලබා ගනිමින් හා අප මාතෘ භූමියේ පවතින විවිධ වූ ශාකයන්ගෙන් ලබා ගන්නා වටිනා බෙහෙත් වට්ටොරු මුසු කරමින් කර වූ මහානුසම්පන්න වෙදකමක් බව සැබෑ ඉතිහාසගත මුලාශ වල තිබෙන තවත් දෙයක්.අදටත් එතුමාගේ එම “හෙළ වෙදකම” නැමැති මහා අනූභාව සම්පන්න ශ්‍රාස්ත්‍රය ප්‍රගුණ කරමින් එම වෙදකම ඉදිරියට කරගෙන සැබෑම හෙළයන් කිහිප දෙනෙකුත් අප මාතෘ භූමියේ වර්තමනයේ යම් යම් ස්ථාන වල සිටින බවත් යම් යම් තොරතුරු මත මා දුටු සත්‍යයකි.

    ඒ වගේම සයුමි සොයුරියනි.., අපිට අපේ ම කිව හැකි අභිමානවත් සටන් කලාවකුත් තිබිලා තියනවා .(අදත් යම් යම් ස්ථාන වල එය පවත්වාගෙන යන බව දක්නට ලැබෙනවා) අද වගේ විවිධ වූ නානාවිද උපකරණ නොව ව විවිධ වූ කඩු කිනිසි ඇතුලු තවත් ආවේනික රහස්‍ය අවි ආයුධ හා විශ්වයේ පවතින යම් යමි බලගතු ශක්ති ප්‍රභවයන් හා ආගමිකත්වය මුල් තැනට තබා එදා රාවණා රජ දවස දක්වා දිව යන අපේ හෙළයන්ගේ සටන් කලාවක් වෙතොත් එය “අංගම්පොර” නැමැති අති පුදුම සහගත සටන් කලාව පමණයි.මා ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මහා පුදුම සහගත දෙයක් හමුවුණා. එය නම් එම අංගම් සටන් කලාව ප්‍රගුණ කර වූ රණකාමියෙකුට ඔහුගේ ජීවිතයට අනතුරක් නොවී එක විට ඔහු වෙත එන සතුරන් සිය දෙනෙකුට උවත් පහර දී බිම හෙළීමේ හැකියාවයි.ඒ වගේ ම සතුරාගේ ශරීරයේ විවිධ නිල වලට පහර දී මරණයට පත් කිරීම හෝ වෙනත් අබාධිත තත්ත්වයන්ට පත් කිරීමට හැකි පුදුම සහගත සටන් කලාවක් බව මා සොයා බැලූ සටහන් වල මා දුටු සත්යියක්. ඒ ආකාරයෙන් ම එමා සටන් කලාව මෙරට අප දන්නා ප්‍රසිද්ධ ඉතිහාසයේ සතුරන් විනාශ කරමින් රටදැය එක්සේසත් කරවූ රජවරුන් හා පෘතුගීසී වැනි අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලී ජාතීන් ට පහර දී විනාශ කිරීම සඳහාත් යොදාගත් බව ඉතිහාසාත්මක සාධව වලින් මට තව තවත් තහවුරු වූ කරුණකි.

    ඉතින් බලන්ඩ සයුමි සොයුරිය අද තත්ත්වය..අපේ හෙළයන්ගෙ හෙළ භූමිය මේ උදාරතර භූමියේ වටිනාකත නොහදුනන වෙනත් රට වලට ගැතිකම් කිරීමට ආත්මීය වශයෙන් පැවත එන කණ්ඩායම ම අදත් ඒ දේම කරමින් අපේ සුජාත මාතෘ භූමියට විනාශ කිරීමට කැස කවන ආකාරය,මුදලට පාවා දීමට කටයුතු ආකාරය..මේක අපේ හෙළබිම..හෙළයන්ගේ සුජාත මවුපොළව.

    සයුමි සොයුරිය මම රාවණා රජතුමා පිළිබඳව හා අපේ හෙළබිමේ ඉතිහාසය පිළිබඳ මා සොයා දැන ගත් සුලු කරුණු කහිපයක් මෙසේ සටහන් කරේ ඔබ අප හෙළබිම ගැන සදහන් කරමින් කතා කරපු සතුට වෙනුවෙන්මයි.

    හෙළබිම රැකේවා..! වීර වික්‍රමාන්විත හෙළයන්ට..ජයවේවා.! අපේ සැබෑ ම හෙළයෙක් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ජයවේවා..!

    • Dinuu

      “පලමුවත් මව්බිම..දෙවනුවත් මව්බිම…තෙවනුවත් මව්බිම” කියූ අපේ සදාදරණීය අභීත නායකයා…හෙළබිමේ සාඩම්බර භාරකරු….අපේ “අප්පච්චී” ට ජයවේවා!
      එතුමා රැකගන්න, විරුවන් රැකගන්න, මව්බිම වෙනුවෙන් ඉදිරියට එන සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!

    • sayumi

      අප හිතවත් ප්‍රිය පවර් සොයුරා හා දිනූ සොයුරිය,
      හෙළ ඉතිහාසය ගැන ඔබ දෙපලගේ කමෙන්ටු දැක මා හරිම සතුටට හා පුදුමයට පත් උනා, අපේ අදහස් වල සමානත්වය දැකලා. අපගේ හෙළ වෙදකම හා අන්ගම් සටන් ගැන දැනුවත් කලාට බෙහෙවින් තුති. පවර් සොයුරාට ‘රාවණා මහ රජු ‘ගේ තොරතුරු ගැන ඇති ආසාව නිසාත්;ලොව දියුණුම රටවල් ඇමරිකාව හා යුරෝපා රටවල් යයි තාම සිතන අයගේ දැනගැනීම සඳහාත් ආචාර්‍ය සූරිය ගුණසේකර මැතිඳුන්ගේ ‘ලන්කා ඉතිහාසයේ හෙළ යුගය’ නම් ඒ වටිනා පොතෙන් තව කරුණු ස්වල්පයක් ලියන්න හිතුණා.

      ‘1970න් පසුව එක්සත් ජනපදයේ,ජර්මනියේ,එන්ගලන්තයේ හා ඉන්දියාවේ මානව විද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ …අසුරයන් යනු හෙළය මුල් කරගත් සන්ස්කෘතික අධිරාජ්‍යයක් බවද ලොව මුල්ම අධිරාජ්‍යය එය බවද සොයා ගත්හ’.

      ‘ගුවන් යානා නිමැවුමේ මූලිකයන් හෙළයන් බවට දඬු මොණරය හැරුනු විට සාක්ෂි බොහෝය’…’ඉපැරණි හෙළ යුගයේ තිබූ ආකාරයේ මර්කරි වෝටෙක්ස් එන්ජිමක් (රසදියෙන් කරකැවෙන පෙති සහිත )යෙදූ ගුවන් යානයක් එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් සාර්ථකව අත්හදා බලා තිබේ’…’හෙළ ගුවන් යානා(විමාන ) වර්ග 4කි. ඉන් තට්ටු 3ක් ඇති ත්‍රිපුර යානය :- 1 තට්ටුව-පොලොව දිගේ, 2.දිය මත හා දිය යටින්ද 3 තට්ටුව අහසේ පියාසර කිරීමද කල හැකිය….’
      ‘මගීන් 450ක් රැගෙන යා හැකි ත්‍රිපුර නැමැති ගුවන් යානය සැදීමේ තාක්ෂණය අද එක්සත් ජනපදය දනී…’ ‘හනුමා දුටු පුෂ්පක යානයේ ආසන 200 තිබූ බවත්,…මුලුතැන් ගෙයක් හා වැසිකිලි..ද වූ බවත් රාමායණයේ පැවසේ..’

      විභීෂණ, කුම්භකර්ණ හා කුවේර යන රාවණ මහ රජුගේ සොයුරන් 3දෙනා මෙන්ම පියාණන් වන විශ්‍රවස්ගේ පටන් 8 වන පරම්පරාව වන ප්‍රාදේශීය නායක තිරිපලහ දක්වා නම් සහිතව සෙල්ලිපි වල දැක්වේ.

      ‘ජනමාධ්‍ය විසින්ද ලෝක ප්‍රවුර්ති අතුරින් අපගේ උරුමය ගැන කියවෙන පුවත් ලන්කාවේදී ප්‍රකාශ කෙරී නැති නිසා; මෙරට දෙමළ ‘ඊලාම්වාදීන්’පමණක් මේ සියල්ලෙන් පූර්ණ ප්‍රයෝජන ලබා ඇත. වසර 3000ක් පැරණි බව කියන දෙමළ සාම්ප්‍රදායික නිජ බිම ලෙස ඔවුන් වැරදියට විස්තර කරන්නේ හෙළ අසුර අධිරාජ්‍යයයි.’
      හෙළ = යක්ෂ + රාක්ෂ + නාග + දේව
      (යකඩ හා කර්මාන්ත + ගොවියන්+ නැවියන්+ පාලකයින්)
      කරුවන්)

      • sayumi

        දයාබර පවර් හා දිනූ,
        ඇති යාන්තම් දැන් අපි ආයිත් සතුටින්, පහුගිය ටිකේ කලබලය නිසා, මා ඔබ දෙපලට විෂේශයෙන් එවූ රාවණා රජු ගැන හා හෙළයේ තවත් තොරතුරු ටිකක් ඇති මේ ඉහත කමෙන්ටුව දෙදෙනාටම මග හැරුනාද සැකයි. එහෙම නම් අනේ ඒක කියවන්න, නැත්නම් මගේ මහන්සිය අපතේ.

  • Dinuu

    හිතාදර සයුමි, ඔබට හද පිරි තුති! ඔබේ වටිනා කාලය චුට්ටක්වත් අපතේ ගියේ නැහැ. මා කවදත් හෙළයේ විස්මිත තොරතුරු වලින් මහත් අභිමානයට පත් වන කෙනෙක් .රාවණා රජු ගේ මා නොදන්නා තොරතුරු හැමවිටම දැනගන්න කවදත් මා උනන්දුයි. ඒවා අන් අයට දායාද කරන්නත් ඔබ මෙන් චුට්ටක්වත් පසුබට නොවෙන කෙනෙක්. ඉතින් ඔබගේත් පවර් ගේත් වටිනා සංවාදයෙන් පසු මා තව ඒ පිලිබඳ තොරතුරු පිරික්සීමට පටන් ගත්තා. වටිනා දෙයට කවදා හෝ ඉඩක් ලැබෙනවා. අපේ සදාදරණීය මහින්ද මැතිඳුන් මඩින් පිපුන “සුදු නෙලුම” මෙන් පිවිතුරුව සුවදින් බැබලෙන්නාක් මෙන්!

    ගුණ සුවඳින් වැඩි වෙවී එතුමා ගේ අගය අදටත් වඩා හෙට දිනට මේ රටට දැනෙන්නත් එතුමාගේ නම අනාගතයේ තව තව බැබලෙන දිනයකුත් උදාවෙනවා වෙනවා සහතිකයි!

Leave a Reply