Mahinda Rajapaksa: මොබිටෙල් මගින් Mahinda.info වරින් වර තහනම් කිරීම.

Sunday, September 13, 2015

මොබිටෙල් මගින් Mahinda.info වරින් වර තහනම් කිරීම.

රජයට අයත් මොබිටෙල් සමාගම විසින් Mahinda.info වෙබ් අඩවිය කලින් කලට වාරණය කරනු ලැබේ. නමුත් ඒ ගැන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට යාමේදී හෝ අන්තර්ජාලයේ පළ කළ වහාම එම වාරණය ඉවත් කරයි.

මාස කිහිපයකට පෙරාතුව සිට මොබිටෙල් මගින් mahinda.info වාරණය කර තිබුණි. පසුගිය ඡන්ද වකවානුවේදී අප මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ පසුව අදාල පැමිණිල්ල පසු දින විභාග කිරීමට පෙර එම වාරණය ඉවත් කෙරුණි. මැතිවරණයට පසුව නැවතත් මොබිටෙල් මගින් වාරණය කර තිබේ.

අද දින colombo telegraph වෙබ් අඩවියෙන් මෙම වාරණය ගැන ලිපියක් පළ කර ඇත. ඒ සමගම වාරණය ඉවත් කිරීමට මොබිටෙල් සමාගමේ අදාල නිලධාරීන් කටයුතු කර තිබේ.

නමුත් වාරණය ඉවත් කිරීමට පෙර අපගේ සහෘදයෙක් විසින් මොබිටෙල් පාරිභෝගික සේවා අංශය අමතා පහත හඬ පටය එවා තිබුණි.



දින කිහිපයකින් මේ උණුසුම මැකී ගිය විට මොබිටෙල් විසින් නැවතත් mahinda.info වාරණය කරනු ඇත.

මෙම වෙබ් අඩවියෙන් අප ඉලක්ක කර ඇත්තේ අන්තර්ජාලයේ පිළිගත් මූලාශ්‍ර මත පමණක් තීරණ ගන්නා උගත් බුද්ධිමත් ජනතාවය. ඔවුන්ට වඩාත් පහසුවෙන් web proxy භාවිතා කර මෙයට පිවිසීමට හැකිය.

එහෙත් මොබිටෙල් සමාගම විසින් mahinda.info වෙබ් අඩවිය වරින් වර වාරණය කිරීම හරහා වත්මන් යහපාලන ආණ්ඩුව විසින් සිදු කරන මාධ්‍ය මර්දනය මධ්‍යස්ථ ජනතාව වෙත වඩාත් පහසුවෙන් සන්නිවේදනය වී තිබේ.

ත්‍රස්තවාදයට අනුබල දීම වැළැක්වීම යටතේ පසුගිය කාලයේ තහනම් කර තිබූ කොටි සංවිධානයේ ටැමිල්නෙට් වෙබ් අඩවිය ඇතුළු කොටින්ට සහය දක්වන අනෙකුත් වෙබ් අඩවි ගණනාවක්ම යළිත් විවෘත කර ඇත. ඒ අතර කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇති වෙබ් අඩවිය වාරණය කිරීම මගින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ කවුරුන් වෙනුවෙන්දැයි පැහැදිළි වෙයි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

14 comments:

  1. Mobitel:- අයූබෝවන්...මම මනීෂා, කෙසේද ඔබට සහය වන්නෙ..?

    Customer:- හෙලෝ මං අමිල කතා කරන්නෙ..මම මේකෙ Data Plan එකක් Activate කරලා තියනවා.මට Mahinda info කියන සයිට් එකට යන්ඩ දෙන්නෑ. මොකද ඒ..?

    Mobitel:- ආ අමිල මහත්මයා,අපි ඒකට යහපාලනය උදා කරලනේ තියෙන්නෙ..

    ReplyDelete
  2. sinhala akuruth noliyavenne mokada? comment vadhinneth naa.

    ReplyDelete
  3. පහුගිය කාලෙ ප්‍රොක්සියකින් ආවේ. අද තමයි බ්ලොක් අයින් කරල තියෙන්නෙ.

    ReplyDelete
  4. හිතවත් Dinuu,

    වෙනත් වෙබ් අඩවි වල සිංහල අකුරු ලිවීමට පුලුවන්ද බලන්න. එසේ නොහැකිනම් මෙමගින් සිංහල අකුරු install කරන්න.
    http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html

    මෙම වෙබ් අඩවිය භාවිතා කර සිංහල අකුරු ලියන්න.
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ඉන් පසුව එය Copy කර Menubar එකේ Paste විධානය මගින් Paste කරන්න.

    ReplyDelete
  5. ලංකාවේ මිනිස්සුන්ට හානිකරම වෙබ් සයිට් එක mahinda.info වෙන්න ඇති.. ඒකයි තහනම් කරලා තියෙන්නේ :)

    ReplyDelete
  6. මහින්ද ඉන්ෆො වල පාක්ශිකයෝ දවසින් දවස වැඩිවෙනවිට යහාපාලන කාරයන්ට , ඇනෙනවා වගේ ඉතින් උන් අවහිර කරනවා,
    පවර් තුමාගෙ ටැලිෆොන් සන්වාදය දිගටම කරගෙන ගියා නම් නෙ හොද, මන් හිතන්නෙ අමිලයාව උස්සලා මොබිටෙල් එකෙන්.

    ReplyDelete
  7. හිතවත් පවර්,

    අහො දුකකි අමිලයා නැත දකින්නට,
    මොබිටලයගෙ සුදු වෑනය බැස වැඩට,
    කැලනි ගඟේ පාවේවිද සැක අපට,
    සටනට තිත. ගෙනයන්නට ඉදිරියට.

    ReplyDelete
  8. බෝනිකර තරු Deal කුමාරSeptember 14, 2015 at 1:26 PM

    යහපාලකයෝ ගැහුවත් මොන මොන බයිලා
    අපි හැමදාමත් mahinda.info එක්ක තමා

    ReplyDelete
  9. yahapalane heti den penawaneda ahinsaka daruwo maranawa badu ganan ihala yanawa darunu vidihata akadipathiyek bihiwela mahinda mahathagen illanne aluth pakshayak hadala apawa bera ganna

    ReplyDelete
  10. බෝනිකර තරු Deal කුමාරSeptember 14, 2015 at 1:52 PM

    www.divaina.com/2015/09/14/mano02.html යහපාලනයට සමගාමිව ලිච්ඡවින් නැවත කියවීම
    2015-09-14 දිවයින දේශපාලනයේ මෙතෙක් කතාව

    Operation Double EDGE
    http://www.yuthukama.com/2015/09/OperationDoubleEdge.html


    හැකිනම් පලකරන්න

    ReplyDelete
  11. හිතවත් Rata Wenuwen,

    ස්තූතියි ඔබට..ඒත් ඒ සංවාදය එතනින් නවත්වා දැමුවොත් හොඳයි කියලා මට හිතුනා මිත්‍රයා.

    හැබැයි කොහොම වෙතත් අමිල මහත්මයා ඒ ආකාරයෙන් එම තොරතුරු විමසූ නිසා මොබිටෙල් ජාලය විශාල අපහසුතාවයකට පත්වුණු හැටි නම් ඉහත හඬ පටයෙනුත් මනාව පැහැදිලි වෙනවා.

    ReplyDelete
  12. Admin.

    Apita me site eka thawa thawath janathawa atharata geniyana wada piliwelak oni. puwath path danweem ha anekuth madya haraha mekata wadi pracharanayak karanna obata barida. salli gataluwak nam api sudanam.

    ReplyDelete
  13. මෙය තවත් ප්‍රචාරය වෙන්නනම් ඕන තමයි. අපි ඉදිරියේදී වඩාත් සාර්ථක වැඩපිළිවෙළක් භාවිතා කරන්න උත්සාහ ගන්නම්.

    ReplyDelete
  14. Narada ගේ ඉල්ලීමට ස්තුති පූර්වකවයි මේ ලියන්නේ. මේ විදියට Mahinda.Info වෙබ් අඩවිය ගැන හිතන අය තව ගොඩක් ඉන්නවා. වෙබ් අඩවියේ දියුණුව පතන අයගේ එකමුතුවක් අපි හදන්න ඕනේ. මත්තල වැනි පෝස්ට් දිනකට 100, 000 පැන්න එක ගැන එඩිටර් තුමා, කාර්ය මන්ඩලය සහ කමෙන්ට් ලියන හිතවත් ඔබ සියලු දෙනාටම සුබ පැතුම් එක් කරමි! ජයවේවා!

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.